තමාට ජීවිත තර්ජන එල්ල වී ඇති බව පවසමින් ඝාතනය වූ වැලිගම සභාපති පොලිස්පතිට ලිපියක් යොමු කරලා..
නාඳුනන තුවක්කුකරුවකුගේ වෙඩි පහරකින් ඝාතනයට ලක් වූ වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසිංහ මහතා තමන්ට ජීවිත තර්ජන එල්ල වී ඇති බව පවසමින් පොලිස්පතිවරයා වෙත ලිපියක් යොමු කර තිබේ.
ඒ පසුගිය අගෝස්තු මස 29 වන දින යොමු කර ඇති මෙම ලිපිය මගින් ඔහු ඉල්ලා ඇත්තේ තමන්ට විවිධ පාතල කණ්ඩායම් ඔස්සේ මෙම තර්ජන එල්ල වී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් සුදුසු පියවරක් ගන්නා ලෙසයි.
අදාල ලිපිය මෙසේය.
මාගේ ජීවිත ආරක්ෂාව සලසා ගැනීම සම්බන්ධයෙනි,
මා වර්ෂ 2025 පළාත් පාලන මැතිවරණයෙන් වැලිගම ප්‍රාදේශීය සභාවේ සභිකයකු ලෙස පත්වී මේ වනවිට වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා වශයෙන් එම ධුරයේ කටයුතු කරන බවට සැල කර සිටිමි. නමුත් මා හට විවිධ පාර්ශ්වයන්ගෙන් තර්ජන එල්ල වූ අතර එම කාලයේ දී සභාපතිවරයා වශයෙන් දිවුරුම් දීමට ද අවස්ථාව නොදෙන බවට මා හට තර්ජනන එල්ල විය.
මීට අමතරව විවිධ පාර්ශ්ව විසින් මේ වනවිටත් සමාජ මාධ්‍ය ජාලා හරහා මාහට තර්ජන එල්ල කරනු ලබන බවට ප්‍රකාශ කර සිටිමි. ඒ සම්බන්ධයෙන් වතාවන් ගණනාවක් මා පොලිසිය දැනුවත් කිරීමට කටයුතු කළ බවට කියා සිටිමි. එම තර්ජනයන් පිළිබඳ අවධානයෙන් සිටින ලෙසට පොලිසිය විසින් මා හට දැනුම් දුනි.
මා අධිකරණයට පැමිණෙන අවස්ථාවක දී හෝ ප්‍රාදේශීය සභාවට පිටත්ව යන අවස්ථාවකදී මා ඝාතනය කිරීමට ඔවුන් උත්සාහ දරන බව මා හට විශ්වාසයක් පවතින බව සැලකර සිටිමි. මේ සම්බන්ධයෙන් ප්‍රධාන පාතාල කල්ලි ගණනාවක් මා හට තර්ජන එල්ල කර ඇත.
ඔවුන් මා ඝාතනය කරන බවට පවසා ඇති බවට මා හට විශ්වාසදායක තොරතුරු ලැබී ඇති බව සැලකර සිටිමි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති
ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්‍රකාශයක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..
ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ
ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..
"ජේවීපී එකෙන් මගෙ සිවුර ගලවනවා.. සිරගත වුනත් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ මහත්තයෝ.." - අත්අඩංගුවට ගැනීමට පෙර ඥානසාර හිමි පැවසූ කතාව නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි..
අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි
මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..
රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..