ඝාතනය වූ වැලිගම ප්‍රා. සභාවේ සභාපති පාතාල නායකයෙක්.. මහජන ආරක්ෂාවට කිසිදු තර්ජනයක් නෑ - ඇමති විජේපාල
ඝාතනයට ලක් වූ මාතර වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික‍්‍රමසේකර නොහොත් වැලිගම ලසා, මහජන නියෝජිතයෙක් බවට පත් වුවද, ඔහු පාතාල අපරාධකරුවෙක් බව මහජන ආරක්‍ෂක ඇමති ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරයි.
ඇමතිවරයාට අනුව, වැලිගම ලසාට නඩු හයක් තිබී ඇත. ඒ අතරින් නඩු දෙකක් මාතර මහධිකරණයේද, නඩු දෙකක් කුරුණෑගල මහධිකරණයේද, තවත් නඩුවක් ගාල්ලේ ද තිබී ඇත. ඔහුට සිර දඬුවම් නියම වී ඇති අතර, ඔහු සිටියේ ඇප මතයි.
විශේෂයෙන්ම, ඔහු පාතාල ක්‍රියාවන්ට සම්බන්ධ බවත්, මත්ද්‍රව්‍ය ජාවාරමෙන් මුදල් උපයා ගැනීම පිළිබඳව ද අධිකරණ නඩුවක් ඔහුට තිබී ඇති බවත් ඇමතිවරයා සඳහන් කළේය. විවිධ අපරාධ සම්බන්ධයෙන් අධිකරණයට වාර්තා කර ඇති ඔහු, මෑතකදී ජූනි 27 වන දිනද උසාවියට ගොස් ඇත.
මෑතකදී ඉන්දුනීසියාවේ සිට මෙරටට රැගෙන ආ සංවිධානාත්මක අපරාධකරුවන් කිහිප දෙනෙකු කළ ප්‍රකාශ හරහා, මියගිය සභාපතිවරයා සතුව යම් යම් අවි ආයුධ තිබූ බව අනාවරණය වී ඇත. විමර්ශන කටයුතු දිගටම පැවැත්විමින් තිබේ.
පසුගිය කාලය පුරාවටම පාතාල අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් අතර ආරවුල් ඇතිවීම තිබූ බවත්, මෙම ඝාතනය ද එවැනි ආරවුලක් බවත් ඇමතිවරයා ප්‍රකාශ කළේය. සංවිධානාත්මක අපරාධකරුවන් කල්ලි ලෙස බෙදී සිටින බවත්, ඔවුන් සතුව ආයුධ සන්නද්ධව ඇති බවත්, ඔවුන් අතර ගැටුම් සිද්ධ වන බවත්, එම ආරවුල් අවසානයේ මිනිස් ඝාතන බවට පරිවර්තනය වන බවත් ඇමතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.
කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් සිදුවූ වෙඩි තැබීම හරහා මහජන ආරක්ෂාවට කිසිදු තර්ජනයක් සිද්ධ වී නැති බව ඇමතිවරයා අවධාරණය කළේය.
රජය කිසිසේත්ම මෙම ඝාතනය අනුමත නොකරන බවත්, මිනිස් ජීවිතවල වටිනාකම අගයන ආණ්ඩුවක් ලෙස, ඒ පිළිබඳව විධිමත් විමර්ශනයක් සිද්ධ කරන බවත් මහජන ආරක්‍ෂක ඇමතිවරයා පැවසීය.
කිසියම් දේශපාලන පක්ෂයක කටයුතු කරමින් මහජන නියෝජිතයෙකු ලෙස පත් වුවද, ඔහු ඝාතනය වන විට පාතාල ක්‍රියාකාරී ගණයට මිස මහජන නියෝජිතයෙකුගේ කාණ්ඩයට නොවැටෙන බව ඇමතිවරයා අවධාරණය කළේය.
පොලිසිය සතුව සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සතුව, ඔහු සංවිධානාත්මක අපරාධ කල්ලිවල නායකයෙක් ලෙස කටයුතු කළ බවට ඕනෑ තරම් තොරතුරු ඇති බවත්, අධිකරණයට කරුණු වාර්තා කර ඇති බවත් පෙන්වා දුන්නේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්