

පසුගිය දා දෙමළ ඩයස්පෝරාව හා ශ්‍රී ලංකික හිමිවරුන් හත් නමක් එක්ව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලබාදුන් 'හිමාලයා ප්‍රකාශනය' හරහා බෙදුම්වාදීගේ උවමනාවන් ඉටුවන බවත්, හිමාලයා ප්‍රකාශනයේ ඊළඟ දිගුව ලෙස සත්‍ය සෙවීමේ කොමිසම බලාත්මක කිරීමේ පනතක් පාර්ලිමේන්තුවේ සම්මත කිරීම සිදුවන බවත් විශ්‍රාමික ලුතිතන් ජෙනරාල් ජගත් ඩයස් මහතා පෙන්වා දෙයි.

හිමාලයා ප්‍රකාශයට එරෙහිව සහ ඊට පක්ෂපාතිත්වය දක්වන භික්ෂූන්ට මෙන්ම එම ප්‍රකාශයට තම මතය පළ නොකරන නායක හිමිවරුන්ට සහ දේශපාලන පක්ෂ වලට විරෝධය පළ කරමින් විවිධ පාර්ශව මේ වන විට අදහස් දක්වන්නට කටයුතු කරමින් සිටී.ඒ අතරින් පසුගිය 29 වනදා මල්වතු අස්ගිරි මහනායක හිමිවරුන් බැහැ දැක හිමාලයා ප්‍රකාශනයේ බරපතලකම පිළිබඳව සහ ඒ මගින් සිදු කෙරෙන පාවාදීම පිළිබඳව කරුණු දැක්වීමට ගරුතර මහා සංඝ රත්නය සහ ජාතික සංවිධාන නායකයින් සහභාගි වූ බව ලංකා ලීඩර් වෙබ් අඩවවියට වාර්තා විය.එම අවස්ථාවට ජාතික විද්වත් භික්ෂු සංසදය නියෝජනය කරමින් මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි, ආචාර්ය මාදුරුඔයේ ධම්මිස්සර හිමි, හෑගොඩ විපස්සී හිමි, මහාචාර්ය ඉත්තදෙමළියේ ඉන්ද්‍රසර හිමි ඇතුළු බෞද්ධ භික්ෂූන් වහන්සේලා රාශියක් සහභාගි වී ඇත්තාහ.
ප්‍රධාන පුවත්
යුද ජයග්‍රහණය සමරණ මාසයේම ආණ්ඩුව රණවිරුවන් දඩයම් කිරීමේ මෙහෙයුමක.. බෙදුම්වාදීන් සතුටු කරන්න රනිල්ට කරන්න බැරිවුන දේ අනුර කරයි - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්
දෙමළ ජන සංහාරය පිළිගන්නේ නැති අය ආපහු ලංකාවට යන්නැයි කැනඩාවේ ඉන්න ලාංකිකයන්ට නගරාධිපති පැට්‍රික් බ්‍රවුන් කියලා..
ජනපති අනුරගේ පුද්ගලික කාර්ය මණ්ඩලය ගැන විස්තර, තොරතුරු පනතින් ඉල්ලුවත් දීලා නැහැලු..
අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම්වල තොරතුරු ලබාදෙන්නැයි ජාතික සංවිධාන කළ ඉල්ලීම තොරතුරු නිලධාරියා ප්‍රතික්ෂේප කරයි..
ජනවරමට අභියෝග කර කඩාකප්පල් කිරීමට උත්සාහ කළහොත් රජය තුනෙන් දෙක යෙදාගෙන නීති සංශෝධනය කරනවා - ජනාධිපති අනුර කුමාර දිසානායක
රට පුරා පැපොල රෝගීන් වැඩිවීමක් දක්නට ලැබුණද එන්නත් තොග රෝහල් ගබඩාවල නැතිලු?
චීනයෙන් නැගෙන හඬ: වෙන කවරදාටත් වඩා මොස්කව් සහ බීජිං එක්ව සිටින්නේ ඇයි?
ඉන්දියාව කියන්නේ භූ දේශපාලන වෛශ්‍යාවක්.. ආර්ථික වාසිය තකා චීනයත් එක්ක ගනුදෙනු කළාට රෑට නිදාගන්නේ අමෙරිකාව එක්ක - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් නිසා ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වී අනුර කුමාරට ඒ ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධූරය නම් ලැබෙයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි.. ටිල්වින් මේ වගේ විහිළුකාරයෙක් වීම ගැන අපිට නම් කණගාටුයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
