ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයාගෙන් පාකිස්ථානයට රතු එළියක්..
අමෙරිකා-ඉරාන සටන් විරාමයක් පවතින අතරතුර ඊශ්‍රායලය ලෙබනනයට ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන්, පාකිස්ථාන ආරක්ෂක අමාත්‍ය කවාජා අසීෆ් ඊශ්‍රායලය නපුරක් සහ මනුෂ්‍යත්වයට ශාපයක් ලෙස හඳුන්වමින් දැඩි විවේචනයක් එල්ල කර තිබේ.
ඒ සිය නිල X ගිණුම ඔස්සේ සටහනක් තබමින්.
මෙයට ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුගෙන් ප්‍රබල ප්‍රතිචාරයක් හිමිව තිබේ.
ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයාගේ අනතුරු ඇගවීමෙන් පසුව පාකිස්ථානයේ ආරක්ෂක අමාත්‍යවරයා සිය X සටහන මකා දමා ඇතැයි ද විදෙස් ජනමාධ්‍ය වාර්තා කරන්නේ.
එම X සටහන මගින් අමාත්‍ය අසීෆ් පවසා ඇත්තේ ඉස්ලාමාබාද්හි සාම සාකච්ඡා පැවැත්වෙන අතරතුර, ලෙබනනයේ ජන සංහාරයක් සිදුවෙමින් පවතින බවයි.
"ඊශ්‍රායලය විසින් අහිංසක පුරවැසියන් මරා දමමින් සිටිනවා. පළමුව ගාසා තීරය, පසුව ඉරානය සහ දැන් ලෙබනනය; මෙම ලේ වැගිරීම් නොනැවතී ඉදිරියටම යනවා," ඔහු එහි ලියා තිබුණා.
"යුරෝපීය යුදෙව්වන්ගෙන් මිදීම සඳහා පලස්තීන භූමියේ මෙම පිළිකාකාරක රාජ්‍යය නිර්මාණය කළ පුද්ගලයන් නිරයේ දැවෙනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා සහ ප්‍රාර්ථනා කරනවා," යැයිද අසීෆ් වැඩිදුරටත් සඳහන් කරයි.
ඊට දැඩි ලෙස ප්‍රතිචාර දක්වමින් ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා පවසා ඇත්තේ ඊශ්‍රායලය විනාශ කළ යුතු බවට පාකිස්ථාන ආරක්ෂක අමාත්‍යවරයා කළ ප්‍රකාශය අතිශයින්ම පිළිකුල් සහගත බවයි.
'කිසිදු රජයකින්, විශේෂයෙන්ම සාමය වෙනුවෙන් මධ්‍යස්ථ මැදිහත්කරුවෙකු ලෙස පෙනී සිටින රජයකින් මෙවැනි ප්‍රකාශයක් කිසිසේත් ඉවසිය නොහැක' යැයි ඔහුගේ කාර්යාලය X (ට්විටර්) හි සටහනක් තබමින් ප්‍රකාශ කර සිටී.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..