ඇමරිකාව වෙනිසියුලාවට එල්ල කළ ප්‍රහාරය ගැන රජයෙන් නිල නිවේදනයක්.. ජවිපෙ ස්ථාවරයට වඩා වෙනසක්..
වෙනිසියුලාවේ සිදුවෙමින් පවතින මෑතකාලීන වර්ධනයන් පිළිබඳව ශ්‍රී ලංකා රජය සිය දැඩි අවධානය යොමු කර ඇති බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය නිවේදනය කරයි.
වෙනිසියුලාවේ පවතින තත්ත්වය ඉතා සමීපව නිරීක්ෂණය කරමින් සිටින බව එම අමාත්‍යාංශය නිකුත් කළ විශේෂ ප්‍රකාශයක සඳහන් වේ.
ජාත්‍යන්තර නීතියේ මූලධර්ම සහ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට ගරු කිරීමේ අවශ්‍යතාව මෙහිදී ශ්‍රී ලංකාව අවධාරණය කර සිටියි.
විශේෂයෙන්ම බලය භාවිතා කිරීම තහනම් කිරීම, අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම, ජාත්‍යන්තර ආරවුල් සාමකාමීව විසඳා ගැනීම මෙන්ම රාජ්‍යයන්ගේ ස්වෛරීභාවය සහ භූමියෙහි අඛණ්ඩතාව සුරැකීම වැනි කරුණු කෙරෙහි රජයේ විශේෂ අවධානය යොමු වී ඇත.
වෙනිසියුලානු ජනතාවගේ ආරක්ෂාව සහ සුබසාධනය මෙන්ම කලාපීය ස්ථාවරත්වය පිළිබඳව ශ්‍රී ලංකාව දැඩි වැදගත්කමක් ලබාදෙන බව අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.
ඒ අනුව, පවතින නොසන්සුන්කාරී තත්ත්වයන් සමනය කරමින්, සාකච්ඡා මාර්ගයෙන් සාමකාමී විසඳුමකට එළඹීමට ප්‍රමුඛතාව ලබාදෙන ලෙස ශ්‍රී ලංකාව සියලු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටියි.
මෙම තීරණාත්මක අවස්ථාවේදී, එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ආරක්ෂක මණ්ඩලය වැනි එහි ආයතන මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීම අත්‍යවශ්‍ය බව ශ්‍රී ලංකාවේ ස්ථාවරයයි.
වෙනිසියුලානු ජනතාවගේ ස්වෛරී අයිතිවාසිකම්, ආරක්ෂාව සහ සුබසාධනය සැලකිල්ලට ගනිමින් සාමකාමී විසඳුමක් කරා ගමන් කිරීමට එක්සත් ජාතීන්ගේ මැදිහත්වීම වැදගත් වන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පෙන්වා දෙයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්