News Category
From Date
To Date
Maximum Number of Result

ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, නේපාලය සහ වැනි රටවල පසුගිය වසර තුනහමාර තුළ ආණ්ඩු වෙනස් වීමට තුඩු දුන් කැරලි පිටුපස ඇති ප්‍රධානතම හේතුව දුර්වල පාලනය බව ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දෝවාල් පවසයි.

මෙම වර්ෂයේ (2025) මුල් මාස අටේ දී ලොකු ලූනු මෙට්‍රික්ටොන් දෙලක්ෂ දාහත්දහස් අටසිය අසූ තුනක් (217,883) ආනයනය කර ඇති බැව් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර ඇති වාර්තාවක සඳහන් වෙයි.

මධ්‍යම පළාතේ පාසල් දෙසිය හතලිස් හයක් වසා දැමීමේ හෝ ඒකාබද්ධ කිරීමට යෝජිත පාසල් ලෙස පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් හඳුනා ගෙන ඇත. සිසුන් සියයට අඩු පාසල් පන්සිය තිස් දෙකක් ද හඳුනාගෙන ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශ අනුව 2024 වසරේ අප සතුව ඩොලර් බිලියන 6ක විදේශ සංචිතයක් තිබිය යුතු බව හිටපු අමාත්‍ය, පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල පවසයි.

ඉරානය සහ වෙනිසියුලාව සම්බන්ධයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය කාලයේ කළ චෝදනා නොසල්කා හරිමින් ඇමරිකානු බුද්ධි අංශ ප්‍රධානී තුල්සි ගැබාර්ඩ් වොෂින්ටනයේ වෙනත් රටවල පාලන තන්ත්‍ර වෙනසකම් වෙනුවෙන් ලියවී තිබෙන ඉතිහාසය පිළිගෙන ඇති නමුත් එය ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යටතේ අවසන් වූ බව පැවසුවාය.

විවිධ රාජ්‍ය නොවන සංවිධාන සහ ඖෂධ සමාගම් මැදිහත්ව සිදුකරන සමලිංගික චර්යාවන් ප්‍රවර්ධනය කිරීමේ ක්‍රියාවලිය තුළ ස්වභාවික ලිංගිකත්වය වෙනස් කිරීම සඳහා ශළ්‍යකර්ම සහ හෝමෝන ප්‍රථිකාරවලට විශාල වාණිජ වටිනාකමක් ලැබී ඇති බව ලොවපුරා ප්‍රසිද්ධ කාරණයකි.

රටේ පවත්නා ආරක්ෂක අවදානම සහ පාතාල කණ්ඩායම්වල ක්‍රියාකාරිත්වය හේතුවෙන්, විපක්ෂයේ මන්ත්‍රීවරුන් විස්සක් (20) තම පුද්ගලික ආරක්ෂාව තහවුරු කර ගැනීම සඳහා වහාම පිස්තෝල ලබා දෙන ලෙස පාර්ලිමේන්තුවේ ඉහළ නිලධාරීන්ගෙන් සහ ආරක්ෂක ප්‍රධානීන්ගෙන් ලිඛිතව ඉල්ලා ඇත.

වෙනිසියුලාවේ හමුදා ප්‍රහාර දියත් කිරීමට තමාට කිසිදු සැලසුමක් නොමැති බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිකුරාදා(31) පැවසූ බව රොයිටර් පුවත් සේවය පවසයි.

ඊයේ(31),චීනය එක්සත් ජනපදය වෙත අවධාරණය කරමින් ඉල්ලා සිටියේ “ජාත්‍යන්තර ප්‍රජාවේ ඉල්ලීමට අවනත වී” කියුබාවට එරෙහි අමෙරිකානු අවහිර කිරීම් සහ සම්බාධක “වහාම” ඉවත් කරන ලෙසයි.


ප්‍රධාන පුවත්

ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්‍රකාශයක්..

මහා සංඝරත්නයට පහරදීමේ ද්වේෂ සහගත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙමින් පවතින පසුබිමක දේශප්‍රේමී සිංහල නායකයින්ද සිරගත කිරීමේ කුමන්ත්‍රණයක්ද පවතින බව හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා අනාවරණ කරයි.

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..

ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය බන්ධනාගාරයේ දී ඉවත්කොට අධිකරණයට ගෙන ඒම සම්බන්ධයෙන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ඇතුළු වගඋත්තරකරුවන් 10 දෙනෙකුට එරෙහිව බ්‍රිගේඩියර්(විශ්‍රාමික) අතුල හේමචන්ද්‍ර ද සිල්වා මහතා අභියාචනාධිකරණයේ නඩු අංක CA/WRIT/787/2026 යටතේ අද දින (2026.10.12) නඩුවක් ගොනුකර තිබේ.

චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..

චීන–ලාඕස දුම්රිය මාර්ගය ඔස්සේ සිදුකර ඇති සමස්ත වෙළෙඳ ගනුදෙනුවල වටිනාකම යුවාන් බිලියන 100 (ඇමෙරිකානු ඩොලර් බිලියන 14.9ක් පමණ) ඉක්මවා ගොස් තිබේ. එම මාර්ගය හරහා මේ වන විට ආනයන හා අපනයන භාණ්ඩ ටොන් මිලියන 20.77කට අධික ප්‍රමාණයක් ප්‍රවාහනය කර ඇති බව වාර්තා වේ.

ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹීමේ ආදර්ශය අනුගමනය කරමින් රුසියාව සමඟ ආර්ථික සබඳතා යළි ස්ථාපිත කරන ලෙස ජර්මනියේ විපක්ෂ දේශපාලන පක්ෂ දෙකක් ඉල්ලා ඇතැයි වාර්තාවේ.

රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්

රුසියාව සහ යුක්‍රේනය අතර වහාම ක්‍රියාත්මක වන පරිදි බලශක්ති ඉලක්ක වෙත එල්ල කරන ප්‍රහාර අත්හිටුවීමේ එකඟතාවක් ඇති කරගෙන තිබෙන බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)

ඊයේ(11) දිනයේ උතුරු නේපාලයට බලපෑ හදිසි මහා ගංවතුර හේතුවෙන් නිවාස හා පාලම් රැසක් ගසාගෙන ගොස් ඇති අතර, පුද්ගලයන් පස්දෙනකුට අධික පිරිසක් අතුරුදන්ව සිටින බව වාර්තා වේ.

ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ

කැනඩාවේ ඔන්ටාරියෝ (Ontario) පළාත් ව්‍යවස්ථාදායකය විසින් 'දෙමළ ජන සංහාරය' (Tamil Genocide) යන සංකල්පය හෝ එය නිල වශයෙන් පිළිගෙන නොමැති බව එරට අධිකරණ තීන්දු මඟින් තහවුරු වී ඇති බව ආචාර්ය නෙවිල් හේවගේ මහතා පෙන්වා දෙයි.

ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..

බන්ධනාගාර ගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි වෙනුවෙන් හා භික්ෂූන්ගේ ආගමික අයිතිවාසිකම් වෙනුවෙන් මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් ආරම්භ කළ පා ගමන අද (12) තෙවන දිනටත් පැවැත්වේ.

"ජේවීපී එකෙන් මගෙ සිවුර ගලවනවා.. සිරගත වුනත් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ මහත්තයෝ.." - අත්අඩංගුවට ගැනීමට පෙර ඥානසාර හිමි පැවසූ කතාව නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි..

ඥානසාර හිමි අත්අඩංගුවට ගැනීමට පෙර තමන්ට ඇමතුමක් ලබාදී හමුවන ලෙස දැන්වූ බවත්, එහිදී උන්වහන්සේ පැවසුවේ උන්වහන්සේව අත්අඩංගුවට ගත් පසු සිවුර ගැලවීම අනිවාර්යෙන් සිදුකරන බව යැයිද, කළින්ම උන්වහන්සේ මේ පිළිබඳව දැනසිටි බවත්, තමන් සමග මේ සම්බන්ධයෙන් උන්වහන්සේ කතා කළ බවත් නීතිඥ සංජීව වීරවික්‍රම මහතා හෙළිදරව්වක් සිදුකරමින් පවසයි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.