News Category
From Date
To Date
Maximum Number of Result

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හකුලා ගැනීම ආණ්ඩුවේ උද්දච්චකම හා අදූරදර්ශීභාවය පෙන්වන ප්‍රබලම සාක්ෂියක්... - විමල් වීරවංශ

Jan 14, 2026 at 08:11 PM
|

මහජන විරෝධය හමුවේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හකුලා ගැනීමට රජය ගත් තීරණය, රටේ දරු පරපුරේ යහපත උදෙසා ගත් වැදගත් පියවරක් වුවද එය ආණ්ඩුවේ “අදූරදර්ශී ක්‍රියාකලාපය හා උද්දච්චකම” මනාව පිළිඹිබු කරන ප්‍රබලම සාක්ෂියක් බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි. අද (14) කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

මෙම ප්‍රතිසංස්කරණ තුළ නිදහස් අධ්‍යාපනය මරණයට ඇද දමන සහ පෞද්ගලික පාසැල් ප්‍රවර්ධනය කරන ලක්ෂණ අන්තර්ගත වූ බැවින් විද්වතුන්, සිවිල් සංවිධාන, ආගමික නායකයන් සහ දේශපාලන පක්ෂ මීට දැඩි විරෝධයක් එල්ල කළ බව වීරවංශ මහතා පෙන්වා දුන්නේය. විචාර බුද්ධියක් ඇති ආණ්ඩුවක් නම් මෙවැනි ප්‍රතිසංස්කරණ හඳුන්වා දීමට පෙර එහි ඇති අනර්ථය වටහාගත යුතුව තිබූ බවද ඔහු අවධාරණය කළේය,.

ආණ්ඩුව මීට පෙරද  දණ්ඩ නීති සංග්‍රහයට ගෙන ආ සංශෝධන විරෝධය හමුවේ හකුලා ගත් බව සිහිපත් කළ ඒ මහතා, ආණ්ඩුව වළවල් දෙකකට වැටී ඇති බවත්, මින් ඉදිරියට හෝ විවේචන වලට ඇහුම්කම් දී නිවැරදි ප්‍රතිසංස්කරණ ගෙන ඒමට කටයුතු කළ යුතු බවත් පැවසීය,.

“විචාර බුද්ධියක් තියෙන ආණ්ඩුවක් නම් බාහිර පාර්ශ්වයකින් විරෝධය එල්ල වෙන්න ඕනේ නැහැ මේවා වටහගන්න. එහෙම විරෝධයක් එල්ල නොවී ඒක තේරුම් ගැනීමේ ශක්තියක් තියෙන්න ඕනේ ආණ්ඩුවකට.

දැන් මේ ආණ්ඩුව ඔප්පු කරලා පෙන්නලා තියෙනවා මීට කලින් ගෙනාව දණ්ඩ නීති සංග්‍රහයට දෙමාපියන්ට තමන්ගේ දරුවට පුංචි තරවටුවක් කරන්න බැරි වෙන විදියේ, ගුරුවරුන්ට යම්කිසි විනය පවත්වාගෙන යාම සඳහා පියවරක් ගන්න බැරි වෙන විදියේ, පාසැලා අරාජිකත්වයට ඇද දමන විදියේ, දණ්ඩ නීති සංග්‍රහයට සංශෝධනයක් ගෙන ආවා. ඒකට දසාතෙන් විරෝධය එල්ල වුණාම අකුල ගත්තා. නමුත් මොලයක් තියෙනවා නම්, කල්පනා කිරීමේ ශක්තියක් තියෙනවා නම්, ඥානයක් තියෙනවා නම් එවැනි පනත් කෙටුම් පතක් ගේන්න කලින් තේරුම් ගන්න ඕනේ, මේකේ තියෙන අනර්ථය.” 

මෙම අත්තනෝමතික ක්‍රියාවලිය හේතුවෙන් විශාල වශයෙන් මහජන මුදල් හා කාලය නාස්ති වී ඇති බවත්, ගුරුවරුන් පුහුණු කිරීම, කාලසටහන් වෙනස් කිරීම සහ මොඩියුල ඡායා පිටපත් කිරීම සඳහා දෙමව්පියන් දැරූ අධික පිරිවැය දැන් අපතේ ගොස් ඇති බවත් වීරවංශ මහතා මෙහිදී පෙන්වා දුන්නේය,. දෙමව්පියන් රුපියල් 25,000-30,000 වැනි මුදල් වියදම් කරමින් දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් දැරූ කැපකිරීම් ආණ්ඩුවේ “උද්දච්ච” මානසිකත්වය නිසා වතුරේ ගොස් ඇති බවද ඔහු වැඩිදුරටත් පැවසීය,.

“එක පැත්තකින් බොහොම උද්දච්ච කතා කියලා “කවුරු මොනවා කිව්වත් අපි මේක අහකුලන්නේ නෑ” කියලා හකුල ගන්නත් වුණා. අනිත් පැත්තෙන් ඒ හකුල ගන්නා තාක්කල් මෙකට කරපු වියදම දැන් ගඟේ මුහුදේ දැම්මා වගේ වුණා. එහෙම එකක්කුත් මේකේ වෙනවා අතුරුඵලයක් හැටියට.”

මෙම මාධ්‍ය හමුව සඳහා ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක ජයන්ත සමරවීර සහ දේශපාලන මණ්ඩල සභික ප්‍රියන්ත මධුකමාර යන මහත්වරුන් ද සහභාගී වූහ.

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා මාධ්‍ය හමුවේදී කරන ලද සම්පූර්ණ ප්‍රකාශය පහත දැක්වේ.

අද මෙම මාධ්‍ය සාකච්ඡාව අපි කැඳවන්න කල්පනා කරේ... ඊයේ ආණ්ඩුව ගත්තු තීරණය, විශේෂයෙන්ම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කියලා ඒ අය අරගෙන ආපු ක්‍රියාවලිය හකුලා ගැනීමට ගනු ලැබූ තීරණය පිළිබඳවත්, එයින් මතුවෙන අතුරු කාරණා කීහපයක් පිළිබඳවත් ඔබේ අවධානයට යොමු කරන්න. 

පළමු කොටම මහජන විරෝධය හමුවේ ප්‍රමාද වී එම තීරණය ගනු ලැබීම පිළිබඳව අපි සතුටු වෙනවා. එය වෙන කාගෙවත් යහපත සඳහා නෙවෙයි. මේ රටේ දරු පරපුරේ යහපත සඳහා ගතයුතුව තිබිච්ච තීරණයක්. රටේ අධ්‍යාපනයේ ගුණාත්මක වෙනසක් සිදු කිරීම පිළිබඳව අපිට විවාදයක් නෑහැ. ඒ ගුණාත්මක වෙනස එක්තරා පක්ෂයක හෝ ආණ්ඩුවක දේශපාලන අභිලායන් අනුව පමණක් සිදුවිය යුතු දෙයක් නෙවෙයි. 

ඒ ගුණාත්මක වෙනස කල් පවත්නා වෙනසක් වෙන්න ඕනේ. ඊළඟට පලයට පත් වෙන ආණ්ඩුවකට වෙනස් කරන්න හිතෙන්නේ නැති විදියේ වෙනසක් වෙන්න ඕනේ. මේ රටේ දරුවන් දෙමාපියන් සහ සියලු වැඩිහිටියන් කැමැත්තෙන් බාර ගන්න වෙනසක් වෙන්න ඕනේ. නිදහස් අධ්‍යාපනයට කිසිම ආකාරයකින් තරජනයක් එල්ල නොවෙන ආකාරයේ වෙනසක් වෙන්න ඕනේ.

පෞද්ගලික පාසල් වඩවාලන්නත් නිදහස් අධ්‍යාපනය ක්‍රමානුකූලව මරණයට රැගෙන යන්නත් තුඩු නොදෙන පරිවර්තනයක්, වෙනසක් බවට පත්වෙන්න ඕනේ. ඉතින් ඒ ලක්ෂණ මේ කියන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ නොතිබූ නිසා, ඒ ලක්ෂණ වෙනවට ඊට පටහැනි ලක්ෂණ මේ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය තුළ අන්තර්ගතව තිබුණු නිසා, ඒ කරුණු පදනම් කොටගෙන තමයි බොහෝ පාර්ශවයන් මේ සම්බන්ධයෙන්, විශේෂයෙන්ම විද්වතුන්, ඒ වගේම මේ රටේ සිවිල් සංවිධාන, මේ රටේ ආගමික නායකත්වය මේ රටේ දේශපාලන පක්ෂ, මේ සියලු දෙනාම පාහේ මේකට විරුද්ධ වෙන්නේ මේ කරුණු පදනම් කොටගෙන. 

ඇත්තටම යම්කිසි විචාර බුද්ධියක් තියෙන පාලනයක් නම්, මේවා කවුරුවත් බාහිරින් පෙන්වා දෙන්න ඕනේ නැහැ තේරුම් ගන්න. විචාර බුද්ධියක් තියෙන ආණ්ඩුවක් නම් බාහිර පාර්ශ්වයකින් විරෝධය එල්ල වෙන්න ඕනේ නැහැ මේවා වටහගන්න. එහෙම විරෝධයක් එල්ල නොවී ඒක තේරුම් ගැනීමේ ශක්තියක් තියෙන්න ඕනේ ආණ්ඩුවකට.

දැන් මේ ආණ්ඩුව ඔප්පු කරලා පෙන්නලා තියෙනවා මීට කලින් ගෙනාව දණ්ඩ නීති සංග්‍රහයට දෙමාපියන්ට තමන්ගේ දරුවට පුංචි තරවටුවක් කරන්න බැරි වෙන විදියේ, ගුරුවරුන්ට යම්කිසි විනය පවත්වාගෙන යාම සඳහා පියවරක් ගන්න බැරි වෙන විදියේ, පාසැලා අරාජිකත්වයට ඇද දමන විදියේ, දණ්ඩ නීති සංග්‍රහයට සංශෝධනයක් ගෙන ආවා. ඒකට දසාතෙන් විරෝධය එල්ල වුණාම අකුල ගත්තා. නමුත් මොලයක් තියෙනවා නම්, කල්පනා කිරීමේ ශක්තියක් තියෙනවා නම්, ඥානයක් තියෙනවා නම් එවැනි පනත් කෙටුම් පතක් ගේන්න කලින් තේරුම් ගන්න ඕනේ, මේකේ තියෙන අනර්ථය. 

ඒ මුකුත් නැතුව ඔහේ අරගෙන ඇවිල්ලා පාර්ලිමේන්තු ගෙනල්ලා විවාද කරලා විරෝධය මතු වුනාම අකුල ගන්නවා. මහනායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේලාගේ නිවේදනය නිකුත් වුනාම අකුල ගන්නවා. දැන් මෙතන වුනෙත් ඒක. මේ ප්‍රතිසංස්කරණ පිළිබඳ මුල සිටම සාධනීය විවේචන ගොඩක් ආවා. ඒ ක්‍රියාවලියේ අඩුපාඩු ගැන පවා ආවා. ඒ වගේම ඒකේ අන්තර්ගතයේ තියෙන දුබලතා, දරුවන්ට එකෙන් වෙන අගතිය ගැන, බොහෝම ප්‍රගතිශීලී අදහස් ඉදිරිපත් වුණා බොහෝ පාර්ශ්වයන්ගෙන්. ඒ කිසිවකට සැලකිල්ලක් දැක්වුවේ නැහැ.

බොහෝම අත්තනෝමතික මනසකින්, කවුරු විරුද්ධ වුණත් මේක අපි කරගෙන යනවා. ඒක වළක්වන්න කාටවත් බෑ, වගේ පුරාජේරු කතා කිව්වා. අන්තිමට ඒගොල්ලන්ට පෙනුනා ඒ උද්දච්ච මානසිකත්වයෙන් හිටියොත්, දැවෙන බලවත් විරෝධයකට මුහුණ පාන්න වෙනවා. නැවත හකුලගන්න බැරිවෙන විදිය විරෝධයකට මුහුණ පාන්න වෙනවා. ඒ නිසා තමයි, ඒ අන්තිම මොහොතේ තත්පරයේ නුවණ පෑදිච්ච හින්දා තමයි ඇත්ත වශයෙන්ම ගත්තොත් මේ හකුලා ගැනීම සිදු වෙන්නේ. 

ඉතින් එතනින් පේනවා ආණ්ඩු පාලනය කරන්න බෑ මහජනයගේ විරෝධය දිහා බල බල... විරෝධය නොඑන විදිහට කොහොමද කටයුතු කරන්නේ? සාධාරණ විවේචනයක් ආවම කොහොමද ඒක කල්තියා තේරුම් අරගෙන, නිහතමානීව ඒක පිළි අරගෙන ඒක වෙනස් කරගන්නේ. එමගින් කොහොමද හැමදෙනාගෙම සහයෝගය ලබා ගැනීම සඳහා පියවර ගන්නේ. එහෙම දියුණු මනසක් නැතිකමේ ප්‍රතිවිකය තමයි අද මේ වුණේ. 

එක පැත්තකින් බොහොම උද්දච්ච කතා කියලා “කවුරු මොනවා කිව්වත් අපි මේක අහකුලන්නේ නෑ” කියලා හකුල ගන්නත් වුණා. අනිත් පැත්තෙන් ඒ හකුල ගන්නා තාක්කල් මෙකට කරපු වියදම දැන් ගඟේ මුහුදේ දැම්මා වගේ වුණා. එහෙම එකක්කුත් මේකේ වෙනවා අතුරුඵලයක් හැටියට.

දැන් බලන්න නිවාඩු... පහුගිය නිවාඩු කාලෙම ගුරුවරුට ට්‍රේනින් ට්‍රේනින් කිය කියා තිබ්බා. ඕවට විශාල වියදමක් දැරුවා. ඊළඟට කාල සටහන් වෙනස් කෙරුවා. හත වසරෙන් උඩ දරුවන්ටත් කාලටහන් වෙනස් කෙරුවා. ඊළඟට දෙමව්වපියෝ ගේන්නලා රැස්වීම් තිබ්බා. ඊට පස්සේ “ස්මාට් පන්ති කාමර” හදන්න කියලා දරුවන්ගෙන් සල්ලි එකතු කර කර ඒවා නවීකරණය කරන්න පටන් ගත්තා. බැරි මරගාතේ බොහෝ පාසැල්. ඊළඟට අනිත් පැත්තෙන් දැන් මොකද වෙන්නේ? 

දැන් ආයේ හයේ පන්තියට “පරණ සිලබස් එක” මුද්‍රණය කරලා දැන් මේ සති දෙකක් ඇතුලත බෙදා හරින්න ඕන. ආය පාසල පටන් ගන්න ඕනේ. ඒ අතර තුර දෙමව්පියන්ට මොකද වුනේ? හය වසරට යන තමන්ගේ දරුවන්ට මේ “මොඩියුලේ” තියෙන දේවල් ෆොටෝ කොපි ගහන්න කමියුනිකේෂන් සෙන්ටර් වල පෝලිමේ ගිහිල්ලා ඉන්න වුණා. 25,000යි 30,000යි අන්තිමට බිල. දෙමව්පියෝ විශාල මුදලක් මේකට වැය කරලා... පුළුවන්කමකට නෙවෙයි. දරුවට මදිබ පුංචිකමක් පාසලේදී නොවීම සඳහා. ඒ දරුවා අසීරුතාවයට පත් නොවීම සඳහා. අනිත් දරුවන් ඉස්සරහා ඒ දරුවා අවමානයට ලක්වෙන එක වළක්වා ගැනීම සඳහා.

කනකර උගස් තියලා රුපියල් 25,000 30,000 වියදම් කරලා ඡායා පිටපත් ගහගත්තා කොමියුනිකේෂන් ගාව පෝලිමේ ඉඳගෙන දෙබව්පියො. හය වසරට යන දරුවා වෙනුවෙන්. දැන් ඒ ඔක්කොම වතුරේ. 

ඒ නිසා විශාල මිනිස් පැය සංඛයාවක්, විශාල මුදලක් මහජනයාගේ මුදල්, පෞද්ගලික මුදල් ගත්තත්... මේ හැමදේම නාස්ති කරා මේ උද්දච්ච මානසිකත්වයෙක්. මේක කල්තබා තේරුම් අරගෙන මේකේ මේකේ තියෙන අඩුපාඩු හඳුනා ගැනීම සඳහා විශේෂ මැදිහත් වීමක් කරා නම්, තවත් පාර්ශව ගණනාවක් එක්ක මේක ගැන සාධනීය සාකච්ඡාවක නිරත වුණා නම්, මේ විදිහේ අර්භුදයකට මුහුණ පාන්න වෙන්නේ නෑ. එහෙම අරබුදයකට මුහුණ දෙන්න වෙන්නේ නෑ. 

නමුත් ඒසේ නොකිරීම, එසේ නොකිරීම නිසා තමයි මේ විදියේ අරබුදයකට මුහුණ දුන්නේ. අද ඒකෙන් වුනේ ඒ අධ්‍යාපන අමාත්‍යයංශය හැටියටත්, ගුරුවරු හැටියටත් විශාල කාලයක් මේ වෙනුවෙන් කැප කරලා, වැය කරලා නාස්ති කරගෙන, ඒ වගේම දරුවොත් ඒකෙන් අසහනයට පාත්‍ර වෙලා, අනිත් පැත්තෙන් දෙමව්පියනුත් විශාල වීදමක් දරලා, මේ හය වසරට යන දරුවා වෙනුවෙන් සූදානම් වෙන තත්ත්වයකට පත් වුණා. 

ඉතින් මේකට වග කියන්න ඕනේ මේ ආණ්ඩුව. මේකෙන් ඔප්පු කරලා පෙන්නලා තියෙනවා ආණ්ඩුව හිතනවා නම් තමන්ට ඕනම දෙයක් රටේ සුගතියට අදාලද නැද්ද කියන එක නොසලකා තමන්ට හිතුූ හිතු ඕනම දෙයක් කරන්න බලයක් ලැබිලා තියෙනවයි කියලා, හිතනවා නම් ආණ්ඩුව, ඒක එහෙම නෙවෙයි කියලා දෙවෙනි වතාවටත් මේ සටන විසින් ඔප්පු කරුණු ලැබුවා. 

ඒ නිසා අපි දැන්වත් කියන්නේ ආණ්ඩුවට, වළවල් දෙකකට වැටිලා තියෙනවා මේ වෙනකොට, ඒ දෙකකට වැටිලත් මොලේ පෑදෙන්නේ නැත්නම් ඉතාම කණගාටුදායකයි. ඒ නිසා මෙතනින් ඉදිරියටවත්, ඔය 2027 දි ගේනවයි කියලා කියන එක ගේනවාම නම්, කරුණා කරලා මේ සමස්ත විවේචනවලට ඇහුම්කම් දීලා, ඒවය තියෙන ඉදිරිගාමී අදහස් සැලකිල්ලට අරගෙන, ඒ සියලු අදහස් වලින් පෝෂණය වෙච්ච නිවැරදි ප්‍රතිසංස්කරණයක් ගේන්න. 

හැබැයි ඉතින් මේගොල්ලොන්ට එහෙම හැකියාවක් නෑහැ. මේ “පොඩි මොලවල්” මේගොල්ලොන්ට එහෙම චින්තනයක් නෑහැ. නැත්නම් ඉතින් මොඩියුලවල මේ විදියේ දෝෂ විශාල ප්‍රමාණයක් එන්න විදියක් නැහැනේ. ඉතින් ඒ නිසා බැරි වැඩ කරන්න යන්න ඕනෙත් නැහැ. මම හිතන්නේ නැහැ ඔය කිව්වට 27 දී ඕක උස්සන් එයි කියලා. එනවා නම්... ආයෙම ආය වතාවක් “මට්ටු වෙන්නේ නැති” වෙන විදිහට හරියට දෙයක් අරගෙන එන්න. නැත්නම් මේ රටේ ජනතාව ඒකට ඉඩ තියන්නේ නෑහැ.

මේ කරුණ තමයි අපිට විශේෂයෙන් සඳහන් කරන්න අවශ්‍ය වුනේ. මට සමාවෙන්න, මේක මම මුලින් ඉදිරිපත් කළ යුතු තිබුණා. මේ මාධ්‍ය සාකච්ඡාවට මා සමඟ සම්බන්ධ වෙනවා. ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක, දේශපාල මණ්ඩල සභික, හිටපු අමාත්‍ය ජයන්ත සමරවීර සහෝදරයා. ඒ වගේම ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික ප්‍රියන්ත මධුකමාර සහෝදරයා.”


සම්බන්ධිත පුවත් | Related News

බ්‍රසීල ව්‍යවස්ථාදායක සභාවේ දක්ෂිණාංශික සෙනෙට් සභිකයකු වන ෆ්ලාවියෝ බොල්සොනාරෝ, සිරගත කර සිටින හිටපු බ්‍රසීල ජනාධිපති ජයිර් බොල්සොනාරෝගේ පුත්‍රයා වන අතර, ඔහු බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් ජයග්‍රහණය කිරීමට සමත්ව තිබේ.
නා උයන ආරණ්‍ය සේනාසනයේ භාවනා කුටි කිහිපයක් ඉවත් කරන ලෙස වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම් දී ඇති බව වාර්තා වේ.
රජයේ විශ්වවිද්‍යාල පද්ධතිය තුළ පවතින ගැටළු සහ අර්බුද සඳහා මෙතෙක් නිසි විසඳුම් නොලැබීම හේතුවෙන්, ඉදිරියේදී වෘත්තීය ක්‍රියාමාර්ග තවදුරටත් තීව්‍ර කිරීමට පියවර ගන්නා බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසයි.
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ නිදහස සහ සිවුර ආරක්ෂා කරගැනීම වෙනුවෙන් වන අරගලයේ පළමු පියවර අද (10) මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ මහ මළුවෙන් ආරම්භ කරන බව පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් පවසති.
විවිධ චෝදනා මත රක්ෂිත බන්ධනාගාරගත වන හෝ සිරදඬුවම් නියම වන භික්ෂූන් වහන්සේලා සිවුරු පිටින් බන්ධනාගාරයෙන් බැහැරව රඳවා තබා ගැනීම ඇතුළු කරුණු සම්බන්ධයෙන් පවතින ගැටලු නිරාකරණය කරමින්, ඊට අදාළ නීතිමය රෙගුලාසි කඩිනමින් සකස් කරන ලෙස ජනාධිපතිවරයා විසින් අධිකරණ අමාත්‍යාංශයට උපදෙස් ලබා සුන් බව ඒ සාකච්චාවට ඒක් වූ මල්වතු මහා විහාරීය නියෝජිත ලේඛකාධිකාරී පූජ්‍ය මහවෙල රතනපාල හිමියන් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිති.
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ නඩු පැවරීමට පියවර ගෙන ඇති බව පොලීසිය පවසයි.
ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉතා නින්දිත ආකාරයෙන් ගලවා ඉවත් කළ බවත්, මේ සම්බන්ධයෙන් පසුගියදා ජනාධිපතිවරයා විසින් භික්ෂූන් වහන්සේලා කැඳවා සිදුකරන ලද්දේ හුදෙක් රංගනයක් පමණක් බවත් පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමි පවසති.
ඊශ්‍රායලය තුළ දැඩි අභ්‍යන්තර අර්බුදයක් නිර්මාණය වෙමින් පවතින අතර, එය සිවිල් යුද්ධයක් දක්වා වර්ධනය වීමේ දැඩි අවදානමක් මතුව ඇති බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක වන බවත්, අනුරාධපුරය පූජාභූමියටද වෙනත් ආගමික ස්ථාන ඇතුළත් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ප්‍රධාන පුවත්

බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?

බ්‍රසීල ව්‍යවස්ථාදායක සභාවේ දක්ෂිණාංශික සෙනෙට් සභිකයකු වන ෆ්ලාවියෝ බොල්සොනාරෝ, සිරගත කර සිටින හිටපු බ්‍රසීල ජනාධිපති ජයිර් බොල්සොනාරෝගේ පුත්‍රයා වන අතර, ඔහු බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් ජයග්‍රහණය කිරීමට සමත්ව තිබේ.

ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..

ඊශ්‍රායලය තුළ දැඩි අභ්‍යන්තර අර්බුදයක් නිර්මාණය වෙමින් පවතින අතර, එය සිවිල් යුද්ධයක් දක්වා වර්ධනය වීමේ දැඩි අවදානමක් මතුව ඇති බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..

බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක වන බවත්, අනුරාධපුරය පූජාභූමියටද වෙනත් ආගමික ස්ථාන ඇතුළත් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර, උන්වහන්සේ අයත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රිධර්ම මහා සංඝ සභාව සමග සාකච්ඡාවක් සඳහා එක්වන්නැයි එම සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි ජනාධිපතිවරයාට ලිපියක් මගින් ඊයේ (09) දැනුම්දී තිබේ.

සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි

සියලු සාමණේර හිමිවරුන් අනාගතයේදී ගලගොඩඅත්තේ හිමියන් කෙනෙක් පත්විය යුතු බව ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රකාශ කරති.

"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.