යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පූර්ව සංවාදයකින් තොරව සිදු නොකරන්නැයි ඉල්ලයි..
අධ්‍යාපන ක්‍රමය මුළුමනින් ම ප්‍රතිසංස්කරණය කර දේශයේ අභිවෘද්ධිය වෙනුවෙන් ක්‍රියාත්මක කළ යුතු බව පිළිගන්නා නමුත් එවැනි ප්‍රතිසංස්කරණ කාර්යයක් කළ හැක්කේ අධ්‍යාපන ක්‍ෂේත්‍රයට සෘජුව සහ වක්‍රව සම්බන්ධ සියලු පාර්ශ්ව සමඟ කරනු ලබන සංවාදයකින් බවත් ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය ප්‍රමුඛ සංවිධාන කිහිපයක් පවසයි.
මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්, වෛද්‍ය ජී. වීරසිංහ, ශ්‍රී ලංකා ජාතික ගුරු සංගමයේ ජාතික සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ප්‍රේමවංශ, පෙරදිග දේශපාලන විද්‍යායතනයේ විදුහල්පති ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සියලු පාර්ශ්වයන් වෙතින් මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නැවත සමාලෝචනය සඳහා එක්වන්නැයි එක්ව අත්සන් කළ ආයාචනයක් ද සිදු කෙරිණි.
එම ආයාචනය පහත දැක්වේ.
දේශයේ අභිවෘද්ධිය අරමුණු කරගත්, අදාළ සියලු පාර්ශ්වයන්ගේ එකඟතාව ලබාගත් පුළුල් ජාතික අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාදාමයක් හඳුන්වාදීම වෙනුවෙන් කරනු ලබන ආයාචනයයි!
අපගේ අධ්‍යාපන ක්‍රමය මුළුමනින් ම ප්‍රතිසංස්කරණය කර දේශයේ අභිවෘද්ධිය වෙනුවෙන් ක්‍රියාත්මක කළ යුතු බව අපි අවිවාදයෙන් පිළිගනිමු.
එවැනි ප්‍රතිසංස්කරණ කාර්යයක් කළ හැක්කේ අධ්‍යාපන ක්‍ෂේත්‍රයට සෘජුව සහ වක්‍රව සම්බන්ධ සියලු පාර්ශ්ව සමඟ කරනු ලබන සංවාදයකින් බව ද අපි අවධාරණය කරමු.
එවැනි ප්‍රතිසංස්කරණ ක්‍රියාදාමයක අරමුණු ද, ඒ වෙනුවෙන් සම්පාදනය කරනු ලබන ප්‍රතිපත්ති රාමුව ද ජනතාව හමුවේ හෙළිදරව් කර පුළුල් ලෙසින් සමාජගත කළ යුතු ය.
කෙ සේ වුව ද,
මේ වන විට ජාතික ජන බලවේගය (මාලිමාව) ආණ්ඩුව විසින් අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන ඇමැති හරිනි අමරසූරිය මෙනෙවියගේ මූලිකත්වයෙන් හඳුන්වා දී තිබෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාදාමය එවැනි සංවාදයකින් හෝ අරමුණු සහ ප්‍රතිපත්ති සමාජගත කිරීමකින් හෝ සිදු කෙරෙන කාර්යයක් නොවන බව පැහැදිළි ය.
දේශීය සමාජ බලවේගයන්ට කිසිදු ආකාරයකින් කන් නො දී මෙම ක්‍රියාදාමය මුළුමනින් ම බාහිර බලවේගයක උවමනාව මත සිදු කෙරෙන්නක් බව ද පෙනෙන්නට තිබේ.
මාලිමා ආණ්ඩුවේ මෙම හිතුවක්කාරී සහ බලහත්කාරී ක්‍රියාදාමය නිසාවෙන් මේ වන විට විශාල සමාජ සංවාදයක් ඇති වී තිබේ.
මෙම බලහත්කාරකමට එරෙහිව මහා සංඝයාවහන්සේලා ප්‍රමුඛ පූජ්‍ය පක්‍ෂය ද, විශ්වවිද්‍යාල ආචාරයවරු ඇතුළු විද්වත්හු ද,
වෙනත් විවිධ මට්ටම්වල සමාජ නියෝජිතයෝ ද තමන්ගේ විරෝධය පළ කරමින් සිටිති.
මාලිමා ආණ්ඩුවේ මෙම බලහත්කාරී වැඩපිළිවෙළට අපිදු අපගේ බලවත් විරෝධය මෙයින් පළ කරමු.
මෙම විනාශකාරී අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ වහාම හකුළාගත යුතු බව අපි මෙයින් ප්‍රකාශ කර සිටිමු.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අවශ්‍යතාවට මුවා වී මාලිමා ආණ්ඩුව විසින් බලහත්කාරයෙන් ක්‍රියාත්මක කරමින් සිටින මෙම විනාශකාරී වැඩපිළිවෙළ පරාජයට පත් කළ හැක්කේ සියලු ප්‍රගතිශීලී, දේශ හිතෛෂි සහ ජාතිමාමක බලවේග එක් පෙරමුණකට එක් වී මෙහෙයවනු ලබන ජාතික ව්‍යාපාරයකිනි.
මහා විනාශයක් හමුවේ එකතුවීමේ හැකියාවක් සහ භාවිතාවක් මෙම බලවේග සතුව පවතින බව අපි දනිමු.
එහෙයින්, ශ්‍රී ලාංකීය දේශයේ පැවැත්ම අනතුරෙහි හෙළන විනාශකාරී අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාදාමය පැරැදවීම අරමුණු කරගත් ජාතික ව්‍යාපාරයක් ඇරැඹීම වෙනුවෙන් ඒකරාශී වන මෙන් අපි සියලු ප්‍රගතිශීලී, දේශ හිතෛෂි සහ ජාතිමාමක බලවේග වෙත මෙයින් ආයාචනා කර සිටිමු.
දේශයේ අභිවෘද්ධිය අරමුණු කරගත්, අදාළ සියලු පාර්ශ්වයන්ගේ එකඟතාව ලබාගත් පුළුල් ජාතික අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාදාමයක් වෙනුවෙන් අපි එකාවන්ව කැපැවෙමු.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්