News Category
From Date
To Date
Maximum Number of Result

යුක්රේන ගැටුමට අදාළ සම්බාධක යටතේ රඳවාගෙන සිටින රුසියානු ස්වෛරී වත්කම් ආපසු ලබා දීමට යුරෝපා සංගමයට අවසානයේ බල කෙරෙනු ඇති බව රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් පවසා ඇති අතර, අරමුදල් භාවිතා කිරීමට ගන්නා ඕනෑම උත්සාහයක් යුරෝපා සංගමයේ කීර්ති නාමයට හානි කරන අතර ගෝලීය මූල්‍ය පද්ධතිය බරපතල අර්බූදයකට තල්ලු කරන බවද අවධාරණය කළේය.

චීනය කොවිඩ්-19 වසංගතයට සම්බන්ධ බවට ගොනු කරනු ලබැඋ අධිකරණ කටයුතු මගින් චීනයේ ආර්ථික හා කීර්තිනාමයට හානි කළ බවට චෝදනා කරමින් එක්සත් ජනපද මිසූරි ප්‍රාන්ත බලධාරින්ට සහ ඇමරිකානු නිලධාරීන් කිහිප දෙනෙකුට එරෙහිව වුහාන්හි අධිකරණයක නඩුවක් ගොනු කර ඇතැයි වාර්තා වේ.

මේ වසර තුළ පමණක් වෛද්‍ය සැපයුම් අංශයේ නිල දත්තවලට අනුව ඖෂධවල ගුණාත්මකභාවය පිරිහී ගිය (Quality Failures) අවස්ථා 90කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා අනාවරණය කරයි.

තත්ත්වයෙන් බාල බවට සැකය මත තාවකාලිකව භාවිතය තහනම් කළ ඉන්දියානු සමාගමක් විසින් ආනයනය කරන ලද ඖෂධ 10ම තත්ත්වයෙන් බාල බව ඖෂධ නියාමන අධිකාරිය මගින් තහවුරු කර ඇත.

ආපදාවට ලක්වූ නිවාස පිරිසිදු කර ගැනීම සඳහා ලබාදෙන රුපියල් 25,000ක සහනාධාරය තමන්ට මෙතෙක් ලැබී නොමැති බව පවසමින් පුත්තලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් දහසකට අධික පිරිසක් විරෝධතාවක නිරත විය.

වෝකිස්ම්” (Wokeism) යනු සමාජය, පීඩක–පීඩිත කණ්ඩායම් ලෙස වර්ග කරන, සමානව සැලකීම/සාධාරණත්වය නාමයෙන් පාසල්, රැකියා ස්ථාන, මාධ්‍ය සහ රජය ආදී සමාජයේ විවිධ ආයතනයන්හි සහ සමාජ ව්‍ය්‍රහය අකර්මන්‍ය කරන දෘෂ්ටිවාදයක් වන අතර මෙහිදී, විවිධත්වය, සමානාත්මතාවය, සහ අන්තර්ගතය (DEI), කෝටා ක්‍රම සහ විවේචනාත්මක ජාතිවාදී න්‍යාය (CRT style Frameworks) වැනි ආකෘති මගින් ආයතන සහ පද්ධති “වෝක්-පක්ෂග්‍රාහී” ලෙස නැවත අර්ථකථනය කරයි.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගණනාවක් යෝජනා කර ඇති බවත්, මෙය අගමැතිනි හරිනි අමරසූරියගේ වැඩපිළිවෙලක් පමණක් නොව සමස්ත ආණ්ඩුවේ වැඩපිළිවෙලක් බවත්, එය ජනතා ද්‍රෝහී වැඩපිළිවෙලක් බව මෙම ප්‍රතිසංස්කරණ ගැඹුරින් විශ්ලේෂණය කිරීම මගින් පෙනෙන බවත් ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා පවසයි.

උතුරු පළාතේ සංඝනායකකම යාපනය තිස්ස විහාරයේ විහාරාධිපති හිමියන්ට ලබාදීම සිදුකිරීමට නියමිත බවත්, එම විහාරයට අයත් භූමිය එම විහාරයට අයිතියක් නොමැති බවත් පවසමින් ජාතිවාදී ප්‍රවෘත්තියක් TNA පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට අයත් යාපනයෙන් නිකුත් කරන උදයන් පුවත්පතේ පළ කර ඇති බවත් යාපනය සිවිල් සංවිධාන කේන්ද්‍රයේ කැඳවුම්කරු අරුන් සිද්ධාර්ථන් මහතා පවසයි.

කොළඹ නගරාධිපතිනිය වන ව්‍රායි කෑලි බල්තසාර් ගේ නැගනියගේ සැමියා වන ගිහාන් බෙනරගම , මේ වන විට රටේ මහත් ආන්දෝලනයකට ලක්ව ඇති ඉන්දියානු ප්‍රශ්නගත එන්නත් ගෙන්වූ සමාගමේ අධ්‍යක්ෂවරයෙක්ද, නැද්ද? යන්න සහ රජයේ ඇමතිවරු අමාත්‍යාංශ වලින් පිට දී ඔහු හමු වී නැද්ද? යන්න ප්‍රශ්න කරමින් වරුණ දීප්ත රාජපක්ෂ මහතා අන්තර්ජාලයට වීඩියෝවක් නිකුත් කර තිබේ.


ප්‍රධාන පුවත්

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..

ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය බන්ධනාගාරයේ දී ඉවත්කොට අධිකරණයට ගෙන ඒම සම්බන්ධයෙන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ඇතුළු වගඋත්තරකරුවන් 10 දෙනෙකුට එරෙහිව බ්‍රිගේඩියර්(විශ්‍රාමික) අතුල හේමචන්ද්‍ර ද සිල්වා මහතා අභියාචනාධිකරණයේ නඩු අංක CA/WRIT/787/2026 යටතේ අද දින (2026.10.12) නඩුවක් ගොනුකර තිබේ.

චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..

චීන–ලාඕස දුම්රිය මාර්ගය ඔස්සේ සිදුකර ඇති සමස්ත වෙළෙඳ ගනුදෙනුවල වටිනාකම යුවාන් බිලියන 100 (ඇමෙරිකානු ඩොලර් බිලියන 14.9ක් පමණ) ඉක්මවා ගොස් තිබේ. එම මාර්ගය හරහා මේ වන විට ආනයන හා අපනයන භාණ්ඩ ටොන් මිලියන 20.77කට අධික ප්‍රමාණයක් ප්‍රවාහනය කර ඇති බව වාර්තා වේ.

ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹීමේ ආදර්ශය අනුගමනය කරමින් රුසියාව සමඟ ආර්ථික සබඳතා යළි ස්ථාපිත කරන ලෙස ජර්මනියේ විපක්ෂ දේශපාලන පක්ෂ දෙකක් ඉල්ලා ඇතැයි වාර්තාවේ.

රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්

රුසියාව සහ යුක්‍රේනය අතර වහාම ක්‍රියාත්මක වන පරිදි බලශක්ති ඉලක්ක වෙත එල්ල කරන ප්‍රහාර අත්හිටුවීමේ එකඟතාවක් ඇති කරගෙන තිබෙන බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)

ඊයේ(11) දිනයේ උතුරු නේපාලයට බලපෑ හදිසි මහා ගංවතුර හේතුවෙන් නිවාස හා පාලම් රැසක් ගසාගෙන ගොස් ඇති අතර, පුද්ගලයන් පස්දෙනකුට අධික පිරිසක් අතුරුදන්ව සිටින බව වාර්තා වේ.

ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ

කැනඩාවේ ඔන්ටාරියෝ (Ontario) පළාත් ව්‍යවස්ථාදායකය විසින් 'දෙමළ ජන සංහාරය' (Tamil Genocide) යන සංකල්පය හෝ එය නිල වශයෙන් පිළිගෙන නොමැති බව එරට අධිකරණ තීන්දු මඟින් තහවුරු වී ඇති බව ආචාර්ය නෙවිල් හේවගේ මහතා පෙන්වා දෙයි.

ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..

බන්ධනාගාර ගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි වෙනුවෙන් හා භික්ෂූන්ගේ ආගමික අයිතිවාසිකම් වෙනුවෙන් මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් ආරම්භ කළ පා ගමන අද (12) තෙවන දිනටත් පැවැත්වේ.

"ජේවීපී එකෙන් මගෙ සිවුර ගලවනවා.. සිරගත වුනත් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ මහත්තයෝ.." - අත්අඩංගුවට ගැනීමට පෙර ඥානසාර හිමි පැවසූ කතාව නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි..

ඥානසාර හිමි අත්අඩංගුවට ගැනීමට පෙර තමන්ට ඇමතුමක් ලබාදී හමුවන ලෙස දැන්වූ බවත්, එහිදී උන්වහන්සේ පැවසුවේ උන්වහන්සේව අත්අඩංගුවට ගත් පසු සිවුර ගැලවීම අනිවාර්යෙන් සිදුකරන බව යැයිද, කළින්ම උන්වහන්සේ මේ පිළිබඳව දැනසිටි බවත්, තමන් සමග මේ සම්බන්ධයෙන් උන්වහන්සේ කතා කළ බවත් නීතිඥ සංජීව වීරවික්‍රම මහතා හෙළිදරව්වක් සිදුකරමින් පවසයි.

අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි

අනුරාධපුර පූජා නගරය ගොඩනැගීම සඳහා විශාල ආධාර මුදලක් ඉදිරියේදී ඉන්දියානු රජයෙන් ලැබීමට නියමිත බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.