නොරොච්චෝල බිඳ වැටිය හැකියි.. කිසිම යන්ත්‍රයකින් 300MW හදන්න බැරිවෙලා.. - විදුලි ඉංජිනේරුවෝ හෙළිකරති
නොරච්චෝලේ ලක්විජය බලාගාරය සඳහා මෑතකදී ආනයනය කරන ලද ගල්අඟුරු ප්‍රමිතියෙන් තොර වීම හේතුවෙන් බලාගාරයේ උපරිම ජනන ධාරිතාව ලබා ගැනීමට බරපතල බාධා එල්ල වී ඇති බවත්, දැනට ගෙන්වා ඇති ගල්අඟුරුවල පවතින ගුණාත්මක භාවයේ අඩුවීම හේතුවෙන් බලාගාරය සතු උපරිම ධාරිතාවය කරා ළඟා වීමට නොහැකි තත්ත්වයක් නිරීක්ෂණය වී ඇති බවත් විදුලි ඉංජිනේරුවන් අනාවරණය කරයි.
විශේෂයෙන්ම, මෙගාවොට් 300 ක ධාරිතාවයකින් යුත් ජනන යන්ත්‍ර මගින් එම සම්පූර්ණ විදුලි ප්‍රමාණය උත්පාදනය කිරීමට නොහැකි වී ඇති අතර මෙහිදී පළමු ජනන යන්ත්‍රයට සාපේක්ෂව තුන්වන ජනන යන්ත්‍රයේ ධාරිතාවය ලබා ගැනීමේදී කැපී පෙනෙන අඩුවක් දක්නට ලැබෙන බව විදුලි ඉංජිනේරු සංගමයේ විධායක සභික දුලාන් සපුතන්ත‍්‍රී මහතා පවසයි.
ඉතිහාසයේ කිසිම අවස්ථාවන එක් යන්ත‍්‍රයකින් මෙගාවොට් 300ක් නිෂ්පාදනය කිරීමට නොහැකි ගල් අගුරු මෙරටට ගෙන්වා නැති බවත් ඔහු පැවසීය.
මෙම තත්ත්වය හුදෙක් විදුලි නිෂ්පාදනය අඩුවීමට පමණක් සීමා නොවී, බලාගාරයේ පද්ධති සහ උපකරණවලට ද දැඩි බලපෑම් එල්ල කළ හැකි බව ඔහුගේ අදහසයි.
බාල ගල්අඟුරු භාවිතය නිසා බලාගාරයේ පද්ධතිවල හදිසි බිඳවැටීම් (Breakdowns) සිදුවීමේ අවදානමක් පවතින බවත්, එම බලපෑම ඕනෑම අවස්ථාවක සිදු විය හැකි බවත් හෙතෙම අවධාරණය කරති.
නොරච්චෝලේ බලාගාරයෙන් අපේක්ෂිත මෙගාවොට් ප්‍රමාණය ලබා ගැනීමට නොහැකි වන විට, එම හිඟය පියවා ගැනීම සඳහා වෙනත් බලාගාරවලින් විදුලිය ලබා ගැනීමට සිදුවේ.
ඒ සඳහා වැය වන අතිරේක පිරිවැය එවකට පවතින විදුලි ඉල්ලුම සහ මිල ගණන් (peak plant cost) අනුව තීරණය වන බැවින්, එය විශාල මූල්‍ය බරක් බව ඉංජිනේරුවෝ පෙන්වා දෙති.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..