News Category
From Date
To Date
Maximum Number of Result

ත්‍රිකුණාමලය ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාරයේ බුද්ධ ප්‍රතිමාවක් තැන්පත් කිරීමේ සිදුවීමට අදාළව පෙරේදා අධිකරණය හමුවේ පෙනී සිටීමෙන් පසු බන්ධනාගාරගත කරනු ලැබ සිටින බළන්ගොඩ කස්සප හිමියන් ආරම්භ කළ උපවාසය ඊයේ සවස් භාගයේ අත්හැරීමට කටයුතු කළහ.

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ප්‍රමුඛ, ජාතික නිදහස් පෙරමුණේ නියෝජිතයන් පිරිසක් දැනට බන්ධනාගාරගතව උපවාසයේ යෙදෙන පූජ්‍ය බලන්ගොඩ කස්සප හිමියන්ව බැහැදැක උන් වහන්සේ සමඟ සාකච්ජා කිරීම අද (16) උදෑසන ත්‍රිකුණාමලය බන්ධනාගාරයේදී සිදු කෙරිණි.

අද පැවති පිිවිතුරු හෙළ උරුමය මාධ්‍ය හමුවේ දී පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය.

ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කර ඇති ප්‍රජා ශක්ති වැඩසටහනට සිය විරෝධය පළ කරන බව ඉලංගෙයි තමිල්අරසු කච්චි පක්ෂය පවසයි.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේදී 6 ශ්‍රේණියට අදාළ මොඩියුල සම්බන්ධයෙන් පැහැදිලි වරදක් සිදුව ඇති බවත් එම වරද නිවැරදි කරගෙන ඉදිරියට යාම සඳහා යම් කාලයක් අවශ්‍ය බැවින් 6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම ලබන වසර දක්වා කල්දැමූ බවත් නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර පවසයි.

හය ශ්‍රේණිය ඉංග්‍රීසි මොඩියුලයට සමලිංගික වෙබ් අඩවියක නාමයක් (සබැඳියක්) ඇතුළත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රධානීන් ඇතුළු 6 දෙනකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව වාර්තා වන අතර, එම පිරිසට ජාතික අධ්‍යාපන ආයතනයේ ශාස්ත්‍රීය කටයුතු අංශය මොඩියුල ලියන ලේඛකයන් ඒවා සමාලෝචනය කරන සංස්කරණය සහ සෝදුපත් කියවන නිලධාරීහු ඇතුළත් වන බව වාර්තා වේ.

අගමැති හරිනි අමරසූරිය ප්‍රමුඛ ආණ්ඩුව මනෝවිද්‍යාත්මක යුද උපක්‍රමයක් භාවිතා කරමින් තමන්ට එල්ලවූ විරෝධයම තමන්ගේ වාසියට හරවා ගන්නා බවත්, අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල ගැඹුරු යටි අරමුණ කුමක්දැයි සංවාදය වෙනුවට මතුවූයේ 6 වසරේ මොඩියුලයක අසභ්‍ය වෙබ් අඩවියක වෙබ් ලිපිනයක් සඳහන් වී පැමිණි සමාජ විරෝධය පමණක් හෙයින් ආණ්ඩුව එම ගැටලුවට පමණක් ලඝුවී ක්‍රියාවලියක් ආරම්භ කළ බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

මෙරටට බලපෑ 'දිට්වා' සුළි කුණාටුවෙන් සිදු වූ හානිය තක්සේරු කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කරුණු සොයා බැලීමේ නියෝජිත පිරිසක් ලබන සතියේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

නොරොච්චෝල ලක්විජය බලාගාරයේ සිදුකළ විද්‍යාගාර පරීක්ෂණ දෙකකින්, මෙරටට ආනයනය කළ ගල් අඟුරු සාම්පල අසමත්ව ඇති බව හිටපු විදුලි බල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අනාවරණය කළේය.


ප්‍රධාන පුවත්

රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්

රුසියාව සහ යුක්‍රේනය අතර වහාම ක්‍රියාත්මක වන පරිදි බලශක්ති ඉලක්ක වෙත එල්ල කරන ප්‍රහාර අත්හිටුවීමේ එකඟතාවක් ඇති කරගෙන තිබෙන බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)

ඊයේ(11) දිනයේ උතුරු නේපාලයට බලපෑ හදිසි මහා ගංවතුර හේතුවෙන් නිවාස හා පාලම් රැසක් ගසාගෙන ගොස් ඇති අතර, පුද්ගලයන් පස්දෙනකුට අධික පිරිසක් අතුරුදන්ව සිටින බව වාර්තා වේ.

ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ

කැනඩාවේ ඔන්ටාරියෝ (Ontario) පළාත් ව්‍යවස්ථාදායකය විසින් 'දෙමළ ජන සංහාරය' (Tamil Genocide) යන සංකල්පය හෝ එය නිල වශයෙන් පිළිගෙන නොමැති බව එරට අධිකරණ තීන්දු මඟින් තහවුරු වී ඇති බව ආචාර්ය නෙවිල් හේවගේ මහතා පෙන්වා දෙයි.

ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..

බන්ධනාගාර ගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි වෙනුවෙන් හා භික්ෂූන්ගේ ආගමික අයිතිවාසිකම් වෙනුවෙන් මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් ආරම්භ කළ පා ගමන අද (12) තෙවන දිනටත් පැවැත්වේ.

"ජේවීපී එකෙන් මගෙ සිවුර ගලවනවා.. සිරගත වුනත් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ මහත්තයෝ.." - අත්අඩංගුවට ගැනීමට පෙර ඥානසාර හිමි පැවසූ කතාව නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි..

ඥානසාර හිමි අත්අඩංගුවට ගැනීමට පෙර තමන්ට ඇමතුමක් ලබාදී හමුවන ලෙස දැන්වූ බවත්, එහිදී උන්වහන්සේ පැවසුවේ උන්වහන්සේව අත්අඩංගුවට ගත් පසු සිවුර ගැලවීම අනිවාර්යෙන් සිදුකරන බව යැයිද, කළින්ම උන්වහන්සේ මේ පිළිබඳව දැනසිටි බවත්, තමන් සමග මේ සම්බන්ධයෙන් උන්වහන්සේ කතා කළ බවත් නීතිඥ සංජීව වීරවික්‍රම මහතා හෙළිදරව්වක් සිදුකරමින් පවසයි.

අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි

අනුරාධපුර පූජා නගරය ගොඩනැගීම සඳහා විශාල ආධාර මුදලක් ඉදිරියේදී ඉන්දියානු රජයෙන් ලැබීමට නියමිත බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.

මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..

මාලිමාවට රැවටී තමන් වහන්සේද මාලිමාවට ඡන්දය දුන් බවත්, රට හදනවා කියා, උගන්ඩාවේ සල්ලි ගේනවා කියා, දූෂණ වංචා නොකරනවා කියා, ජනතාවට නැති කිසිවක් අපිට එපා කියා, ජනතාව අන්දවා ඡන්දය ගත් හැටි අද හොඳින් අවබෝධවී ඇති බවත් මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමියෝ පවසති.

රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි

ඇමරිකාව සහ ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ මතු වී ඇති දැඩි ඉන්ධන හිඟයට විසඳුමක් ලෙස, රුසියාව සහ එක්සත් ජනපදය අතර සුවිශේෂී සහ ඓතිහාසික බලශක්ති ගිවිසුමකට එළඹ තිබේ.

2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..

කොළඹ රිච්වේ ආර්යා ළමා රෝහලට දානපතියන්ගේ පරිත්‍යාග ඉල්ලා සිටින ලේඛන රෝහලේ වෙබ් අඩවියේ පසුගිය ඔක්තෝබර් මස 5 දා දක්වා ප්‍රදර්ශනය කර තිබූ බවත්, මේ පිළිබඳව ජනමාධ්‍යයට පැවසූ පසු එම වෙබ්අඩවිය අවහිර කර සෞඛ්‍ය අමාත්‍යවරයාත් අදාළ රෝහලේ අධ්‍යක්ෂකවරයාත් මෙම වෙබ් අඩවියේ ඇත්තේ 2022 වසරට අයත් තොරතුරු බවට පවසන බවත්, එහෙත් 2026 ඔක්තෝම්බර් 5 දක්වා තොරතුරු මෙහි අන්තර්ගතව තිබූ බව සාක්ෂි සහිතව අල්ලස් කොමිසමට පැමිණිල්ලක් කළ බවත් වෛද්‍ය චමල් සංජීව මහතා පවසයි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.