News Category
From Date
To Date
Maximum Number of Result

ඉරාන යුද නැවු දෙකයි.. ඇමරිකා යුද ගුවන් යානා දෙකයි.. එන්න ද ඇහුවා.. අපි එපා කිවුවා... - මධ්‍යස්ථ විදේශ ප්‍රතිපත්තිය අකුරටම ක්‍රියාත්මක කරන බව ජනපති කියයි

Mar 20, 2026 at 02:04 PM
|

කලාපීය සහ ජාත්‍යන්තර දේශපාලන පීඩනයන් හමුවේ වුවද ශ්‍රී ලංකාව සිය මධ්‍යස්ථ විදේශ ප්‍රතිපත්තිය අකුරටම ක්‍රියාත්මක කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේය.

මෙරට ගෞරවය සහ ජාත්‍යන්තර පිළිගැනීම සුරැකිය හැක්කේ එවැනි ස්වාධීන පිළිවෙතකින් පමණක් බව හෙතෙම පෙන්වා දුන්නේය.

මෑතකදී ආන්දෝලනයට තුඩු දුන් ඉරාන නෞකා සහ ඇමරිකානු ප්‍රහාරක යානා මෙරටට පැමිණීමට අවසර ඉල්ලා සිටීමේ සිද්ධි දාමය පිළිබඳව ජනාධිපතිවරයා සභාව හමුවේ දීර්ඝ පැහැදිලි කිරීමක් සිදු කළේය.

ජනාධිපතිවරයා සිදුකරන සම්පූර්ණ ප්‍රකාශය පහතින්,

"විශේෂයෙන්ම මැදපෙරදිග යුදමය තත්ත්වයත්, ඒ හරහා ලෝකයේ රාජ්‍යයන් මුහුණදී තිබෙන විවිධ තත්ත්වයන් සම්බන්ධයෙන් සාකච්ඡාවක් පවතිනවා. ඒ පිළිබඳව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සාකච්ඡා කිරීමට ඉඩ විවරවීම පිළිබඳව යෝජනාව ගෙනඑන ලද අයට ස්තූතිවන්ත වෙනවා. 

විශේෂයෙන්ම මේ ප්‍රශ්නය පිළිබඳව ආරම්භයේදී අපේ ස්ථාවරය තමයි මධ්‍යස්ථභාවය. අපේ මව්බිමේ ගෞරවයත්. ඒ වගේම යුක්තිය පිළිබඳ ප්‍රශ්නයත් සහ ජාත්‍යන්තර පිළිගැනීමත් අපට අත්පත් කරගැනීමට හැකි වන්නේ, අපේ මධ්‍යස්ථභාවය ආරක්ෂා කරගනිමින්. ඒ නිසා කිසිසේත්ම කුමන පීඩනයන් මධ්‍යයෙහි හෝ  මේ මධ්‍යස්ථභාවය ගිලිහෙන්න දෙන්නේ නැහැ. 

නමුත් මා දන්නවා සමහර මන්ත්‍රීවරුන් සහ සමහර අදහස් ඉදිරිපත් වෙනවා. අපි යම් කණ්ඩායමකට පක්ෂපාතීව ඉන්නවා. සමහර තීන්දු තීරණ නිසි වෙලාවට ගත්තේ නැහැ වගේ අදහසකින්. ඒවා සම්පූර්ණයෙන්ම අසත්‍යයි කියලා ඔබට කියන්න ඕනේ. 

පළමුකොටම ඉරානයේ නැව් පිළිබඳ ප්‍රශ්නය. විශේෂයෙන් අපිට 2026 දෙවෙනි මාසේ 26 වැනිදා අපෙන් ඉල්ලීමක් කළා. මාර්තු 09 සහ 13 කියන දිනවලදී ලංකාවට ගුඩ්විල් විසිට් එකක් එන්න ඕනේ කියලා. සහයෝගීතා වර්ධනය කිරීමේ සංචාරයකට ලංකාවට එන්න ඕනේ කියලා අපෙන් ඉල්ලීමක් කළා. අපිට තියෙන්නේ 9 සහ 13 කියන දින මාර්තු මාසයේ අපි අවසර ලබාදීම පිළිබඳව අධ්‍යයනය කරමින් හිටියේ.

මේ මොහොතේම කියන්න කැමැති, එදිනම හවස එක්සත් ජනපදයෙන් ඉල්ලා සිටියා. ට්‍රිබියුටි රාජ්‍ය ආසන්නයේ තියෙන නාවික හමුදාවට අයත් ප්‍රහාරක ගුවන් යානා දෙකක් ශ්‍රී ලංකාවේ මත්තල ගුවන්තොටුපළට පැමිණෙන්න අවසර දෙන්න කියලා. අපේ මේස උඩ තියෙනවා කඩදාසි දෙකක්. එකක් ඉරානය විසින් අපෙන් ඉල්ලා සිටිනවා. 09 සහ 13 මෙම නාවික යාත්‍රාවලට ප්‍රවිශ්ඨ වෙන්න අවසරය ලබා දෙන්න කියලා. අනෙක් පසින් එක්සත් ජනපදය අපෙන් ඉල්ලා සිටිනවා. නාවික හමුදාවට අයත් යුද ගුවන්යානා දෙකක් අපේ මත්තල ගුවන්තොටුපළට එන්න කියලා. මොකක්ද අපි ගන්න ඕන තීරණය. 

අපි ඉතාමත් පැහැදිලි තීරණයක් ගත්තා. අපේ රට මධ්‍යස්ථභාවය ඒ වනවිටත් යුදමය සංඥාවන් පිළිබඳව සංඥාවන් මතුවෙලා තිබුණා. අපි ඒ දෙකටම අවසර ලබාදුන්නේ නෑ. ඒක තමයි මධ්‍යස්ථභාවය. මම අහනවා මෙතැනදී, විශේෂයෙන් මට මතකයි ඇයි ඉරාන නෞකාවලට දුන්නේ නැත්තේ කියලා. දුන්නා නම් මොකක්ද සිද්ධ වෙන්නේ.? අපේ මුළු මධ්‍යස්ථභාවයම ගිලිහෙනවා. අපි එක පාර්ශ්වයකට පක්ෂපාතීව කටයුතු කරනවා. එහෙම නැත්නම් අපි අනිත් පාර්ශ්වයට ඉඩ දෙන්න සිද්ධ වෙනවා. එහෙම නම් අපේ ඈත කලාපයෙන් තියෙන යුද ගැටුම මත්තලට සහ කොළඹ වරායට ළඟා වෙනවා. අපේ ඒ වැ‌ඩේ කළේ නැහැ. කුමන පීඩනය මධ්‍යයේ හෝ එය ආරක්ෂා කරලා තියෙනවා. 

ඊට පස්සේ 27 වෙනිදා IRIS Bushehr කියන නෞකාවේ එක් නාවික සෙබළෙක් වැටිලා තුවාල වෙලා තියෙනවා කියලා ඔවුන් අපෙන් ඉල්ලා සිටියා එම නාවික සෙබළාත් ඔහු සමඟ නිලධාරියෙකුත් ලංකාවට ගේන්න ඕන කියලා අපේ මධ්‍යස්ථභාවය ජාත්‍යන්තර බැඳීම තමයි ඒ වෙලාවේ සහායදීම. අපි ඒ නාවික නිලධාරියාත් නාවික සෙබළාත් 27 පෙබරවාරි රැගෙන එම නෞකාවට සැපයීම් කරන සමාගම විසින්. අපි නෙවෙයි ගෙනාවේ ඔවුන් විසින්. ඒක තමයි ජාත්‍යන්තර වශයෙන් අපි පැමිණ තිබෙන එකඟතාවය. ඊට පස්සේ නැවත 4 වැනිදා අපිට වාර්තා වුණා. අපේ ආර්ථික කලාප සීමාවේ ඉරානයට අයත් නෞකාවකට ප්‍රහාරයක් එල්ලවී තිබෙන බව මොකක්ද අපේ බැඳීම. අපිට ඕනේ නම් අහක බලාගෙන ඉන්න තිබුණා. අපේ මුහුදු කලාපයේ නොවේ ආර්ථික කලාපයේ. ආර්ථික කාලපයේ ගහගන්නත් පුළුවන්. නැව්වලට යන්නත් පුළුවන්. ඕන දෙයක් කරගන්න පුළුවන්. අපේ මුහුදු සීමාව නෙවෙයි. නමුත් අපි ජාත්‍යන්තර බැඳීම් සහ මනුෂ්‍යත්වය කේන්ද්‍ර කරගෙන අපේ නාවික හමුදාව සහ ගුවන් හමුදාව විශාල මෙහෙයුමක් කළා. 

ජාත්‍යන්තර ප්‍රමිතීන්වල තියෙනවා එවැනි පිපිරීමක් වුණාම දවස් කීයක් ආවේක්ෂණය කළ යුතු ද.? එය රළ හමන දිශාව අනුව කොච්චරක් දුර අවේක්ෂණය කළ යුතු ද කියලා. අපි ඒ සියල්ල ඒ ප්‍රමිතීන් අනුව සිදු කළා. ප්‍රහාරයක් සිද්ධ වුණාම ජීවිත සහ මළ සිරුරු ගළවා ගැනීම වෙනුවෙන් ගත යුතු කාලයක් තියෙනවා. ඒ රළ හමන දිශාව අනුව යා යුතු දුරක් තියෙනවා. ඒ මුළු දුරම ගියා. 

ඒ අනුව අපි තුවාලකරුවන් 32ක් සහ මළසිරුරු 84ක් අපේ ගොඩබිමට අපි අරගෙන ආවා. මේක අපේ මනුෂ්‍යත්වය සහ මධ්‍යස්ථභාවය. අනතුරුව 4 වෙනිදා උදේ. ඒ ප්‍රහාරයෙන් පසුව අපෙන් ඉල්ලීමක් කළා. ඔවුන්ගේ අනෙක් නෞකාවේ එංජිමේ කඩාවැටීමක් සිදුවෙලා තියෙනවා. ඒ නිසා අපේ කොළඹ වරයාට ළඟා වෙන්න ඉඩ දෙන්න කියලා. මම දැක්කා මෙතැන බොහෝ අය කිව්වා, පැය 11කට කලින් ගියා නම්.. කොහෙද පැය 11කට වැඩි වෙලාවක්. පළමු ඉල්ලීම ආවේ, පෙබරවාරි 26 වෙනිදා ඉල්ලීම ආවේ මාර්තු 9 එන්න. මම හිතන්නේ මේ දින ගණනයි පැය ගණනයි පටලගෙන ද දන්නේ නෑ. 

පළවෙනි නෞකාවට ප්‍රහාරය එල්ල කළාම තමයි අපෙන් ඉල්ලීමක් කළේ දෙවෙනි නෞකාව එහෙත් එංජින් ආබාධයක් ඇති වෙලා තියෙනවා. ඔවුන්ට ගමන් කරන්න බැහැ. අපේ කොළඹ වරයාට ආසන්න වෙන්න දෙන්න කියලා. මොකක්ද ජාත්‍යන්තර නීතිය ඔවුන් අපේ මුහුදුසීමාවට ඇතුළු වෙනවා නම් ඔවුන් යුද ගැටුමක එක පාර්ශ්වකරුවෙක්. ඔවුන්ට අපිට රැඳෙන්නට දෙන්න පුළුවන්කම තියෙන්නේ, පැය 24යි. පැය 24න් පසුව ඔවුන් යා යුතුයි. අපිට එහෙම තියාගන්න බැහැ. එහෙම තියාගන්නවා නම් ඒකේ තේරුම මොකක්ද.? යම් යුද ගැටුමක් තිබෙනවා. යම් කණ්ඩායමක් අනතුරට මුහුණදීලා තියෙනවා. අනතුරට මුහුණ දුන්න කණ්ඩායම අපි බේරගන්නවා. නැවත යුද්ධයට යවනවා. ඒ කියන්නේ අපි එක පාර්ශ්වයක් නියෝජනය කරනවානේ. ඒ නිසා අපිට උපරිම තියාගන්න පුළුවන් කාලය පැය 24යි. ඊට පසුව හරවා යැවිය යුතුයි. එහෙම නැත්නම් ඔවුන් අපේ භාරයට ආ යුතුයි. එතකොට තමයි අපේ මධ්‍යස්ථභාවය ආරක්ෂා වෙන්නේ. අපි සෑම සිදුවීමක්ම සංසන්දනය කළේ අපේ මධ්‍යස්ථභාවය මත. ඒ නිසා තමයි අපි ඔවුන්ට අපේ භාරයට එන්න කිව්වේ. අපේ භාරයට ආවයින් පස්සේ අපි කිව්වා සම්පූර්ණ කාර්ය මණ්ඩලය බහින්න ඕනේ කියලා. ඔවුන්ගේ ඉල්ලීමක් තිබුණා කාර්ය මණ්ඩලය රැඳෙන්න ඕනේ කියලා. අපේ ඒකේ හිටිය නාවිකයින් 206ක් අපේ නාවික හමුදා කඳවුරට අරන් ආවා. 

අපි මේ 206ම එකට තියලා නැහැ. සොල්දාදුවන් ආතතීයකට මුහුණදීලා තියෙනවා. කවර ආකාර තත්ත්වයක් වර්ධනය විය හැකි ද.?  ඒ නිසා අපි ප්‍රවේශම්කාරී ලෙස ඔවුන්ට අවශ්‍ය ආහාර පාන දුන්නා. මෑතකදී කෙනෙක් රෝගාබාධයකට ලක් වුණා. ඔහු අපි වැලිසර නාවික හමුදා රෝහලට පිටත්කර හැරියා. අපි ඉතාමත් මනුෂ්‍යත්වයෙන් යුතුව රැකබලාගන්නවා. ඒක තමයි ලංකාව ජාත්‍යන්තරය හමුවේ පිළිගැනීමට සහ කීර්තියට භාජනයවීම.

අනතුරුව ඔවුන් ඉල්ලා සිටියා ඔවුන්ගේ මළසිරුරු රටට රැගෙන යාමට අවශ්‍යයි කියලා. අපි ඒ සඳහා අවසර ලබාදුන්නා. පසුගිය දිනවල ගුවන් යානයක් ඇවිල්ලා ඔවුන්ගේ මළසිරුරු අරන් ගියා. තුවාල වුණ 32ක් කරාපිටිය රෝහලේ හිටියා. ඔවුන් සියලු දෙනා සුවය ලැබුවයින් පස්සේ ඒ ආසන්නයේ තියෙන කොග්ගල ගුවන් හමුදා කඳවුරේ රැඳිසිටිනවා. 

ඒ නිසා අපේ ජාත්‍යන්තර යුද්ධයේදී අපේ ප්‍රතිපත්තියට හැමවිටම මධ්‍යස්ථභාවය ආරක්ෂා කිරීම. ඒ වගේම පහුගියදා එක්සත් ජාතීන්ගේ ආරක්ෂිත කවුන්සිලයට යෝජනාවක් ආවා. මේ ප්‍රහාරයන් පිළිබඳව. බොහෝ රාජ්‍යයන් ඒකට සමදායකත්වය ලබාදී තිබුණා. අපි ලබාදුන්නේ නැහැ. අපි ලබා නොදුන්නේ, ඒ යෝජනාව අඩයි සත්‍යය. රටවල් 130ක් එම යෝජනාවට සහයෝගීතාව පළ කරලා තිබුණා. අපේ පළ කළේ නැහැ. අපි එහෙම නොකළේ ඒ යෝජනාව අඩක් අසත්‍යයි. අපි හැමවිටම යුක්තිය හා සාධාරණත්වය පිළිබඳ සටන් පාඨය අපි ජාත්‍යන්තර වේදිකාවට ගෙනියනවා. ඒ අනුව අපි කටයුතු කරලා තියෙනවා.

ඒ නිසා මා කියන්නේ හැමවිටම අපේ ක්‍රියාකාරකම්, අපේ ප්‍රතිපත්තීන්, අපේ තීන්දු තීරණ, අපේ සම්මුතීන් මේ සියල්ලේදී අපේ මධ්‍යස්ථභාවය ආරක්ෂා කරමින් අපි කටයුතු කරනවා. එය තමයි මෙවැනි යුද්ධයකදී ශ්‍රී ලංකාව මාතෘභූමිය අනන්‍යතාවයත් ගෞරවයත් ජාත්‍යන්තර වශයෙන් පිළිගැනීමත් ආරක්ෂා කරගැනීම සඳහා තියෙන ක්‍රමවේදය. කිසිසේත්ම වචනයකින් හෝ බොහෝ අය බොහෝ දේවල් කියනවා. පාර්ලිමේන්තුවෙත් පැය 11කට කලින් ගෙනාවා නම් බේරගන්න තිබුණා වගේ බොරු කතා කියනවා. ඉතාමත් අසත්‍ය චෝදනා. මා හිතනවා මේ පාර්ලිමේන්තුවේදී විශේෂයෙන්ම අනිත් හැම ප්‍රශ්නයක්ම. ඩීසල්, ආහාර ප්‍රශ්න තියෙනවා. මේවා අපේ ප්‍රශ්න. රටේ ප්‍රශ්න. හැබැයි මෙවැනි ප්‍රශ්නයේදී ලෝකය කැලඹෙමින් තියෙන වෙලාවක අපි සත්‍ය කියන්න කියලා මම ඉල්ලා සිටිනවා. 

අසත්‍ය චෝදනා කිරීමෙන් මොනවාද කරන්නේ, ශ්‍රී ලංකා ආණ්ඩුව මඟහැරීම නිසා තමයි පළමු නෞකාව බිලි වු‌ණේ කියලා මතයක් හදනවා. ඒක සහසිකයි. ඒක අමානුෂිකයි. ඒක ජාත්‍යන්තර වශයෙන් ගත්තොත්, අන්ත ප්‍රතිගාමී ක්‍රියාවක්. හොඳට මතක තියාගන්න. 

මට කියන ඒවා, අපේ අගමැතිතුමියට කියන ඒවා අපි පිළිගන්නේවත් නැහැ හොඳේ. මේ ප්‍රශ්නයේදී තමන් වහන්සේලා මීට වඩා වගකීමෙන් කටයුතු කරයි කියලා මම බලාපොරොත්තු වෙනවා. මේක තමයි සත්‍යය. 

එක්සත් ජනපදයේ ගුවන්යානා දෙක අපෙන් ඉල්ලා සිටියේ 04 සහ 08 යන දෙදින තුළ මත්තල රඳවා තබන්න. ඔවුන් සතුව නෞකා නාශක මිසයිල 8ක් එම ගුවන් යානාවල පියාපත්වල එල්ලා ඇති බව සඳහන් කර තිබුණා. අපේ එක්සත් ජනපදය සමඟ ආරක්ෂක ගිවිසුමට එළැඹිලා තිබෙන නිසා අපිට මේ යුද්ධයේ පාර්ශ්වකරුවෝවීම වළක්වන්න බැහැ කියලා. ඒක අසත්‍යයි. 

අපි ඇවිත් තියෙන එකඟතාවල කිසිසේත්ම මෙවැනි යුද්ධයකදීම හවුල්කාරයෙක්වීම පිළිබඳව කිසිදු සඳහනක් නැහැ. අපි අතර යම් සම්මුතීන් තිබෙනවා. යම් අවබෝධතාවයන් අත්සන් කරලා තියෙනවා. ගුවන්තොටුපළ ආශ්‍රීත ක්‍රියාකාරකම් සේවා, නඩත්තු හා සම්බන්ධ පුහුණු වැඩසටහන්. සමුද්‍රීය බලප්‍රදේශවල දැනුවත්භාවය. මේවා තමයි සහයෝගීතා ගිවිසුමේ තියෙන කරුණු. සයිබර් ආරක්ෂාව සහ සුරක්ෂිත සන්නිවේදනය තර්ජනයට ලක්වෙලා තියෙනවා. ඒ සඳහා විශාල පහසුකම් සහ විශාල පුහුණුවීම් එක්සත් ජනපදය විසින් අපට ලබා දෙනවා. මානුෂීය ආධාර සහ ආපදා හදිසි ප්‍රතිචාර. ඒ අනුව තමයි C-113 ගුවන් යානා දෙකක් දිට්වාවලදී ආවේ. යුද්ධයකදී අපි කවර පාර්ශ්වය ද ගන්නේ කියන එක අවබෝධතා ගිවිසුම්වල නැහැ. " 

සම්බන්ධිත පුවත් | Related News

නිකවැරටිය ප්‍රදේශයේදී පැවති ජනාධිපතිවරයාගේ ජනතා රැලිය ප්‍රදේශයේ මහා සංඝරත්නය විසින් වර්ජනය කර ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ තොරතුරු සංසරණය වෙමින් පවතී.
අනුරාධපුර පූජා නගරය ගොඩනැගීම සඳහා විශාල ආධාර මුදලක් ඉදිරියේදී ඉන්දියානු රජයෙන් ලැබීමට නියමිත බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.
කැරපොතු පක්ෂය හෙවත් ඉන්දියාවේ කොක්‍රෝච් ජනතා පක්ෂයේ නායක අභිජීත් දිප්කේ ඇතුළු නායකයින් තුන්දෙනෙකු නිදහස් කිරීමට අධිකරණය නියෝග කර තිබේ.
හැම පළාතකම අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවක් පිහිටුවීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.
සිරගත වන භික්ෂූන් වහන්සේලා සම්බන්ධයෙන් අදාළ නිකායේ හෝ පාර්ශ්වයේ නිර්දේශය මත චීවරය සහිතව බැහැරට ගෙනයාමට කටයුතු සැලැස්වීම සඳහා නව රෙගුලාසි සහ නිත්‍ය නියෝග සකස් කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
නෝර්වුඩ් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවකයන් පිරිසක් විසින් 'අස්වැසුම' සුභසාධක ප්‍රතිලාභ මුදල් වංචනික ලෙස තමන්ගේ සහ ඥාතීන්ගේ නමින් ලබාගෙන ඇති බවට අනාවරණය වී තිබේ.
පෞද්ගලික ඉන්ධන සමාගම් ඉන්ධන සැපයුම සීමා කරමින් පාරිභෝගික ජනතාව අපහසුතාවට පත් කිරීමට කටයුතු කරන්නේ නම්, ඔවුන්ට එරෙහිව නීත්‍යානුකූල පියවර ගැනීමට පසුබට නොවන බව බලශක්ති අමාත්‍ය අනුර කරැණාතිලක මහතා අවධාරණය කරයි.
බන්ධනාගාරගත කර සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ගලවා ඉවත් කර ගිහි ඇඳුමෙන් අධිකරණයට ඉදිරිපත් කිරීමේ සිද්ධියට විරෝධය පාමින් කැකිරාව නගරයේදී මහ සංඝරත්නය එක්ව විරෝධතා පාගමනක නිරත වී තිබේ.
මාලිමාවට රැවටී තමන් වහන්සේද මාලිමාවට ඡන්දය දුන් බවත්, රට හදනවා කියා, උගන්ඩාවේ සල්ලි ගේනවා කියා, දූෂණ වංචා නොකරනවා කියා, ජනතාවට නැති කිසිවක් අපිට එපා කියා, ජනතාව අන්දවා ඡන්දය ගත් හැටි අද හොඳින් අවබෝධවී ඇති බවත් මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමියෝ පවසති.

ප්‍රධාන පුවත්

අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි

අනුරාධපුර පූජා නගරය ගොඩනැගීම සඳහා විශාල ආධාර මුදලක් ඉදිරියේදී ඉන්දියානු රජයෙන් ලැබීමට නියමිත බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.

මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..

මාලිමාවට රැවටී තමන් වහන්සේද මාලිමාවට ඡන්දය දුන් බවත්, රට හදනවා කියා, උගන්ඩාවේ සල්ලි ගේනවා කියා, දූෂණ වංචා නොකරනවා කියා, ජනතාවට නැති කිසිවක් අපිට එපා කියා, ජනතාව අන්දවා ඡන්දය ගත් හැටි අද හොඳින් අවබෝධවී ඇති බවත් මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමියෝ පවසති.

රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි

ඇමරිකාව සහ ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ මතු වී ඇති දැඩි ඉන්ධන හිඟයට විසඳුමක් ලෙස, රුසියාව සහ එක්සත් ජනපදය අතර සුවිශේෂී සහ ඓතිහාසික බලශක්ති ගිවිසුමකට එළඹ තිබේ.

2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..

කොළඹ රිච්වේ ආර්යා ළමා රෝහලට දානපතියන්ගේ පරිත්‍යාග ඉල්ලා සිටින ලේඛන රෝහලේ වෙබ් අඩවියේ පසුගිය ඔක්තෝබර් මස 5 දා දක්වා ප්‍රදර්ශනය කර තිබූ බවත්, මේ පිළිබඳව ජනමාධ්‍යයට පැවසූ පසු එම වෙබ්අඩවිය අවහිර කර සෞඛ්‍ය අමාත්‍යවරයාත් අදාළ රෝහලේ අධ්‍යක්ෂකවරයාත් මෙම වෙබ් අඩවියේ ඇත්තේ 2022 වසරට අයත් තොරතුරු බවට පවසන බවත්, එහෙත් 2026 ඔක්තෝම්බර් 5 දක්වා තොරතුරු මෙහි අන්තර්ගතව තිබූ බව සාක්ෂි සහිතව අල්ලස් කොමිසමට පැමිණිල්ලක් කළ බවත් වෛද්‍ය චමල් සංජීව මහතා පවසයි.

ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබාදීමේ තීරණය ගනු ලැබුවේ මහා සංඝරත්නය, අමාත්‍යවරුන් සහ එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ පැවති පුළුල් සාකච්ඡාවලින් අනතුරුව බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.

මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..

පූජ්‍ය ගලබඩඅත්තේ ඥානසාර හිමියන් අධිකරණ කටයුතු සඳහා ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේගේ සිවුර ඉවත් කර වෙනත් ඇඳුමකින් සැරසවීම බන්ධනාගාර නීති හා ස්ථාවර නියෝගවලට සම්පූර්ණයෙන්ම පටහැනි බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප්‍රකාශ කරයි.

බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පවසන්නේ, බලවත් ජාතීන්ගේ අවශ්‍යතා මත වර්තමානයේ ලෝකය සහ කලාපය ගමන් කරන මාවත ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් කෙළවර වීමට ඉඩ ඇති බවයි.

ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..

සිරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සහ භික්ෂු ශාසනික අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම අරමුණු කරගනිමින් මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් "සිවුරට යුක්තිය - ජාතික අධිෂ්ඨාන පූජාව" සහ "නිදහසේ පාද යාත්‍රාව" අද (10) උදෑසන මහනුවර ශ්‍රී දළදා මාලිඟාව අබියසින් ආරම්භ විය.

බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..

​නවනීදන් පිල්ලේ (Navi Pillay) මහත්මියට නොබෙල් සාම ත්‍යාගය පිරිනැමීම සහ ඊට පසුව ඇමරිකා එක්සත් ජනපදය විසින් ජාත්‍යන්තර අපරාධ අධිකරණයට (ICC) එරෙහිව සම්බාධක පැනවීම, ජාත්‍යන්තර මානව හිමිකම් පද්ධතියේ පවතින ද්විත්ව ප්‍රමිතීන් (Double Standards) සහ බලදේශපාලනයේ හැඩගැස්ම විදහාපාන වැදගත් සංසිද්ධියකි.

බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?

බ්‍රසීල ව්‍යවස්ථාදායක සභාවේ දක්ෂිණාංශික සෙනෙට් සභිකයකු වන ෆ්ලාවියෝ බොල්සොනාරෝ, සිරගත කර සිටින හිටපු බ්‍රසීල ජනාධිපති ජයිර් බොල්සොනාරෝගේ පුත්‍රයා වන අතර, ඔහු බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් ජයග්‍රහණය කිරීමට සමත්ව තිබේ.

ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..

ඊශ්‍රායලය තුළ දැඩි අභ්‍යන්තර අර්බුදයක් නිර්මාණය වෙමින් පවතින අතර, එය සිවිල් යුද්ධයක් දක්වා වර්ධනය වීමේ දැඩි අවදානමක් මතුව ඇති බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..

බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක වන බවත්, අනුරාධපුරය පූජාභූමියටද වෙනත් ආගමික ස්ථාන ඇතුළත් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර, උන්වහන්සේ අයත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රිධර්ම මහා සංඝ සභාව සමග සාකච්ඡාවක් සඳහා එක්වන්නැයි එම සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි ජනාධිපතිවරයාට ලිපියක් මගින් ඊයේ (09) දැනුම්දී තිබේ.

සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි

සියලු සාමණේර හිමිවරුන් අනාගතයේදී ගලගොඩඅත්තේ හිමියන් කෙනෙක් පත්විය යුතු බව ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රකාශ කරති.

"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.