දෙවන ඇමරිකානු F-35 ප්‍රහාරක ගුවන් යානය විනාශය පිළිබඳ වාර්තා තවමත් තහවුරු කර නැහැ-තස්නිම් පුවත් සේවය පවසයි
ඉරානයට ඉහළින් පියාසර කරමින් තිබූ දෙවන F-35 ප්‍රහාරක ජෙට් යානය විනාශ කිරීම පිළිබඳව පලවන මෑත කාලීන මාධ්‍ය වාර්තා මෙතෙක් තහවුරු කර නොමැති බව ඉරාන බලධාරින් පවසා ඇතැයි ඉරාන තස්නිම් ප්‍රවෘත්ති ඒජන්සිය පවසයි.
තස්නිම් ප්‍රවෘත්ති ඒජන්සියට අදහස් දැක්වූ ඉරානයේ වගකිව යුතු නිලධාරියෙකු පවසා සිටියේ, “දෙවන ඇමරිකානු F-35 ප්‍රහාරක ගුවන් යානය විනාශ වීම පිළිබඳව සංසරණය වන මාධ්‍ය වාර්තාව මෙතෙක් තහවුරු කිරිමට තමන්ට නොහැකි බවයි.”
“පළමු F-35 ප්‍රහාරක ගුවන් යානය තවදුරටත් ඉලක්ක කිරීම යටපත් කිරීම සඳහා මෙම ව්‍යාජ පුවත ඇමරිකානුවන් සහ ඊශ්‍රායල මුලාශ්‍ර විසින්ම පතුරුවා හැරීමට ඉඩ තිබෙනව.” ලෙස ප්‍රවෘත්ති මූලාශ්‍රය තවදුරටත් පැවසූ බව තස්නිම් ප්‍රවෘත්ති ඒජන්සිය පවසයි.
දෙවන F-35 ප්‍රහාරක ගුවන් යානය විනාශය තහවුරු වුවහොත් අදාළ ඉරාන නිලධාරීන් එය නිවේදනය කරනු ඇති බවද තස්නිම් ප්‍රවෘත්ති ඒජන්සිය පවසයි.
ඇමරිකානු F-35 ප්‍රහාරක ගුවන් යානය විනාශය ලෝකයේ එක්සත් ජනපද හමුදා තාක්ෂණිකව උසස් යැයි පතුරුවන මිත්‍යාව ප්‍රායෝගිකව විනාශ කළ බවත්, මේ හේතුව නිසා, තහවුරු නොකළ කටකතා පතුරුවා හැරීම සහ ඒවා ප්‍රතික්ෂේප කිරීම වැනි උත්සාහයන් එක්තරා ආකාරයක ව්‍යාජත්වය පතුරුවන මාධ්‍ය ව්‍යාපාරයක් විය හැකි බවත් ඉහත සඳහන් කළ නිළධාරියා පැවසූ බව තස්මින් ප්‍රවෘත්ති ඒජන්සිය පවසයි.
මීට පෙර, නිකුත් කළ නිවේදනයක් මගින් ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය (IRGC) පවසා සිටියේ මධ්‍යම ඉරානයේ ගුවන් කලාපයේදී ඇමරිකානු ගුවන් හමුදාවේ F-35 ප්‍රහාරක ගුවන් යානයට රහසිගත ප්‍රහාරක ජෙට් යානයක් මගින් සාර්ථකව පහර දුන් බවයි.
ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය විසින් ඊයේ(19) සිය නිල ප්‍රවෘත්ති වෙබ් අඩවියේ පළ කළ නිවේදනයකට අනුව, F-35 ප්‍රහාරක ගුවන් යානයට ඉරාන වේලාවෙන් අලුයම 2:50 ට ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායේ දියුණු, නවීන ගුවන් ආරක්ෂක පද්ධති මගින් පහර එල්ල කරන ලද බවයි.
"ප්‍රහාරක ජෙට් යානයේ ඉරණම අපැහැදිලි වන අතර විමර්ශනය කරමින් පවතින අතර, එය කඩා වැටීමේ සම්භාවිතාව ඉතා ඉහළ යි." නිවේදනය පැවසීය.
ඉරානයේ ගුවන් ආරක්ෂක පද්ධති මගින් එක්සත් ජනපද-ඊශ්‍රායල ඩ්‍රෝන යානා 125 කට වැඩි ප්‍රමාණයක් සාර්ථකව බිම හෙළීමෙන් පසුව මෙම ප්‍රහාරය එල්ල කළ බව ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය සඳහන් කළ අතර, එය රටේ ඒකාබද්ධ ගුවන් ආරක්ෂක ජාලයේ සැලකිය යුතු හා අරමුණු සහිත වැඩිදියුණු කිරීම් පෙන්නුම් කරයි.
සිද්ධිය පිළිබඳ වැඩිදුර තොරතුරු තවමත් විමර්ශනය වෙමින් පවතී.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා