News Category
From Date
To Date
Maximum Number of Result

උග්‍රවන විරෝධතා සහ හමුදා කැරැල්ලක් මධ්‍යයේ මැඩගස්කරයේ ජනාධිපති ඇන්ඩ්‍රි රාජොයිලිනා ප්‍රංශ හමුදා ගුවන් යානයකින් රටින් පිටතට ගෙන ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අපරාධ කල්ලි සාමාජික ලලිත් කන්නන්ගර නොහොත් "බස් ලලිත්" ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

අල්ලස් කොමිසම මඟින් දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත් කර සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ඇප මත මුදාහරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.

රක්ෂිත බන්ධනාගාරගතව සිටි හිටපු නාවික හමුදාපති අද්මිරාල් (විශ්‍රාමික) නිශාන්ත උළුගේතැන්න මහතා ඇප මත නිදහස් කිරීමට අධිකරණය නියෝග කර තිබේ.

අද (14) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි 2025 වසරේ තෙවන අර්ධය සඳහා විදුලි බිල සංශෝධනය නොකිරීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම ඒකමතික තීරණයක් ගෙන තිබේ.

කතරගම මැණික් ගඟ අසබඩ අන් අයෙකු විසින් ඉදිකර ඇති ගොඩනැගිල්ලක් තමාට අයත් බවට ඇතැම් මාධ්‍ය විසින් වරදවා පළ කර ඇතැයි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ලංකා රාජ්‍ය මේඝය (Lanka Government Cloud - LGC) සේවාවේ ඇති වූ අක්‍රියතාවයක් හේතුවෙන්, රාජ්‍ය ආයතන කිහිපයක් මඟින් පවත්වාගෙන යනු ලබන මාර්ගගත සේවාවන් වලට තාවකාලිකව බලපෑම් එල්ල වී ඇත.

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන සංජීව කුමාර සමරරත්න හෙවත් ගණේමුල්ල සංජීව අලුත්කඩේ උසාවි සංකීර්ණය තුළදී ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකාරිය වන රටින් පළා ගොස් සිටි ඉෂාරා සෙව්වන්දි නමැත්තිය නේපාලයේදී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

විදුලි ගාස්තු සංශෝධනයට අදාළව කොමිසමේ අවසන් තීරණය අද (14) උදෑසන ප්‍රකාශය කිරීමට නියමිත බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.


ප්‍රධාන පුවත්

රටේ ආර්ථික අර්බුදයේ ඇත්තම කතාව වෛද්‍ය වසන්ත බණ්ඩාර හෙළිකරයි..

විපක්ෂය ද ලණු දී ආණ්ඩුවට යන ගමන යන්නට ඉඩදී බලා සිටින බවත්, සියල්ල අවුල් කරගන්නා තැනට පත්වන තෙක් ඔවුන්ද බලාසිටින බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

එක් නඩුවකින් සරණ ගුණවර්ධනට බරපතල වැඩ සහිත වසර 04 ක සිර දඬුවම්..

අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කර තිබූ දූෂණ චෝදනා වලට වරදකරු කළ සරණ ගුණවර්ධනට එක් නඩුවකින් බරපතල වැඩ සහිත වසර 04 ක සිර දඬුවමක් කොළඹ මහාධිකරණය විසින් නියම කළේය.

සුරේෂ් සලේ වෙනුවෙන් පවත්වන සත්‍යග්‍රහයට දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයත් එක්වෙයි..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාට අමානුෂික සහ කෘෘර අයුරින් සැලකීමට විරෝධය පළකරමින් විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක් ආරම්භ කර ඇති සත්‍යග්‍රහය තවදුරටත් කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට දී පැවැත්වේ.

සලේගේ විමර්ශනවලට අදාළව මානව හිමිකම් කොමිසමෙන් CIDයට කැඳවීමක්..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව කරුණු දැක්වීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට මෙම සතිය තුළ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිශන් සභාව වෙත පැමිණෙන ලෙස දැනුම් දී තිබේ.

පාස්කු ප්‍රහාරයේ නියම සත්‍ය කියන්නේ මාලිමාවට අවශ්‍ය සත්‍ය නෙවෙයි.. සහරාන් වරෙන්තු වී සිටියදී මඩකලපුව අධිකරණයට හංගගෙන ආපු නීතිඥයා ගැනත් හෙළිකරන්න.. - සිරිල් ගාමිණී පියතුමාට පොහොට්ටුවෙන් ප්‍රතිචාර

පාස්කු වින්දිතයන්ට පාස්කු ප්‍රහාරයේ සත්‍ය දැනගැනීමට අයිතියක් ඇති බවට සිරිල් ගාමිණී පියතුමා පැවසූ බවත්, එය පිළිගන්නා නමුත් එම සත්‍ය වන්නේ මාලිමා රජයට අවශ්‍ය සත්‍ය හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකට අවශ්‍ය සත්‍ය නොව ඇත්තම සත්‍ය බවත් නීතිඥ මනෝජ් ගමගේ මහතා පවසයි.

සුරේෂ් සලේගේ ආරක්ෂාව වෙනුවෙන් දියත් කර ඇති සත්‍යග්‍රහයට උපරිමයෙන් දායක වන්න.. - ජාතික සංවිධාන එකමුතුවෙන් ඉල්ලීමක්

හිටපු බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ මහතා පෞද්ගලිකව ඉලක්ක කර ගනිමින් ව්‍යාජ චෝදනා එල්ල කිරීම පිටුපස ආරක්ෂක හමුදා බිය වද්දා බෙදුම්වාදී අරමුණු ඉටුකර ගැනීමට අධිරාජ්‍යවාදී බලවේග දියත් කරන කුමන්ත්‍රණකාරී මෙහෙයුමක් පවතින බව ජාතික සංවිධාන එකමුතුව පවසයි.

ආගමික නායකයින් පාස්කු ප්‍රහාරය හරහා දේශපාලනය කරනවා.. - සුරේෂ් සලේගේ මව සත්‍යග්‍රහයට එක්වෙමින් කියයි

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධ පරීක්ෂණ සඳහා රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන සිටින හිටපු බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පිටකොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට පැවැත්වෙන සත්‍යග්‍රහයට අද (08) ඔහුගේ මව සහභාගී විය.

ගින්දරත් එක්ක සෙල්ලම් නොකරනු! පිලිපීන දේශපාලනඥයන් කිහිප දෙනෙකුට අනතුරු ඇඟවීමක්! ග්ලෝබල් ටයිම්ස් කතුවැකිය"

පසුගියදා පිලිපීනයේ චීන තානාපති කාර්යාලය නැවත වරක් අනතුරු ඇඟවීමක් නිකුත් කරමින් සඳහන් කළේ, පිලිපීන හමුදා සහ නීතිය බලාත්මක කිරීමේ ආයතන විසින් පිලිපීනයේ වෙසෙන චීන පුරවැසියන් සහ ව්‍යවසායන් ඉලක්ක කරගනිමින් සිදු කරන පරීක්ෂා කිරීම්, හිරිහැර කිරීම් සහ තෝරා බේරා නීතිය බලාත්මක කිරීම් වැඩි වැඩියෙන් සිදුවන බවයි.

සලේ වෙනුවෙන් අඛණ්ඩ සත්‍යග්‍රහය ආරම්භ වෙයි..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාට අමානුෂික සහ කෘෘර අයුරින් සැලකීමට විරෝධය පළකරමින් විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක් සංවිධානය කළ සත්‍යග්‍රහය අද (08) කොළඹ කොටුව දුම්රිය පොළ පරිශ්‍රයේදී ආරම්භ විය.

සුරේෂ් සලේගේ බිරිඳගෙන් CID අධ්‍යක්ෂ ශානිට ලිපියක්..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර වෙත ලිපියක් යොමු කර තිබේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.