

යුක්‍රේන පරාජය මුළු යුරෝපයේම ජයග්‍රහණය නියෝජනය කරන බව ප්‍රංශ මානව විද්‍යාඥ එම්මානුවෙල් ටොඩ් ඉතාලි පුවත් ආයතනයක් වන Cඔර්‍රීරෙ ඩි ඹොලොග්න සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ප්‍රකාශ කර තිබේ. තමන් මොස්කව් පරිපාලනයේ පැහැදිළි ආධාරකරුවෙකු නොවන බව අවධාරණය කර ඇති ටොඩ්ට අනුව, යුක්රේන ගැටුමේදී රුසියාව පරාජයට පත් වුවහොත්, මෙය "ඇමරිකානුවන්ට යුරෝපීය යටත්වීම ශතවර්ෂයක් දක්වා දිගු කිරීමට" ඉඩ සලසයි.

චීනයේ නිෂ්පාදිත විද්‍යුත් වාහන (EV) සඳහා යුරෝපා සංගමය (EU) දණ්ඩනීය තීරුබදු පැනවීම අත්වැරැද්දක් වන අතර එය යහපතට වඩා හානියක් කරනු ඇතැයි බ්‍රසල්ස් කේන්ද්‍රීයව කටයුතු කරන ආර්ථික චින්තකයෙකු වන බෲගල් ඊයේ(09) ප්‍රකාශ කළේය. යුරෝපීය කොමිසම පසුගිය 04 වනදා නිවේදනය කළේ, චීන විද්‍යුත් වාහන සඳහා දණ්ඩනීය තීරුබදු පැනවීම සඳහා විමසූ ඡන්දයෙන් එම දණ්ඩනීය තීරුබදු සම්මත කිරීම යුරෝපා සංගමයේ රටවල් කිහිපයක සහ මෝටර් රථ කර්මාන්තකරුවන්ගේ විවේචන අවුලුවාලීමට හේතු විය. මෙම පියවර යුරෝපා සංගමයේ විද්‍යුත් වාහන නිෂ්පාදනයේ තරඟකාරීත්වයට එරෙහිව බූමරංගයක් විය හැකි බවට අනතුරු බෲගල් අඟවයි.

රුසියානු භූමියේ ඇතුලාන්තය ඉලක්ක කර මිසයිල් ප්‍රහාර එල්ල කිරීමට බටහිරින් සැපයෙන දිගු දුර මිසයිල භාවිතා කිරීමට යුක්රේනයට අවසර ලැබුණහොත් මොස්කව් ජනාධිපති ව්ලැඩිමීර් පුටින් විසින් මේ වන විට ගෙනහැර දක්වන ලද “අනපේක්ෂිත සැලැස්ම” ක්‍රියාත්මක කරනු ඇතැයි විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් අනතුරු ඇඟවූ බව රුසියානු මාධ්‍ය පවසයි. මේ සම්බන්ධයෙන් මීට පෙර අදහස් දැක්වූ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් පවසා සිටියේ එවැනි ඕනෑම ප්‍රහාරයක් ආයුධ ලබා දුන් රටවල සෘජු ප්‍රහාරයක් ලෙස මොස්කව් පරිපාලනය සලකන බවයි.

මෙක්සිකෝ සිටි (ස්පුට්නික්) - කියුබානු රජය BRICS සමූහයේ හවුල් රටක් ලෙස සම්බන්ධ කරගන්නා ලෙස රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් වෙත ලිපියක් යවමින් නිල ඉල්ලීමක් කර ඇතැයි වාරතා වේ. මොස්කව් දැනට සංගමයේ සභාපතිත්වය දරන බැවින් ඔවුන් මගින් මෙම ඉල්ලීම කළ බව කියුබානු විදේශ අමාත්‍යාංශයේ ද්විපාර්ශ්වික කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් කාලෝස් පෙරේරා පවසයි.

තාක්‍ෂණය, ආරක්‍ෂක උපකරණ නිෂ්පාදනය සහ යටිතල පහසුකම් අතින් චීනය ඉන්දියාව අභිබවා යන බව පසුගිය 01 දා එනම් ඉන්දීය ගුවන් හමුදා දිනය සැමරුමට පෙර ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානියා ප්‍රකාශ කළේය. එයට ප්‍රතිචාර වශයෙන් අදහස් දක්වමින් ඉන්දියාව සිය හමුදා සංවර්ධනය කටයුතු වලදී චීනය ප්‍රතිවාදියෙකු ලෙස නොසැලකිය යුතු බව චීන විශේෂඥයෝ ඊයේ(07) ප්‍රකාශ කළහ.
ප්‍රධාන පුවත්
දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..
ජවිපෙ අත්හැරපු ඉන්දියන් විරෝධී සටන විජේවීරගේ පුතා අතට ගනී.. (වීඩියෝ)
අනුර - මෝදි ගිවිසුම්වලින් රටේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකියි - වෛද්‍ය අනුලා විජේසුන්දර (වීඩියෝ)
අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට සහ ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනියි... ජනාධිපති ලේකම් වගකීම් පැහැරහැරියා - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් චෝදනා (වීඩියෝ)
අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට මහජන පෙත්සම භාර දුන් අවස්ථාව (වීඩියෝ)
ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් අත්සන් කර ඇත්තේ රටේ ස්වාධීනත්වයට, නීතියට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ලෙසයි - නීතිඥ මධුමාලි අල්විස් (වීඩියෝ)
ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධීයි.. ඒ ගිවිසුම්වලින් රටේ ස්වෛරීත්වය පාවා දීලා - ආචාර්ය ගුණදාස අමරසේකර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක ගැසූ හොර ගිවිසුම් ගැන කරුණු කියන්න ජනපති ලේකම් කාර්යාලයට ගිය ජාතික සංවිධාන නියෝජිතයන්ට කුඩම්මාගේ සැලකිලි..
අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදෙයි..
ඉන්දියාව අසල්වාසී රාජ්‍යයක් මිස ලොකු අයියා නොවෙයි.. ඉන්දියාවේ උපකාර පිටුපස සැඟවුණු යටි අරමුණු වටහාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි (වීඩියෝ)
