යුක්‍රේනය වෙනුවෙන් සියයට සියයක් පෙනී සිටිනවා.. - රුසියාවේ අනතුරු ඇඟවීමට බ්‍රිතාන්‍යයෙන් ප්‍රතිචාර
රුසියාවෙන් එල්ල වන කිසිදු බලපෑමකට පසුබට නොවී යුක්‍රේනයට ලබා දෙන සහයෝගය නොකඩවා 100% ක්ම ලබා දෙන බව බ්‍රිතාන්‍යය අවධාරණය කරයි.
රුසියානු භූමියට එල්ල වූ මෑතකාලීන ප්‍රහාර සඳහා බ්‍රිතාන්‍ය නිෂ්පාදිත ඩ්‍රෝන යානා භාවිත කර ඇති බවට චෝදනා කරමින් මොස්කව් පාලනය බ්‍රිතාන්‍යයට දැඩි ලෙස අනතුරු අඟවා තිබේ.
එයට පිළිතුරු දෙමින් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ඇන්ඩි බර්න්හැම් සඳහන් කළේ තමන් වාසිදායක වේලාවට පමණක් ළඟ රැඳෙන මිතුරන් නොවන බවත්, යුක්‍රේනයට වඩාත්ම සහාය අවශ්‍ය මොහොතේ එම ස්ථාවරයේ කිසිදු වෙනසක් සිදු නොවන බවත්ය.
මීට පෙර බ්‍රිතාන්‍යයේ පිහිටි රුසියානු තානාපති කාර්යාලය ප්‍රකාශ කළේ එක්සත් රාජධානිය යුක්‍රේන අර්බුදය තවදුරටත් උග්‍ර කිරීමට කටයුතු කරන බවයි. එමෙන්ම මෙම ගැටුමට බ්‍රිතාන්‍යය වැඩි වැඩියෙන් මැදිහත් වන තරමටම ඔවුන්ට ගෙවීමට සිදුවන වන්දිය ද ඉහළ යනු ඇති බවට ද රුසියාව අනතුරු අඟවා ඇත.
පසුගිය දිනවල යුක්‍රේනය විසින් මොස්කව් අගනුවර ඇතුළු රුසියානු ප්‍රදේශ කිහිපයකට දීර්ඝ පරාසයක ප්‍රහාර එල්ල කළ අතර, එහිදී තෙල් පිරිපහදු මෙන්ම රුසියාවේ ප්‍රමුඛතම අන්තර්ජාල විකුණුම් සමාගමක් වන 'වයිල්ඩ්බෙරීස්' හි ගබඩා සංකීර්ණ ද හානියට පත් විය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..
ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්
උතුරු-නැගෙනහිර බෙදුම්වාදී ක්‍රියා වහා පාලනය කිරීමට මැදිහත්වන්න.. - ජාතික නිදහස් පෙරමුණෙන් ජනපති අනුරට ලිපියක්
වහබ්වාදී ආගමික අන්තවාදය ශ්‍රී ලංකා භූමියෙන් මුලිනුපුටා දැමීම සඳහා වූ ගෝඨාභය රාජපක්ෂ යෝජනාවලිය යනු කුමක් ද?