ඉරාන–චීන සබඳතා ගොඩ නැගී ඇත්තේ අන්‍යෝන්‍ය ගෞරවය මතයි- ඉරාන නියෝජ්‍ය විදේශ අමාත්‍ය සහ නීති හා ජාත්‍යන්තර කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය කසෙම් ඝරිබාබාදි
ඉරාන නියෝජ්‍ය විදේශ අමාත්‍ය සහ නීති හා ජාත්‍යන්තර කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය කසෙම් ඝරිබාබාදි පවසන්නේ, බීජිං සමඟ ටෙහෙරානයේ සබඳතා අන්‍යෝන්‍ය ගෞරවය, ඒකපාර්ශ්විකත්වයට විරෝධය සහ පොදු අවශ්‍යතා සාක්ෂාත් කර ගැනීම මත පදනම් වී ඇති බවයි.
චීනයේ බීජිං නුවරදී පසුගිය 17 වනදා චීන නියෝජ්‍ය විදේශ අමාත්‍ය මියාඕ ඩෙයූ සමඟ පැවති හමුවකදී ජ්‍යෙෂ්ඨ ඉරාන රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීවරයා මේ බව පවසා සිටියේය .
ඉරානය සහ චීනය ඉතිහාසයේ තීරණාත්මක අවස්ථාවන්හිදී එකිනෙකාට සහාය ලබා දී ඇති බවත්, දෙරට අතර ඇති සර්ව සම්පූර්ණ උපායමාර්ගික හවුල්කාරීත්වයේ රාමුව තුළ අන්‍යෝන්‍ය සබඳතා සම්බන්ධයෙන් මෙන්ම ජාත්‍යන්තර සංසද තුළද අඛණ්ඩව සක්‍රීය සම්බන්ධීකරණය සහ සහයෝගීතාව පවත්වාගෙන යන බවත් ඝරිබාබාදි පෙන්වා දුන්නේය.
දින 12ක සහ දින 40ක පනවන ලද යුද්ධ අතරතුර, ඉස්ලාමීය විප්ලවයේ නායක අයතුල්ලා සෙයියද් අලි කාමේනි ඝාතනය කිරීම ඇතුළු ඇමරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය විසින් සිදු කර ඇති බිහිසුණු අපරාධ සම්බන්ධයෙන්ද ඔහු අවධාරණය කළේය.
“ඉරානය යුදකාමී රටක් නොවුවද, ඉතාමත් දියුණු හමුදා උපකරණවලින් සන්නද්ධ ආක්‍රමණශීලී සහ කැරලිකාර පාලන තන්ත්ර දෙකකට එරෙහිව මුහුණ දීමේදී, ආදර්ශවත් ප්‍රතිරෝධයක් හරහා ඔවුන්ට දැඩි ප්‍රහාර එල්ල කිරීමටත්, කැපී පෙනෙන ජයග්‍රහණ අත්කර ගැනීමටත් හැකි තරම් ජාතික, ආයතනික සහ සමාජීය ශක්තියක් තමන් සතු බව ඉරානය ඔප්පු කර තිබෙනවා.” යනුවෙන් ඝරිබාබාදි වැඩිදුරටත් පැවසීය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මේක තමයි මේ රටේ ලොකුම හමුදා පාවාදීම.. UN ප්‍රශ්න 27 ට රජය නිහඬයි.. - සරත් වීරසේකර
හිඟුරක්ගොඩ සමුපකාර ඉන්ධනහලේ ඩීසල් ටැංකියට පෙට්‍රල් බාලා..: මාලිමා මන්ත්‍රීගේ කළමනාකාරීත්වය නිසා සිදුවූ ලොකු පාඩුවක් ගැන හෙළිදරව්වක්..
හඳුනා නොගත් පියාඹන වස්තූන්වල රහස් ලිපිගොනු 40ක් අමෙරිකාව ප්‍රසිද්ධ කරයි.. - UFO අබිරහස් වීඩියෝ දර්ශන තුනකුත් එළියට..
අතීත උරුමයන් හා ජාතික විරුවන් නොසලකා හැරීමෙන් ජාතියක් ලෙස පැවතිය නොහැකියි.. - අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමි
මාතලේ ඓතිහාසික පුදබිම රැකගැනිම වෙනුවෙන් පූජ්‍ය ගලගම කුසලධම්ම හිමි නඩු මගට..
ත්‍රෛනිකායික මහා සංඝරත්නය ඇතුළු 5,000කගේ සහභාගීත්වයෙන් ජගත් බොදු සමුළුව අද ඇරඹේ..
ඉරාන හෝමූස් තරණය සාර්ථක වෙයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
යාපනයේ 'මාතර ඇඹුල' කඩයේ කොටසක් කඩා දමයි..
නොවැම්බර් 30 වැනිදා දීපව්‍යාප්ත වැඩ වර්ජනයට වෘත්තීය සමිති රැසක් එක්වෙයි.. වර්ජනයට සහාය දෙන බව බව GMOA කියයි..
ඇමරිකානු මැතිවරණ සහ මාධ්‍ය වාර්තාකරණය පාලනය කිරීමට USAID මැදිහත් වූ බවට චෝදනා.. - රහස්‍ය ලේඛන මඟින් තොරතුරු රැසක් හෙළිවේ..
ලාල් කාන්ත පල් මෝඩයෙක් සේ අධිරාජ්‍යවාදීන්ගේ දීර්ඝ කාලීන වුවමනාවක් ඉටුකරනවාද?.. ගාස්තුවකට සේවය කරනවා ද? - ජාතික සංවිධාන ප්‍රශ්න කරයි
චීන – රුසියානු – ඇමරිකා සාකච්ඡා මැද ට්‍රම්ප් පරාජය පිළිගත්තාද?.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ජී. වීරසිංහගෙන් අනාවරණයක්..
යුද සමයේ ප්‍රහාර ගැන රජය ප්‍රසිද්ධියේ සමාව ගත යුතු යැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාල වාර්තාවකින් නිර්දේශ..
රුසියාවේ නීතිපතිවරයා සහ ශ්‍රී ලංකාවේ නීතිපතිවරයා අතර හමුවක්
සිවාජලිංගම්ට අවසන් ගෞරවය දක්වන්න ඇවිත් මහවිරු දිනයේ කතාවකුත් කරලා.. - සිවාජලිංගම්ගේ අවමංගල්‍යයට පැමිණි ඉන්දීය මන්ත්‍රීවරයාගේ සංචාරය ගැන ආචාර්ය සුරේන් රාගවන්ගෙන් දැඩි විවේචන
ඉන්දියාව අනුරාධපුර ව්‍යාපෘතිය පිළිබඳ සවිස්තරාත්මක යෝජනාවක් අපේක්ෂාවෙන් අරමුදල් තීරණය කිරීමට නියමිතයි..