කැරපොත්තන්ගේ ජනතා පක්ෂය ( Cockroach Janta Party-CJP) ලෙස තමන්ව හඳුන්වා ගන්න දේශපාලන කණ්ඩායම විසින් ඉන්දියාවේ නවදිල්ලි නුවරදී වෛද්‍ය විද්‍යාලවලට සිසුන් බඳවා ගන්නා විභාගයේ ප්‍රශ්න පත්‍ර පිටවූයේ යැයි පවසමින් ගෙන යන විරෝධතා ව්‍යාපාරයේ දෙවන දිනයේදී ඊට සහභාගි වූ ඉන්දීය විපක්ෂ නායක රාහුල් ගාන්ධි ඉන්දීය පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ අතර පසුව ඔහු නිදහස් කරනු ලැබීය.
ජාතික මට්ටමේ තරගකාරී විභාගවල සිදුවූ බව කියන අක්‍රමිකතා සහ ඊට එරෙහිව විරෝධතාවයේ යෙදුණු සිසුන්ට පොලිසිය පහරදීමේ සිද්ධිය මුල් කරගනිමින්, ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ මධ්‍යම අධ්‍යාපන අමාත්‍ය ධර්මේන්ද්‍ර ප්‍රධාන් වහාම ධුරවලින් ඉල්ලා අස්විය යුතු බවට බල කරමින් කොංග්‍රස් පක්ෂයේ නායකයෝ අද නව දිල්ලියේදී දැවැන්ත විරෝධතාවයක නිරත වූ බව ඉන්දියානු මාධ්‍ය වාර්තා කරයි.
ආහාර ඇණවුම් බෙදාහරින අතරතුර මඟතොටදී තමන්ට හමුවන කුඩා කොළ කැබලිවල ලියූ අපූර්ව කවි පෙළක් හේතුවෙන් 56 හැවිරිදි චීන ජාතික වං ජිබිං (Wang Jibing) චීනයේ කීර්තිමත්ම සාහිත්‍ය ඇගයීමක් වන 'ලූ ෂුන් සාහිත්‍ය සම්මානය' (Lu Xun Literary Prize) දිනා ගැනීමට සමත්ව තිබේ. ඔහු මෙම සම්මානයට පාත්‍ර වූයේ ආහාර බෙදාහරින්නන් එදිනෙදා මුහුණ දෙන දැඩි අභියෝග, දුක්ගැහැට සහ සැබෑ ජීවන අත්දැකීම් අනුසාරයෙන් රචනා කරන ලද 'Low Flight' නමැති කවි එකතුව වෙනුවෙනි.
ප්‍රධාන පුවත්
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..