News Category
From Date
To Date
Maximum Number of Result

තමන් අත්අඩංගුවට ගත්තේ නීති විරෝධීව බවත් එසේ කළ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඇතුළු වගඋත්තරකරුවන් ගෙන් රුපියල් මිලියන 100 ක වන්දියක් අයකර දෙන ලෙසත් ඉල්ලා හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෛළිය රඹුක්වැල්ල මහතා ඊයේ (29දා) ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.

පාසල් පොත් බෑගයේ බර වැඩවීම නිසා පාසල් සිසුන්ගේ කොඳු ඇට පෙළේ ආබාධ වැනි විවිධ ශාරීරික අපහසුතා ඇතිවිය හැකි බව සෞඛ්‍ය අංශ විසින් පෙන්වා දී ඇත.

ශ්‍රී ලංකාව සතිපොළක් මට්ටමටම අද පත්කර ඇති බවත්, මේ රට උරුමයක්, ඉතිහාසයක් හා අයිතියක් ඇති රටක් මිස සතිපොළක් නොවන බවත් මහාචාර්ය ලලිතසිරි ගුණරුවන් මහතා පවසයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා විසින් පළාත් සභාවලින් පොලිස් බලතල ඉවත් කිරීම සඳහා 13 වැනි සංශෝධනය නැවත සංශෝධනය කිරීම මුල්කරගෙන පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතක් ඉදිරිපත් කිරීම සහ ඊට සමගාමීව ජනාධිපතිවරයා විසින් පළාත්වලට පොලිස් බලය හැර සෙසු බලතල ලබාදිය හැකි බව සඳහන් කිරීම පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

බාල තෙල් රටට ගෙනවිත් කෝටි 3000ක වංචාවක් සිදුකර ඇති බව විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික මහතා පවසයි.

ඉන්දීය රජයේ විදුලිබල අමාත්‍යංශයේ ලේකම් පන්කජ් අග්‍රවාල් මහතා සහ ඉන්දියානු මහකොමසාරිස් සන්තෝශ් ජා මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ඉන්දීය විදුලිබල ක්ෂේත්‍රයේ නිලධාරීන් පිරිසක් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයට පැමිණ විදුලිබල හා බලශක්ති අමාත්‍යා කංචන විජේසේකර මහතා සමඟ සාකච්ඡාවකට එක් විය.

පොලිස් බලතල ලබා දීම හැර බලය බෙදීමේ තුන්වන ලැයිස්තුවේ තිබෙන බලතල පළාත් සභාව වෙත ලබාදිම සම්බන්ධයෙන් ගැටලුවක් නොමැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළේය.

1980 දශකයේ අධ්‍යාපන ඇමැතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා විසින් ක්‍රියාත්මක කිරීමට උත්සාහ කළ හා සිසු විරෝධය නිසා හකුළාගත් අධ්‍යාපන ධවල පත්‍රිකාව දැන් නැවත කරළියට පැමිණ ඇති බව වාර්තා වේ.

අධික උණුසුම් කාලගුණය තවදුරටත් ඉහළ යා හැකි බැවින් අද (28) හෙට (29) සහ අනිද්දා (29) යන දිනවල පාසල් සිසුන් එළිමහනේ රැඳවීමෙන් වළකින ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.


දේශීය පුවත්

සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි

සියලු සාමණේර හිමිවරුන් අනාගතයේදී ගලගොඩඅත්තේ හිමියන් කෙනෙක් පත්විය යුතු බව ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රකාශ කරති.

ලක්දිරිය ව්‍යවසායකත්ව අත්වැල යටතේ සබන් නිෂ්පාදන හා පාපිසි නිෂ්පාදන පුහුණු වැඩසටහන්..

ලක්දිරිය ව්‍යවසායකත්ව අත්වැල වැඩසටහන යටතේ ස්වයං රැකියා අවස්ථා ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් සබන් නිෂ්පාදනය සහ පාපිසි නිෂ්පාදනය පිළිබඳ පුහුණු වැඩසටහන් දෙකක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

ඥානසාර හිමිගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයට රිට් පෙත්සමක්..

සිර දඬුවම් නියම වී සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට බන්ධනාගාර බලධාරීන් ගෙන තිබෙන තීරණය බල රහිත කිරීමේ ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තු මහලේකම්වරිය වෙත..

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විපක්ෂය ඉදිරිපත් කරන විශ්වාසභංග යෝජනාව අද (09) පාර්ලිමේන්තු මහලේකම් කුෂාණි රෝහණධීර මහත්මිය වෙත භාර දී තිබේ.

හිටපු ජනාධිපති ගෝඨාභයගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව තමන්ව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කෙරුණු පෙත්සමක් ප්‍රතික්ෂේප කිරීමට, අභියාචනාධිකරණය දුන් නියෝගයට එරෙහිව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනා පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

බාල ගල් අඟුරු නිසා පාඩුව බිලියන 15.7යි..- බලශක්ති ඇමති

මෑතකදී ආනයනය කරන ලද ප්‍රමිතියෙන් තොර බාල ගල්අඟුරු හේතුවෙන් රටට රුපියල් බිලියන 15.765 ක මුළු මූල්‍ය අලාභයක් සිදුව ඇති බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය.

හිටපු ප්‍රධාන මහේස්ත්‍රාත් තිලිණ ගමගේ තනතුරෙන් ඉවත් කිරීමට අධිකරණ සේවා කොමිසම තීරණය කරයි..

මොරටුව හිටපු ප්‍රධාන මහේස්ත්‍රාත් සහ දිසා විනිසුරු තිලිණ ගමගේ මහතා එම තනතුරෙන් ඉවත් කිරීමට අධිකරණ සේවා කොමිෂන් සභාව තීරණය කර තිබේ.

මෙට්‍රෝ බස් රියේ ගැටුණු පෞද්ගලික බස් රථයට ධාවන තහනමක්..

අතුරුගිරිය නගරයේ 170 බස් නැවතුම්පොළ ඉදිරිපිටදී මෙට්‍රෝ වර්ගයේ බස් රථයක ගැටුණු පුද්ගලික බස් රථයට තාවකාලික ධාවන තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

හම්බන්තොට වරායේ කළුගල් මාලදිවයිනට..- අගමැතිනි..

මාගම්පුර වරාය පරිශ්‍රය ආශ්‍රිත ප්‍රදේශය පිරිසිදු කර ගැනීම සඳහා එහි ගොඩගසා තිබූ කළුගල් තොගයක් මාලදිවයින වෙත අපනයනය කිරීමට 2024 වසරේදී පෞද්ගලික සමාගමකට එක්වරක් පමණක් වලංගු වන විශේෂ බලපත්‍රයක් නිකුත් කර තිබූ බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පැවසුවාය.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.