2015 ජිනීවා මානව හිමිකම් කවුන්සිලය ගෙන ආ ශ්‍රී ලංකාවට එරෙහි 30/1 යෝජනාව අනුව යමින්, 2015 සිට මේ වන විට බෙදුම්වාදී ත්‍රස්තවාදය පැරදවීමේ යුද්ධයට අණ දුන් - නියෝග දුන් හමුදා ප්‍රධානීන් යුද අපරාධකරුවන් කිරීමේ යාන්ත්‍රණය සම්පූර්ණ කිරීමට නීතිමය රාමු හතක් එනම් පනත් හතක් සකස් කර අවසන් බවටත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 2024 ජනවාරි පළමුවැනිදා ගැසට් කරනු ලැබූ "ශ්‍රී ලංකාවේ සත්‍ය, සමගිය සහ ප්‍රතිසන්ධානය සඳහා වන කොමිෂන් සභාව' පනත් කෙටුම්පත සම්මත වුවහොත් අදාළ යාන්ත්‍රණය සර්ව සම්පූර්ණ වන බවටත් ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අනතුරු අඟවයි.
හමුදා ප්‍රධානීන් දංගෙඩියට ගෙනයන රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ අතේ ඇති සැලසුම ගැන ජාතික ජනබලවේගය කිසිම තැනක කතාකොට නැති බවත්, එම මෙහෙයුම ගැන මෙන්ම රට ආර්ථික, සමාජීය, සංස්කෘතික වශෙයන් පිරිහීෙමන් පිරිහීමට ගෙන යන මෙහෙයුමට එරෙහිව ජාතික ජනබලවේගය හෝ කවර කණ්ඩායමක් හෝ ඇත්ත විවේචනයක් සහිතව ගමනක් යනවා නම් ඒ් දෙස සුබවාදීව බැලීමට සූදානම් බව ජානිපෙ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.
රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා අද බටහිර රටවලට සහ ඉන්දියාවට උවමනා සියලු දේ කිසිවෙකුටත් තේරුම් ගැනීමට නොහැකි තරම් වේගයෙන් සිදුකරගෙන යන බවත්, 'යළිපුබුදමු ශ්‍රී ලංකා' සැලසුම නැවත ගෙනවිත් එහි තිබූ අණපනත් සහ සියලු දේ රාජපක්ෂවරුන්ගේ ආශිර්වාදයද ඇතුවම ක්‍රියාත්මක කරමින් සිටින බවත් ජානිපෙ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පවසයි.
දේශීය පුවත්
නීතිඥ සංගමය ජනපති සමග කළ සාකච්ඡාවේදී කිසිම වැදගත් කරුණකට පිළිතුරු දී නෑ.. - අජිත් පී. පෙරේරා
LGBTQ+ සංකල්ප ඇතුළත් අධ්‍යාපන පැකේජය යළි පාසල් පද්ධතියට ඇතුළත් කරන්නට සූදානම් වන්නේ නම් ඊට එරෙහිව පාරට බහිනවා.. - ජාතික ගුරු ව්‍යාපාරය
සලේට යුක්තිය උදෙසා පෙළගැසෙමු: ජනතාවට කෙරෙන සොහොයුරු ආරාධනයක්..
"තනතුර නැති වුනත් කමක් නෑ.. වෙනස වෙනුවෙන් අවදානම ගන්න ලෑස්තියි” - නීතිඥ සංගමය හමුවේ ජනපති අනුර කියයි
විනිසුරු වයස වැඩි කිරීමේ යෝජනාවට මහ නාහිමිවරු අශිර්වාද කළා.. - නි. ඇමති
චමින්ද කුලරත්න අල්ලස් කොමිසමට..
මම දළදා මාලිගාව ඉදිරිපිට රේස් පැද්දේ නෑ.. අඩුම තරමේ ඒක බලන්නවත් ගියේ නෑ.. - නාමල් රාජපක්ෂ
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම: ප්‍රශ්නය තියෙන්නෙ එක තැනක.. උත්තර දීල තියෙන්නේ වෙනත් තැනකට.. මේක වැරදියි.. - නීතිඥ සංගමයේ සභාපති රජිව් අමරසූරිය
හෝමූස් වසා දැමීම නිසා තෙල් සංචිත ශීඝ්‍රයෙන් ක්ෂය වෙමින් පවතිනවා..- ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය
හිස්බුල්ලා අල්ලස් කොමිසමට..