නව ලිබරල්වාදය දැන් බහුතර පාලනය සම්බන්ධයෙන් හෝ පුද්ගල නිදහස සම්බන්ධයෙන් හෝ බර තබා නැහැ... ඒ වෙනුවට එය සුළු ජාතීන්ගේ පාලනය සම්බන්ධයෙන් බර තබා තිබෙනවා - ඇලෙක්සැන්ඩර් ඩුගින්(රුසියානු ජනාධිපතිගේ ජේෂ්ඨ උපදේශක)
ඇමරිකානු මාධ්‍යවේදී ටකර් කාසන් (Tucker Carlson ) විසින් ඉහල පෙලේ රුසියානු දාර්ශනිකයෙකු සහ දේශපාලන විචාරකයෙකු වන ඇලෙක්සැන්ඩර් ඩුගින් (Alexander Dugin ) සමඟ කළ විනාඩි 20 ක රූපවාහිණී සම්මුඛ සාකච්ඡාව මේ වන විට ඔහුගේ යූ ටියුබ් චැනලය වෙත නිකුත් කර ඇත.
රුසියානු ජනාධිපතිවරයා කෙරෙහි ඇලෙක්සැන්ඩර් ඩුගින් දක්වන බලපෑම සහ පොදුවේ රුසියාවේ ප්‍රභූ පැලැන්තියට ඔහු කරනු ලබන බලපෑම හේතුවෙන් බටහිර මාධ්‍ය ඩුගින්ව හඳුන්වනු ලබන්නේ ‘පුටින්ගේ මොළය’ ලෙසිනි.
බටහිර හා විදේශ ප්‍රතිපත්ති උකුස්සන් වෙත දැඩි විවේචන එල්ල කරන ඩුගින් කියෙව්ට එරෙහි රුසියාවේ මිලිටරි මෙහෙයුමට දැඩි ලෙස සහාය දෙන අතර ස්වාධීන යුක්‍රේන රාජ්‍යයක් නොතිබිය යුතු බවට දැඩි මතයක් ඉදිරිපත් කර ඇත.
2022 දී, ඔහුගේ දියණිය ඩාරියා ගමන් කළ මෝටර් රථයට සවි කර තිබූ බෝම්බ ප්‍රහාරයක් හේතුවෙන් මිය ගියාය. රුසියානු බලධාරීන් පවසන පරිදි යුක්රේන නියෝජිතයන් විසින් මෙම ප්‍රහාරය සැලසුම් කර තිබුණි. නම් නොකළ එක්සත් ජනපද ඔත්තුසේවා නිලධාරීන් උපුටා දක්වමින් සමහර ප්‍රවෘත්ති ඒජන්සි පවසා සිටියේ,ඇත්ත වශයෙන්ම වොෂින්ටනය, යුක්‍රේන බලධාරීන් ඝාතනයට සම්බන්ධ බවට විශ්වාස කරන බවයි.
කාල්සන් සිය වීඩියෝ පටයෙන් ඩුගින්ව හඳුන්වා දුන්නේ "දැවැන්ත අදහස් සම්බන්ධයෙන් ලිඛිතව අදහස් දක්වන දාර්ශනිකයෙකු" ලෙස ය. "ඔබට ඇමේසන් වෙතින් එම පොත් ඒවා මිලදී ගත නොහැකියි." ඔහු පැවසීය.
සංවාදය අතරතුර, ඩුගින් තර්ක කළේ, සෝවියට් සංගමය බිඳවැටීමෙන් පසු බටහිර රටවල කිසිදු විරෝධයකින් තොරව පිළිගත් ලිබරල් දෘෂ්ටිවාදය පවුල යන සංකල්පයේ අභාවයට හේතු වන බවයි. “ලිබරල්වාදය නැමැති මෙම පුද්ගලවාදයට අනුගත වීම හේතුවෙන් "පවුල" විනාශ වෙමින් පවතිනවා.” ලිබරල්වාදයේ ස්වාභාවික ප්‍රගතිය “අත්හැර දැමූ මානව අනන්‍යතාවයට” තුඩු දෙනු ඇතැයි ඔහු පැවසීය.
“නව ලිබරල්වාදයේ ඊළඟ අදියර දැන් පවතින්නේ බහුතරයකගේ පාලනය සම්බන්ධයෙන් බර තබා නෙවෙයි. එය සුළු ජාතීන්ගේ පාලනය සම්බන්ධයෙන් බර තබා තිබෙනවා. ඇත්ත වශයෙන්ම එය පුද්ගල නිදහස සම්බන්ධයෙන් බර තබා නැහැ. නමුත් එය woke-ism (සමාජ සහ දේශපාලන අසාධාරණයට සංවේදී පුද්ගලයින්ගේ හැසිරීම් සහ ආකල්ප.) හෙවත් අවදි-වාදය සම්බන්ධයෙන් පෙනී සිටිනවා.”ඩුගින් පැවසීය. “එය ප්‍රජාතන්ත්‍රවාදය නොවේ. එය ඒකාධිපතිවාදයයි.”

සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා