News Category
From Date
To Date
Maximum Number of Result

සමගි ජන බලවේගයේ පාර්ලිමෙන්තු මන්ත්‍රී සහ මුදල් කාරක සභාවේ සභාපතිවරයා වන හර්ෂ ද සිල්වා මහතා මිල සූත්‍ර කතාවක් ඉදිරියට දමමින් කිරිපිටි ආනයනකරුවන්ට නැවත වටයකින් බදු සහන ලබාදීමට ක්‍රියාකරන බව වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා කරයි.

දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ ජනාධිපතිවරණයට පෙර මහ මැතිවරණය පැවැත්වීමට නම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 113 දෙනකුගේ අත්සන් සහිත ලේඛනයක් තමන් වෙත ඉදිරිපත් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර ඇති බවයි.

ජාතික ජන බලවේගයේ විධායක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතා සහ හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රී වරුණ රාජපක්ෂ මහතා අතර ස්වාධීන රූපවාහිනියේ පැවති තුලාව වැඩසටහනේදී උණුසුම් සංවාදයක් ඇති විය.

එදා මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති කර බලය ලබාගත්තේ ද රනිල් වික්‍රමසිංහ මහතා බවත්, එහෙත් ඔහුට එදා ඉන්දියානු කොන්ත්‍රත්තුව ඉටු කිරීමට ඉඩක් නොලැබුණු බවත් මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියෝ පවසති.

ජාතික සම්පත් විකිණීමෙන් වළකින ලෙස මහා නායක හිමිවරුන් විසින් රජය දැනුවත් කර තිබූ බවත් උන්වහන්සේලා එසේ ප්‍රකාශ කිරීමත් සමග අනුනායක හිමිවරුන් විසින් පැපිලියාන සුනේත්‍රාදේවි මහ පිරිවෙනේ දී මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා මුණගැසී ඔහුගේ ජනවරම සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අරමුණ වියයුත්තේ ජාතික සම්පත් පෞද්ගලීකරණය කිරීම නොවන බවට දැනුම් දුන් බවත් රුහුණු විශ්ව විද්‍යාලයේ කුලපති, ආචාර්ය පූජ්‍ය අකුරටියේ නන්ද හිමියෝ පවසති.

සිරස නාලිකාව සමඟ පැවැති සාකච්ඡාවකදී පොදු ජන පෙරමුණේ හිටපු ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා, ජනතාවට රටට යහපතක් වන්නේ නම් සමගි ජන බලවේගය සමග එක්වීමට ‍ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සූදානම් බව පැවසූවේය.

පසුගිය කාලයේ රට තුළ ඇති වූ දේශපාලනික අරාජිකත්වය දඩමීමා කරගනිමින් දේශීය හා විදේශීය විවිධ බලවේගවලට ක්‍රියාත්මක කරගැනීමට නොහැකි වූ න්‍යායපත්‍රයන්, ගිවිසුම් හා සැලසුම් නැවත මේ මොහොතේ ක්‍රියාත්මක වෙමින් ඇති බව දෙවන පරපුර නායක උවිඳු විජේවීර මහතා පවසයි.

ජෙරම් ප්‍රනාන්දු නමැති දේවගැතිවරයාට දේශීය හා විදේශීය වශයෙන් රුපියල් කෝටි එක් දහස් දෙසීයකට අධික මුදල් ප්‍රමාණයක් ලැබීම සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ සිදුකරන විමර්ශනවල ප්‍රගතිය මෙන්ම ප්‍රසිද්ධ දේශනයක දී බොදු දහම ඇතුළු අන්‍ය ආගම්වලට අපහාස වන ආකාරයෙන් සිදුකර ඇතැයි කියන ප්‍රකාශවලට එරෙහිව ගත් නීතිමය පියවර කුමක්දැයි ඉදිරි නඩු දිනයේදී (එනම් ලබන මැයි 13 වැනිදා) තම අධිකරණයට වාර්තා කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නීතිපතිවරයාට නියෝග කළේය.

මේ මොහොතේ ජන බලයක් හා සංවිධාන ජාලයක් ඇති පක්ෂ රට තුළ ඇත්තේ සමගි ජන බලවේගය හා ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණ පමණක් බවත් නමුත් මේ මොහොතේ රට පාලනය කළ හැකි නායකයකු සිටින්නේ එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා බවත් බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.


දේශීය පුවත්

සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි

සියලු සාමණේර හිමිවරුන් අනාගතයේදී ගලගොඩඅත්තේ හිමියන් කෙනෙක් පත්විය යුතු බව ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රකාශ කරති.

ලක්දිරිය ව්‍යවසායකත්ව අත්වැල යටතේ සබන් නිෂ්පාදන හා පාපිසි නිෂ්පාදන පුහුණු වැඩසටහන්..

ලක්දිරිය ව්‍යවසායකත්ව අත්වැල වැඩසටහන යටතේ ස්වයං රැකියා අවස්ථා ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් සබන් නිෂ්පාදනය සහ පාපිසි නිෂ්පාදනය පිළිබඳ පුහුණු වැඩසටහන් දෙකක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

ඥානසාර හිමිගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයට රිට් පෙත්සමක්..

සිර දඬුවම් නියම වී සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට බන්ධනාගාර බලධාරීන් ගෙන තිබෙන තීරණය බල රහිත කිරීමේ ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තු මහලේකම්වරිය වෙත..

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විපක්ෂය ඉදිරිපත් කරන විශ්වාසභංග යෝජනාව අද (09) පාර්ලිමේන්තු මහලේකම් කුෂාණි රෝහණධීර මහත්මිය වෙත භාර දී තිබේ.

හිටපු ජනාධිපති ගෝඨාභයගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව තමන්ව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කෙරුණු පෙත්සමක් ප්‍රතික්ෂේප කිරීමට, අභියාචනාධිකරණය දුන් නියෝගයට එරෙහිව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනා පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

බාල ගල් අඟුරු නිසා පාඩුව බිලියන 15.7යි..- බලශක්ති ඇමති

මෑතකදී ආනයනය කරන ලද ප්‍රමිතියෙන් තොර බාල ගල්අඟුරු හේතුවෙන් රටට රුපියල් බිලියන 15.765 ක මුළු මූල්‍ය අලාභයක් සිදුව ඇති බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය.

හිටපු ප්‍රධාන මහේස්ත්‍රාත් තිලිණ ගමගේ තනතුරෙන් ඉවත් කිරීමට අධිකරණ සේවා කොමිසම තීරණය කරයි..

මොරටුව හිටපු ප්‍රධාන මහේස්ත්‍රාත් සහ දිසා විනිසුරු තිලිණ ගමගේ මහතා එම තනතුරෙන් ඉවත් කිරීමට අධිකරණ සේවා කොමිෂන් සභාව තීරණය කර තිබේ.

මෙට්‍රෝ බස් රියේ ගැටුණු පෞද්ගලික බස් රථයට ධාවන තහනමක්..

අතුරුගිරිය නගරයේ 170 බස් නැවතුම්පොළ ඉදිරිපිටදී මෙට්‍රෝ වර්ගයේ බස් රථයක ගැටුණු පුද්ගලික බස් රථයට තාවකාලික ධාවන තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

හම්බන්තොට වරායේ කළුගල් මාලදිවයිනට..- අගමැතිනි..

මාගම්පුර වරාය පරිශ්‍රය ආශ්‍රිත ප්‍රදේශය පිරිසිදු කර ගැනීම සඳහා එහි ගොඩගසා තිබූ කළුගල් තොගයක් මාලදිවයින වෙත අපනයනය කිරීමට 2024 වසරේදී පෞද්ගලික සමාගමකට එක්වරක් පමණක් වලංගු වන විශේෂ බලපත්‍රයක් නිකුත් කර තිබූ බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පැවසුවාය.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.