ම්ලේච්ඡ කොටි ත්‍රස්තවාදය පරාජය කර වසර 15යි
පුරා තිස් වසරකට අධික කාලයක් කුරිරු කොටි ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයෙන් වෙළාගෙන තිබූ අප මාතෘභූමිය බේරා ගැනීමට ත්‍රිවිධ හමුදාවේ, පොලිසියේ, සිවිල් ආරක්ෂක බළකායේ වීරෝදාර රණවිරුවන් තම ජීවිත පූජා කරමින් කළ මෙහෙවර අතිමහත්ය.
තවත් රණවිරුවෝ රැසක් අදටත් සදා ආබාධිතයන් බවට පත්ව සිටිති. රුදුරු කොටි ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාරයන් හමුවේ සාමාන්‍ය සිවිල් වැසියෝ රැසක් මැරුම් කෑහ. එදා බස් රථවල, දුම්රියවල, බැංකුවල, මඟතොටේ බෝම්බ පිපිරීමෙන් විශාල පිරිසකට සිය දිවි අහිමි විය. එසේම දේපළ රාශියක් විනාශ වූවා පමණක් නොව රටේ සංවර්ධනයට ද දැඩි බාධා එල්ල විය.
එවන් අවිනිශ්චිත අඳුරු කාල පරිච්ඡේදයක් අවසන් කළ වීරෝදාර රණවිරුවන් බොහෝ දෙනකු අද අමතක වී ගොසිනි. ගොඩබිමෙන්, සයුරෙන් හා ගුවනින් මේ රටේ ආරක්ෂාව රැකගනිමින් තවදුරටත් විපත් අවස්ථාවලදී පෙරමුණ ගෙන ක්‍රියා කළ රණවිරුවන් ඇගයීම වස් මැයි 19 වැනිදා ජාතික රණවිරු සැමරුම් දිනය ලෙස නම් කර තිබේ.
ඒ අනුව 15වැනි වරට පැවැත්වෙන රණවිරු දිනය මැයි 19 වැනිදා බත්තරමුල්ල ජාතික රණවිරු ස්මාරකය අබියසදී රජයේ ප්‍රධානීන් ඇතුළු ආරක්ෂක ලේකම්ගේ, ත්‍රිවිධ හමුදාපති වරුන්ගේ, පොලිස්පති ඇතුළු තවත් රණවිරු ප්‍රධානීන්ගේ සහාගිත්වයෙන් පැවැත්වේ.
මෙම ජාතික රණවිරු සැමරුම් උත්සවයට යුද්ධයේදී සිය ජීවිත කැපකර ආබාධිත තත්ත්වයට පත්වූ රණවිරුවන් මෙන්ම දිවි පිදූ රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයන් දිරිගැන්වීමට හා දැනට සේවයේ නියුතු රණවිරුවන් ඔප්නැංවීම සඳහා වැඩසටහනක් ද ක්‍රියාත්මක කිරීමට නියමිතය.
2009 වසරේ මැයි 18 වනදා නන්දිකඩාල් කලපුවේදී එල්ටීටීඊ නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් රණවිරුවන් අතින් ජීවිතක්ෂයට පත්වීමත් සමඟ එතෙක් පැවති කුරිරු යුද්ධය නිමාවට පත් කෙරිණි.
1983 වසරේදී දෙමළ සටන් කාමියෙකු යැයි කියාගත් වේළුපිල්ලේ ප්‍රභාකරන් විසින් යුද හමුදා සාමාජිකයන් 13 දෙනකු ඝාතනය කිරීමේ සිද්ධිය මූලික කර ගත්තද 1979 වසරේ සිටම ඊළම් යුද්ධය ආරම්භ වී තිබිණි. වෙල්ලමුල්ලවයික්කාල්හිදී අවසන් එලටීටීඊ බිම්කඩද අත්පත් කරගනිමින් ශ්‍රී ලංකාවේ වීරෝදාර හමුදා මුළු ලෝකයම මවිත කරමින් වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ ප්‍රාණය නිරුද්ධ සිරුර සොයා ගැනීමත් සමග වසර 33ක පැවැති යුද්ධය නිමාකර මෙරට වැසියන්ට නිදහස සාමය උරුම කර දෙනු ලැබිණි.
2009 මැයි මාසයට පෙර එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් සමඟ පැවැති කුරිරු යුද්ධයේදී මාතෘභූමියේ ඒකීයභාවය සහ ස්වෛරීභාවය ආරක්ෂා කිරීම උදෙසා සිය ජීවිත පූජා කළ යුද හමුදාවේ (23,962), නාවික හමුදාවේ (1,160), ගුවන් හමුදාවේ (443), පොලිසියේ (2,598), සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ (456) වීරෝදාර රණවිරුවෝ මෙම රණවිරු සැමරුම් උත්සවයේදී සිහිපත් කරනු ලැබෙති.
රණවිරු විජයග්‍රහණයට වසර 15ක් සපිරෙන මොහොතක එම විජයග්‍රහණයේ සැබෑ උරුමක්කාරයෝ අපගේ වීරෝදාර ආරක්ෂක හමුදා රණවිරුවෝය. එවුන්ගේ ජීවිත, ලේ, අත් පා ඇතුළු ශරීරාංග කොටස් කැපකර මව්බිමට ඔවුන් ලබාදුන් මෙම උතුම් විජයග්‍රහණය වෙනුවෙන් මුළුමහත් ජාතියේම උත්තම ගෞරවාචාරය අභීත රණවිරුවන් වෙත පුදකර සිටිමු.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා