රට නගාසිටුවීමට ජනපති රනිල් ගෙන ආ පනත් මොනවා ද? - ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම ප්‍රශ්න කරයි
රටේ අනාගත පැවැත්ම ඉතා බිහිසුනු අවදානමකට ලක්කර ඇති බවත්, ජනතාවගේ ඇස් බැඳ මෙම බිහිසුනු අනතුර රට තුළ ක්‍රියාත්මක කරමින් සිටින බවත් ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා පවසයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ වැඩපිළිවෙළ තුළ කාරණා තුනක් පැහැදිලිව දැකගත හැකි බවත් ඉන් එකක් වන්නේ රටේ ජාතික සම්පත් , ජාතික උරුමයන් දේශීය විදේශීය ධනේෂ්වර මංකොල්ලකරුවන්ට විකුණා දැමීම බවත් ඒ මහතා පවසයි.
දෙවැනි කාරණය වන්නේ 30 වසරක ත්‍රස්තවාදී යුද්ධයෙන් රට මුදාගත් රණවිරුවන්ට ජාත්‍යන්තර යුද අධිකරණයක් හමුවේ දඩුවම් පැමිණවීමට අවශ්‍ය සියලු පහසුකම් සැලසීම බවත්, මෙහි ප්‍රතිඵලය වන්නේ රට බෙදීගොස් අනාගතයේ දී යුද්ධයකින් තොරවම ද්‍රවිඩ ඊළමක් දිනාගැනීමට ඔවුන්ට හැකිවීම බවත් කල්‍යානන්ද තිරාණගම මහතා සඳහන් කරයි.
තුන්වැනි කාරණය වන්නේ රටේ සියලු සභ්‍යත්වයන්, සදාචාර ධර්ම විනාශකර, දුරාචාරය ප්‍රවර්දනය කරන සමාජයක් මෙරට නිර්මාණය කිරීම බවයි ඒ මහතා පවසන්නේ.
තිරාණගම මහතා මේ බව පැවසුවේ ජාතික සංවිධාන එකමුතුව මගින් පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
මේ සියල්ලු සිදුවෙද්දී රනිල් වික්‍රමසිංහ මහතාව නායකයා ලෙස පත්කළ පොදුජන පෙරමුණේ නායකයන් ඇස් කන් වසාගෙන ගොළුවන් බිහිරන් මෙන් සිටින බවද, ඒවා වැළැක්වීමට ඔවුන් උත්සාහ නොගන්නා බවද ඒ මහතා පවසයි.
මේ සියලු අපරාධ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සිදුකරද්දී මේවාට ආධාර අනුබල ලබාදීම සිදුකරන්නේ පොදුජන පෙරමුණේ නායකයන් බවට ද ඒ මහතා චෝදනා නගයි.
රටේ යහපතට පනත් සම්මත කරන බව රනිල් වික්‍රමසිංහ මහතා රටේ යහපත සඳහා සම්මත කළ පනත් මොනවැදැයි තිරාණගම මහතා ප්‍රශ්නකර සිටී.
රටේ ගොවියා නගාසිදුවීම වෙනුවෙන්, රටේ ජනතාවගේ දුප්පත්කම තුරන් කිරීමට මොනයම් හෝ පනතක් ගෙනවිත් තිබේ දැයි ප්‍රශ්න කරන ඒ මහතා, ගෙනවිත් තිබෙන පනත් මගින් සිදුකරන්නේ දුරාචාරය ප්‍රවර්ධනය කිරීම, සමාජ සංස්ථා බිඳදැමීම, සංඝ සමාජය බිඳදැමීමට හා පුද්ගලයාගේ පෞර්ෂය විනාශ කිරීම පමණක් බවත් පෙන්වා දෙයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා