News Category
From Date
To Date
Maximum Number of Result

බංග්ලාදේශයේ පාලන තන්ත්‍රය වෙනස් කිරීම පිටුපස ඇත්තේ කුමක්ද?

Sep 30, 2024 at 11:25 PM
|


තායිලන්තයේ බැංකොක් නුවර පදනම් කරගනිමින් භූ දේශපාලන පර්යේෂකයෙක් සහ ලේඛකයෙක් ලෙස කටයුතු කරන බ්‍රයන් බර්ලෙටික් මහතා විසින් විශේෂයෙන් “නිව් ඊස්ටර්න් අවුට්ලුක්” අන්තර්ජාල සඟරාව වෙත 2024 අගෝස්තු 11 වන දින සම්පාදනය කරන ලද ලිපියේ සිංහල පරිවර්තනය එහි ඇති කාලීන වටිනාකම සලකා ලංකා ලීඩ් පාඨකයා වෙත මෙසේ පිරිනමමු. 

බංග්ලාදේශයේ පාලන තන්ත්‍රය වෙනස් කිරීම පිටුපස ඇත්තේ කුමක්ද?

යුක්රේනයේ පවතින ගැටුම්, මැදපෙරදිග කළාපයේ වැඩෙන ආතතීන් සහ ආසියා-පැසිෆික් කලාපයේ එක්සත් ජනපදය හා චීනය අතර තීව්‍ර වන ගැටුම් කෙරෙහි ලෝකයේ සෙසු රටවල් අවධානය යොමු කරමින් සිටිද්දී දකුණු ආසියාතික රටක් වන බංග්ලාදේශයේ පාලන තන්ත්‍රය වෙනස් කිරීමේ ප්‍රචණ්ඩ මෙහෙයුමක් වේගයෙන් මෙන්ම බොහෝ දුරට රහසිගතව දිග හැරුණි.

එක්සත් ජනපදයේ පිටුබලය ලබන බංගලාදේශ විපක්ෂ කණ්ඩායම් විසින් සිදු කරන ලද සාර්ථක කුමන්ත්‍රණයේ ඇඟවුම්, දකුණු සහ අග්නිදිග ආසියාවට බලපාන අතර පෘථිවියේ තිබෙන වැඩිම ජනාකීර්ණත්වය සහිත රටවල් වන චීනය සහ ඉන්දියාව යන රටවල් වල පර්යන්තයන්හි අස්ථාවරත්වයන් ඇති කිරීමටද හේතුවේ

එලෙසම රුසියාව,  චීනය සහ ඉන්දියාව යන රටවල් දෙක සමඟම සමීප සබඳතා පවත්වාගෙන යන නිසා රුසියාවට ද මෙම කුමන්ත්‍රණයේ බලපෑම් එල්ල වනු ඇත.

උද්ඝෝෂණ කළේ කවුද? ඔවුන් පිටුපස සිටියේ කවුද?

මෙම ප්‍රශ්නයට පිළිතුරු සෙවීමේදී එක්සත් ජනපද රජය විසින් අරමුදල් සපයන මාධ්‍ය වන Voice of America හි 2023 වර්ෂයේදී පළ වූ ලිපියක බංග්ලාදේශය හෙවත් දකුණු ආසියානු රට තුළ ගැටුම්වලට පිටුබලය දීමේදී  එක්සත් ජනපද තානාපතිවරයා ඉටු කරන ලද කාර්යභාරය පිළිගනී.

එක්සත් ජනපද තානාපති පීටර් හාස් මේ සඳහා තම දායකත්වය සැපයූ බව ලිපියට එක් කළ ඡායාරූපයේ සිරස්තලය මගින් පිළිගනු ඇත.

"ප්‍රජාතන්ත්‍රවාදී සහ අයිතිවාසිකම් ක්‍රියාකාරීන් සහ ෂෙයික් හසීනා තන්ත්‍රයේ විවේචකයන් අතර පීටර් හාස් බංග්ලාදේශයේ ජනප්‍රිය පුද්ගලයෙකි."

වොෂින්ටනය අපේක්ෂා කළ ප්‍රතිඵලය ගෙන එන ආකාරයෙන් අනාගත මැතිවරණ පැවැත්වීම සඳහා බංග්ලාදේශයට බලපෑම් කිරීමට එක්සත් ජනපදය දැනටමත් ගෙන ඇති පියවර එම ලිපිය මගින් පිළිගනු ලැබ තිබුණි.

"...එක්සත් ජනපද රජය නිවේදනය කළේ බංග්ලාදේශයේ "ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාවලිය අණතුරේ හෙළීමට" හවුල් වී සිටින බංග්ලාදේශ වැසියන්ට "වීසා සීමා පැනවීමට පියවර ගැනීම" ආරම්භ කර තිබේ."

මෑත කාලීන, ප්‍රචණ්ඩ විරෝධතා පැවැති කාලය දක්වා බංග්ලාදේශයේ පාලනය කළ අවාමි ලීග් (AL) පක්ෂය, එක්සත් ජනපද තානාපති හාස් බංග්ලාදේශයේ අභ්‍යන්තර දේශපාලන කටයුතුවලට මැදිහත් වූ බවට සහ විශේෂයෙන් විපක්ෂ බංග්ලාදේශ ජාතික පක්ෂයට (BNP) සහාය දුන් බවට මෙන්ම ඒ වෙනුවෙන් වීදි ප්‍රචණ්ඩත්වය ප්‍රවර්ධනය කළ බවට චෝදනා කළ බව ලිපිය පිළිගනී.

"මාංශ පේශි"

බටහිර මාධ්‍ය බංග්ලාදේශයේ නොසන්සුන්තාවය “ශිෂ්‍ය විරෝධතාකරුවන්” විසින් මෙහෙයවන ලද “ප්‍රජාතන්ත්‍රවාදය රැක ගැනීමේ” පෙළපාලි ලෙස නිරූපණය කළ නමුදු BBC ය 2023 ජූලි මාසයේ  “ බංගලාදේශ අගමැතිණිය ප්‍රචණ්ඩ ක්‍රියාකාරකම් වෙනුවෙන් දේශපාලන සතුරන්ට දොස් පවරයි ( Bangladesh PM blames political foes for violence) ” යනුවෙන් පළ කළ ලිපියේ බංග්ලාදේශ ජාතික පක්ෂය සහ ජමාත් -ඊ-ඉස්ලාමි ව්‍යාපාරය  ඇතුළු  එහි ශිෂ්‍ය අංශය ප්‍රචණ්ඩත්වය පිටුපස  වක්‍රාකාරව සහභාගි වී ඇති බවපිළිගෙන ඇත.

බංගලිදේශය නිදහස ලබා ගත් දා සිට, පුළුල් ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කළ බවට චෝදනා කරමින්, බලය දරන්නේ කවුරුන්ද යන්න මත, දශක ගණනාවක් තිස්සේ ජමාත්-ඊ-ඉස්ලාමි සංවිධානය තහනම් කර ඇත.

වොයිස් ඔෆ් ඇමරිකා ඇසෝසියේටඩ් ප්‍රෙස් හි පළ කළ ලිපියක් නැවත ප්‍රකාශයට පත් කරමින්, සනිටුහන් කරන්නේ,

"1971 දී ඝාතන, පැහැරගැනීම් සහ ස්ත්‍රී දූෂණ ඇතුළු මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සම්බන්ධයෙන් අධිකරණය විසින් වරදකරුවන් කරනු ලැබීමෙන් පසු 2013 සිට පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයින් බොහොමයක් එල්ලා මරා දමා හෝ සිරගත කර ඇත." යනුවෙනි.

බංග්ලාදේශයෙන් පිටත අනෙකුත් රජයන් ද එනම් රුසියානු සමූහාණ්ඩුව ඇතුළු බොහෝ රාජ්‍යyaන් ජමාත්-ඊ-ඉස්ලාමි ත්‍රස්ත සංවිධානයක් ලෙස නම් කර ඇති බව සඳහන් කළ යුතුය.

එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව, 2023  තරම් මෑතක දී වාර්තාවක් ප්‍රකාශයට පත් කර ඇති අතර, ජමාත්-ඊ-ඉස්ලාමි කොටස සඳහා ප්‍රචණ්ඩ ඉතිහාසය සුදු හුනු ගෑම කළ අතර සංවිධානය බංග්ලාදේශයට එල්ල කරන තර්ජන යටපත් කරමින්, ඒ වෙනුවට ජමාත්-ඊ-ඉස්ලාමි සංවිධානය රජයේ “අපයෝජනයන්ට” ගොදුරු වූවන් ලෙස නිරූපණය කරනු ලැබුවේය.

බටහිර මාධ්‍ය ජමාත්-ඊ-ඉස්ලාමි සංවිධානය තහනම ගැන වාර්තා කර ඇතත්, මෑත කාලීනව බංගලාදේශයේ සිදු වූ විරෝධතාවලට එහි සම්බන්ධය ප්‍රතික්ෂේප කිරීමට කිසිදු වාර්තාවක් මගින් උත්සාහ කර නැත.

විරෝධතාවල "මුහුණ"

ලොව පුරා එක්සත් ජනපදය විසින් සංවිධානය කරන ලද අනෙකුත් විරෝධතා මෙන්ම, බංගලාදේශයේ සිදු කළ ඊනියා අරගලයද එක්සත් ජනපද රජය විසින් අරමුදල් සපයන ඊනියා "සිවිල් සමාජ" කණ්ඩායම් මෙන්ම එක්සත් ජනපදයේ පිටුබලය ලබන විරුද්ධ පක්ෂවල ආධාරකරුවන් සමඟ ජමාත්-ඊ-ඉස්ලාමි වැනි ප්‍රචණ්ඩ සංවිධානවල එකතුවක් ලෙස වීදි බැස, එක් එක් සංවිධාන විසින් වැදගත් කාර්යභාරයක් ඉටු කළ බව පෙනේ. 

ප්‍රචණ්ඩ "වීදි පෙරමුණු" විරෝධතා උත්සන්න කිරීමේ උපාංගයක් ලෙස ප්‍රචණ්ඩත්වය ඇති කරයි, සිවිල් සමාජය වීදිවල සහ තොරතුරු අවකාශය හරහා ව්‍යාපාරයේ “මුහුණ” ලෙස පෙනී සිටින අතර එක්සත් ජනපදයේ පිටුබලය ලබන දේශපාලන පක්ෂ එම ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් ලෙස තමන්ව බලයට ගෙන ඒමට ප්‍රචණ්ඩත්වය මගින් ඇතිවන හිඩැස භාවිතා කරයි.

ගෝලීය මහ ජනයා වෙත "මුහුණක්" ලබා දීමේ කාර්යභාරය ඉටු කිරීම සඳහා ඩකා විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යා අංශයේ නහිඩ් ඉස්ලාම් සහ නුස්රත් ටබසුම් ඇතුළු සිසුන් ගණනාවක් වූ අතර ඔවුන් දෙදෙනාම එක්සත් ජනපදයට සහ යුරෝපීය රාජ්‍යන්ට මෙන්ම විවෘත සමාජය පිළිබඳ අරමුදල් සපයන Front Line Defenders දත්ත සමුදායටද තමන්ගේම වු ආකෘතියක් ඇත. 

ලොව පුරා සිටින බොහෝ දෙනෙක් ලොව පුරා පාලන තන්ත්‍ර වෙනස් කිරීම සඳහා එක්සත් ජනපද ආණ්ඩුවේ මැදිහත්වීම පිලිබඳව අවබෝධ කර ගැනීමට සහ සාක්ෂි සෙවීමට පටන් ගෙන ඇති නිසා, නහිඩ් ඉස්ලාම් සහ නුස්රත් ටබසුම් සහ “ශිෂ්‍ය” විරෝධතාවල අනෙකුත් ප්‍රධාන නායකයින් ඩකා විශ්ව විද්‍යාලය සමඟ තිබෙන සම්බන්ධකම් මෙන් එක්සත් ජනපද ආණ්ඩුවට සෘජු සම්බන්ධතා ඇති බවට මේ දක්වා තොරතුරු සොයා ගත නොහැකිය.

විශේෂයෙන්ම මෙම "නායකයන්" බිහි වූ ඩකා විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යා දෙපාර්තමේන්තුව බටහිර කේන්ද්‍රීය සංවිධාන සහ සංසද සමඟ නිතිපතා ක්‍රියාකාරකම් පවත්වනු ලබයි. "බංග්ලාදේශයේ වැරදි තොරතුරුවලට මුහුණ දීම ව්‍යාපෘතිය (Confronting Misinformation in Bangladesh (CMIB) project)”  ඇතුළුව, එ.ජ. රජයෙන් අරමුදල් සපයන වැඩසටහන්වලට සම්බන්ධ මහාචාර්යවරුන් ගෙන් දෙපාර්තමේන්තුවේ කාර්යමණ්ඩලය පිරී පවතී. මෙයට මහාචාර්යවරුන් වන සයිමා අහමඩ් සහ ආචාර්ය කජාලෙයි ඉස්ලාම් ඇතුළත් වේ. ඔවුන් දෙදෙනාම අමෙරිකා එක්සත් ජනපදය මුල්‍යමය දායකත්වය සපයන ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ ජාතික අනුරක්ෂණය(National Endowment for Democracy -NED) ප්‍රදානලාභීන් මෙන්ම එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ෆුල්බ්‍රයිට් විද්වතුන් වෙමින් ව්‍යාපෘතියේ ප්‍රධාන කණ්ඩායමේ තීරණාත්මක මැදිහත්කරුවන් ලෙස සේවය කරති.

NED සහ ෆුල්බ්‍රයිට් හරහා ලබා ගත හැකි විස්තීර්ණ මුදල් සහ ශිෂ්‍යත්ව හරහා ඩකා විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යා අංශය එක්සත් ජනපද ආණ්ඩුව කෙතරම් තරයේ ආක්‍රමණය කර ඇත්දැයි සලකා බලන විට, එක්සත් ජනපදයේ පිටුබලය ලබන පාලන තන්ත්‍ර වෙනස සඳහා "මුහුණුවර" ලෙස පෙනී සිටිමින් එක්සත් ජනපද අවශ්‍යතා සඳහා සේවය කරන “ශිෂ්‍යයන්” බංග්ලාදේශයේ බිහිවීම  පුදුමයක් නොවේ.

හුරුපුරුදු සැකිල්ලක්

ඉලක්කගත ජාතීන් අස්ථාවර කිරීමට, ඉලක්කගත ආණ්ඩු නෙරපා හැරීමට සහ එක්සත් ජනපදයේ පිටුබලය ලබන විරුද්ධ පක්ෂ බලයට පත් කිරීමට උපකාර කිරීම සඳහා ප්‍රචණ්ඩ අන්තවාදී ප්‍රමුඛ වීදි පෙරමුණු සහ ඊනියා “ශිෂ්‍ය විරෝධතාකරුවන්” භාවිතා කිරීම බටහිර මාධ්‍ය විසින්ම පිළිගත් පුළුල් ගෝලීය රටාවටද ගැලපෙන්නේය.

2004 දී "ලන්ඩන් ගාඩියන්" සඟරාව, බෙලරුස්, සර්බියාව සහ යුක්රේනය මෙන්ම එකල යුක්රේනයේ හටගත් නොසන්සුන්තාව ප්‍රකාශ කරමින් කොකේසස් කලාපයේ ජෝර්ජියාව ඉලක්ක කරමින් නැගෙනහිර යුරෝපය පුරා එක්සත් ජනපදයේ අනුග්‍රහය ලත් පාලන තන්ත්‍රය වෙනස් කිරීමට ක්‍රියා මාර්ග තේරූ බව පිළිගත්තේ,

"...මෙම ව්‍යාපාරය ඇමරිකානු නිර්මාණයකි, බටහිර සන්නාම සහ මහා අලෙවිකරණයේ නවීන හා විශිෂ්ට ලෙස සංකල්පිත අභ්‍යාසයක් වන අතර, වසර හතරක් තුළ රටවල් හතරක, දූෂිත මැතිවරණය නැමැති "ඇඳුම්" ගලවා දැමීමට සහ නුසුදුසු පාලන තන්ත්‍රයන් පෙරලා දැමීමට උත්සාහ කර ඇත. එක්සත් ජනපදය විසින් අරමුදල් සපයන ලද සහ සංවිධානය කරන ලද එක්සත් ජනපද උපදේශකයින්, ඡන්ද විමසීම් කරන්නන්, රාජ්‍ය තාන්ත්‍රිකයින්, විශාල ඇමරිකානු පක්ෂ දෙක සහ එක්සත් ජනපද රාජ්‍ය නොවන සංවිධාන යොදවා, මෙම ව්‍යාපාරය ප්‍රථම වරට යුරෝපයේ බෙල්ග්‍රේඩ් හි 2000 දී පැවැති මැතිවරණයේදී ස්ලොබොඩන් මිලොසෙවික් පරාජය කිරීමට භාවිතා කරන ලදී." ලෙස විග්‍රහ කරමිනි.

එම ලිපියම වැඩිදුරටත් පවසා සිටින්නේ,

"මෙහෙයුම - ඡන්ද පෙට්ටිය සහ සිවිල් අකීකරුකම හරහා ප්‍රජාතන්ත්‍රවාදය නිර්මාණය කිරීම - දැන් කෙතරම් සුමටව කළ හැකිද යත්, එම ක්‍රම වෙනත් ජනයාගේ මැතිවරණ ජයග්‍රහණය කිරීමේ අච්චුවක් බවට පරිණත වී ඇත."

එම "සැකිල්ල" 2011 දී මැද පෙරදිග සහ උතුරු අප්‍රිකාව හරහා නැවත භාවිතා කරනු ලැබ ඇති බව තහවුරු කිරීමට නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පත "එ.ජ. කණ්ඩායම් අරාබි නැගිටීම් පෝෂණය කිරීමට උදව් කළා" යනුවෙන් ලිපියක් පල කරමින් කියා සිටියේය .

එලෙසම නිව්යෝක් ටෛම්ස් පුවත් පත :

"කලාපය පුරා පැතිර ඇති කැරලි සහ ප්‍රතිසංස්කරණවලට සෘජුවම සම්බන්ධ වූ කණ්ඩායම් සහ පුද්ගලයින් ගණනාවක් වොෂින්ටනයේ පිහිටි ලාභ නොලබන මානව හිමිකම් සංවිධානයක් වන ජාත්‍යන්තර රිපබ්ලිකන් ආයතනය, ජාතික ප්‍රජාතන්ත්‍රවාදී ආයතනය සහ ෆ්‍රීඩම් හවුස් වැනි කණ්ඩායම් වලින් පුහුණුව සහ මූල්‍යාධාර ලබා ගත් බව මෑත සතිවල එළි දැක්වුනු සම්මුඛ සාකච්ඡා වලින් සහ  විකිලීක්ස් විසින් ලබාගත් ඇමරිකානු රාජ්‍යතාන්ත්‍රිකයන්ගෙ කේබල් පණිවිඩ වලින් තහවුරු විය."

ලිපියෙහි NED සහ එහි අනුබද්ධිත සමාගම් මෙන්ම එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව සහ Google සහ Facebook (දැන් Meta ) වැනි එක්සත් ජනපදය පදනම් කරගත් තාක්ෂණික සමාගම් අතරින් එහි හවුල්කරුවන් ද විස්තර කර ඇති එකම “සැකිල්ල” යෙදීමෙහි යෙදී සිටින බව 2004 දී ගාඩියන් සඟරාව විසින් සඳහන් කරනු ලැබ ඇත. .

2011 අරාබි ලෝකය පුරා ඇති වූ නොසන්සුන්තාව සහ අවසානයේ 2014 දී යුක්රේන රජය පෙරලා දැමීම යන දෙකෙහිම එක්සත් ජනපද පිටුබලය ලබන අන්තවාදී සංවිධාන භාවිතා කිරීම කැපී පෙනුණි. ලිබියාවේ, ඊජිප්තුවේ, ටියුනීසියාවේ සහ සිරියාවේ මුස්ලිම් සහෝදරත්වය සහ අල්කයිඩාවට අනුබද්ධ සංවිධාන යොදා ගත් අතර යුක්රේනයේ නව නාසි සටන්කාමීන් මෙම කාර්යභාරය ඉටු කළහ. ප්‍රචණ්ඩ අන්තවාදීන්ගේ ජාල දෙකම  එක්සත් ජනපදය මැදිහත්ව අදාල රටවල කළ පාලන තන්ත්‍ර වෙනස් කිරීම් වලදි ඇති වූ යුද්ධවල දී පුළුල් භූමිකාවන් ඉටු කර ඇත. 

එක්සත් ජනපදය වොෂින්ටනයේ ප්‍රමිතීන්ට අනුව මැතිවරණය පවත්වන ලෙස බංග්ලාදේශයට විවෘතව බලපෑම් කරන අතර ඩකාහි එක්සත් ජනපද තානාපතිවරයා බංග්ලාදේශ රජය නෙරපා හැරීමට උත්සාහ කරන විපක්ෂ කණ්ඩායම්වලට විවෘතව සහාය දීමත් සමඟ මෙම “සැකිල්ල” දැන් බංග්ලාදේශයේ සාර්ථකව යොදා ඇති බව ඉතා පැහැදිලිය.

එක්සත් ජනපදයේ පිටුබලය ලබන විරෝධතාකරුවන්ට බලයේ හෙබවීමට අවශ්‍ය කවුද?

ඇසෝසියේටඩ් ප්‍රෙස් (ටයිම් සඟරාව යොදා ගනිමින්) පල කළ ලිපියේ, බංග්ලාදේශ විරෝධතාකරුවන් නොබෙල් ත්‍යාගලාභී මුහම්මද් යූනුස් අන්තර්වාර රජයට නායකත්වය දෙන බව වාර්තා කරයි:

"බංගලාදේශයේ ශිෂ්‍ය විරෝධතාවල ප්‍රධාන සංවිධායකයෙකු පැවසුවේ, නොබෙල් සාම ත්‍යාගලාභී මුහම්මද් යූනුස් අන්තර්වාර රජයක ප්‍රධානියා ලෙස ඔවුන්ගේ තේරීම බව පැවසුවේ දිගුකලක් බංගලාදේශය පාලනය කළ අගමැතිනි ෂීක් හසීනා ඉල්ලා අස්වීමෙන් දිනකට පසුවය."

යූනුස්ගේ නම යෝජනා කළේ ඩකා විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යා අංශයෙන් උකහාගත් “ශිෂ්‍ය නායකයින්” වන අතර, යූනුස් එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ෆුල්බ්‍රයිට් විශාරදයෙකු මෙන්ම සාමූහික බටහිරයන් ඔහුගේ විශ්වසනීයත්වය ගොඩනැගීමට විවිධ සම්මාන ලාභියෙකු බවට පත් කිරීමද පුදුම විය යුතු නැත. .

අසල්වැසි මියන්මාරයේ අවුන් සාන් සුකී ඇතුළු ලොව පුරා සිටින අනෙකුත් එක්සත් ජනපද ප්‍රොක්සිවරු hewath අමෙරිකානු බළල් අත්වලට පිරිනැමෙන නොබෙල් සාම ත්‍යාගයද මෙයට ඇතුළත් වේ.

යූනුස් 2009 දී එක්සත් ජනපද ජනාධිපති පිරිනමන නිදහස පිළිබඳ පදක්කම ද, 2013 දී එක්සත් ජනපද කොන්ග්‍රසය පිරිනමන පදක්කම ද දිනාගන්නා  ලදී. යුනුස්ගේ සංවිධානයේ වෙබ් අඩවියේ, "යූනස් මධ්‍යස්ථානය" 2013 සටහනේ, "ආචාර්ය මුහම්මද් යුනුස්, කොංග්‍රස් රන් පදක්කම්ලාභී ප්‍රථම ඇමරිකානු මුස්ලිම් ජාතිකයා," ලෙස වර නංවා තිබුණේ ඔහුට සැබෑ ඇමරිකානු පුරවැසිභාවයක් නොමැති බවට කිසිදු ඇඟවීමක් නොතකාය.ඒ අනුව, ඔහු "ඇමරිකානු මුස්ලිම්" ලෙස විකාර ලෙස හඳුන්වනු ලැබුණි.

බංග්ලාදේශයේ පාලන තන්ත්‍රය වෙනස් වීමේ ප්‍රතිවිපාක

බංග්ලාදේශයේ විරෝධතාවලට සම්බන්ධ වූ සියල්ලන්ටම එක්සත් ජනපද ආණ්ඩුව සමග ඇති  පිටුබලය සහ අනුබද්ධයන් පැහැදිලිව තිබියදීත්, BNP ය සහ යූනුස් යන දෙදෙනාම චීනය ඇතුළු ඇමරිකානු විරුද්ධවාදීන් සමඟ සබඳතා වගා කර ඇති බව ද සඳහන් කළ යුතුය.

අවාසනාවකට මෙන්, "ප්‍රජාතන්ත්‍රවාදය" සහ "නිදහස" පිලිබඳ පුහු වාචාල කථා මගින් බංග්ලාදේශයේ දේශපාලන අර්බුදය පිලිබඳ ගෝලීය තොරතුරු අවකාශය පුරවා ඇත. එහෙත් විපක්ෂය බලය ලබා ගන්නේ නම් එය ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන සැබෑ  විදේශීය හෝ දේශීය ප්‍රතිපත්ති පිලිබඳ කිසිදු සාකච්ඡාවකට යන්නේ නැත. කෙසේ වෙතත්, බංගලිදේශයේ බලයේ සිටින ආණ්ඩුවක් බලයෙන් ඉවත් කිරීමට එක්සත් ජනපදයේ ගැඹුරු මැදිහත්වීම සහ වොෂින්ටනය බංග්ලාදේශයේ අධ්‍යාපනය සහ දේශපාලන පද්ධතියට ගැඹුරින් ආක්‍රමණය කිරීම බංග්ලාදේශයට සහ එහි අසල්වැසියන්ට නරක ලෙස පුරෝකථනය කරයි.

චීනයේ දේශ සීමාවන් දිගේ පවතින රටවල් තුළ අවුල් ජාලාවක් ඇති කිරීමට එක්සත් ජනපදයට පැහැදිලි අභිප්‍රේරණයක් ඇත.  බංග්ලාදේශයේ නැගෙනහිරින් පිහිටි අසල්වැසියා වන මියන්මාරයේ දැනටමත් ප්‍රචණ්ඩ ගැටුමක් ඇවිලෙමින් පවතින අතර, එම අවුල බංග්ලාදේශයටම ව්‍යාප්ත කිරීම කලාපය තවත් පුළුල් ලෙස අස්ථාවර කිරීමට උපකාරී වේ. එය විශේෂයෙන් චීනය සහ බංග්ලාදේශය අතර ඒකාබද්ධ ව්‍යාපෘති පීලි පැන්න වීමට දොර විවර කරන අතර මැද පෙරදිග සහ ඉන් ඔබ්බට එහි පුළුල් සමුද්‍ර නාවික ගමනාගමනයට සහාය වන චීනයේ ඊනියා “මුතු වැල” වරාය ජාලය ඔස්සේ තවත් විභව බාධාවක් නිර්මාණය කරයි.

එය ඉන්දියාවට ද පීඩනයක් එල්ල කරයි. තමන්ගේම දේශසීමාවේ දේශපාලන අර්බුදයක අපේක්ෂාව වර්ධනය වීමත් සමඟ, රුසියාව සමඟ ඇති සම්බන්ධය සහ බටහිර සම්බාධක මග හැරීම සඳහා රුසියානු බල ශක්තිය මිලදී ගැනීම සහ නැවත විකිණීම සම්බන්ධයෙන් වන ඉන්දියාවේ භූමිකාව පිළිබඳව එක්සත් ජනපදයේ සහන ලබා ගැනීම සඳහා නව දිල්ලියට බලපෑම් කළ හැකිය.

බංග්ලාදේශයේ සිදුවූ එක්සත් ජනපද පිටුබලය ලබන පාලන තන්ත්‍ර වෙනස නැවත බිඳවැටීමේදී ඉදිරි සති සහ මාසවලදී කුමක් සිදු වුවද, දිනපතා සිරස්තල සහ භූ දේශපාලනික විශ්ලේෂණ වලින්  බොහෝ විට ඉවත් කරන රටවල පවා එක්සත් ජනපදය තවමත් ලොව පුරා කෙතරම් ගැඹුරින් සම්බන්ධ වී ඇත්ද යන්න තේරුම් ගැනීම වැදගත්ය.  එක්සත් ජනපදය ලොව පුරා මැදිහත් වන ආකාරය සහ එය නිරාවරණය කර එම මැදිහත් වීම් නැවැත්විය හැක්කේ කෙසේද යන්න පිළිබඳව වැඩි අවබෝධයක් ලබා ගැනීමේ අවශ්‍යතාවය අවබෝධ කර ගැනීම ද වැදගත් වේ.

ලොව පුරා ඕනෑම තැනක අමෙරිකා එක්සත් ජනපදයේ සාර්ථක මැදිහත්වීමක් අනෙක් සෑම තැනකම එක්සත් ජනපදයේ මැදිහත්වීම් තවදුරටත් සක්‍රීය කිරීමට උපකාරී වේ.

පරිවර්තනය ජීවන්ත ජයතිස්ස

What’s behind regime change in Bangladesh


https://mronline.org/2024/08/13/whats-behind-regime-change-in-bangladesh/

සම්බන්ධිත පුවත් | Related News

ජුනි මාසයේ විදුලි ගාස්තු ඉහළ යනු ඇතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක අනාවරණ කර තිබේ.
අද වන විට මෙරට බියර් සමාගම් සඳහා බදු රහිතව සහල් ආනයනය කිරීමට අවස්ථාව ලබා දී ඇතැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාමයේ තුන් දින රාජ්‍ය සංචාරය අරඹමින් මීට සුළු මොහොතකට පෙර දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ.
ඉන්දියාවේ චෙන්නායි සිට පැමිණි ගුවන් යානයක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ දී විශේෂ පරීක්ෂාවකට ලක්කර ඇතැයි වාර්තා වෙයි.
පළාත් පාලන මැතිවරණයට අදාළව සිදුකෙරන සියලු ප්‍රචාරක කටයුතු අද (03) මැදියම් රැයෙන් අවසන් වන බව මැතිවරණ කොමිසම පවසයි.
ඉන්දු - පාකිස්තානු ගැටුම සමස්ත කලාපයටම ඉතා දරණු ලෙස දැනෙන බවත්, 1960 සිට පවත්වාගෙන ගිය ඉන්දු ගංගාවේ ජලය පාකිස්ථානය සමග බෙදා ගැනීමේ ගිවිසුම අත්හිටුවීම හරහා ඉන්දියාව පාකිස්තානයට එරෙහිව ඉතා දරුණු තීරණයක් ගෙන ඇති බවත්, ඉන්දියාව සමග බලශක්ති හෝ වෙනත් ඕනෑම ගිවිසුමකට එළඹී ඇති කලාපයේ අනෙකුත් රටවල්වලටද මෙය හොඳ පාඩමක් බවත් ආචාර්ය දයාන් ජයතිලක මහතා පවසයි.
වෙන කවරදාකටත් වඩා මාතෘභූමිය දැඩි අනතුරකට ලක්වී ඇති බවත්, මෙරට ඉතිහාසයේ සිටම යටත් කරගැනීම සඳහා විවිධ ආක්‍රමණයන් සිදුවූ බවත් දෙවන පරපුර නායක උවිඳු විජේවීර මහතා පවසයි.
ජනාධිපති අනුර දිසානායක සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි විසින් අත්සන් කළ ගිවිසුම් නීතිත්‍යානූකූල නොවන බව ජාතික සංවිධාන නියෝජිත වෛද්‍ය සකුන්තලා සෙනවිරත්න පවසයි.
කාශ්මීර ත්‍රස්ත ප්‍රහාරයට එරෙහිව ප්‍රදේශවාසීන් පිරිසක් විසින් කොළඹ පිහිටි තම කාර්යාලය ඉදිරිපිට පවත්වන ලද විරෝධතාවයකට ප්‍රතිචාර දක්වමින් පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලය පැවසුවේ ශ්‍රී ලංකාවේ මෙම විරෝධතා ඇති කළේ කවුරුන්ද යන්න රහසක් නොවන බවයි.

ප්‍රධාන පුවත්

ජවිපෙ අත්හැරපු ඉන්දියන් විරෝධී සටන විජේවීරගේ පුතා අතට ගනී.. (වීඩියෝ)

වෙන කවරදාකටත් වඩා මාතෘභූමිය දැඩි අනතුරකට ලක්වී ඇති බවත්, මෙරට ඉතිහාසයේ සිටම යටත් කරගැනීම සඳහා විවිධ ආක්‍රමණයන් සිදුවූ බවත් දෙවන පරපුර නායක උවිඳු විජේවීර මහතා පවසයි.

අනුර - මෝදි ගිවිසුම්වලින් රටේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකියි - වෛද්‍ය අනුලා විජේසුන්දර (වීඩියෝ)

ජනාධිපති අනුර දිසානායක සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි විසින් අත්සන් කළ ගිවිසුම් මගින් රටේ ජාතික ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකි බව ජාතික සංවිධාන නියෝජනය කරමින් වෛද්‍ය අනුලා විජේසුන්දර මහත්මිය පවසයි.

අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට සහ ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනියි... ජනාධිපති ලේකම් වගකීම් පැහැරහැරියා - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් චෝදනා (වීඩියෝ)

පසුගිය දා ජනාධිපති අනුර දිසානායක සහ ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදිගේ එකඟතාවයෙන් නිලධාරීන් පිරිසක් විසින් අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට පටහැනි, ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනි බව තර්කානුකූලව, තාක්ෂණික ක්‍රමවේද අනුව ඔප්පුකර සෑදූ ලියවිල්ලක් ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයට භාරදුන් බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට මහජන පෙත්සම භාර දුන් අවස්ථාව (වීඩියෝ)

පසුගිය දා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මෙරටට පැමිණ ආණ්ඩුව සමග අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදීම ඊයේ(02) සිදුවිය.

ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් අත්සන් කර ඇත්තේ රටේ ස්වාධීනත්වයට, නීතියට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ලෙසයි - නීතිඥ මධුමාලි අල්විස් (වීඩියෝ)

පසුගියදා ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් කිහිපයකට අත්සන් කළ බවත්, එහෙත් මේ වන තෙක් කිසිඳු මාධ්‍යයකට සහ ජාතික සංවිධානයකට මෙම ගිවිසුම් පිළිබඳව තොරතුරු හෙළිදරව් කර නොමැති බවත් නීතිඥ මධුමාලි අල්විස් මහත්මිය පවසයි.

ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධීයි.. ඒ ගිවිසුම්වලින් රටේ ස්වෛරීත්වය පාවා දීලා - ආචාර්ය ගුණදාස අමරසේකර (වීඩියෝ)

ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධී බවත්, එමගින් රට විනාශ වන බවත් ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා පවසයි.

ඉන්දියාවත් එක්ක ගැසූ හොර ගිවිසුම් ගැන කරුණු කියන්න ජනපති ලේකම් කාර්යාලයට ගිය ජාතික සංවිධාන නියෝජිතයන්ට කුඩම්මාගේ සැලකිලි..

ඉන්දියාවත් සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළකරමින් ඊයේ(01) ජාතික සංවිධාන විසින් අත්සන් කළ ජාත්‍යන්තර පෙත්සම භාරදීම සඳහා අද(02) ජාතික සංවිධාන නියෝජිතයෝ පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණ සිටියහ.

අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදෙයි..

පසුගිය දා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මෙරටට පැමිණ ආණ්ඩුව සමග අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදීම අද(02) සිදුවිය.

ඉන්දියාව අසල්වාසී රාජ්‍යයක් මිස ලොකු අයියා නොවෙයි.. ඉන්දියාවේ උපකාර පිටුපස සැඟවුණු යටි අරමුණු වටහාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි (වීඩියෝ)

ලෝකයේ බලසම්පන්න රාජ්‍යයන් හා කුඩා රාජ්‍යයන් අතර ඇතිවන ගිවිසුම්වලදී බලසම්පන්න රාජ්‍යයන් දෙකක් අතර ගිවිසුම්වලට වඩා වෙනස් අයුරකින් ක්‍රියාත්මක වන බවත්, එහිදී කුඩා රාජ්‍යයන්ගේ නායකයන් බුද්ධිමත්ව කටයුතු කළ යුතු බවත් මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ පවසති.

ගිවිසුම් 7ක් මගින් ලංකාව යටත් කර ඉන්දියානු ව්‍යාප්තවාදයේ ගොදුරක් බවට පත් කිරීමේ ඉන්දියානු මෙහෙයුම මේ මොහොතේ නිවැරදිව හඳුනාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි (වීඩියෝ)

පසුගිය දා ශ්‍රී ලංකාවට පැමැණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ශ්‍රී ලංකාවේ ජනාධිපති අනුර කුමාර මහතාව වැළඳ ගනිමින් සිදුකළ ජවනිකාව නිවැරදිව වටහාගත යුතු බවත්, ඉන්දියානු සටකපට ව්‍යාපෘතිය හඳුනා ගැනීමට නොහැකි තරම් බුද්ධි හීනයන් නොවිය යුතු බවත් මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් පවසති.

ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි... අනුර වටේ ඉන්න පාර වරද්දන උපදේශකයන්ගේ කෙරුවාව මෙන්න (වීඩියෝ)

ගිවිසුමක් අවබෝධතා ගිවිසුමක් ද නැතිනම් අවසන් ගිවිසුමක් ද යන්න තීරණය වන්නේ ගිවිසුමේ කොන්දේසි අනුව බවත්, අවබෝධතා ගිවිසුමක් කියන්නේද ගිවිසුමක් බවත්, රනිල් වික්‍රමසිංහ 2017 දී අත්සන් කර ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඉන්දියාවට ලබාදුන්නේ ද අවබෝධතා ගිවිසුමක් හරහා බවත්, ඉන්දියාව සමග වත්මන් ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් ද අවබෝධතා ගිවිසුම් ලෙස ලඝුකළ නොහැකි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තබති.. (ඡායාරූප)

රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති නරේන්දු මෝදි විසින් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තැබීම අද(30) පැපිලියාන සුනේත්‍රාදේවි මහා දේවී පිරිවෙණේ දී සිදුවිය.

රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම් 7ට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තැබීම අද..

ජාත්‍යන්තර සම්මුතීන් බිඳ දමමින්, ශ‍්‍රී ලංකාවේ ව්‍යවස්ථාවට පටහැනිව, අමාත්‍ය මණ්ඩල පටිපාටි නොසලකා හරිමින්, ශ‍්‍රී ලංකාවේ ස්වෛරීභාවය උල්ලංගණය කරමින්,

මැතිවරණ කොමසාරිස් ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්ම නොදන්නා උද්දච්ච පුද්ගලයෙක්: තනතුරට සුදුසු නැහැ - ජාතික සංවිධාන කියයි

නාමයෝජනා පත්‍රයක් පුරවා ගන්න බැරි අයෙක් ගමක් පාලනය කරන්නේ කෙසේද? යනුවෙන් මැතිවරණ කොමසාරිස්වරයා විසින් සිදු කළ ප්‍රකාශය පිළිබඳව විවිධ පාර්ශ්වවලින් විරෝධය එල්ල වනු දැකිය හැකි බැවින් ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ මතය ඔහුගේ වචනවලින්

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.