News Category
From Date
To Date
Maximum Number of Result

බංග්ලාදේශයේ පාලන තන්ත්‍රය වෙනස් කිරීම පිටුපස ඇත්තේ කුමක්ද?

Sep 30, 2024 at 11:25 PM
|


තායිලන්තයේ බැංකොක් නුවර පදනම් කරගනිමින් භූ දේශපාලන පර්යේෂකයෙක් සහ ලේඛකයෙක් ලෙස කටයුතු කරන බ්‍රයන් බර්ලෙටික් මහතා විසින් විශේෂයෙන් “නිව් ඊස්ටර්න් අවුට්ලුක්” අන්තර්ජාල සඟරාව වෙත 2024 අගෝස්තු 11 වන දින සම්පාදනය කරන ලද ලිපියේ සිංහල පරිවර්තනය එහි ඇති කාලීන වටිනාකම සලකා ලංකා ලීඩ් පාඨකයා වෙත මෙසේ පිරිනමමු. 

බංග්ලාදේශයේ පාලන තන්ත්‍රය වෙනස් කිරීම පිටුපස ඇත්තේ කුමක්ද?

යුක්රේනයේ පවතින ගැටුම්, මැදපෙරදිග කළාපයේ වැඩෙන ආතතීන් සහ ආසියා-පැසිෆික් කලාපයේ එක්සත් ජනපදය හා චීනය අතර තීව්‍ර වන ගැටුම් කෙරෙහි ලෝකයේ සෙසු රටවල් අවධානය යොමු කරමින් සිටිද්දී දකුණු ආසියාතික රටක් වන බංග්ලාදේශයේ පාලන තන්ත්‍රය වෙනස් කිරීමේ ප්‍රචණ්ඩ මෙහෙයුමක් වේගයෙන් මෙන්ම බොහෝ දුරට රහසිගතව දිග හැරුණි.

එක්සත් ජනපදයේ පිටුබලය ලබන බංගලාදේශ විපක්ෂ කණ්ඩායම් විසින් සිදු කරන ලද සාර්ථක කුමන්ත්‍රණයේ ඇඟවුම්, දකුණු සහ අග්නිදිග ආසියාවට බලපාන අතර පෘථිවියේ තිබෙන වැඩිම ජනාකීර්ණත්වය සහිත රටවල් වන චීනය සහ ඉන්දියාව යන රටවල් වල පර්යන්තයන්හි අස්ථාවරත්වයන් ඇති කිරීමටද හේතුවේ

එලෙසම රුසියාව,  චීනය සහ ඉන්දියාව යන රටවල් දෙක සමඟම සමීප සබඳතා පවත්වාගෙන යන නිසා රුසියාවට ද මෙම කුමන්ත්‍රණයේ බලපෑම් එල්ල වනු ඇත.

උද්ඝෝෂණ කළේ කවුද? ඔවුන් පිටුපස සිටියේ කවුද?

මෙම ප්‍රශ්නයට පිළිතුරු සෙවීමේදී එක්සත් ජනපද රජය විසින් අරමුදල් සපයන මාධ්‍ය වන Voice of America හි 2023 වර්ෂයේදී පළ වූ ලිපියක බංග්ලාදේශය හෙවත් දකුණු ආසියානු රට තුළ ගැටුම්වලට පිටුබලය දීමේදී  එක්සත් ජනපද තානාපතිවරයා ඉටු කරන ලද කාර්යභාරය පිළිගනී.

එක්සත් ජනපද තානාපති පීටර් හාස් මේ සඳහා තම දායකත්වය සැපයූ බව ලිපියට එක් කළ ඡායාරූපයේ සිරස්තලය මගින් පිළිගනු ඇත.

"ප්‍රජාතන්ත්‍රවාදී සහ අයිතිවාසිකම් ක්‍රියාකාරීන් සහ ෂෙයික් හසීනා තන්ත්‍රයේ විවේචකයන් අතර පීටර් හාස් බංග්ලාදේශයේ ජනප්‍රිය පුද්ගලයෙකි."

වොෂින්ටනය අපේක්ෂා කළ ප්‍රතිඵලය ගෙන එන ආකාරයෙන් අනාගත මැතිවරණ පැවැත්වීම සඳහා බංග්ලාදේශයට බලපෑම් කිරීමට එක්සත් ජනපදය දැනටමත් ගෙන ඇති පියවර එම ලිපිය මගින් පිළිගනු ලැබ තිබුණි.

"...එක්සත් ජනපද රජය නිවේදනය කළේ බංග්ලාදේශයේ "ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාවලිය අණතුරේ හෙළීමට" හවුල් වී සිටින බංග්ලාදේශ වැසියන්ට "වීසා සීමා පැනවීමට පියවර ගැනීම" ආරම්භ කර තිබේ."

මෑත කාලීන, ප්‍රචණ්ඩ විරෝධතා පැවැති කාලය දක්වා බංග්ලාදේශයේ පාලනය කළ අවාමි ලීග් (AL) පක්ෂය, එක්සත් ජනපද තානාපති හාස් බංග්ලාදේශයේ අභ්‍යන්තර දේශපාලන කටයුතුවලට මැදිහත් වූ බවට සහ විශේෂයෙන් විපක්ෂ බංග්ලාදේශ ජාතික පක්ෂයට (BNP) සහාය දුන් බවට මෙන්ම ඒ වෙනුවෙන් වීදි ප්‍රචණ්ඩත්වය ප්‍රවර්ධනය කළ බවට චෝදනා කළ බව ලිපිය පිළිගනී.

"මාංශ පේශි"

බටහිර මාධ්‍ය බංග්ලාදේශයේ නොසන්සුන්තාවය “ශිෂ්‍ය විරෝධතාකරුවන්” විසින් මෙහෙයවන ලද “ප්‍රජාතන්ත්‍රවාදය රැක ගැනීමේ” පෙළපාලි ලෙස නිරූපණය කළ නමුදු BBC ය 2023 ජූලි මාසයේ  “ බංගලාදේශ අගමැතිණිය ප්‍රචණ්ඩ ක්‍රියාකාරකම් වෙනුවෙන් දේශපාලන සතුරන්ට දොස් පවරයි ( Bangladesh PM blames political foes for violence) ” යනුවෙන් පළ කළ ලිපියේ බංග්ලාදේශ ජාතික පක්ෂය සහ ජමාත් -ඊ-ඉස්ලාමි ව්‍යාපාරය  ඇතුළු  එහි ශිෂ්‍ය අංශය ප්‍රචණ්ඩත්වය පිටුපස  වක්‍රාකාරව සහභාගි වී ඇති බවපිළිගෙන ඇත.

බංගලිදේශය නිදහස ලබා ගත් දා සිට, පුළුල් ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කළ බවට චෝදනා කරමින්, බලය දරන්නේ කවුරුන්ද යන්න මත, දශක ගණනාවක් තිස්සේ ජමාත්-ඊ-ඉස්ලාමි සංවිධානය තහනම් කර ඇත.

වොයිස් ඔෆ් ඇමරිකා ඇසෝසියේටඩ් ප්‍රෙස් හි පළ කළ ලිපියක් නැවත ප්‍රකාශයට පත් කරමින්, සනිටුහන් කරන්නේ,

"1971 දී ඝාතන, පැහැරගැනීම් සහ ස්ත්‍රී දූෂණ ඇතුළු මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සම්බන්ධයෙන් අධිකරණය විසින් වරදකරුවන් කරනු ලැබීමෙන් පසු 2013 සිට පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයින් බොහොමයක් එල්ලා මරා දමා හෝ සිරගත කර ඇත." යනුවෙනි.

බංග්ලාදේශයෙන් පිටත අනෙකුත් රජයන් ද එනම් රුසියානු සමූහාණ්ඩුව ඇතුළු බොහෝ රාජ්‍යyaන් ජමාත්-ඊ-ඉස්ලාමි ත්‍රස්ත සංවිධානයක් ලෙස නම් කර ඇති බව සඳහන් කළ යුතුය.

එක්සත් ජනපද රාජ්‍යය දෙපාර්තමේන්තුව, 2023  තරම් මෑතක දී වාර්තාවක් ප්‍රකාශයට පත් කර ඇති අතර, ජමාත්-ඊ-ඉස්ලාමි කොටස සඳහා ප්‍රචණ්ඩ ඉතිහාසය සුදු හුනු ගෑම කළ අතර සංවිධානය බංග්ලාදේශයට එල්ල කරන තර්ජන යටපත් කරමින්, ඒ වෙනුවට ජමාත්-ඊ-ඉස්ලාමි සංවිධානය රජයේ “අපයෝජනයන්ට” ගොදුරු වූවන් ලෙස නිරූපණය කරනු ලැබුවේය.

බටහිර මාධ්‍ය ජමාත්-ඊ-ඉස්ලාමි සංවිධානය තහනම ගැන වාර්තා කර ඇතත්, මෑත කාලීනව බංගලාදේශයේ සිදු වූ විරෝධතාවලට එහි සම්බන්ධය ප්‍රතික්ෂේප කිරීමට කිසිදු වාර්තාවක් මගින් උත්සාහ කර නැත.

විරෝධතාවල "මුහුණ"

ලොව පුරා එක්සත් ජනපදය විසින් සංවිධානය කරන ලද අනෙකුත් විරෝධතා මෙන්ම, බංගලාදේශයේ සිදු කළ ඊනියා අරගලයද එක්සත් ජනපද රජය විසින් අරමුදල් සපයන ඊනියා "සිවිල් සමාජ" කණ්ඩායම් මෙන්ම එක්සත් ජනපදයේ පිටුබලය ලබන විරුද්ධ පක්ෂවල ආධාරකරුවන් සමඟ ජමාත්-ඊ-ඉස්ලාමි වැනි ප්‍රචණ්ඩ සංවිධානවල එකතුවක් ලෙස වීදි බැස, එක් එක් සංවිධාන විසින් වැදගත් කාර්යභාරයක් ඉටු කළ බව පෙනේ. 

ප්‍රචණ්ඩ "වීදි පෙරමුණු" විරෝධතා උත්සන්න කිරීමේ උපාංගයක් ලෙස ප්‍රචණ්ඩත්වය ඇති කරයි, සිවිල් සමාජය වීදිවල සහ තොරතුරු අවකාශය හරහා ව්‍යාපාරයේ “මුහුණ” ලෙස පෙනී සිටින අතර එක්සත් ජනපදයේ පිටුබලය ලබන දේශපාලන පක්ෂ එම ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් ලෙස තමන්ව බලයට ගෙන ඒමට ප්‍රචණ්ඩත්වය මගින් ඇතිවන හිඩැස භාවිතා කරයි.

ගෝලීය මහ ජනයා වෙත "මුහුණක්" ලබා දීමේ කාර්යභාරය ඉටු කිරීම සඳහා ඩකා විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යා අංශයේ නහිඩ් ඉස්ලාම් සහ නුස්රත් ටබසුම් ඇතුළු සිසුන් ගණනාවක් වූ අතර ඔවුන් දෙදෙනාම එක්සත් ජනපදයට සහ යුරෝපීය රාජ්‍යන්ට මෙන්ම විවෘත සමාජය පිළිබඳ අරමුදල් සපයන Front Line Defenders දත්ත සමුදායටද තමන්ගේම වු ආකෘතියක් ඇත. 

ලොව පුරා සිටින බොහෝ දෙනෙක් ලොව පුරා පාලන තන්ත්‍ර වෙනස් කිරීම සඳහා එක්සත් ජනපද ආණ්ඩුවේ මැදිහත්වීම පිලිබඳව අවබෝධ කර ගැනීමට සහ සාක්ෂි සෙවීමට පටන් ගෙන ඇති නිසා, නහිඩ් ඉස්ලාම් සහ නුස්රත් ටබසුම් සහ “ශිෂ්‍ය” විරෝධතාවල අනෙකුත් ප්‍රධාන නායකයින් ඩකා විශ්ව විද්‍යාලය සමඟ තිබෙන සම්බන්ධකම් මෙන් එක්සත් ජනපද ආණ්ඩුවට සෘජු සම්බන්ධතා ඇති බවට මේ දක්වා තොරතුරු සොයා ගත නොහැකිය.

විශේෂයෙන්ම මෙම "නායකයන්" බිහි වූ ඩකා විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යා දෙපාර්තමේන්තුව බටහිර කේන්ද්‍රීය සංවිධාන සහ සංසද සමඟ නිතිපතා ක්‍රියාකාරකම් පවත්වනු ලබයි. "බංග්ලාදේශයේ වැරදි තොරතුරුවලට මුහුණ දීම ව්‍යාපෘතිය (Confronting Misinformation in Bangladesh (CMIB) project)”  ඇතුළුව, එ.ජ. රජයෙන් අරමුදල් සපයන වැඩසටහන්වලට සම්බන්ධ මහාචාර්යවරුන් ගෙන් දෙපාර්තමේන්තුවේ කාර්යමණ්ඩලය පිරී පවතී. මෙයට මහාචාර්යවරුන් වන සයිමා අහමඩ් සහ ආචාර්ය කජාලෙයි ඉස්ලාම් ඇතුළත් වේ. ඔවුන් දෙදෙනාම අමෙරිකා එක්සත් ජනපදය මුල්‍යමය දායකත්වය සපයන ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ ජාතික අනුරක්ෂණය(National Endowment for Democracy -NED) ප්‍රදානලාභීන් මෙන්ම එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ෆුල්බ්‍රයිට් විද්වතුන් වෙමින් ව්‍යාපෘතියේ ප්‍රධාන කණ්ඩායමේ තීරණාත්මක මැදිහත්කරුවන් ලෙස සේවය කරති.

NED සහ ෆුල්බ්‍රයිට් හරහා ලබා ගත හැකි විස්තීර්ණ මුදල් සහ ශිෂ්‍යත්ව හරහා ඩකා විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යා අංශය එක්සත් ජනපද ආණ්ඩුව කෙතරම් තරයේ ආක්‍රමණය කර ඇත්දැයි සලකා බලන විට, එක්සත් ජනපදයේ පිටුබලය ලබන පාලන තන්ත්‍ර වෙනස සඳහා "මුහුණුවර" ලෙස පෙනී සිටිමින් එක්සත් ජනපද අවශ්‍යතා සඳහා සේවය කරන “ශිෂ්‍යයන්” බංග්ලාදේශයේ බිහිවීම  පුදුමයක් නොවේ.

හුරුපුරුදු සැකිල්ලක්

ඉලක්කගත ජාතීන් අස්ථාවර කිරීමට, ඉලක්කගත ආණ්ඩු නෙරපා හැරීමට සහ එක්සත් ජනපදයේ පිටුබලය ලබන විරුද්ධ පක්ෂ බලයට පත් කිරීමට උපකාර කිරීම සඳහා ප්‍රචණ්ඩ අන්තවාදී ප්‍රමුඛ වීදි පෙරමුණු සහ ඊනියා “ශිෂ්‍ය විරෝධතාකරුවන්” භාවිතා කිරීම බටහිර මාධ්‍ය විසින්ම පිළිගත් පුළුල් ගෝලීය රටාවටද ගැලපෙන්නේය.

2004 දී "ලන්ඩන් ගාඩියන්" සඟරාව, බෙලරුස්, සර්බියාව සහ යුක්රේනය මෙන්ම එකල යුක්රේනයේ හටගත් නොසන්සුන්තාව ප්‍රකාශ කරමින් කොකේසස් කලාපයේ ජෝර්ජියාව ඉලක්ක කරමින් නැගෙනහිර යුරෝපය පුරා එක්සත් ජනපදයේ අනුග්‍රහය ලත් පාලන තන්ත්‍රය වෙනස් කිරීමට ක්‍රියා මාර්ග තේරූ බව පිළිගත්තේ,

"...මෙම ව්‍යාපාරය ඇමරිකානු නිර්මාණයකි, බටහිර සන්නාම සහ මහා අලෙවිකරණයේ නවීන හා විශිෂ්ට ලෙස සංකල්පිත අභ්‍යාසයක් වන අතර, වසර හතරක් තුළ රටවල් හතරක, දූෂිත මැතිවරණය නැමැති "ඇඳුම්" ගලවා දැමීමට සහ නුසුදුසු පාලන තන්ත්‍රයන් පෙරලා දැමීමට උත්සාහ කර ඇත. එක්සත් ජනපදය විසින් අරමුදල් සපයන ලද සහ සංවිධානය කරන ලද එක්සත් ජනපද උපදේශකයින්, ඡන්ද විමසීම් කරන්නන්, රාජ්‍ය තාන්ත්‍රිකයින්, විශාල ඇමරිකානු පක්ෂ දෙක සහ එක්සත් ජනපද රාජ්‍ය නොවන සංවිධාන යොදවා, මෙම ව්‍යාපාරය ප්‍රථම වරට යුරෝපයේ බෙල්ග්‍රේඩ් හි 2000 දී පැවැති මැතිවරණයේදී ස්ලොබොඩන් මිලොසෙවික් පරාජය කිරීමට භාවිතා කරන ලදී." ලෙස විග්‍රහ කරමිනි.

එම ලිපියම වැඩිදුරටත් පවසා සිටින්නේ,

"මෙහෙයුම - ඡන්ද පෙට්ටිය සහ සිවිල් අකීකරුකම හරහා ප්‍රජාතන්ත්‍රවාදය නිර්මාණය කිරීම - දැන් කෙතරම් සුමටව කළ හැකිද යත්, එම ක්‍රම වෙනත් ජනයාගේ මැතිවරණ ජයග්‍රහණය කිරීමේ අච්චුවක් බවට පරිණත වී ඇත."

එම "සැකිල්ල" 2011 දී මැද පෙරදිග සහ උතුරු අප්‍රිකාව හරහා නැවත භාවිතා කරනු ලැබ ඇති බව තහවුරු කිරීමට නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පත "එ.ජ. කණ්ඩායම් අරාබි නැගිටීම් පෝෂණය කිරීමට උදව් කළා" යනුවෙන් ලිපියක් පල කරමින් කියා සිටියේය .

එලෙසම නිව්යෝක් ටෛම්ස් පුවත් පත :

"කලාපය පුරා පැතිර ඇති කැරලි සහ ප්‍රතිසංස්කරණවලට සෘජුවම සම්බන්ධ වූ කණ්ඩායම් සහ පුද්ගලයින් ගණනාවක් වොෂින්ටනයේ පිහිටි ලාභ නොලබන මානව හිමිකම් සංවිධානයක් වන ජාත්‍යන්තර රිපබ්ලිකන් ආයතනය, ජාතික ප්‍රජාතන්ත්‍රවාදී ආයතනය සහ ෆ්‍රීඩම් හවුස් වැනි කණ්ඩායම් වලින් පුහුණුව සහ මූල්‍යාධාර ලබා ගත් බව මෑත සතිවල එළි දැක්වුනු සම්මුඛ සාකච්ඡා වලින් සහ  විකිලීක්ස් විසින් ලබාගත් ඇමරිකානු රාජ්‍යතාන්ත්‍රිකයන්ගෙ කේබල් පණිවිඩ වලින් තහවුරු විය."

ලිපියෙහි NED සහ එහි අනුබද්ධිත සමාගම් මෙන්ම එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව සහ Google සහ Facebook (දැන් Meta ) වැනි එක්සත් ජනපදය පදනම් කරගත් තාක්ෂණික සමාගම් අතරින් එහි හවුල්කරුවන් ද විස්තර කර ඇති එකම “සැකිල්ල” යෙදීමෙහි යෙදී සිටින බව 2004 දී ගාඩියන් සඟරාව විසින් සඳහන් කරනු ලැබ ඇත. .

2011 අරාබි ලෝකය පුරා ඇති වූ නොසන්සුන්තාව සහ අවසානයේ 2014 දී යුක්රේන රජය පෙරලා දැමීම යන දෙකෙහිම එක්සත් ජනපද පිටුබලය ලබන අන්තවාදී සංවිධාන භාවිතා කිරීම කැපී පෙනුණි. ලිබියාවේ, ඊජිප්තුවේ, ටියුනීසියාවේ සහ සිරියාවේ මුස්ලිම් සහෝදරත්වය සහ අල්කයිඩාවට අනුබද්ධ සංවිධාන යොදා ගත් අතර යුක්රේනයේ නව නාසි සටන්කාමීන් මෙම කාර්යභාරය ඉටු කළහ. ප්‍රචණ්ඩ අන්තවාදීන්ගේ ජාල දෙකම  එක්සත් ජනපදය මැදිහත්ව අදාල රටවල කළ පාලන තන්ත්‍ර වෙනස් කිරීම් වලදි ඇති වූ යුද්ධවල දී පුළුල් භූමිකාවන් ඉටු කර ඇත. 

එක්සත් ජනපදය වොෂින්ටනයේ ප්‍රමිතීන්ට අනුව මැතිවරණය පවත්වන ලෙස බංග්ලාදේශයට විවෘතව බලපෑම් කරන අතර ඩකාහි එක්සත් ජනපද තානාපතිවරයා බංග්ලාදේශ රජය නෙරපා හැරීමට උත්සාහ කරන විපක්ෂ කණ්ඩායම්වලට විවෘතව සහාය දීමත් සමඟ මෙම “සැකිල්ල” දැන් බංග්ලාදේශයේ සාර්ථකව යොදා ඇති බව ඉතා පැහැදිලිය.

එක්සත් ජනපදයේ පිටුබලය ලබන විරෝධතාකරුවන්ට බලයේ හෙබවීමට අවශ්‍ය කවුද?

ඇසෝසියේටඩ් ප්‍රෙස් (ටයිම් සඟරාව යොදා ගනිමින්) පල කළ ලිපියේ, බංග්ලාදේශ විරෝධතාකරුවන් නොබෙල් ත්‍යාගලාභී මුහම්මද් යූනුස් අන්තර්වාර රජයට නායකත්වය දෙන බව වාර්තා කරයි:

"බංගලාදේශයේ ශිෂ්‍ය විරෝධතාවල ප්‍රධාන සංවිධායකයෙකු පැවසුවේ, නොබෙල් සාම ත්‍යාගලාභී මුහම්මද් යූනුස් අන්තර්වාර රජයක ප්‍රධානියා ලෙස ඔවුන්ගේ තේරීම බව පැවසුවේ දිගුකලක් බංගලාදේශය පාලනය කළ අගමැතිනි ෂීක් හසීනා ඉල්ලා අස්වීමෙන් දිනකට පසුවය."

යූනුස්ගේ නම යෝජනා කළේ ඩකා විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යා අංශයෙන් උකහාගත් “ශිෂ්‍ය නායකයින්” වන අතර, යූනුස් එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ෆුල්බ්‍රයිට් විශාරදයෙකු මෙන්ම සාමූහික බටහිරයන් ඔහුගේ විශ්වසනීයත්වය ගොඩනැගීමට විවිධ සම්මාන ලාභියෙකු බවට පත් කිරීමද පුදුම විය යුතු නැත. .

අසල්වැසි මියන්මාරයේ අවුන් සාන් සුකී ඇතුළු ලොව පුරා සිටින අනෙකුත් එක්සත් ජනපද ප්‍රොක්සිවරු hewath අමෙරිකානු බළල් අත්වලට පිරිනැමෙන නොබෙල් සාම ත්‍යාගයද මෙයට ඇතුළත් වේ.

යූනුස් 2009 දී එක්සත් ජනපද ජනාධිපති පිරිනමන නිදහස පිළිබඳ පදක්කම ද, 2013 දී එක්සත් ජනපද කොන්ග්‍රසය පිරිනමන පදක්කම ද දිනාගන්නා  ලදී. යුනුස්ගේ සංවිධානයේ වෙබ් අඩවියේ, "යූනස් මධ්‍යස්ථානය" 2013 සටහනේ, "ආචාර්ය මුහම්මද් යුනුස්, කොංග්‍රස් රන් පදක්කම්ලාභී ප්‍රථම ඇමරිකානු මුස්ලිම් ජාතිකයා," ලෙස වර නංවා තිබුණේ ඔහුට සැබෑ ඇමරිකානු පුරවැසිභාවයක් නොමැති බවට කිසිදු ඇඟවීමක් නොතකාය.ඒ අනුව, ඔහු "ඇමරිකානු මුස්ලිම්" ලෙස විකාර ලෙස හඳුන්වනු ලැබුණි.

බංග්ලාදේශයේ පාලන තන්ත්‍රය වෙනස් වීමේ ප්‍රතිවිපාක

බංග්ලාදේශයේ විරෝධතාවලට සම්බන්ධ වූ සියල්ලන්ටම එක්සත් ජනපද ආණ්ඩුව සමග ඇති  පිටුබලය සහ අනුබද්ධයන් පැහැදිලිව තිබියදීත්, BNP ය සහ යූනුස් යන දෙදෙනාම චීනය ඇතුළු ඇමරිකානු විරුද්ධවාදීන් සමඟ සබඳතා වගා කර ඇති බව ද සඳහන් කළ යුතුය.

අවාසනාවකට මෙන්, "ප්‍රජාතන්ත්‍රවාදය" සහ "නිදහස" පිලිබඳ පුහු වාචාල කථා මගින් බංග්ලාදේශයේ දේශපාලන අර්බුදය පිලිබඳ ගෝලීය තොරතුරු අවකාශය පුරවා ඇත. එහෙත් විපක්ෂය බලය ලබා ගන්නේ නම් එය ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන සැබෑ  විදේශීය හෝ දේශීය ප්‍රතිපත්ති පිලිබඳ කිසිදු සාකච්ඡාවකට යන්නේ නැත. කෙසේ වෙතත්, බංගලිදේශයේ බලයේ සිටින ආණ්ඩුවක් බලයෙන් ඉවත් කිරීමට එක්සත් ජනපදයේ ගැඹුරු මැදිහත්වීම සහ වොෂින්ටනය බංග්ලාදේශයේ අධ්‍යාපනය සහ දේශපාලන පද්ධතියට ගැඹුරින් ආක්‍රමණය කිරීම බංග්ලාදේශයට සහ එහි අසල්වැසියන්ට නරක ලෙස පුරෝකථනය කරයි.

චීනයේ දේශ සීමාවන් දිගේ පවතින රටවල් තුළ අවුල් ජාලාවක් ඇති කිරීමට එක්සත් ජනපදයට පැහැදිලි අභිප්‍රේරණයක් ඇත.  බංග්ලාදේශයේ නැගෙනහිරින් පිහිටි අසල්වැසියා වන මියන්මාරයේ දැනටමත් ප්‍රචණ්ඩ ගැටුමක් ඇවිලෙමින් පවතින අතර, එම අවුල බංග්ලාදේශයටම ව්‍යාප්ත කිරීම කලාපය තවත් පුළුල් ලෙස අස්ථාවර කිරීමට උපකාරී වේ. එය විශේෂයෙන් චීනය සහ බංග්ලාදේශය අතර ඒකාබද්ධ ව්‍යාපෘති පීලි පැන්න වීමට දොර විවර කරන අතර මැද පෙරදිග සහ ඉන් ඔබ්බට එහි පුළුල් සමුද්‍ර නාවික ගමනාගමනයට සහාය වන චීනයේ ඊනියා “මුතු වැල” වරාය ජාලය ඔස්සේ තවත් විභව බාධාවක් නිර්මාණය කරයි.

එය ඉන්දියාවට ද පීඩනයක් එල්ල කරයි. තමන්ගේම දේශසීමාවේ දේශපාලන අර්බුදයක අපේක්ෂාව වර්ධනය වීමත් සමඟ, රුසියාව සමඟ ඇති සම්බන්ධය සහ බටහිර සම්බාධක මග හැරීම සඳහා රුසියානු බල ශක්තිය මිලදී ගැනීම සහ නැවත විකිණීම සම්බන්ධයෙන් වන ඉන්දියාවේ භූමිකාව පිළිබඳව එක්සත් ජනපදයේ සහන ලබා ගැනීම සඳහා නව දිල්ලියට බලපෑම් කළ හැකිය.

බංග්ලාදේශයේ සිදුවූ එක්සත් ජනපද පිටුබලය ලබන පාලන තන්ත්‍ර වෙනස නැවත බිඳවැටීමේදී ඉදිරි සති සහ මාසවලදී කුමක් සිදු වුවද, දිනපතා සිරස්තල සහ භූ දේශපාලනික විශ්ලේෂණ වලින්  බොහෝ විට ඉවත් කරන රටවල පවා එක්සත් ජනපදය තවමත් ලොව පුරා කෙතරම් ගැඹුරින් සම්බන්ධ වී ඇත්ද යන්න තේරුම් ගැනීම වැදගත්ය.  එක්සත් ජනපදය ලොව පුරා මැදිහත් වන ආකාරය සහ එය නිරාවරණය කර එම මැදිහත් වීම් නැවැත්විය හැක්කේ කෙසේද යන්න පිළිබඳව වැඩි අවබෝධයක් ලබා ගැනීමේ අවශ්‍යතාවය අවබෝධ කර ගැනීම ද වැදගත් වේ.

ලොව පුරා ඕනෑම තැනක අමෙරිකා එක්සත් ජනපදයේ සාර්ථක මැදිහත්වීමක් අනෙක් සෑම තැනකම එක්සත් ජනපදයේ මැදිහත්වීම් තවදුරටත් සක්‍රීය කිරීමට උපකාරී වේ.

පරිවර්තනය ජීවන්ත ජයතිස්ස

What’s behind regime change in Bangladesh


https://mronline.org/2024/08/13/whats-behind-regime-change-in-bangladesh/

සම්බන්ධිත පුවත් | Related News

මීට පෙර මතු වී තිබූ නාඋයන ආරන්‍ය සේනාසනයේ භාවනා කුටි ඉවත් කිරීමේ සහ සේනාසන බලපත්‍රයට අදාළ ගැටළුව සාකච්ඡා මාර්ගයෙන් සම්පූර්ණයෙන් නිරවුල් කර ගෙන ඇති බව වාර්තා වේ.
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීමේ නඩුවේ පැමිණිල්ලේ සාක්ෂිකරුවකු ලෙස හිටපු බුද්ධි අංශ ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ ඉදිරි නඩු දිනයේදී කැඳවීමට පියවර ගන්නා බව පැමිණිල්ල ඊයේ (10) ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලට දැනුම් දුන්නේය.
බ්‍රසීල ව්‍යවස්ථාදායක සභාවේ දක්ෂිණාංශික සෙනෙට් සභිකයකු වන ෆ්ලාවියෝ බොල්සොනාරෝ, සිරගත කර සිටින හිටපු බ්‍රසීල ජනාධිපති ජයිර් බොල්සොනාරෝගේ පුත්‍රයා වන අතර, ඔහු බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් ජයග්‍රහණය කිරීමට සමත්ව තිබේ.
නා උයන ආරණ්‍ය සේනාසනයේ භාවනා කුටි කිහිපයක් ඉවත් කරන ලෙස වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම් දී ඇති බව වාර්තා වේ.
රජයේ විශ්වවිද්‍යාල පද්ධතිය තුළ පවතින ගැටළු සහ අර්බුද සඳහා මෙතෙක් නිසි විසඳුම් නොලැබීම හේතුවෙන්, ඉදිරියේදී වෘත්තීය ක්‍රියාමාර්ග තවදුරටත් තීව්‍ර කිරීමට පියවර ගන්නා බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසයි.
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ නිදහස සහ සිවුර ආරක්ෂා කරගැනීම වෙනුවෙන් වන අරගලයේ පළමු පියවර අද (10) මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ මහ මළුවෙන් ආරම්භ කරන බව පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් පවසති.
විවිධ චෝදනා මත රක්ෂිත බන්ධනාගාරගත වන හෝ සිරදඬුවම් නියම වන භික්ෂූන් වහන්සේලා සිවුරු පිටින් බන්ධනාගාරයෙන් බැහැරව රඳවා තබා ගැනීම ඇතුළු කරුණු සම්බන්ධයෙන් පවතින ගැටලු නිරාකරණය කරමින්, ඊට අදාළ නීතිමය රෙගුලාසි කඩිනමින් සකස් කරන ලෙස ජනාධිපතිවරයා විසින් අධිකරණ අමාත්‍යාංශයට උපදෙස් ලබා සුන් බව ඒ සාකච්චාවට ඒක් වූ මල්වතු මහා විහාරීය නියෝජිත ලේඛකාධිකාරී පූජ්‍ය මහවෙල රතනපාල හිමියන් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිති.
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ නඩු පැවරීමට පියවර ගෙන ඇති බව පොලීසිය පවසයි.
ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉතා නින්දිත ආකාරයෙන් ගලවා ඉවත් කළ බවත්, මේ සම්බන්ධයෙන් පසුගියදා ජනාධිපතිවරයා විසින් භික්ෂූන් වහන්සේලා කැඳවා සිදුකරන ලද්දේ හුදෙක් රංගනයක් පමණක් බවත් පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමි පවසති.

ප්‍රධාන පුවත්

බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?

බ්‍රසීල ව්‍යවස්ථාදායක සභාවේ දක්ෂිණාංශික සෙනෙට් සභිකයකු වන ෆ්ලාවියෝ බොල්සොනාරෝ, සිරගත කර සිටින හිටපු බ්‍රසීල ජනාධිපති ජයිර් බොල්සොනාරෝගේ පුත්‍රයා වන අතර, ඔහු බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් ජයග්‍රහණය කිරීමට සමත්ව තිබේ.

ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..

ඊශ්‍රායලය තුළ දැඩි අභ්‍යන්තර අර්බුදයක් නිර්මාණය වෙමින් පවතින අතර, එය සිවිල් යුද්ධයක් දක්වා වර්ධනය වීමේ දැඩි අවදානමක් මතුව ඇති බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..

බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක වන බවත්, අනුරාධපුරය පූජාභූමියටද වෙනත් ආගමික ස්ථාන ඇතුළත් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර, උන්වහන්සේ අයත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රිධර්ම මහා සංඝ සභාව සමග සාකච්ඡාවක් සඳහා එක්වන්නැයි එම සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි ජනාධිපතිවරයාට ලිපියක් මගින් ඊයේ (09) දැනුම්දී තිබේ.

සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි

සියලු සාමණේර හිමිවරුන් අනාගතයේදී ගලගොඩඅත්තේ හිමියන් කෙනෙක් පත්විය යුතු බව ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රකාශ කරති.

"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.