News Category
From Date
To Date
Maximum Number of Result

අප රටේ මැතිවරණ වලට ඉදිරිපත්වන පක්ෂ සහ අපේක්ෂකයන් තම ජයග්‍රහණය තහවුරු කර ගැනීම පිණිස විවිධ කුට උපක්‍රම භාවිත කරති. ඒ අතරින් මෙතෙක් පැවැති මැතිවරණ වලදී ජ්‍යෝතිෂ්‍යකරුවන්ගේ අනාවැකි ප්‍රබල බලපෑමක් සමාජය කෙරෙහි එල්ල කළහ. එම ජ්‍යෝතිෂ්‍යකරුවන් කුමන හෝ පක්ෂයක එසේ නැතිනම් කුමන හෝ පුද්ගලයෙකුගේ අතකොලුවක් බව පසුව ඔප්පු වුණි. හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මෙම විෂයේ කෙළ පැමිණියෙකි. එසේ වුවද එක්තරා ඇස් නොපෙනෙන ජ්‍යෝතිෂ්‍යකරුවෙකු කාගේ අතකොලුවක්දැයි පොදු මහජනයාට වටහා ගැනීමට නොහැකිතරම් සුක්ෂම ලෙස තම සේවය තම හාම්පුතා වෙනුවෙන් ඉටු කරණු ලැබුවේය. එහෙත් ඔහු හෝ අනෙකුත් ජ්‍යෝතිෂ්‍යකරුවෝ 2024 ජනාධිපතිවරණයේදී කිසිවෙකු වෙනුවෙන් අනාවැකි කීමට ඉදිරිපත් වන බවක් දක්නට නොලැබුණි.

සිරස රූපවාහිනී නාලිකාවේ 'සටන' දේශපාලන වැඩසටහනට සහභාගි වෙමින් ජාතික ජන බලවේගයේ සභික නලින්ද ජයතිස්ස මහතා පසුගිය දිනෙක පැවසුවේ පළාත් සභාවලට ලබාදී තිබෙන බලතල පමණක් ක්‍රියාත්මක කරනවා මිස 13 බලාත්මක කිරීමක් සම්බන්ධයෙන් උතුරේ ජනතාවට නොපැවසූ බවකි.

එළඹෙන 2024 ජනාධිපතිවරණයේ දී ජය ලබා ගන්නා අපේක්ෂකයා පිළිබඳව නොර්වේ රාජ්‍යයට සම්බන්ධ රාජ්‍ය නොවන ආයතනයක් වන Oslo Institute of Political Research and Advocacy නම් ආයතනය විසින් විද්‍යාත්මක ක්‍රමවේදයක් අනුව පුරෝකථනයක් සිදුකර තිබේ.

ඒකීය රාජ්‍ය තුළ සම්බුද්ධ ශාසනය සුරක්ෂිත කර පෝෂණය කිරීමේ වගකීම' යන මැයෙන් ජනාධිපතිවරණ අපේක්ෂකයන්ගේ මත විමසීම සඳහා පැවති කථිකාවක් සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ දී පැවැත්විණි.

ධවල මන්දිරයේ දෙවන ධුර කාලය අපේක්ෂාවෙන් සිටින හිටපු ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මාස තුනක කාලයක් තුළ දෙවන වරටත් ඝාතනය කිරීමට උත්සහා කර ඇති බව පෙනී යයි.ට්‍රම්ප් ඝාතනය කිරීමට උත්සහා කළ සැකකරු කියෙව් පරිපාලනය වෙනුවෙන් විදේශීය සටන්කාමීන් බඳවා ගැනීමට සම්බන්ධ වූ යුක්රේනයට වශී වූ පුද්ගලයෙකි.

‍2015 දී ගෙන ආ නව ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාදාමය ඉදිරියට ගෙන යන බව අනුර කුමාර දිසානායක මහතා සිය මැතිවරණ ප්‍රකාශනයේ 230 පිටුවේ සදහන් කර ඇති අතර මෙරට ඔරුමිත්තනාඩුවක් ලෙස හදුන්වන, බුදු දහමට ලබා දෙන ප්‍රමුඛස්ථානය ඉවත් කර ශ්‍රී ලංකාව නිරාගමික රාජ්‍යයක් කිරීමේ වැඩ පිළිවෙල අන්තර්ගත වන්නේ 2015 මෙම ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාදාමය තුල බව පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

කොටස් දෙකකට බෙදී ඇති එක්සත් ජාතික පක්ෂයේ එක් කොටසක් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සමගත්, අනෙක් කොටස සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස යටතේත් කටයුතු කිරීමෙන් මෙවර ජනාධිපතිවරණයේ දී අවාසි සහගත තත්ත්වයක් නිර්මාණය වන බවත්, මෙම නායකයන් දෙදෙනාගෙන් කවුරුන් හෝ යටතේ නැවත එක්සත් ජාතික පක්ෂය ගොඩගැනීම සඳහා මෙම මැතිවරණයේ දී පක්ෂ දෙකයම වාසි සාහගත වන අයුරින් ඡන්දය භාවිතා කළ යුතු බවත් සඳහන් පත්‍රිකාවක් මේ වන විට සමාජ මාධ්‍යයේ සංසරණය වෙමින් තිබේ.

සත්‍ය සෙවීමේ කොමිසම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ප්‍රකාශ කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනුකිරීමට ජාතික සංවිධාන නියෝජිතයන් කටයුතු කර තිබේ.

එක්සත් ජනපද හිටපු ජනාධිපති සහ රිපබ්ලිකන් ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් ෆ්ලොරිඩාවේ වෙස්ට් පාම් බීච් හි trump International Golf Club ක්‍රීඩා පිටියේ ඊයේ(14) ක්‍රීඩා කරමින් සිටියදී ඔහු ආසන්නයේ වෙඩි තැබීමක් සිදුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි. ට්‍රම්ප්ගේ මාධ්‍ය ප්‍රචාරක අංශය පැවසුවේ වෙඩි තැබීමෙන් හිටපු ජනාධිපතිවරයාට හානියක් සිදුවී නොමැති අතර ඔහු ආරක්ෂිතව එම ස්ථානයෙන් ඉවත් කර ඇති බවයි. “ජනාධිපති ට්‍රම්ප් අසල සිදුවූ වෙඩි තැබීම් වලින් පසුව ට්‍රම්ප් ආරක්ෂිතයි. මේ අවස්ථාවේ වැඩි තොරතුරක් දීමට නොහැකියි.”ට්‍රම්ප්ගේ මාධ්‍ය ප්‍රචාරක අංශයේ ප්‍රකාශක ස්ටීවන් චියුන්ග් පැවසීය.


දේශීය පුවත්

"ඥානසාර හිමියන් සිරදඬුවම් විඳින්නේ සමස්ත ජාතිය සහ ශාසනය වෙනුවෙන්.. උන්වහන්සේ තනි නොකර කොන්දේසි විරහිතව පෙනී සිටීම සිව්වනක් පිරිසේම වගකීමක්" - පූජ්‍ය උලපනේ සුමංගල හිමි

වත්මන් රජය විසින් අත්තනෝමතික ලෙස පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව ගනු ලැබූ ක්‍රියාමාර්ග තරයේ හෙළා දකින බව පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

භික්ෂුවකගේ සිවුර ඉවත් කිරීම බන්ධනාගාර නීතිය අනුව කළ නොහැකියි.. තීරණය ගත යුත්තේ මහනාහිමිවරුන්.. - දයාසිරි කියයි

බෞද්ධ භික්ෂූන් වහන්සේ නමකගේ සිවුර ඉවත් කිරීමේ ක්‍රියාවලිය බන්ධනාගාරයේ පවතින නීති රෙගුලාසි මත පමණක් සිදු කළ නොහැකි බවත්, ඒ සම්බන්ධයෙන් තීරණය කිරීමේ පූර්ණ බලය මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා සතු බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අවධාරණය කරයි.

ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..

සිරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සහ භික්ෂු ශාසනික අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම අරමුණු කරගනිමින් මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් "සිවුරට යුක්තිය - ජාතික අධිෂ්ඨාන පූජාව" සහ "නිදහසේ පාද යාත්‍රාව" අද (10) උදෑසන මහනුවර ශ්‍රී දළදා මාලිඟාව අබියසින් ආරම්භ විය.

ඥානසාර හිමියන් වෙනුවෙන් දළදා මාලිගාව අභියස ඇරඹුණු අධිෂ්ඨාන සත්‍යක්‍රියාව..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ නිදහස සහ සිවුර ආරක්ෂා කරගැනීම වෙනුවෙන් වන අරගලයේ පළමු පියවර අද (10) මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ මහ මළුවෙන් ආරම්භ කර තිබේ.

නාඋයන ආරණ්‍ය සේනාසනයේ භාවනා කුටි සම්බන්ධ ගැටළුව ගැන පූජ්‍ය අගුල්ගමුවේ අරියනන්ද හිමියන්ගෙන් විශේෂ ප්‍රකාශයක්..

මීට පෙර මතු වී තිබූ නාඋයන ආරන්‍ය සේනාසනයේ භාවනා කුටි ඉවත් කිරීමේ සහ සේනාසන බලපත්‍රයට අදාළ ගැටළුව සාකච්ඡා මාර්ගයෙන් සම්පූර්ණයෙන් නිරවුල් කර ගෙන ඇති බව වාර්තා වේ.

එක්නැලිගොඩ නඩුවට සුරේෂ් සලේත් කැඳවයි..

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීමේ නඩුවේ පැමිණිල්ලේ සාක්ෂිකරුවකු ලෙස හිටපු බුද්ධි අංශ ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ ඉදිරි නඩු දිනයේදී කැඳවීමට පියවර ගන්නා බව පැමිණිල්ල ඊයේ (10) ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලට දැනුම් දුන්නේය.

බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?

බ්‍රසීල ව්‍යවස්ථාදායක සභාවේ දක්ෂිණාංශික සෙනෙට් සභිකයකු වන ෆ්ලාවියෝ බොල්සොනාරෝ, සිරගත කර සිටින හිටපු බ්‍රසීල ජනාධිපති ජයිර් බොල්සොනාරෝගේ පුත්‍රයා වන අතර, ඔහු බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් ජයග්‍රහණය කිරීමට සමත්ව තිබේ.

නා උයනේ භාවනා කුටි කිහිපයක් ඉවත් කරන්නැයි දන්වලා.. ආරණ්‍යයේ හෙක්ටයාර් 167න් 100ක් ආපසු ඕනලු..

නා උයන ආරණ්‍ය සේනාසනයේ භාවනා කුටි කිහිපයක් ඉවත් කරන ලෙස වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම් දී ඇති බව වාර්තා වේ.

වෘත්තීය ක්‍රියාමාර්ග තවදුරටත් තීව්‍ර කරනවා.. - විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයෙන් රතු එළි..

රජයේ විශ්වවිද්‍යාල පද්ධතිය තුළ පවතින ගැටළු සහ අර්බුද සඳහා මෙතෙක් නිසි විසඳුම් නොලැබීම හේතුවෙන්, ඉදිරියේදී වෘත්තීය ක්‍රියාමාර්ග තවදුරටත් තීව්‍ර කිරීමට පියවර ගන්නා බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසයි.

ඥානසාර හිමියන් වෙනුවෙන් දළදා මාලිගාව අභියස අද අධිෂ්ඨාන සත්‍යක්‍රියාවක්..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ නිදහස සහ සිවුර ආරක්ෂා කරගැනීම වෙනුවෙන් වන අරගලයේ පළමු පියවර අද (10) මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ මහ මළුවෙන් ආරම්භ කරන බව පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් පවසති.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.