News Category
From Date
To Date
Maximum Number of Result

ආණ්ඩුවට ලැබුණු ජනවරමට එරෙහිව ක්‍රියා කරන්නේ නෑ... ජනවරම ආරක්ෂා කරමින් ජනතාවගේ අපේක්ෂා වෙනුවෙන් පෙනීසිටිනවා - ජාතික නිදහස් පෙරමුණෙන් නිවේදයක්

Nov 20, 2024 at 10:33 AM
|

වර්තමාන ආණ්ඩුවට ලැබුනු ජනවරම නිවැරදිව කියවා ගැනීමේ වැදගත්කම පෙන්වා දෙමින් ජාතික නිදහස් පෙරමුණ විසින් විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

අදාළ මාධ්‍ය නිවේදනය පහළින්...

ජනවරම නිවැරදිව කියවා ගැනීමේ වැදගත්කම

ජනාධිපතිවරණයේ දී ජාතික ජන බලවේගය ලබාගත් ජනවරමේ දිගුවක් ලෙස ජනතාව විසින් එම ජනවරම තවදුරටත් ශක්තිමත් කරමින් පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඓතිහාසිකව සුවිශේෂී ජනවරමක් ලබාදී ඇත. එම ජනවරම හිසට බරක් වන බව සහ එය අවභාවිතා නොකරන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා විසින් සඳහන් කිරීම අපි අගය කරමු. එම ජනවරමට ගරු කරන බව සහ ඊට එරෙහිව ක්‍රියා කිරීමට කටයුතු නොකරන බව මෙන්ම එය ආරක්ෂා කරන බව සහ ආණ්ඩුව ඊට එරෙහිව ක්‍රියාකිරීම වැළැක්වීම අපගේ ඉදිරි දේශපාලන භූමිකාව බව අප විසින් දැනටමත් මහජනයාට දන්වා ඇත.

ඒ අනුව මෙම ජනවරම නිවැරදිව කියවා ගැනීම හෙවත් එය නිර්මාණය කළ ජනතාවගේ හදවත්වල තැන්පත් වී ඇති දීර්ඝ කාලීන අපේක්ෂා පිළිබඳව ආණ්ඩුව මෙන්ම මහජනයා ලෙස අප සැම ගැඹුරු අවබෝධයක් ලබා ගැනීම ඉතා වැදගත් වේ. එදා 2002 දී දෙමළ බෙදුම්වාදීන්ට තාවකාලික ආණ්ඩුවක් ලබාදී ඊළම නිර්මාණය කිරීමට කෙටි පාරක් කැපීමට දායක වූ රනිල් වික්‍රමසිංහ පරාජය කිරීමට මෙන්ම ඉන්පසුව 2004 පාර්ලිමේන්තු මැතිවරණයේ දී එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ තරග කළ ජනතා විමුක්ති පෙරමුණේ සියලුම අපේක්ෂකයන්ට ඉහළම මනාප ලබාදුන්නේ අද ආණ්ඩුවේ ජනවරම නිර්මාණය කළ ජනතාවම බව අපගේ කියවා ගැනීම වේ. එදා ජාතික ජන බලවේගයක් තිබුණේ නැත. ඉන්පසුව 2005 දී මහින්ද රාජපක්ෂ බලයට පත්කර යුද්ධය අවසන් කිරීම සඳහා ඡන්දය දුන්නේ එම ජනතාවම නොවේ ද?. බෙදුම්වාදී යුද්ධය පරාජය කිරීමෙන් පසුව නැවතත් රට ගොඩනැඟීමට ජනවරම නිර්මාණය කළේ ද ඔවුන්ම ය.

එසේම යුද්ධය අවසන් කිරීමෙන් පසුව උතුරේ සහ දකුණේ ජනතාව අතර "මානසික පාලම" ඉදිකිරීම මගින් බෙදුම්වාදය සහ ජාතිවාදය පරාජය කිරීම වෙනුවට "කොන්ක්‍රීට් පාලම්" ඉදිකර කොමිස් ගැසීමේ බැසිල් රාජපක්ෂ න්‍යාය ප්‍රතික්ෂේප කිරීමේ ජනවරම නිර්මාණය කිරීමට ද එම සුවිශේෂී ජන කණ්ඩායම දායක විය. ඉන් පසුව 2015 - 2019 කාලයේදී නැවත වටයකින් රනිල් වික්‍රමසිංහ පාලනය විසින් නිර්මාණය කළ අර්බුද විසඳීම සඳහා ගෝඨාභය රාජපක්ෂට ලබාදුන් 69 ලක්ෂයක ජනවරම නිර්මාණය කරන්නේ ද අද අනුර දිසානායක ජනාධිපතිවරයාගේ 69 ලක්ෂයක ජනවරමට දායක වූ අතිබහුතරයකි.

එම දීර්ඝ ඉතිහාස කතාව වැදගත් වන්නේ අප රටේ ස්වෛරීභාවය, භෞමික අඛණ්ඩතාවය සහ ඓතිහාසික සභ්‍යත්ව උරුමය ආරක්ෂා කිරීම සඳහා කැපවෙන සහ නිර්භීතව දේශපාලන තීන්දු ගන්නා ලක්ෂ 60 - 70 ක ඡන්දදායකයන් පිරිසක් සිටින බව පෙන්වාදීම සඳහා ය. ඔවුන් 1977 සිට වර්ධනය වූ "පාදඩ ප්‍රභූ දේශපාලන සංස්කෘතියට" අකැමැති පිරිසකි. මෙවර එම "පාදඩ ප්‍රභූන්ට" ඡන්ද පාවිච්චි නොකළ 60 ලක්ෂයක ජනතාව ද අපගේ ඇගයීමට ලක් වේ. "පාදඩ ප්‍රභූන්ට" එරෙහිව ගොඩනැගෙන විරෝධය තුළ විකල්පය බවට හෙවත් "ගැලවුම්කාරයා" බවට ජාතික ජනබලවේගය පත්වන්නේ සුවිශේෂී ඓතිහාසික සාධකයක් නිසා බව තේරුම්ගැනීම ජනවරම නිවැරැදිව කියවා ගැනීම සඳහා ඉතා වැදගත් වේ. ජාතික ජන බලවේගය තෝරාගැනීම බවට පත්වන්නේ ජනතා විමුක්ති පෙරමුණ විසින් තම අතීත උරුමය, එනම් මහා කැපකිරීම් තුළින් නිර්මාණය කළ "සන්නාමය" පිළිබඳව ඇති ගෞරවය, ආදරය හා පිළිගැනීම නිසා බව සැඟවිය නොහැක.

ඒ නිසා ජනතා විමුක්ති පෙරමුණ නම් වූ සන්නාමයේ ගුණාංග නිර්මාණය කිරීම සඳහා ඓතිහාසිකව යම් භූමිකාවක් ඉටුකළ බලවේගයක් ලෙස, වර්තමාන ආණ්ඩුවේ ජනවරම ආරක්ෂා කිරීමට සහ විවිධ බාහිර බලපෑම් නිසා ආණ්ඩුව ඊට පිටුපා ක්‍රියාකිරීම වැළැක්වීමට වගකීමක් අප වෙත පැවරී ඇත. ඒ අනුව එම සන්නාමය නිර්මාණය කිරීමට, විශේෂයෙන්ම එම ක්‍රියාවලිය තුළ අපගේ මාතෘභූමිය බෙදා වෙන්කිරීම වැළැක්වීමට දිවිපිදූ රෝහණ විජේවීර සහෝදරයා ප්‍රමුඛ දහස් ගණන්  වීරෝදාර සගයන්ට සාධාරණය ඉටුකිරීමට ආණ්ඩුවේ පාර්ශ්වවලට සමාන වගකීමක් අපට ද පැවරෙන බව අපගේ විශ්වාසයයි. නුදුරු අනාගතයේ දී ආණ්ඩුවට මුහුණදීමට සිදුවන දේශීය සහ විදේශීය බෙදුම්වාදී බලවේගවල බලපෑම්වලට සහ ගෝලීය භූ දේශපාලන කේන්ද්‍රයක් ලෙස ශ්‍රී ලංකාවට උරුම වී ඇති අභියෝගවලට මුහුණදීම පහසු නොවන බව ජනවරම නිර්මාණය කළ ජනතාව ද තේරුම්ගත යුතුය.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ජාත්‍යන්තර න්‍යාය පත්‍රයකට අනුව දියත් වූ මෙහෙයුමක් මගින් බලයෙන් පහකර ඔහු අත වූ ”රිලේ බැටන් එක" රනිල් වික්‍රමසිංහ අතට ලබාදීමෙන් පසුව ඔහු විසින් 2002 දී සකස් කිරීම ආරම්භ කළ ධාවන පථය 2022 - 2024 කාලය තුළ කොන්ක්‍රීට් වැටවල් දමා ශක්තිමත් කරනු ලැබීය. දැන් “බැටන් පොල්ල” ජනතාව විසින් අනුර දිසානායක මහතා අතට ලබාදුන්න ද ඔහු ද දුවමින් සිටින්නේ එම පැරැණි ධාවන පථය තුළමය. දැන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඔවුන්ගේ බලපෑම මත සම්මත කළ අණපනත් සහ ඔවුන් විසින් ස්ථානගත කළ නිලධාරීන් ආදී පවුරු මගින් එම ධාවන පථය තවදුරටත් ආවරණය කර ඇත. 

ඒ නිසා එම පථයෙන් එළියට පනිමින් ජනවරමට අදාළ අපේක්‍ෂා ඉටුකිරීම සඳහා "ඇතුළතින් තල්ලු කිරීම" සහ "පිටතින් ඇදීම" යන ක්‍රියාවලි දෙකම එකවිට සිදුවිය යුතු බව අපගේ විශ්වාසය වේ. එහිදී "තල්ලු කිරීමේ වගකීම" ජාතික ජන බලවේගයේ කේන්ද්‍රීය දේශපාලන බලවේගය වන ජනතා විමුක්ති පෙරමුණේ නායකයන්ට සහ සාමාජිකයන්ට පැවරෙන අතර, "ඇදීමේ භූමිකාව" ජනවරම නිර්මාණය කළ ජනතාවට මෙන්ම ශ්‍රී ලංකා රාජ්‍යය ආරක්ෂා කිරීමට කැපවන අප ඇතුළු සියලු ජාතික බලවේගවලට පැවරෙන බව අපගේ විශ්වාසයයි. ඊට ප්‍රධාන වශයෙන් හේතුවන්නේ වත්මන් දේශපාලන අභියෝග තුළ ආණ්ඩුව බිඳවැටීම අනිවාර්යෙන්ම රාජ්‍යයේ බිඳවැටීම දක්වා ගමන් කිරීමය.

ජනවරමේ අපේක්ෂා කියවා ගැනීම සහ ඊට අදාළ මහජන සංවාදය දැන් ඉතා වැදගත් වන්නේ ප්‍රධාන කරුණු දෙකක් නිසා බව අපි විශ්වාස කරමු. පළමුවැන්න, ඉහත සඳහන් කළ බරපතළ ආර්ථික සහ ගෝලීය භූ දේශපාලන අභියෝගයන් ය. බෙදුම්වාදී බලවේග විසින් 13 වැනි සංශෝධනය බලාත්මක කිරීම සඳහා කරනු ලබන බලපෑම්, ඉන්දියාව සමග රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා 2023 ජූලි 21 දින ඇතිකර ගත් එකඟතාවය අනුව ආර්ථික ඒකාබද්ධකරණ ක්‍රියාවලිය ඉදිරියට ගෙනයාම සඳහා ඇති වන බලපෑම, ඉන්දු - පැසිෆික් කලාපයේ යුදමය අවශ්‍යතාව සඳහා ඇති කෙරෙන අමෙරිකානු බලපෑම් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ඇතිකරන බලපෑම් ආදී වශයෙන් වන බහුවිද බලපෑම් ඊට අයත් වේ. විශේෂයෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උවමනාවන්ට අනුව සම්මත කළ 2017 විදේශ විනිමය පනත සහ 2023 මහ බැංකු පනත නැවත සංශෝධනය කිරීමට ඉඩ නොදීම ආදිය ඉතා බරපතළ වේ. එම පනත් දෙක නැවත සංශෝධනය කිරීමෙන් තොරව ආර්ථික අර්බුදයෙන් දීර්ඝ කාලීනව ගොඩඒම යනු හුදු සිහිනයක් පමණක් බව අපගේ දේශපාලනික කියවා ගැනීම වේ.

එම පැහැදිලි කිරීමට අදාළ දෙවැනි කාරණය වන්නේ ජනවරම වැරදියට කියවා ගැනීම මගින් පැනවෙන මානසික බාධක ජය ගැනීමය. විශේෂයෙන්ම උතුරු සහ නැගෙනහිර පළාත්වල ජනතාව විසින් දෙමළ ජාතිවාදය සහ බෙදුම්වාදයට එරෙහිව නිර්මාණය කළ ජනවරම ඊනියා සිංහල ජාතිවාදය ප්‍රතික්ෂේප කිරීමක් ලෙස කියවා ගැනීමේ වරද ඉතා බරපතළ වේ. ඒ මගින් දෙමළ බෙදුම්වාදීන්ට පාර්ලිමේන්තුවේ ආසන අහිමි කළ සහ ඔවුන්ගේ ජාතිවාදී දේශපාලනය ප්‍රතික්ෂේප කළ ජනතාවගේ නාමයෙන් බෙදුම්වාදීන්ගේ ඉල්ලීම් ඉටුකර ගැනීමට අවකාශය සැලසේ. එය වළක්වාගත හැක්කේ උතුරේ සහ දකුණේ ජනතාවගේ අපේක්ෂා හෙවත් ජනවරම නිවැරදිව කියවා ගැනීම මගිනි.

විශේෂයෙන්ම 13 වැනි සංශෝධනය බලාත්මක කිරීම මගින් බෙදුම්වාදීන්ට පොලිස් බලය ලබාදීමෙන් සමාජ ආර්ථික පීඩනයට අමතරව කුල පීඩනයට ද ගොදුරුව සිටින අතිබහුතරයක් දෙමළ ජනතාවට සාධාරණය ඉටුවන්නේ නැත. ඒ මගින් සිදුවන්නේ එම ජනතාව තවදුරටත් පීඩාවට පත්වීම පමණකි.  ඔවුන්ගේ පන්තියේ පුද්ගලයකු ජනාධිපති කරවීම මගින් ඔවුන් බලාපොරොත්තු වන්නේ  ඔවුන්ව ආර්ථික සහ කුල පීඩනය ඇතුළු සමාජීය පීඩනයන්ගෙන් ගලවා ගැනීමය. ඒ සඳහා කළ යුතු  දේ ලැයිස්තුගත කිරීම "රොකට් විද්‍යාවක්" නොවේ.

එහෙත් රටේ අවාසනාවකට ඒ සියල්ලට අදාළ "ප්‍රතිපත්තිමය බෙදීම හෙවත් සංවාදය" ජනාධිපතිවරණ සහ මහ මැතිවරණ ක්‍රියාවලිය තුළ සිදු නොවීය. එය සමාන වන්නේ ජනතාව විසින් ආණ්ඩුවට "හිස් චෙක් පතක්" අත්සන හා දිනය යෙදීමෙන් තොරව බාරදීම වැනි ක්‍රියාවකට ය. දේශපාලන සංවාදය තුළ එම "ප්‍රතිපත්තිමය බෙදීම" ඇති කිරීමට ආණ්ඩුවට විරුද්ධ විපක්ෂය මෙන්ම ආණ්ඩුවට මගපෙන්වන විපක්ෂය ද අසමත්  වීම පිළිබඳව අපට ද වරද පැටවෙන බව නිහතමානීව පිළිගනිමු.

නමුත් ඉතිහාසය තුළ පක්ෂයක් ලෙස අප දේශපාලන තීන්දු ගැනීමේ දී පුද්ගලයන් ලෙස අපට ලැබෙන දේ හෝ අප ආණ්ඩුව තුළ නියෝජනය වනවාද, නැත්ද යන්න හෝ සාධකයක් ලෙස සැලකිල්ලට ගෙන නැත. ඒ අනුව අප පාර්ලිමේන්තුව තුළ නියෝජනය නොවීම අපගේ දේශපාලන භූමිකාව ඉටුකිරීම සඳහා බාධකයක් ලෙස නොසලකන බව පොදු මහජනතාවට දන්වා සිටිමු. එසේම ජනවරමේ අපේක්‍ෂා ඉටුකිරීම සඳහා පාර්ලිමේන්තුවෙන් පිටත භූමිකාවට අදාළ "ප්‍රතිපත්තිමය බෙදීම හෙවත් සංවාදය" සඳහා පොදු මහජනතාවට ගෞරවයෙන් ආරාධනා කරමු.

මේ වගට,

(විමල් වීරවංශ)

නායක,

ජාතික නිදහස් පෙරමුණ.

(දේශපාලන මණ්ඩලය වෙනුවෙන්)

2024-11-20


සම්බන්ධිත පුවත් | Related News

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ඇතුළු කණ්ඩායම දේශපාලන බලය ලබා ගැනීමට පෙර ආරක්ෂාව ලැබුවේත්, යැපුණේත් බෞද්ධ විහාරස්ථාන සහ සංඝරත්නය සෙවණේ බවත් මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියෝ පවසති.
ඉන්දියාවේ කොක්‍රෝච් ජනතා පක්ෂයේ නායක අභිජීත් දීප්කේ එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පූජ්‍ය ගලබඩඅත්තේ ඥානසාර හිමියන් අධිකරණ කටයුතු සඳහා ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේගේ සිවුර ඉවත් කර වෙනත් ඇඳුමකින් සැරසවීම බන්ධනාගාර නීති හා ස්ථාවර නියෝගවලට සම්පූර්ණයෙන්ම පටහැනි බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප්‍රකාශ කරයි.
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පවසන්නේ, බලවත් ජාතීන්ගේ අවශ්‍යතා මත වර්තමානයේ ලෝකය සහ කලාපය ගමන් කරන මාවත ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් කෙළවර වීමට ඉඩ ඇති බවයි.
මහානායක හිමිවරුන් විසින් ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීම පිළිබඳව කනස්සල්ල පළ කරමින් යැවූ ලිපියට ඉතා ඉක්මනින් ජනාධිපතිවරයා ප්‍රතිචාර දක්වද්දී, 22 සංශෝධනයට විරෝධය කළ කරමින් උන්වහන්සේලා යැවූ ලිපියට ජනාධිපති උපාසක මහතාගේ ප්‍රතිචාරයක් නොතිබූ බවත්, ජනාධිපති උපාසක මහතා බොරුවක් කළ බව දැන් රටම දන්නා කරුණක් බවත් මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමියෝ පවසති.
වත්මන් රජය විසින් අත්තනෝමතික ලෙස පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව ගනු ලැබූ ක්‍රියාමාර්ග තරයේ හෙළා දකින බව පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.
බෞද්ධ භික්ෂූන් වහන්සේ නමකගේ සිවුර ඉවත් කිරීමේ ක්‍රියාවලිය බන්ධනාගාරයේ පවතින නීති රෙගුලාසි මත පමණක් සිදු කළ නොහැකි බවත්, ඒ සම්බන්ධයෙන් තීරණය කිරීමේ පූර්ණ බලය මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා සතු බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අවධාරණය කරයි.
සිරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සහ භික්ෂු ශාසනික අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම අරමුණු කරගනිමින් මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් "සිවුරට යුක්තිය - ජාතික අධිෂ්ඨාන පූජාව" සහ "නිදහසේ පාද යාත්‍රාව" අද (10) උදෑසන මහනුවර ශ්‍රී දළදා මාලිඟාව අබියසින් ආරම්භ විය.
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ නිදහස සහ සිවුර ආරක්ෂා කරගැනීම වෙනුවෙන් වන අරගලයේ පළමු පියවර අද (10) මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ මහ මළුවෙන් ආරම්භ කර තිබේ.

ප්‍රධාන පුවත්

මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..

පූජ්‍ය ගලබඩඅත්තේ ඥානසාර හිමියන් අධිකරණ කටයුතු සඳහා ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේගේ සිවුර ඉවත් කර වෙනත් ඇඳුමකින් සැරසවීම බන්ධනාගාර නීති හා ස්ථාවර නියෝගවලට සම්පූර්ණයෙන්ම පටහැනි බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප්‍රකාශ කරයි.

බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පවසන්නේ, බලවත් ජාතීන්ගේ අවශ්‍යතා මත වර්තමානයේ ලෝකය සහ කලාපය ගමන් කරන මාවත ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් කෙළවර වීමට ඉඩ ඇති බවයි.

ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..

සිරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සහ භික්ෂු ශාසනික අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම අරමුණු කරගනිමින් මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් "සිවුරට යුක්තිය - ජාතික අධිෂ්ඨාන පූජාව" සහ "නිදහසේ පාද යාත්‍රාව" අද (10) උදෑසන මහනුවර ශ්‍රී දළදා මාලිඟාව අබියසින් ආරම්භ විය.

බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..

​නවනීදන් පිල්ලේ (Navi Pillay) මහත්මියට නොබෙල් සාම ත්‍යාගය පිරිනැමීම සහ ඊට පසුව ඇමරිකා එක්සත් ජනපදය විසින් ජාත්‍යන්තර අපරාධ අධිකරණයට (ICC) එරෙහිව සම්බාධක පැනවීම, ජාත්‍යන්තර මානව හිමිකම් පද්ධතියේ පවතින ද්විත්ව ප්‍රමිතීන් (Double Standards) සහ බලදේශපාලනයේ හැඩගැස්ම විදහාපාන වැදගත් සංසිද්ධියකි.

බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?

බ්‍රසීල ව්‍යවස්ථාදායක සභාවේ දක්ෂිණාංශික සෙනෙට් සභිකයකු වන ෆ්ලාවියෝ බොල්සොනාරෝ, සිරගත කර සිටින හිටපු බ්‍රසීල ජනාධිපති ජයිර් බොල්සොනාරෝගේ පුත්‍රයා වන අතර, ඔහු බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් ජයග්‍රහණය කිරීමට සමත්ව තිබේ.

ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..

ඊශ්‍රායලය තුළ දැඩි අභ්‍යන්තර අර්බුදයක් නිර්මාණය වෙමින් පවතින අතර, එය සිවිල් යුද්ධයක් දක්වා වර්ධනය වීමේ දැඩි අවදානමක් මතුව ඇති බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..

බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක වන බවත්, අනුරාධපුරය පූජාභූමියටද වෙනත් ආගමික ස්ථාන ඇතුළත් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර, උන්වහන්සේ අයත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රිධර්ම මහා සංඝ සභාව සමග සාකච්ඡාවක් සඳහා එක්වන්නැයි එම සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි ජනාධිපතිවරයාට ලිපියක් මගින් ඊයේ (09) දැනුම්දී තිබේ.

සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි

සියලු සාමණේර හිමිවරුන් අනාගතයේදී ගලගොඩඅත්තේ හිමියන් කෙනෙක් පත්විය යුතු බව ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රකාශ කරති.

"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.