
නාඩු මෙට්‍රික් ටොන් ලක්ෂ 22ක් මෝල්හිමියෝ හංගලා... මෝල්හිමියන්ගේ කූඨ උපායට නව රජයත් හසුවෙලා - ජාතික ගොවිජන එකමුතුවේ සභපාති අනුරාධ තෙන්නකෝන්
මේ දිනවල වෙළෙඳපොළ තුළ උග්‍ර නාඩු සහල් හිඟයක් පැවතිය ද පසුගිය වර්ෂයේ වී අස්වැන්නෙන් නාඩු වී මෙටි්‍රක් ටොන් ලක්ෂ 22ක් සහල් බවට පත් නොකොට මහා පරිමාණ වී මෝල් හිමියන් කිහිපදෙනකු විසින් සඟවා තබාගෙන ඇතැයි ජාතික ගොවිජන එකමුතුවේ සභපාති අනුරාධ තෙන්නකෝන් මහතා පවසයි.
එම මෝල්හිමියන් මෙම කුමන්ත්‍රණය සෑම වර්ෂයකම ඔක්තෝබර්, නොවැම්බර් මාසවලදී දියත් කරන බව ද එහි අරමුණ නාඩු සහල් හිඟයක් මවාපෑම තුළින් සහල් ආනයනය කිරීමට රජය පොලඹවා ගැනීම බව ද තෙන්නකෝන් මහතා කීවේය. එසේ සහල් ආනයනය කිරීම තුළින්, ලබන දෙසැම්බර් මාසය වනවිට නෙළීම ආරම්භ කරන මාස් කන්නයේ අස්වැන්න කුණුකොල්ලයට ගොවීන්ගෙන් මිලදී ගැනීමට මෙම මෝල්හිමියන්ට අවස්ථාව ලැබෙන බව ද අනුරාධ තෙන්නකෝන් මහතා කීවේය.
පැවැති සෑම රජයක්ම හසුවූ මෝල්හිමියන්ගේ මෙම කූට උපායට නව රජය ද හසුවී ඇති බව සහල් මෙටි්‍රක් ටොන් 70,000ක උපරිමයකට යටත්ව ආනයනය කිරීමට රජය ගෙන ඇති තීරණයෙන් සනාථ වන බව ද ඒ මහතා කීවේය.
“පසුගිය වර්ෂයේ වී මෙටි්‍රක් ටොන් ලක්ෂ 46ක් රට තුළ නිෂ්පාදනය වුණා. ඉන් සියයට 75ක්ම නාඩු සහල්. අපේ රටේ වාර්ෂික සහල් අවශ්‍යතාව මෙටි්‍රක් ටොන් 26ක් පමණයි. එහෙමනම් ඉතිරි සහල් ටිකට මොකද වුණේ. පාරිභෝගික අධිකාරිය බොරුවට ගිහිල්ලා මහා පරිමාණ සහල් ගබඩා පරීක්ෂා කරනවා. නමුත් මේ අස්වැන්න සහල් බවට පත් නොකර වී විදියට තවමත් ගබඩා කර තිබෙන බවට සැකයක් අපට තිබෙනවා.
අපි පැහැදිලිවම කියනවා එක්තරා මධ්‍යම පරිමාණයේ වී මෝල්හිමියෙක් නාඩු වී කිලෝ ලක්ෂ 18ක් තවමත් ගබඩා කරගෙන සිටිනවා කියා. පාරිභෝගික අධිකාරියට මම අභියෝග කරනවා, එන්න මමත් එක්ක මෙම වී මෝල් පරීක්ෂා කරන්න යන්න. මම පෙන්වන්නම් වී සඟවාගෙන සිටින ආකාරය.
තවමත් මහා පරිමාණ වී මෝල්හිමියන් සහල් බවට පත් කරන්නේ මීට අවුරුදු 2කට හෝ 3කට පෙර ලබාගත් වී අස්වැන්නයි. එහෙමනම් කොහොමද රටේ නාඩු සහල් හිඟයක් ඇති වන්නේ. රජයට පුළුවන්කමක් ලැබිලා නැහැ රටේ සමස්ත වී සංචිතය කොච්චරක් ද කියලා හොයාගන්න."
- දිවයින
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
රට පුරා පැපොල රෝගීන් වැඩිවීමක් දක්නට ලැබුණද එන්නත් තොග රෝහල් ගබඩාවල නැතිලු?
චීනයෙන් නැගෙන හඬ: වෙන කවරදාටත් වඩා මොස්කව් සහ බීජිං එක්ව සිටින්නේ ඇයි?
ඉන්දියාව කියන්නේ භූ දේශපාලන වෛශ්‍යාවක්.. ආර්ථික වාසිය තකා චීනයත් එක්ක ගනුදෙනු කළාට රෑට නිදාගන්නේ අමෙරිකාව එක්ක - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් නිසා ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වී අනුර කුමාරට ඒ ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධූරය නම් ලැබෙයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි.. ටිල්වින් මේ වගේ විහිළුකාරයෙක් වීම ගැන අපිට නම් කණගාටුයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
චාල්ස් තෝමස් නම් තැනැත්තා පාදෙණිය රජ මහා විහාරයේ පැවැත්වීමට සූදානම් වන වැඩසටහන වහා අවලංගු කරන්නැයි මල්වතු මහනායක හිමියෝ දන්වති..
අසිරිමත් සම්බුදු තෙමඟුල සිහිකරන වෙසක් පුර පසලොස්වක පොහොය අදයි..
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
