News Category
From Date
To Date
Maximum Number of Result

ජනාධිපතිවරණයෙන් ජයගත් අනුර කුමාර දිසානායක මහතා තම නිල සමාජ ජාල ගිණුමේ විශේෂ සටහනක් තබා ඇත.

මෙවර ජනාධිපතිවරණයෙන් ජයගත් ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක මහතා මෙරට නව වන විධායක ජනාධිපතිවරයා වශයෙන් හෙට දිනයේ දිවුරුම් දීමට නියමිතය.

"කෙසේ වෙතත් කිසිදු අපේක්ෂකයෙකු සියයට පනහක ඡන්ද ප්‍රතිශතයක් ලබාගෙන නොමැති නිසා දෙවන තුන්වන මනාප ගණන් කිරීමද මැතිවරණ පනතට අනුව කළ යුතුයි.ඒ අනුව දෙවන තුන්වන මනා ගණන් කිරීමද අවසන් වන තුරු අවසන් ප්‍රතිඵලය නිකුත් නොකිරීමට මැතිවරණ කොමිසමක් බැඳී සිටිනවා.දෙවෙනි මනාපයේ ප්‍රතිඵලය කුමක් වුවත් අනුර දිසානායක මහතාගේ ජයග්‍රහණයට එය කිසිදු බාධාවක් වන්නේ නැහැ. මේ වන විට කිසිදු අක්‍රමිකතාවයක් සිදු වන්නේ නැහැ. මැතිවරණ කොමිසම මැතිවරණ නීතිය අනුව කටයුතු කරමින් සිටිනවා."

2024 ජනාධිපතිවරණයේ ඡන්ද ප්‍රතිඵල අනුව කිසිදු අපේක්ෂකයෙකුට 50% ඉක්මවූ ප්‍රතිශතයක් හිමිවී නැතැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් පැවසීය. ඒ අනුව, ඉදිරියෙන් සිටින අපේක්ෂකයින් වන අනුර කුමාර දිසානායකට සහ සජිත් ප්‍රේමදාසට හිමිව ඇති දෙවන මනාප ගණනය කරන බව ඔහු සඳහන් කළේ ය.

ශ්‍රී ලංකාවේ 09 වැනි ජනාධිපතිවරයා ලෙස ජාතික ජන බලවේගය පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා අද සවස 4.00ට ජනාධිපති ලේකම් කාර්යාලයේ දී දිවුරුම් දෙන බව ජාතික ජන බලවේගය පක්ෂයේ සාමාජික සමන්ත විද්‍යාරත්න මහතා පවසයි.

කිසිදු ඡන්ද මධ්‍යස්ථානයක ප්‍රතිඵල ශුන්‍ය කිරීමක් සිදු නොවුනහොත් අද (22 දා) දහවල් වනවිට ජනපතිවරණයේ සමස්ත අවසන් ප්‍රතිඵලය නිකුත් කළ හැකි වනු ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

අද (21) රාත්‍රී 10 සිට හෙට (22) අලුයම 6 දක්වා මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඇඳිරිනීතිය පනවා තිබේ.

අද (21) දහවල් 2 වනවිට ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය සියයට 60 ඉක්මවා ඇති බව වාර්තා වෙයි.

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපතිවරයා තෝරාගැනීමේ ඡන්ද විමසීම අද (21) ආරම්භ වීමට නියමිතව තිබේ.


දේශීය පුවත්

"ඥානසාර හිමියන් සිරදඬුවම් විඳින්නේ සමස්ත ජාතිය සහ ශාසනය වෙනුවෙන්.. උන්වහන්සේ තනි නොකර කොන්දේසි විරහිතව පෙනී සිටීම සිව්වනක් පිරිසේම වගකීමක්" - පූජ්‍ය උලපනේ සුමංගල හිමි

වත්මන් රජය විසින් අත්තනෝමතික ලෙස පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව ගනු ලැබූ ක්‍රියාමාර්ග තරයේ හෙළා දකින බව පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

භික්ෂුවකගේ සිවුර ඉවත් කිරීම බන්ධනාගාර නීතිය අනුව කළ නොහැකියි.. තීරණය ගත යුත්තේ මහනාහිමිවරුන්.. - දයාසිරි කියයි

බෞද්ධ භික්ෂූන් වහන්සේ නමකගේ සිවුර ඉවත් කිරීමේ ක්‍රියාවලිය බන්ධනාගාරයේ පවතින නීති රෙගුලාසි මත පමණක් සිදු කළ නොහැකි බවත්, ඒ සම්බන්ධයෙන් තීරණය කිරීමේ පූර්ණ බලය මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා සතු බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අවධාරණය කරයි.

ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..

සිරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සහ භික්ෂු ශාසනික අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම අරමුණු කරගනිමින් මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් "සිවුරට යුක්තිය - ජාතික අධිෂ්ඨාන පූජාව" සහ "නිදහසේ පාද යාත්‍රාව" අද (10) උදෑසන මහනුවර ශ්‍රී දළදා මාලිඟාව අබියසින් ආරම්භ විය.

ඥානසාර හිමියන් වෙනුවෙන් දළදා මාලිගාව අභියස ඇරඹුණු අධිෂ්ඨාන සත්‍යක්‍රියාව..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ නිදහස සහ සිවුර ආරක්ෂා කරගැනීම වෙනුවෙන් වන අරගලයේ පළමු පියවර අද (10) මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ මහ මළුවෙන් ආරම්භ කර තිබේ.

නාඋයන ආරණ්‍ය සේනාසනයේ භාවනා කුටි සම්බන්ධ ගැටළුව ගැන පූජ්‍ය අගුල්ගමුවේ අරියනන්ද හිමියන්ගෙන් විශේෂ ප්‍රකාශයක්..

මීට පෙර මතු වී තිබූ නාඋයන ආරන්‍ය සේනාසනයේ භාවනා කුටි ඉවත් කිරීමේ සහ සේනාසන බලපත්‍රයට අදාළ ගැටළුව සාකච්ඡා මාර්ගයෙන් සම්පූර්ණයෙන් නිරවුල් කර ගෙන ඇති බව වාර්තා වේ.

එක්නැලිගොඩ නඩුවට සුරේෂ් සලේත් කැඳවයි..

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීමේ නඩුවේ පැමිණිල්ලේ සාක්ෂිකරුවකු ලෙස හිටපු බුද්ධි අංශ ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ ඉදිරි නඩු දිනයේදී කැඳවීමට පියවර ගන්නා බව පැමිණිල්ල ඊයේ (10) ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලට දැනුම් දුන්නේය.

බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?

බ්‍රසීල ව්‍යවස්ථාදායක සභාවේ දක්ෂිණාංශික සෙනෙට් සභිකයකු වන ෆ්ලාවියෝ බොල්සොනාරෝ, සිරගත කර සිටින හිටපු බ්‍රසීල ජනාධිපති ජයිර් බොල්සොනාරෝගේ පුත්‍රයා වන අතර, ඔහු බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් ජයග්‍රහණය කිරීමට සමත්ව තිබේ.

නා උයනේ භාවනා කුටි කිහිපයක් ඉවත් කරන්නැයි දන්වලා.. ආරණ්‍යයේ හෙක්ටයාර් 167න් 100ක් ආපසු ඕනලු..

නා උයන ආරණ්‍ය සේනාසනයේ භාවනා කුටි කිහිපයක් ඉවත් කරන ලෙස වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම් දී ඇති බව වාර්තා වේ.

වෘත්තීය ක්‍රියාමාර්ග තවදුරටත් තීව්‍ර කරනවා.. - විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයෙන් රතු එළි..

රජයේ විශ්වවිද්‍යාල පද්ධතිය තුළ පවතින ගැටළු සහ අර්බුද සඳහා මෙතෙක් නිසි විසඳුම් නොලැබීම හේතුවෙන්, ඉදිරියේදී වෘත්තීය ක්‍රියාමාර්ග තවදුරටත් තීව්‍ර කිරීමට පියවර ගන්නා බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසයි.

ඥානසාර හිමියන් වෙනුවෙන් දළදා මාලිගාව අභියස අද අධිෂ්ඨාන සත්‍යක්‍රියාවක්..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ නිදහස සහ සිවුර ආරක්ෂා කරගැනීම වෙනුවෙන් වන අරගලයේ පළමු පියවර අද (10) මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ මහ මළුවෙන් ආරම්භ කරන බව පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් පවසති.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.