රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව ඈවර කර සේවකයන්ට වන්දි ගෙවන්න කැබිනට් අනුමැතිය
1971 වර්ෂයේදී විශේෂ පාර්ලිමේන්තු පනතකින් පිහිටුවන ලද රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව ඈවර කර එහි සේවකයන් සඳහා ස්වෙච්ඡා විශ්‍රාම යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී ඇත.
ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා ඇමැතිවරයා ලෙස විජිත හේරත් මහතා විසින් ඉකුත් 01 වැනිදා ඉදිරිපත් කළ මෙම කැබිනට් සංදේශය සඳහා නොවැම්බර් මස 12 වැනිදා පැවති අමාත්‍ය මණ්ඩලයේදී අනුමැතිය ලැබී ඇත.
එම සේවකයන් ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගැන්වීම සඳහා රුපියල් මිලියන 794ක මූල්‍ය ප්‍රතිපාදනයක් මහා භාණ්ඩාගාරය මගින් එම සංස්ථා සේවකයන් වෙත ලබාදීමට ද මෙම කැබිනට් පත්‍රිකාව මගින් අනුමැතිය ලබාදී ඇත.
රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩලය විසුරුවා හැර ඊට අයත් වත්කම් මාර්ග සංවර්ධන අධිකාරියට පැවරීමටත් ඉතිරි කාර්යමණ්ඩලය මාර්ග සංවර්ධන අධිකාරියට අනුයුක්ත කිරීමටත් මෙම කැබිනට් පත්‍රිකාව මගින් නිර්දේශ කර ඇති අතර සංස්ථාව යටතේ නැවත වෙනත් කිසිදු අමතර වැය බරක් මහා භාණ්ඩාගාරය වෙත ඇතිනොවිය යුතු බවට ද නිර්දේශ කර ඇත.
එසේම ඒකාබද්ධ අරමුදලේ පවතින ද්‍රවශීලතාව, ජාතික අවශ්‍යතාවන් මත පදනම්ව ලබාදිය යුතු ප්‍රමුඛතාවන්, මූල්‍ය පිරිවැය පිළිබඳ සාධකයන් සලකා බලා මෙම රුපියල් මිලියන 794ක මුදල මූල්‍යමය අවශ්‍යතාවක් සඳහා අදියරගතව ලබාදීමට ද කැබිනට් අනුමැතිය ලැබී ඇත.
රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාවට පසුගිය කාලයේදී රටේ පැවති ආර්ථික අර්බුදය හේතුවෙන් ප්‍රමාණවත් ව්‍යාපෘති නොලැබීම නිසා එම වැඩබිම් පවත්වාගෙන යෑමට නොහැකි විය. මේ හේතුවෙන් එහි සේවකයන්ට වැටුප් ගෙවීමට නොහැකි තත්ත්වයට පත්වූ අතර ඒ අනුව රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ සංස්ථාව, මාර්ග සංවර්ධන අධිකාරියට ඒකාබද්ධ කිරීමට පසුගිය රජයේ ප්‍රවාහන හා මහාමාර්ග ඇමැති බන්දුල ගුණවර්ධන මහතා 2024 අගෝස්තු මස 21 වැනිදා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබුණු අතර ඉකුත් අගෝස්තු මස 21 වැනිදා පැවති කැබිනට් රැස්වීමේදී ඊට අනුමැතිය හිමිවිය.
එහෙත් පසුගිය සැප්තැම්බර් මස 24 වැනිදා පාර්ලිමේන්තුව විසුරුවා හැරීම හේතුවෙන් එම යෝජනාව ක්‍රියාත්මක කිරීමට නොහැකි වූ අතර නව රජය බලයට පත්වීමෙන් අනතුරුව නව අමාත්‍යවරයා විසින් නැවත කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන ලදී.
කමල් බෝගොඩ
– Divaina
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්