News Category
From Date
To Date
Maximum Number of Result

අද නොවැම්බර් 26 වැනිදා... මමද අද පොල්තෙල් පහනක් දල්වමි..

Nov 26, 2024 at 12:11 PM
|

අද දින ප්‍රථම නිදහස් අරගලයට නායකත්වය දුන් කැප්පෙටිපොල නිළමේ තුමන් ඝාතනයට ලක්වී වසර 206 ක් ගෙවී ගොසිනි. ලෝක ඉතිහාසය තුළ හිට්ලර්ට සමාන වූ ම්ලේච්ඡත්වයක් ප්‍රදර්ශනය කළ මිනීමරු ප්‍රභාකරන් සැමරීමට කටයුතු කරමින් තිබුණද වීර කැප්පෙටිපොලයන් සැමරීමට උනන්දුවක් දක්වන බවක් දක්නට නොලැබේ. ඒ සම්බන්ධයෙන් සංවේදී වූ සමාජ මාධ්‍යය පරිශීලකයෙකු වන ලාල් ද අල්විස් මහතා තබා තිබූ සටහනක්, එහි ඇති කාලෝචිත බව සලකා මෙලෙස පල කර සිටිමු....


ඒ මේ මාතෘ භූමිය ,

දැනට වසර 206 කට පෙර,

 සම්පූර්ණයෙන්ම විදෙස් ජාතියකට යටත් වීමෙන් අනතුරුව,

1818 වසරේදී පළමුවරට මේ බිම ඒ සම්පූර්ණ ග්‍රහණයෙන් මුදා ගැනීමට එරෙහිව ඇරැඹූ ,

ප්‍රථම විමුක්ති අරගලයේ ශ්‍රේෂ්ඨ චරිතයක් වූ මොණරවිල කැප්පෙටිපොළ මහ දිසාව  මේ බිම වෙනුවෙන් දිවි පිදූ දිනය සිහිපත් කරමින්ය..

එසේ නොමැතිව මේ මවුබිම දෙකට කඩන්නට උත්සාහ ගනිමින්,

අහස පොළොව නුහුලන අපරාධ කරපු ම්ලේච්චයන් සිහිකිරීමට නොවේ..

බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට එරෙහිව කොහු කුඹුරේ රටේ රාළ සහ බූටාවේ රාළගේ ප්‍රධානත්වයෙන් ඇරඹි ඒ ඓතිහාසික නිදහස් සටන  මර්ධනය කිරීමට ,

බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය විසින්  තෝරා ගත් ඌවේ දිසාපති වූ කැප්පෙටිපොල මහා දිසාව සිය තනතුරු හැර දමා ඌවේ සටන්කාමීන් හා එක්ව  ඇරැඹූ ඒ දැවැන්ත අරගලය එක් අවස්ථාවකදී බ්‍රිතාන්‍යයන් මේ රටින් පිටව යාමට තරම් ප්‍රබල එකක් බවට පත් විය..

අද මෙන්ම එදාත්  අප අතර සිටි පාවාදෙන්නන්ගේ සහ ද්‍රෝහීන්ගේ පාවාදීම්වල ප්‍රතිඵලයක් වශයෙන් එම නිදහස් සටන පරාජයට පත් වී,

එම ඒ විරෝධාර නායකයා උපන් බිම වෙනුවෙන් දිවි පිදුවේ අද වැනි දිනකය..

ඔහු එම විමුක්ති සටනට එක් වූයේ තමා සමග පැමිණි බ්‍රිතාන්‍ය සෙබලුන් සහ ආයුධ නැවතත් ඔවුන් වෙත හරවා යැවීමෙන් වන අතර ,

තමා ගේ විශිෂ්ටත්වය ප්‍රදර්ශනය කරමින් එම ආයුධ පැහැර ගැනීමක් හෝ තමා යටතේ පැමිණි සෙබලුන්ට හානියක් කිරීමක් හෝ ඔහු ඒ මොහොතේ සිදු කෙරේ නැත..

ඔහු සිය ජීවිතය පූජා කළ මොහොතද  ඉතිහාසයේ සනිටුහන් වී ඇති ඉතා සංවේදී සහ දේශප්‍රේමීන්ගේ සිත් උණුසුම් කරන මොහොතකි..

තමා සතු එකම පිරිසුදු රෙදිකඩ දළදා වහන්සේට පූජා කර,

දළදා මාලිගාව දෙසට හැරී වැඳ නමස්කාර කර,

 ධම්මපදයේ ගාථාවක් කියමින් ගහලයාගේ කඩු පහරට සූදානම්ව ,

දං ගෙඩිය මත හිස තැබූ මේ විරෝධාර සෙන්පතියාගේ එඩිතර භාවය හමුවේ ,

ගහලයාට පළමු කඩු පහර නිවැරදි ආකාරයට එල්ල කිරීමට නොහැකි වූ විට,

පළමු කඩු පහරේ තුවාල සහිතව ගහලයා දෙස බලා ,

" තොප  මෙතැනට කඩු පහර එල්ල කරන්න" යැයි කීමට තරම් අභීත ආත්ම ශක්තියක් මේ විරෝධාර සෙන්පතියා තුළ විය..

එදා ඌව වෙල්ලස්ස කැරැල්ල මර්දනය කිරීම සඳහා බ්‍රිතාන්‍යයන් ඉතාමත් අමානුෂික  ක්‍රියාදාමයක් අනුගමනය කරන ලද අතර වයස අවුරුදු දහ අටට වැඩි තරුණයන් සොයමින් ඝාතනය කරා පමණක් නොව ලිං වලට වස දමමින් කෙත්වතු ගිනි තබමින් බොහෝ කලකට හිස එසවිය නොහැකි අන්දමේ මහා විනාශයක් කළහ..

එවන් අමානුෂික  අත්දැකීම් වලට අපේ ජනතාවට මුහුණ දීමට ඉන් පසුව සිදු වූයේ කෲර ම්ලේච්ඡ එල්ටීටීඊ ත්‍රස්තවාදයේ පැතිරීමත් සමඟය..

ඒ බිහිසුණු ත්‍රස්තවාදයේ නායකයා උපත ලැබූ දිනයත්, 

මේ මව්බිම බිහිසුණු බටහිර ආක්‍රමණයකින් මුදාගැනීමට නායකත්වය දුන් ශ්‍රේෂ්ඨ දේශප්‍රේමී විරුවෙකු අවසන් ගමන් ගිය දවසත් එකම දවසක් වීමද පුදුමාකාර සිද්ධියකි.

මේ විරෝධාර සෙන්පතියාගේ හිස්කබල බ්‍රිතාන්‍යයේ එඩිම්බරෝ කෞතුකාගාරය වෙත ගෙන ගොස් පර්යේෂණයක් කිරීමට තරම් බ්‍රිතාන්‍යයන් තීරණය කළේ විශ්වාස කළ නොහැකි තරමේ අසමසම එඩිතර භාවය නිසාය..

ඊට සමාන හිස්කබලක් වශයෙන් ඔවුනට සංසන්දනය කළ හැකිව තිබුණේ නැපෝලියන් පරාජය කළ නෙල්සන් සෙනෙවියාගේ හිස් කබල බව සඳහන්වේ..

අද කෙතරම් නිවටයන්ගෙන් බහුතර වූ ජාතියක් බවට පත්ව සිටියත්, 

මොණරවිල කැප්පෙටිපොළ  උරුමය ඇති පිරිසක්ද මේ බිම තුළ තවමත් ජීවත් වෙනවාට සැක නැත.

තම හදවතේ සිය ජීවිතයන් මේ නිදහස වෙනුවෙන් එදා සියවස් දෙකකට ඈත අතීතයේ පරිත්‍යාග කළ විරුවන් කෙරෙහි යම් ගෞරවයක් ඇත්නම් පොල්තෙල් පහනක් දල්වා  සිහිකිරීම  ඒ හදවත් හිමියන්ගේ  යුතුකමක් වනු ඇත..



සම්බන්ධිත පුවත් | Related News

පාතාල නායකයෙකු වන නදුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා, හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් සහ වැඩ තහනම් කරන ලද පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් ඉල්ලා සිටි බව කියන රුපියල් මිලියන 300 ක අල්ලසක් ගෙවීම ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රතිඵලයක් ලෙස තමන් තංගල්ලේ රඳවාගෙන සිටින බවට චෝදනා කර තිබේ.
ශ්‍රී ලංකා රජය, පදනම් විරහිත ජන සංහාර චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන අතර කැනඩාවේ දෙමළ ජනසංහාර ස්මාරකය ඉදිකිරීම සම්බන්ධයෙන් විරෝධය පළ කර බව නිවේදනයක් නිකුත් කරමින් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය පවසයි.
තමන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීම නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අපේක්ෂිත ඇප අයදුම්පතක් ගොනු කර ඇත.
යාපනය විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා වන මහාචාර්ය ශ්‍රී සත්ගුණරාජ් මහතා වෙසක් පොහෝ දින විශ්ව විද්‍යාල සිසුන් සමඟ අට සිල් සමාදන් වී තිබේ.
මේ වන විට දිවයින පුරා පැපොල රෝගීන්ගේ වැඩිවීමක් දක්නට ලැබුණද, රෝගය වැළැක්වීමට උපකාරී වන වරිසෙල්ලා එන්නත දැනට රජයේ රෝහල් ගබඩාවල නොමැති බව වාර්තා වේ.
කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිවරයා සහ නියෝජ්‍ය නගරාධිපතිවරයා පත් කිරීම සඳහා ඡන්ද විමසීමක් පැවැත්වීමට පළාත් පාලන කොමසාරිස්වරයා තීරණය කර තිබේ.
මයික්‍රොසොෆ්ට් සමාගම විසින් සේවකයින් 6,000ක් පමණ සේවයෙන් ඉවත්කිරීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී දුරය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම තහවුරු කිරීම සඳහා ජුනි මස 26 වන දා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළේය.
නි. අමාත්‍ය චතුරංග අබේසිංහ පසුගිය මැතිවරණ සමයේ සිය පාක්ෂිකයන්ට මත්ද්‍රව්‍ය ලබාදුන් සියලු විපක්ෂ සාමාජිකයන්ගේ නම් හෙළිකළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් පවසයි.

ප්‍රධාන පුවත්

රට පුරා පැපොල රෝගීන් වැඩිවීමක් දක්නට ලැබුණද එන්නත් තොග රෝහල් ගබඩාවල නැතිලු?

මේ වන විට දිවයින පුරා පැපොල රෝගීන්ගේ වැඩිවීමක් දක්නට ලැබුණද, රෝගය වැළැක්වීමට උපකාරී වන වරිසෙල්ලා එන්නත දැනට රජයේ රෝහල් ගබඩාවල නොමැති බව වාර්තා වේ.

චීනයෙන් නැගෙන හඬ: වෙන කවරදාටත් වඩා මොස්කව් සහ බීජිං එක්ව සිටින්නේ ඇයි?

(නැගෙනහිර චීන විශ්ව විද්‍යාලයේ රුසියානු අධ්‍යයන මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂ මෙන්ම ගුවාන්චා මාධ්‍ය දායකයේ මහාචාර්යවර්යෙකු වන ලියු ජුන් සහ මොස්කව් ප්‍රාන්ත විශ්ව විද්‍යාලයේ ආචාර්ය උපාධි අපේක්ෂක, නැගෙනහිර චීන සාමාන්‍ය විශ්ව විද්‍යාලයේ රුසියානු අධ්‍යයන මධ්‍යස්ථානයේ තරුණ පර්යේෂක යැං ෂුපින් විසින් රචිත ලිපියකි.)

ඉන්දියාව කියන්නේ භූ දේශපාලන වෛශ්‍යාවක්.. ආර්ථික වාසිය තකා චීනයත් එක්ක ගනුදෙනු කළාට රෑට නිදාගන්නේ අමෙරිකාව එක්ක - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)

ඉන්දියාව භූ දේශපාලන වෛශ්‍යාවක් ලෙස දේශපාලන විචාරකයන් පවා හඳුන්වන බවත්, ඔවුන් ආර්ථික වාසිය තකා චීනයත් සමග ගනුදෙනු කළ ද, රෑට නිදාගන්නේ අමෙරිකාව සමග බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් නිසා ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වී අනුර කුමාරට ඒ ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධූරය නම් ලැබෙයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)

ඉන්දියානු ව්‍යාප්තවාදය පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතා නිවැරදිව විග්‍රහ කරගනිමින් න්‍යායාත්මකව පැහැදිලි කර ඇති බවත්, ඉන්දියානු න්‍යායපත්‍රය ඉදිරියට රැගෙන යාමට නම් ශ්‍රී ලංකාවේ බෙදුම්වාදී ගැටුම් නිර්මාණය කර ශ්‍රී ලංකාව දුර්වල කළ යුතු බව ඉන්දියාව දැන සිටි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි.. ටිල්වින් මේ වගේ විහිළුකාරයෙක් වීම ගැන අපිට නම් කණගාටුයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)

ගිවිසුමක් අවබෝධතා ගිවිසුමක් ද නැතිනම් අවසන් ගිවිසුමක් ද යන්න තීරණය වන්නේ ගිවිසුමේ කොන්දේසි අනුව බවත්, අවබෝධතා ගිවිසුමක් කියන්නේද ගිවිසුමක් බවත්, රනිල් වික්‍රමසිංහ 2017 දී අත්සන් කර ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඉන්දියාවට ලබාදුන්නේ ද අවබෝධතා ගිවිසුමක් හරහා බවත්, ඉන්දියාව සමග වත්මන් ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් ද අවබෝධතා ගිවිසුම් ලෙස ලඝුකළ නොහැකි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

චාල්ස් තෝමස් නම් තැනැත්තා පාදෙණිය රජ මහා විහාරයේ පැවැත්වීමට සූදානම් වන වැඩසටහන වහා අවලංගු කරන්නැයි මල්වතු මහනායක හිමියෝ දන්වති..

බෞද්ධයන් අත්‍යාගමීකරණයට ලක්කරන බවට චෝදනා එල්ලවී ඇති චාල්ස් තෝමස් නමැති පුද්ගලයා විසින් මල්වතු විහාර පාර්ශ්වයට අයත් පාදෙණිය රජ මහා විහාරයේ දී පැවැත්වීමට නියමිත වඩසටහනක් සම්බන්ධයෙන් බෞද්ධ ජනතාවගේ විරෝධය මේ වන විට එල්ලවී ඇති බව සඳහන් කරමින් මල්වතු පාර්ශ්වයේ මහනායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමිපාණන් වහන්සේ විසින් පාදෙණිය රජ මහා විහාරධිපති හිමියන්ට යොමුකළ ලිපියක් අප වෙත ලැබී තිබේ.

නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)

ඉන්දියාව සම ශ්‍රී ලංකා ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් අවබෝධතා ගිවිසුම්වලට ලඝුකළ නොහැකි බවත්, මෙම ගිවිසුමේ ඇති වගන්ති මගින් ලංකාව තුළ මෙම ගිවිසුමේ අඩංගු කරුණු ක්‍රියාත්මක වීමේ දී නීතිය අනුව කටයුතු කිරීම පවා වළක්වා ඇති බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සභික දුමින්ද නාගමුව මහතා පවසයි.

නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..

දෙවන ලෝක යුද්ධය අවසන් කළ දිනය සහ, නාසිවාදී පැසිස්ට්වාදය පරාජය කළ දිනයද මැයි 9 වැනි දා වන අද දිනය බවත්, ලෝකයේ සියලු ජනයාට සහ සතා සිවුපාවාට පවා නිදහසේ ජීවත්විය හැකි ලෝකයක් නිර්මාණය කිරීම වෙනුවෙන් නාසිවාදී පැසිස්ටිවාදය පරාජයට පත්කළ දිනය වන්නේ අද බවත් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පවසයි.

යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි

කියෙව් පරිපාලනය කිසිදු පූර්ව කොන්දේසියකින් තොරව “සම්පූර්ණ සටන් විරාමයකට” සූදානම් බව යුක්රේන නායක ව්ලැඩිමීර් සෙලෙන්ස්කි නිවේදනය කර තිබේ.

මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)

බලයට පත්වී මාස 6ක් තුළ මෙතරම් පසුබෑමකට ලක්වූ ආණ්ඩුවක් ලොව කිසිඳු රටක නැති බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.

1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.

අවුරුදු අසූවක් යනු දිගු කාලයකි. එවැනි කාලයක් තුළ, ලෝකය සිතාගත නොහැකි තරමට වෙනස් වන අතර, වරක් සමීප යැයි හැඟුණු සිදුවීම් පුරාවෘත්තය තුළ මැකී යයි.

මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල

‘මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්’ යයි පිවිතුරු හෙල උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..

පසුගියදා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුම් බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ආචාර්ය ගුණදාස අමරසේකර මහතා ඇතුළු පිරිසක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඊයේ (07) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.

කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්

අල්ලස් කොමිසම විසින් අද (7) පස්වරුවේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කරනු ලැබූ හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා මැයි 20වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.