
අදානිට එරෙහිව ඇමෙරිකානු අධිකරණයක අධිචෝදනා ගොනු වීමත් සමග ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අදානි සමග ගිවිසුම් යළි විමසා බැලීමේ තීරණයක්
අල්ලස් දීමේ චෝදනාව මත ප්‍රකෝටිපති ඉන්දීය ව්‍යාපාරික ගෞතම් අදානිට එරෙහිව ඇමෙරිකානු අධිකරණයක අධිචෝදනා ගොනු වීමත් සමග බංග්ලාදේශය හා ශ්‍රී ලංකාව අදානි සමූහ ව්‍යාපාරය සමග අත්සන් තබා ඇති බලශක්ති සම්බන්ධ ගිවිසුම් නැවත විමසා බැලීමට තීරණය කර ඇති බව ඉන්දියාවේ ‘ද ඉන්ඩියන් එක්ස්ප්‍රෙස්’ පුවත්පත වාර්තා කරයි.
මේ අනුව අදානිට අයත් අදානි ග්‍රීන් එනර්ජි සමාගම බංගලාදේශය සමග අත්සන් තබා ඇති විදුලිය සැපයීමේ කොන්ත්‍රාත් ගිවිසුම් පිළිබඳව නැවත විමසා බැලීමට එරට අන්තර්වාර රජය තීරණය කර ඇත. ශ්‍රී ලංකාවේ සුළං මෝල් ව්‍යපෘතියක් අදානි සමාගමට ලබා දීමට පසුගිය රජය ගෙන තිබූ තීරණය සම්බන්ධයෙන් වත්මන් රජයේ කැබිනට් මණ්ඩලය විසින් තීරණයක් ගනු ඇති බව අදාළ පුවත්පත වාර්තා කර තිබේ.
ශ්‍රී ලංකාවේ මන්නාරම හා පුනරින් ප්‍රදේශවල අදානිට අයත් ග්‍රීන් එනර්ජි සමාගම විසින් ඇරඹීමට තීරණය කර තිබූ සුළං මෝල් ව්‍යපෘතියක් සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ රජය විසින් අනුමැතිය ලබා දී තිබූ අතර එම අනුමැතිය සම්බන්ධයෙන් නැවත විමසා බැලීමට වත්මන් රජය තීරණය කර ඇති බවද මෙරට විදුලිබල මණ්ඩල නිලධාරීන් උපුටා දක්වමින් ද ඉන්ඩියන් එක්ස්ප්‍රස් පුවත්පත වාර්තා කර තිබේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අදානි සමාගම විසින් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කිරීමට යන සුළං මෝල් ව්‍යපෘතිය සම්බන්ධයෙන් නැවත සලකා බලන බව දැනුම් දී ඇතැයි ද එම පුවත්පත සඳහන් කරයි.
මේ අතර බංග්ලාදේශ රජයද හිටපු අගමැතිනි ෂික් හසීනාගේ රජය විසින් අදානි සමාගම සමග ගිවිසුම් අත්සන් කර ඇති විදුලිය සැපයීමේ කොන්ත්‍රාත් ගිවිසුම් නැවත විමසා බැලීමට පිළිගත් නීතිමය හා විමර්ශන ආයතනයක සහාය ලබා ගැනීමට තීරණය කර තිබේ.
නිව්යෝර්ක් නගරයේ අධිකරණයක ඉන්දීය රජයේ නිලධාරීන්ට සිය සූර්ය බලශක්ති ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 250 ක අල්ලස් මුදලක් ලබා දීමට පොරොන්දු වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අදානිට හා ඔහුගේ සමාගමේ විධායක නිලධාරීන් 8 දෙනකුට එරෙහිව අධිචෝදනා ගොනු කර ඇති අතර 62 හැවිරිදි අදානි හා ඔහුගේ බෑණා වන 30 හැවිරිදි සාගර් අදානි අත්අඩංගුවට ගැනීමට එම අධිකරණය මගින් වරෙන්තු ද නිකුත් කර තිබේ.
-දිවයින
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
රට පුරා පැපොල රෝගීන් වැඩිවීමක් දක්නට ලැබුණද එන්නත් තොග රෝහල් ගබඩාවල නැතිලු?
චීනයෙන් නැගෙන හඬ: වෙන කවරදාටත් වඩා මොස්කව් සහ බීජිං එක්ව සිටින්නේ ඇයි?
ඉන්දියාව කියන්නේ භූ දේශපාලන වෛශ්‍යාවක්.. ආර්ථික වාසිය තකා චීනයත් එක්ක ගනුදෙනු කළාට රෑට නිදාගන්නේ අමෙරිකාව එක්ක - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් නිසා ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වී අනුර කුමාරට ඒ ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධූරය නම් ලැබෙයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි.. ටිල්වින් මේ වගේ විහිළුකාරයෙක් වීම ගැන අපිට නම් කණගාටුයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
චාල්ස් තෝමස් නම් තැනැත්තා පාදෙණිය රජ මහා විහාරයේ පැවැත්වීමට සූදානම් වන වැඩසටහන වහා අවලංගු කරන්නැයි මල්වතු මහනායක හිමියෝ දන්වති..
අසිරිමත් සම්බුදු තෙමඟුල සිහිකරන වෙසක් පුර පසලොස්වක පොහොය අදයි..
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
