
හංගපු වී තොග එළියට ගන්න ගොවිජන එකමුතුව උසාවියට
ලබන වසරේ (2025) අප්‍රේල් වන තෙක් හාල් අවශ්‍යතාවට වී තොග රටේ තිබියදී එම වී සහල් බවට පත් නොකර සඟවා සිටින පුද්ගලයන් සහ ස්ථාන පිළිබඳව නීත්‍යනුකූලව පරීක්ෂා කිරීමේ යාන්ත්‍රණයක් සකසා ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට යෑමට ජාතික ගොවිජන එකමුතුව කටයුතු කරන බව එම එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා පැවැසීය.
පාරිභෝගික අධිකාරිය, ආරක්ෂක අංශ හා ජාතික ගොවිජන එකමුතුවේ පිරිසක් සම්බන්ධ කරගෙන මහ පරිමාණ, මධ්‍ය පරිමාණ, සුළු මෝල්හිමියන් සහ සහල් බවට පත් කිරීමට වී මිලදී ගත් පුද්ගලයන් ගැන සොයා බැලීම සඳහා මෙම යාන්ත්‍රණය ක්‍රියාත්මක කරන බවද තෙන්නකෝන් මහතා කීය.
දැනට පාරිභෝගික අධිකාරිය සතුව අධිකාරිමය බලය පමණක් තිබෙන බවත් ඉන් ඔබ්බට ගොස් එම අධිකාරියට සහ ආරක්ෂක අංශවලට අධිකරණ බලයක් ලබාදීම අරමුණු කරගෙන ගොවිජන එකමුතුව අධිකරණයට යන බවද ඔහු කීය.
හිඟය පියවීමට රජය සහල් ආනයනය කිරීමට තීරණය කර ආනයනය කළ ද අලුත් අවුරුද්දට කිරිබතක් සකසා ගැනීමටවත් රතු සහ සුදු කැකුළු හාල් නොමැති බවද හෙතෙම පැවසීය.
සෑම වසරකම සහල් අර්බුදයක් ඇති වනවිට රජය මහ මෝල්හිමියන් කිහිපදෙනකු සතු වී තොග පරීක්ෂා කළ ද රටේ වී අස්වැන්න වැඩිපුර තිබෙන නැඟෙනහිර පළාතේ වී තොග ගැන නිසි අධ්‍යයනයක් සිදුනොකරන බවද ඔහු කීය.
වී කිලෝ කෝටියක් දෛනිකව සහල් බවට පත්කිරීමට මෝල්හිමියන් කටයුතු කරන බව වෙළෙඳ ඇමැතිවරයා ප්‍රකාශ කළත් එම වී සහල් බවට පත්කිරීමෙන් එක් දිනකට පමණක් ප්‍රමාණවත් බවත් ඔහු අවධාරණය කළේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
චීනයෙන් නැගෙන හඬ: වෙන කවරදාටත් වඩා මොස්කව් සහ බීජිං එක්ව සිටින්නේ ඇයි?
ඉන්දියාව කියන්නේ භූ දේශපාලන වෛශ්‍යාවක්.. ආර්ථික වාසිය තකා චීනයත් එක්ක ගනුදෙනු කළාට රෑට නිදාගන්නේ අමෙරිකාව එක්ක - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් නිසා ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වී අනුර කුමාරට ඒ ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධූරය නම් ලැබෙයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි.. ටිල්වින් මේ වගේ විහිළුකාරයෙක් වීම ගැන අපිට නම් කණගාටුයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
චාල්ස් තෝමස් නම් තැනැත්තා පාදෙණිය රජ මහා විහාරයේ පැවැත්වීමට සූදානම් වන වැඩසටහන වහා අවලංගු කරන්නැයි මල්වතු මහනායක හිමියෝ දන්වති..
අසිරිමත් සම්බුදු තෙමඟුල සිහිකරන වෙසක් පුර පසලොස්වක පොහොය අදයි..
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.
