හංගපු වී තොග එළියට ගන්න ගොවිජන එකමුතුව උසාවියට
ලබන වසරේ (2025) අප්‍රේල් වන තෙක් හාල් අවශ්‍යතාවට වී තොග රටේ තිබියදී එම වී සහල් බවට පත් නොකර සඟවා සිටින පුද්ගලයන් සහ ස්ථාන පිළිබඳව නීත්‍යනුකූලව පරීක්ෂා කිරීමේ යාන්ත්‍රණයක් සකසා ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට යෑමට ජාතික ගොවිජන එකමුතුව කටයුතු කරන බව එම එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා පැවැසීය.
පාරිභෝගික අධිකාරිය, ආරක්ෂක අංශ හා ජාතික ගොවිජන එකමුතුවේ පිරිසක් සම්බන්ධ කරගෙන මහ පරිමාණ, මධ්‍ය පරිමාණ, සුළු මෝල්හිමියන් සහ සහල් බවට පත් කිරීමට වී මිලදී ගත් පුද්ගලයන් ගැන සොයා බැලීම සඳහා මෙම යාන්ත්‍රණය ක්‍රියාත්මක කරන බවද තෙන්නකෝන් මහතා කීය.
දැනට පාරිභෝගික අධිකාරිය සතුව අධිකාරිමය බලය පමණක් තිබෙන බවත් ඉන් ඔබ්බට ගොස් එම අධිකාරියට සහ ආරක්ෂක අංශවලට අධිකරණ බලයක් ලබාදීම අරමුණු කරගෙන ගොවිජන එකමුතුව අධිකරණයට යන බවද ඔහු කීය.
හිඟය පියවීමට රජය සහල් ආනයනය කිරීමට තීරණය කර ආනයනය කළ ද අලුත් අවුරුද්දට කිරිබතක් සකසා ගැනීමටවත් රතු සහ සුදු කැකුළු හාල් නොමැති බවද හෙතෙම පැවසීය.
සෑම වසරකම සහල් අර්බුදයක් ඇති වනවිට රජය මහ මෝල්හිමියන් කිහිපදෙනකු සතු වී තොග පරීක්ෂා කළ ද රටේ වී අස්වැන්න වැඩිපුර තිබෙන නැඟෙනහිර පළාතේ වී තොග ගැන නිසි අධ්‍යයනයක් සිදුනොකරන බවද ඔහු කීය.
වී කිලෝ කෝටියක් දෛනිකව සහල් බවට පත්කිරීමට මෝල්හිමියන් කටයුතු කරන බව වෙළෙඳ ඇමැතිවරයා ප්‍රකාශ කළත් එම වී සහල් බවට පත්කිරීමෙන් එක් දිනකට පමණක් ප්‍රමාණවත් බවත් ඔහු අවධාරණය කළේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්