
මත්ස්‍ය සම්පතින් ගහන වර්ග කි.මී. 517,000 සාගර සම්පතක් තිබිය දී - මිලියන 40000ක ටින් මාළු රටින් ගෙනත්
මෙරටට ටින් මාළු ආනයනය කිරීම සඳහා පසුගිය වසර පහයි මාස අටක කාලයේ දී (2019 සිට 2024 අගෝස්තු දක්වා) රුපියල් මිලියන හතළිස්දහස්, අටසිය අනූපහයි දශම තුනක මුදලක් (40,895.3) වැය කර ඇති බැව් ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය මගින් නිකුත් කර ඇති වාර්තාවක සඳහන් වෙයි.
2023 වර්ෂයේ ටින් මාළු ආනයනය කිරීම සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 6172.6කි. මෙම වර්ෂයේ ජනවාරි මස සිට අගෝස්තු මස දක්වා කාලයේ දී ටින් මාළු ආනයනය කිරීම සඳහා රුපියල් මිලියන 2744.8ක මුදලක් වැය කර තිබුණි.
මත්ස්‍ය සම්පතින් ගහන වර්ග කි.මී. 517,000 සාගර සම්පතක් තිබිය දී ටින් මාළු ආනයනය කිරීම සඳහා මේ අයුරින් විශාල මුදලක් වැය කිරීම අනුමත කළ නොහැකි බව ධීවරයෝ පවසති. ටින් මාළු ආනයනය සීමා කිරීමට කටයුතු කළයුතු බව ද ධීවරයෝ පෙන්වා දෙති.
මත්ස්‍ය ආනයනය කිරීම මේ වනවි ට සීමා කර ඇති බවත් මත්ස්‍ය සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන ආනයනය කිරීම ක්‍රමානුකූලව අඩු කර අනාගතයේ දී එය සම්පූර්ණයෙන් නතර කිරීමට අවශ්‍ය කටයුතු සිදුකරන බවත් ධීවර ජලජ හා සාගර සම්පත් නියෝජ්‍ය ඇමැති රත්න ගමගේ මහතාගෙන් මේ පිළිබඳව අප කළ විමසුමක දී සඳහන් කළේය.
ටින් මාළු ආනයනය කිරීමට ඉදිරියේ දී බලපත්‍ර ලබා නොදෙන බවත් දේශීය ටින් මාළු කර්මාන්තකරුවන් නඟාසිටුවීම සඳහා අවශ්‍ය සහයෝගය ලබා දෙන බවත් ටින් මාළු සඳහා පනවා ඇති වැට් බද්ද පිළිබඳ මුදල් අමාත්‍යාංශය සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙන බවත් නියෝජ්‍ය ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
චීනයෙන් නැගෙන හඬ: වෙන කවරදාටත් වඩා මොස්කව් සහ බීජිං එක්ව සිටින්නේ ඇයි?
ඉන්දියාව කියන්නේ භූ දේශපාලන වෛශ්‍යාවක්.. ආර්ථික වාසිය තකා චීනයත් එක්ක ගනුදෙනු කළාට රෑට නිදාගන්නේ අමෙරිකාව එක්ක - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක අත්සන් කළ ගිවිසුම් නිසා ලංකාව ඉන්දියාවේ 29 වැනි ප්‍රාන්තය බවට පත්වී අනුර කුමාරට ඒ ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධූරය නම් ලැබෙයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි.. ටිල්වින් මේ වගේ විහිළුකාරයෙක් වීම ගැන අපිට නම් කණගාටුයි - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)
චාල්ස් තෝමස් නම් තැනැත්තා පාදෙණිය රජ මහා විහාරයේ පැවැත්වීමට සූදානම් වන වැඩසටහන වහා අවලංගු කරන්නැයි මල්වතු මහනායක හිමියෝ දන්වති..
අසිරිමත් සම්බුදු තෙමඟුල සිහිකරන වෙසක් පුර පසලොස්වක පොහොය අදයි..
නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)
නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..
යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි
මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)
1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.
මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල
පළාත් සභා මැතිවරණයත් හැකි ඉක්මනින් කැඳවන්න යයි..
ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.
