News Category
From Date
To Date
Maximum Number of Result

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය හරහා අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පිළිබඳව දැඩි විවෙචනයක් සමාජය තුළ නිර්මාණය වී ඇති අතර ඇයගේ ආකල්ප සහ චර්යාවන් සම්බන්ධයෙන් ද සමාජ මාධ්‍ය තුළත්, සමාජය තුළත් මේ වන විට දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ.

රටේ මේ වන විට පවතින තත්ත්වය එතරම් සතුටුදායක නොවන බව අස්ගිරි පාර්ශවයේ මහ නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමියන් ප්‍රකාශ කළහ.

ඇමරිකාව වෙනිසියුලාවට එල්ල කළ ප්‍රහාරය හා වෙනිසියුලානු ජනාධිපතිවරයා පැහැර ගෙන යාමට විරෝධය පළ කරමින් ජන අරගල ව්‍යාපාරය ඊයේ(5) කොළඹ, ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක් සංවිධානය කරනු ලැබීය.

අගමැති හරිනි අමරසූරිය සමරිසි අයිතීන් පිළිබඳව දිගින් දිගටම කතා කළ බවත්, ඒවා ප්‍රවර්ධනය කරන රාජ්‍ය නොවන සංවිධානයක ප්‍රධානියෙකු ලෙස කටයුතු කළ අයෙකු බවත් එවැනි තැනැත්තියක් අධ්‍යාපන ඇමැති ධුරයේ සිටියදී විෂය මාලාවට සමරිසි වෙබ් අඩවි එකතුවීම පිළිබඳව ඇඟිල්ල දිගුවන්නේ අගමැතිවරියට බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක, හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

වෙනිසියුලාව සම්බන්ධයෙන් අමෙරිකානු හමුදා ගත් ක්‍රියාමාර්ග අතරතුර ජාත්‍යන්තර නීතියේ නීතිවලට ගරු නොකිරීම ගැන තමන් දැඩි කනස්සල්ලෙන් පසුවන බව එක්සත් ජාතීන්ගේ මහ ලේකම් අන්තෝනියෝ ගුටේරෙස් මහතා පවසා ඇත.

වෙනිසියුලාවේ සිදුවෙමින් පවතින මෑතකාලීන වර්ධනයන් පිළිබඳව ශ්‍රී ලංකා රජය සිය දැඩි අවධානය යොමු කර ඇති බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය නිවේදනය කරයි.

ඇමරිකානු රජය විසින් වෙනිසියුලාවේ බොලිවේරියානු ජනරජයට එරෙහිව සිදු කරන ලද හමුදා ක්‍රියාමාර්ග සහ වෙනිසියුලාවේ ජනාධිපති නිකො­ලස් මදුරෝ සහ ඔහුගේ බිරිය සීලියා ෆ්ලොර්ස් පැහැරගෙන යාම සම්බන්ධයෙන් කනස්සල්ලට පත්වන බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය ඇතුළු ජාතික සංවිධාන පවසයි.

2025 දී ලතින් ඇමරිකාවේ සහ කැරිබියන් (LAC) හි ප්‍රගතිශීලී ආණ්ඩු නීති විරෝධී කර, අවතැන් කර, දක්ෂිණාංශික බලවේග විසින් රජයන්ට පහර දීම සඳහා මත්ද්‍රව්‍ය ආශ්‍රිත අර්බුද අල්ලාගෙන , ප්‍රතිගාමී පසුබෑමක් ඇති කරමින් සහ නව, නව ලිබරල් පරිපාලන රජයන් බලයට පත් කර ඇත.

අමෙරිකාව විසින් වෙනිසියුලාවට එල්ල කළ ප්‍රහාරය හෙළාදකිමින් ජානිපෙ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.


දේශීය පුවත්

බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?

බ්‍රසීල ව්‍යවස්ථාදායක සභාවේ දක්ෂිණාංශික සෙනෙට් සභිකයකු වන ෆ්ලාවියෝ බොල්සොනාරෝ, සිරගත කර සිටින හිටපු බ්‍රසීල ජනාධිපති ජයිර් බොල්සොනාරෝගේ පුත්‍රයා වන අතර, ඔහු බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් ජයග්‍රහණය කිරීමට සමත්ව තිබේ.

නා උයනේ භාවනා කුටි කිහිපයක් ඉවත් කරන්නැයි දන්වලා.. ආරණ්‍යයේ හෙක්ටයාර් 167න් 100ක් ආපසු ඕනලු..

නා උයන ආරණ්‍ය සේනාසනයේ භාවනා කුටි කිහිපයක් ඉවත් කරන ලෙස වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම් දී ඇති බව වාර්තා වේ.

වෘත්තීය ක්‍රියාමාර්ග තවදුරටත් තීව්‍ර කරනවා.. - විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයෙන් රතු එළි..

රජයේ විශ්වවිද්‍යාල පද්ධතිය තුළ පවතින ගැටළු සහ අර්බුද සඳහා මෙතෙක් නිසි විසඳුම් නොලැබීම හේතුවෙන්, ඉදිරියේදී වෘත්තීය ක්‍රියාමාර්ග තවදුරටත් තීව්‍ර කිරීමට පියවර ගන්නා බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසයි.

ඥානසාර හිමියන් වෙනුවෙන් දළදා මාලිගාව අභියස අද අධිෂ්ඨාන සත්‍යක්‍රියාවක්..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ නිදහස සහ සිවුර ආරක්ෂා කරගැනීම වෙනුවෙන් වන අරගලයේ පළමු පියවර අද (10) මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ මහ මළුවෙන් ආරම්භ කරන බව පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් පවසති.

ජනපති සමග පැවති සාකච්ඡාව ගැන මල්වතු මහාවිහාර පාර්ශ්වයෙන් නිවේදනයක්..

විවිධ චෝදනා මත රක්ෂිත බන්ධනාගාරගත වන හෝ සිරදඬුවම් නියම වන භික්ෂූන් වහන්සේලා සිවුරු පිටින් බන්ධනාගාරයෙන් බැහැරව රඳවා තබා ගැනීම ඇතුළු කරුණු සම්බන්ධයෙන් පවතින ගැටලු නිරාකරණය කරමින්, ඊට අදාළ නීතිමය රෙගුලාසි කඩිනමින් සකස් කරන ලෙස ජනාධිපතිවරයා විසින් අධිකරණ අමාත්‍යාංශයට උපදෙස් ලබා සුන් බව ඒ සාකච්චාවට ඒක් වූ මල්වතු මහා විහාරීය නියෝජිත ලේඛකාධිකාරී පූජ්‍ය මහවෙල රතනපාල හිමියන් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිති.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ විමල්ට එරෙහිව නඩු පැවරීමේ තීරණයක්..

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ නඩු පැවරීමට පියවර ගෙන ඇති බව පොලීසිය පවසයි.

"විනිසුරුවරුන්ටත් වැරදි අඩුපාඩු වෙන්න පුළුවන්" - ජනාධිපති හිමිවරු ගෙනල්ලා ඊයේ කළේ රංගනයක්.. - පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමි

ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉතා නින්දිත ආකාරයෙන් ගලවා ඉවත් කළ බවත්, මේ සම්බන්ධයෙන් පසුගියදා ජනාධිපතිවරයා විසින් භික්ෂූන් වහන්සේලා කැඳවා සිදුකරන ලද්දේ හුදෙක් රංගනයක් පමණක් බවත් පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමි පවසති.

ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..

ඊශ්‍රායලය තුළ දැඩි අභ්‍යන්තර අර්බුදයක් නිර්මාණය වෙමින් පවතින අතර, එය සිවිල් යුද්ධයක් දක්වා වර්ධනය වීමේ දැඩි අවදානමක් මතුව ඇති බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..

බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක වන බවත්, අනුරාධපුරය පූජාභූමියටද වෙනත් ආගමික ස්ථාන ඇතුළත් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර, උන්වහන්සේ අයත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රිධර්ම මහා සංඝ සභාව සමග සාකච්ඡාවක් සඳහා එක්වන්නැයි එම සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි ජනාධිපතිවරයාට ලිපියක් මගින් ඊයේ (09) දැනුම්දී තිබේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.