News Category
From Date
To Date
Maximum Number of Result

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු, තම නිවාඩු නිකේතනය ලෙබනනයේ සිට දියත් කරන ලද ඩ්‍රෝන ප්‍රහාරයකට ඉලක්ක වූ බවත් ඒ අනුව ඉරාන සහාය ලබන හිස්බුල්ලා සන්නද්ධ කණ්ඩායම තමා සහ තම බිරිඳ මරා දැමීමට උත්සාහ කළ බවට චෝදනා කළේය. ඊයේ(19) උදෑසන, පුපුරණ ද්‍රව්‍ය පටවාගත් UAV යානා තුනක් උතුරු ඊශ්‍රායලයේ වෙරළබඩ නගරයක් වන සිසේරියා දෙසට පියාසර කරන අයුරු දැකගත හැකි විය. ඊශ්‍රායල ආරක්ෂක බලකාය (ඓඪ්F) විසින් ඩ්‍රෝන යානා දෙකක් ප්‍රහාර එල්ල කර විනාශ කළ අතර, තුන්වැන්න අගමැතිගේ පෞද්ගලික නිවස අසල පුපුරා ගියේය. ප්‍රහාරය සිදුවන අවස්ථාවේදී නෙතන්යාහු සහ ඔහුගේ බිරිඳ නිවසේ නොසිටි නමුදු සිය හිවාඩු නිකේතනය ආශ්‍රිත භූමියේ සිටි පුද්ගලයන්ගේ ජීවිත වලට හානි සිදුවී ඇත.

චීන ජනාධිපති ෂී ජින්පින් නැගෙනහිර චීනයේ අන්හුයි පළාතේ වැසියන්ගෙන් ඉල්ලා සිටියේ නව සංවර්ධන දර්ශනය සෑම අතකින්ම භාවිතා කරන ලෙසත්, චීන නවීකරණයේ අන්හුයි පරිච්ඡේදයක් ලිවීම සඳහා බහු ජාතික සංවර්ධන උපාය මාර්ගවල එහි භූමිකාව ප්‍රයෝජනයට ගන්නා ලෙසත් ය. චීන කොමියුනිස්ට් පක්ෂයේ (CPC) මධ්‍යම කාරක සභාවේ ප්‍රධාන ලේකම් සහ මධ්‍යම හමුදා කොමිසමේ සභාපති ද වන ෂී, 17 සහ 18 දක්වා අන්හුයි පළාතේ කළ නිරීක්ෂණ චාරිකාවකදී මෙම ප්‍රකාශය කළේය.

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුගේ නිවස ඉලක්ක කර ගනිමින් ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වී තිබේ.

කියෙව් පරිපාලනයට න්‍යෂ්ටික අවි ලබා ගැනීමට මොස්කව් පරිපාලනය කිසිදා ඉඩ නොදෙන අතර ඒ සඳහා දරන ඕනෑම උත්සාහයකට සුදුසු ප්‍රතිචාරයක් ලැබෙනු ඇතැයි රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් අවධාරණය කළේය.

ගාසා තීරයේ හමාස් සංවිධානයේ නායක යාහ්යා සින්වාර් ඝාතනය කර ඇති බව ඊශ්‍රායලය නිල වශයෙන් ප්‍රකාශ කර තිබේ.

පලස්තීන හිතවාදී යුදෙව් ක්‍රියාකාරීන් සියගණනක් නිව් යෝර්ක් නගරයේ වෝල් වීදියේදී ඊශ්‍රායලය ගාසා තීරයේ කරනු ලබන "ජන සංහාරයට" එක්සත් ජනපදය දක්වන සහයෝගයට විරෝධය පළ කර ඇත. විරෝධතාකරුවන් විශාල සංඛ්‍යාවක් අත්අඩංගුවට ගෙන ඇති බව නිව්යෝක් පොලිසිය පවසයි.

චීන ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රිකයෙකු වන වැන්ග් යී ඊයේ(14) ඉරානයේ සහ ඊශ්‍රායලයේ විදේශ අමාත්‍යවරුන් සමඟ දුරකථන සංවාද පැවැත්වූ බව වාර්තා වේ. ඊශ්‍රායලය සහ ඉරානය අතර පවතින ආතතිය පිළිබඳව චීනය දැඩි සැලකිල්ලක් දක්වන අතර කලාපයේ අලුත් ගැටුම් සහ කැලඹීම් කිසිවකුගේ අවශ්‍යතා සඳහා සේවය නොකරන බව විශ්වාස කරන බව ගාසා තීරයේ ක්ෂණික, සම්පූර්ණ සහ ස්ථිර සටන් විරාමයක් සහ සියලු ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරන ලෙස ඉල්ලා සිටින බවත් වැන්ග් පැවසීය.

මොස්කව්හි අවසාන ඉලක්කය නේටෝව බෙදීම සහ පවතින ජ්ගත් පටිපාටිය වෙනස් කිරීම බව ජර්මානු විදේශ ඔත්තු සේවයේ (BND) ප්‍රධානී Bruno Kahl පවසයි. යුක්රේනය සමඟ ගැටුම පවතිද්දී පවා රුසියාව මිලිටරි වියදම් අතින් යුරෝපීය රාජ්‍යයන් අභිබවා ගොස් ඇති බව Bruno Kahl ඊයේ (14) Bundestag හිදි ජර්මානු මන්ත්‍රීවරුන්ට පැවසීය. රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් "බටහිර රතු ඉරි පරීක්ෂා කිරීම දිගටම කරගෙන යමින් ගැටුම තවදුරටත් තීව්‍ර කරනු ලබනවා" යනුවෙන් ජර්මනියේ ප්‍රධනතම ඔත්තුකරුවා ප්‍රකාශ කළේය. "නේටෝව සමග සෘජු මිලිටරි ගැටුම මොස්කව් පරිපාලනයට විකල්පයක් වී තිබෙනවා." ඔහු පැවසීය.

එක්සත් ජනපද හමුදා නිලධාරීන් පසුගිය වසර පුරා ගාසා තීරයේ ඊශ්‍රායලය කරනු ලබන මෙහෙයුමට රහසිගතව සහය ලබා දුන් බව ත්වදුරටත් රහසක් නොවේ. කෙසේ වුවද පෙන්ටගනය විසින් අද(14) නිකුත් කරන ලද ප්‍රකාශයකින් බයිඩන් පරිපාලනය ඊශ්‍රායලය වෙත අමෙරිකානු සෙබළුන් යවන බවට ඇඟවුම් කර ඇතැයි වාර්තා වේ. එක්සත් ජනපදය සහ ඔවුන්ගේ යුරෝපීය සහචර රාජ්‍යයන් බයිඩන් පරිපාලනය අභාවයට යමින් පවතින මේ දිනවලදී අගමැති බෙන්ජමින් නෙතන්යාහුට අමෙරිකාව ලබාදෙන සහයෝගය දෙගුණ කරමින්, බටහිර රටවල හමුදාවන්ට ඊශ්‍රායල කුරිරුකම්වලට හෝ පුලුල් කලාපීය ගිනිදැල් වලට ඉන්ධන හෙළීමට සෘජුවම සහභාගී වීමට වේදිකාව සකසන බව විද්වතුන්ගේ අදහස වේ.


ප්‍රධාන පුවත්

කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්

අල්ලස් කොමිසම විසින් අද (7) පස්වරුවේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කරනු ලැබූ හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා මැයි 20වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.

බෞද්ධයන්ගේ පූජනීයත්වයට පත් බුදුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වෙන්දේසි කිරීම වහාම නවත්වා, ඒය ඉන්දියාවට බාරදිය යුතු බව පූජ්‍ය ඉදුරාගාරේ ධම්මරතන හිමියන් පවසයි.

මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව මේ වනවිට නිකුත්වී ඇති ප්‍රතිඵලවලට අනුව ජාතික ජන බලවේගය බහුතර ආසන සංඛ්‍යාවක ඉදිරියෙන් සිටියද සභා පිහිටුවීමේදී කිසියම් අර්බුදකාරී තත්ත්වයකට පත්වෙනු ඇති බව දේශපාලන විශ්ලේෂකයින් පෙන්වා දෙයි.

ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි

ඉන්දියාව විසින් එල්ල කළ ප්‍රහාර හේතුවෙන් පුද්ගලයින් හත්දෙනෙකු පමණ මියගොස් ඇති බව පාකිස්ථානය ප්‍රකාශ කර ඇත.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි

2025 පළාත් පාලන මැතිවරණයට අදාළ ඡන්ද විමසීම මේ වන විට ආරම්භ වී තිබේ. ඒ අනුව අද (06) පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා දිවයින පුරා පිහිටි ඡන්ද මධ්‍යස්ථාන 13,759ක ඡන්ද විමසීම පැවැත්වෙනු ඇත.

දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..

ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත මණ්ඩලය (SLCPI), ශ්‍රී ලංකා ජාතික ඖෂධ නිෂ්පාදකයින්ගේ මණ්ඩලය (NCPMSL) සහ ශ්‍රී ලංකා ඖෂධ නිෂ්පාදකයින්ගේ සංගමය (SLPMA) යන සංගම්වල සභාපතිවරුන් විසින් මෙම ඒකාබද්ධ ලිපියට අත්සන් තබා ඇත.

දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් හි පිහිටි පුරාණ ස්තූපයකින්1898 දී සොයා ගන්නා ලද පූජනීය බෞද්ධ ධාතු 300කට අධික එකතුවක් ලලිත කලා, එකතු කළ හැකි භාණ්ඩ සහ ස්වර්ණාභරණ සම්බන්ධ සුප්‍රසිද්ධ බ්‍රිතාන්‍ය තැරැව්කාර ආයතනයක් වන සොතෙබිස් විසින් ලබන සතියේ (මැයි 7) වෙන්දේසි කිරීමට නියමිතව තිබේ.

ජවිපෙ අත්හැරපු ඉන්දියන් විරෝධී සටන විජේවීරගේ පුතා අතට ගනී.. (වීඩියෝ)

වෙන කවරදාකටත් වඩා මාතෘභූමිය දැඩි අනතුරකට ලක්වී ඇති බවත්, මෙරට ඉතිහාසයේ සිටම යටත් කරගැනීම සඳහා විවිධ ආක්‍රමණයන් සිදුවූ බවත් දෙවන පරපුර නායක උවිඳු විජේවීර මහතා පවසයි.

අනුර - මෝදි ගිවිසුම්වලින් රටේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකියි - වෛද්‍ය අනුලා විජේසුන්දර (වීඩියෝ)

ජනාධිපති අනුර දිසානායක සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි විසින් අත්සන් කළ ගිවිසුම් මගින් රටේ ජාතික ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකි බව ජාතික සංවිධාන නියෝජනය කරමින් වෛද්‍ය අනුලා විජේසුන්දර මහත්මිය පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.