AUKUS ගිවිසුමට එරෙහිව කොමියුනිස්ට් පක්ෂ තුනක් කියුබාවේදී එක්වෙයි..
ඔස්ට්‍රේලියානු කොමියුනිස්ට් පක්ෂය, බ්‍රිතාන්‍ය කොමියුනිස්ට් පක්ෂය සහ ඇමරිකා එක්සත් ජනපද කොමියුනිස්ට් පක්ෂය යන පක්ෂ තුන, 2026 අගෝස්තු 7 සිට 8 දක්වා කියුබාවේ හවානා නුවර පැවැත්වුණු 24 වැනි කොමියුනිස්ට් සහ කම්කරු පක්ෂවල ජාත්‍යන්තර හමුව අතරතුර ත්‍රෛපාර්ශ්වික සාකච්ඡාවක් පවත්වන ලදී. ඔස්ට්‍රේලියාව, එක්සත් රාජධානිය සහ ඇමරිකා එක්සත් ජනපද රාජ්‍යයන් අතර ඇති කරගත්, ඔස්ට්‍රේලියානු කඳවුරු පදනම් කරගනිමින් න්‍යෂ්ටික සබ්මැරීන සහ නවීන ආයුධ යෙදවීම සඳහා වන AUKUS ගිවිසුම පිළිබඳව සාකච්ඡා කිරීමට මෙම පක්ෂ තුන එක්වූ දෙවැනි අවස්ථාව මෙයයි.
2021 සැප්තැම්බර් මාසයේදී AUKUS ගිවිසුම ප්‍රකාශයට පත්කිරීමෙන් පසුව පැවැත්වුණු ප්‍රථම ත්‍රෛපාර්ශ්වික හමුවේදී, මෙම පක්ෂ විසින් තම තමන්ගේ රටවල පවතින සාමකාමී, න්‍යෂ්ටික විරෝධී සහ යුද විරෝධී ව්‍යාපාර හරහා AUKUS ගිවිසුමට එරෙහිව අවධානය යොමුකිරීමට එකඟ විය. මෙම ගිවිසුම මඟින් මේ සියවසේ සිදුවූ විශාලතම න්‍යෂ්ටික ව්‍යාප්තිය නියෝජනය වන අතර, ආසියා-පැසිෆික් කලාපය තුළ න්‍යෂ්ටික යුද්ධයක තර්ජනය දැඩි ලෙස ඉහළ නංවන බව ඔවුහු පෙන්වා දෙති.
2021 සිට, මෙම මාරාන්තික න්‍යෂ්ටික වර්ධනය පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සඳහා මෙම පක්ෂ තුන ජාතික මට්ටමේ ප්‍රචාරක ව්‍යාපාර මෙහෙයවූ අතර, ආයුධ කර්මාන්තයේ සහ අධිරාජ්‍යවාදී යුද කාමීන්ගේ අසීමිත අවශ්‍යතා සපිරීමට රාජ්‍ය මුදල් වැය කිරීමට එරෙහිවද සටන් වැදුණි. මෙම පක්ෂ තුනම සාමය සහ අධිරාජ්‍යවාදයට එරෙහි පුළුල් සංවිධාන සමඟ එක්ව කටයුතු කරයි.
හවානා නුවර පැවැති මෙම හමුවේදී, නාස්තිකාරී සහ අතිශය භයානක AUKUS ගිවිසුම නැවත වරක් දැඩි ලෙස හෙළා දුන් එම පක්ෂ, මහද්වීප තුනක් පුරා ඒකාබද්ධ ක්‍රියාමාර්ගයක් මඟින් AUKUS ගිවිසුම නැවැත්වීම සඳහා පක්ෂ අතර සහයෝගීතාව තවදුරටත් වර්ධනය කරගැනීමට මෙහිදී නැවත සපථ කළහ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..
ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්