ඉන්දියානුවන්ගේ ඔන්ලයින් මූල්‍ය වංචා ජාතික ආරක්ෂාවට බලපෑමක් - පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියයි
ඉන්දියානු නේපාල පාකිස්ථාන ඇතුළු විවිධ ජාතීන් මෙරට රැඳී සිටිමින් නීති විරෝධීව අන්තර්ජාලය ඔස්සේ මූල්‍ය වංචා සිදුකිරීම මෙරට ජාතික ආරක්ෂාවට මෙන්ම ජාතික ආර්ථිකයටත් බලපෑමක් සිදු කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දුව මහතා පැවසීය.
ඔහු ඒ බව පැවසුවේ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි.
අන්තර්ජාලය ඔස්සේ සිදු කරනු ලබන මූල්‍ය වංචා පරිගණක අපරාධ ගණයට වැටෙන අතර එය ජාතික ආරක්ෂාවට තර්ජනයක් බවද නිහාල් තල්දුව මහතා පැවසීය.
මෙරට විවිධ ප්‍රදේශවල සුඛෝපභෝගී නිවාස වල රැඳී සිටිමින් අන්තර්ජාලය ඔස්සේ සූදු ක්‍රීඩා සිදුකරමින් මූල්‍ය වංචා කළ ඉන්දියානු ජාතිකයන් 137 දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
එම ඉන්දියානු ජාතිකයන් සංචාරක වීසා මගින් මෙරට රැඳී සිටි ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
ඉන්දියාවේ තහනම් කරන ලද සූදු වෙබ් පිටුවක් මෙරට සිට ක්‍රියාත්මක කර ඒ ඔස්සේ ඉන්දියානු ජාතිකයන් සම්බන්ධ කර ගනිමින් කෝටි ගණනින් සූදු ක්‍රීඩා කර ඇති බව අනාවරණය වී ඇත.
මෙම ඉන්දියානු ජාතිකයන් මාස කීපයක සිට මෙම ජාවාරම් සිදුකරගෙන ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.
මේ වන විට අන්තර්ජාලය මගින් මූල්‍ය වංචා සිදුකරන ජාවාරම්කරුවන් ජාලයක් සිටින බවට අනාවරණය වී ඇති අතර එම ජාවාරම්කරුවන් හෙළිදරව් කර ගැනීමට විමර්ශන සිදුකරන බවද නිහාල් තල්දුව මහතා පැවසීය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..
අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..
කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්
ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times
ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..
රනිල් අරගලයේ පිටපත තුළ ස්ථානගත වූ ආකාරය ගැන ජයන්ත සමරවීරගෙන් අනාවරණයක්..
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අවසාන වින්දිතයා ජනාධිපතිවරයායි.. - නීතිඥ කණිෂ්ක විතාරණ
විශ්‍රාමික හමුදා නිලධාරීන් බන්ධනාගාරයට බඳවා ගැනීම ආණ්ඩුවේ මර්දන අවිය ශක්තිමත් කිරීමේ අරමුණක්.. – ජයන්ත සමරවීර
චීන ශ්‍රී ලංකා සාම්ප්‍රදායික මිත්‍රත්වය ඉදිරියට ගෙන යමින්, දීප්තිමත් අනාගතයක් උදා කරමු!-අභිනවයෙන් පත්වූ ශ්‍රී ලංකාවේ චීන තානාපති ගරු වෙයි හුවාෂියං
දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට රජය නීතියේ ආධිපත්‍යය අවභාවිත කිරීම හෙළා දකිනවා.. - දිනන දකුණ
චීනයෙන් ඇමරිකානු සහ මෙක්සිකානු පිකාන් ආනයන සඳහා සියයට 54.3ක් දක්වා ප්‍රපාතන(Dumping) විරෝධී බදු පැනවේ: MOFCOM
විනිසුරු සේවා දීර්ඝය එකම ගැටලුව කර ගැනීම හාස්‍යට කරුණක්.. - පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි
රුසියාවේ තෙල් පිරිපහදුවකට ඩ්‍රෝන ප්‍රහාරයක්..
NLDB ගොවිපළවල් පෞද්ගලික අංශයට බදු දීමේ තීරණය හකුළා ගන්න.. - කෘෂි අරගල ව්‍යාපාරයෙන් ඇමති ලාල් කාන්තට විවෘත ආයාචනයක්..
"ඉරාන යුද්ධය අනිවාර්යයෙන්ම අවසන් විය යුතුයි... ඇමරිකාව සතු THAAD මිසයිලවලින් 80% ක් සහ පැට්‍රියට් (Patriots) මිසයිලවලින් 65% ක්ම භාවිත කර අවසන්".. - මහාචාර්ය ජෝන් මියර්ෂයිමර්
බෞද්ධ විහාර දේවාලගම් ඒකීය රාජ්‍ය රකින පවුරයි... ඇමති හදන්නේ පන්සලට විරුද්ධව ජනතාව නඩු මගට දාලා පවුර බිඳින්න...! - මතුගම සෙනෙවිගෙන් හිනිදුම සුනිල් සෙනෙවිට පණිවිඩයක්