News Category
From Date
To Date
Maximum Number of Result

ඉන්දියානු ආක්‍රමණයේ නවතම ගොදුර ලංකාවේ මුහුදු කලාපයද? - සංඛ චන්දිම අභයවර්ධනගෙන් හෙළිදරව්වක්

Jun 27, 2024 at 04:42 PM
|

ශ්‍රී ලංකා ජනරජය හිමිකම් පෑ  සාගර කලාපය ඉන්දියාව විසින් අල්ලා ගැනීමට උත්සාහ දැරීම පිළිබඳව  දැඩි ලෙස විරුද්ධත්වය පළකරන බවත්, ලංකාවට අයත් සම්පත් ලංකාවට දැනුම් දීමක් පවා නොමැතිව අත්පත් කරගැනීමට ඉන්දියාව කටයුතු කරමින් සිටන බවත් ශ්‍රී ලංකා හරිත සන්ධානයේ සංඛ චන්දිම අභයවර්ධන මහතා පවසයි.

මේ සම්බන්ධයෙන් සවිස්තරාත්මක ලිපියක් සකස් කරමින් ඒ මහතා පෙන්වා දෙන්නේ   කොබෝල්ට්, නිකල්, මැංගනීස් සහ තඹ සහිත දැවැන්ත නිධි සහ රිදී සහ රන් නිධි විශාල ප්‍රමාණයක් සහිත ලංකාවට අයත් සාගර සම්පත් අද වන විට දැඩි ලෙස  ඉන්දියානු තර්ජනයට මුහුණපා ඇති බවයි.

සවිස්තරාත්මක ලිපිය පහළින්...

ඉන්දියානු ආක්‍රමණයේ නවතම ගොදුර අපගේ මුහුදු කලාපයද? 

සාගර නීතිය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතියේ 76 වැනි වගන්තිය යටතේ ශ්‍රී ලංකා ජනරජය හිමිකම් පෑ අපගේ සාගර කලාපය ඉන්දියාව විසින් අල්ලා ගැනීමට උත්සහ දැරීමට අප ශ්‍රී ලංකා හරිත සන්ධානය වශයෙන් දැඩි ලෙස විරුද්ධත්වය පළකරමු. 

එක්සත් ජාතීන්ගේ තොරතුරු වලට අනුව ඔවුන් ශ්‍රී ලංකාවේ මහාද්වීපික තටාකයේ ඇති Afanasy Nikitin Seamount (AN Seamount) ලෙසින් හැඳින්වෙන කොබෝල්ට් බහුල මුහුදු පත්ලේ කබොල ප්‍රදේශය කැනීම් කිරීමට අවශ්‍ය කටයුතු සුදානම් කරමින් පවතී. ලංකාවට අයත් සම්පත් ලංකාවට දැනුන දීමක් පවා නොමැතිව මෙසේ අත් පත් කරගැනීම සමස්ත ලංකා මුහුදු කලාපයටම අපේ ඇති අයිතිය ඉන්දියාවට පවරාගැනීමට මුල්වෙනවා මෙන්ම අපගේ සමස්ත මුහුදම දැඩි පරිසර දුෂණයකට ලක් කරනු ලබයි. අපගේ මත්ස්‍ය සම්පත, විශේෂයෙන්ම ටුනා මසුන් සහ තල්මසුන් දැඩි අනතුරකට මුහුණපායි. 

ලෝක නිතිය අනුව ශ්‍රී ලංකාව වැනි වෙරළබඩ ප්‍රාන්තවලට රාජ්‍ය වලට මහාද්වීපික තටාකයේ පිටත සීමාවන් පිහිටුවීමට අදාළ කරුණු සම්බන්ධයෙන් නිර්දේශ එක්සත් ජාතීන්ට ඉදිරිපත් කළ යුතුය. මෙම නිර්දේශ මත පදනම්ව වෙරළබඩ රාජ්‍යයක් පිහිටා ඇති මහාද්වීපික තටකයේ සීමාවන් ජ්‍යාත්‍යන්තර නිතිය යටතේ අවසාන සහ සැමටම බලපවත්නා නිතිය වේ. ඒ අනුව 2009 වසරේ මැයි අටවනදා අප රට විසින් ඉදිරිමත් කල හිමිකම් සහ සාගර නීතිය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතියේ 76 වැනි වගන්තිය යටතේ ලංකාව තමන් අයත්වන මහාද්වීපික තටකයට පුර්ණ වශයෙන් හිමිකම් ලැබිය. 

ඉන්දියාව මේ මංකොල්ල කන්නේ අප සතු මේ මුහුදු කලාපයයි. 

මේ ප්‍රදේශය විවිධ ඛනිජ සම්පත් වලින් පොහොසත්ය. ඒ අතර  කොබෝල්ට්, නිකල්, මැංගනීස් සහ තඹ ඇති දැවැන්ත නිධි ඇති බව පැවසේ. මිට අමතරව රිදී සහ රන් නිධි විශාල ප්‍රමාණයක්ද ඇති බවට සැලකේ. මෙහි දැක්වෙන්නේ ශ්‍රී ලංකාවට අයත් දැන් ඉන්දියානු තර්ජනයට මුහුණපා ඇති මුහුදු ප්‍රදේශයයි. 

නැගෙනහිර සමක ඉන්දියන් සාගරයේ ශ්‍රී ලංකාවට අයත් Afanasy Niktin Seamount (ANS) වෙතින් එකතු කරන ලද කබොල සාම්පලවල දුර්ලභ පෘථිවි මූලද්‍රව්‍ය (REE) සහ ytrium 1,727 සිට 2,511 μg/g දක්වා ඉහළ සාන්ද්‍රණයක් වාර්තා කරයි. ශ්‍රී ලංකාවට අයත් ANS Fe-Mn කබොලෙහි REE සාන්ද්‍රණය මධ්‍ය-පැසිෆික් මුහුදු සීමාවේ සහ ගැටිති (1,180-1,434 μg/g) වලට වඩා බෙහෙවින් වැඩි ය. ගෝලීය මුහුදු මට්ටමේ Fe-Mn කබොලෙහි ~ 0.1% අන්තර්ගතයට සාපේක්ෂව වර්තමාන අධ්‍යයනයේ දී 0.17% දක්වා සී-පොහොසත් වීම වාර්තා වී ඇත. මෙම සුපෝෂණයට හේතු වී ඇත්තේ Ce මුහුදු ජලයෙන් සමුද්‍ර Fe-Mn කබොල වෙත ඔක්සිකාරක ඉවත් කිරීම හේතුවෙනි. ANS කලාපයෙන් මුහුදු ජල සාම්පල සඳහා ලබාගත් සෘණ Ce-විෂමතා සහ Fe-Mn කබොලෙහි ඇති ශක්තිමත් ධනාත්මක Ce-විෂමතා පැහැදිලිව පෙන්නුම් කරන්නේ ANS Fe-Mn කබොලෙහි Ce ප්‍රභවය මුහුදු ජලය බවයි.

නමුත් දැන් ඉන්දියාව තම යුධ අවශ්‍යතා සදහාත් ලංකාවේ මුහුද මංකොල්ල කෑම සදහාත් මේ කලාපය තුල පිහිටා ඇති සම්පත් අපගේ අනුමැතියකින් තොරව ගොඩ ගැනීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය හමුවට ගොස් ඇත. අප රටක් ලෙස මේ ගැන නිශ්ශබ්දතාවය රකි. ඔවුන් මේ උත්සහ දරන්නේ ලංකාවට අලුතෙන් ලැබෙන සමස්ත මුහුදම මහා දවාලේ මංකොල්ල කෑමටය. මේ ලංකාවේ සියලු පුරවැසියන් සැවොම එක හෙලා එරෙහි වියයුතු කාරණයක් බව කිව යුතුය. තම බලය වෙනුවෙන් මේ රජය, රටත්, අපත්, අපේ දරුවන්ගේ අනාගතයත් බිලිදීමට එරෙහිව නැගී සිටිමු.

- සංඛ චන්දිම අභයවර්ධන

සම්බන්ධිත පුවත් | Related News

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පසුවන අතරතුර ඔහුට දැවැන්ත ලෙස කෲර වධහිංසා පමුණුවන බව වෛද්‍ය වාර්තා මගින් තහවුරු වී ඇති බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ මාධ්‍ය ප්‍රකාශක නීතිඥ මනෝජ් ගමගේ පවසයි.
අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කර තිබූ දූෂණ චෝදනා වලට වරදකරු කළ සරණ ගුණවර්ධනට එක් නඩුවකින් බරපතල වැඩ සහිත වසර 04 ක සිර දඬුවමක් කොළඹ මහාධිකරණය විසින් නියම කළේය.
දූෂණ චෝදනාවලට හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතා වරදකරු කරන බව කොළඹ මහාධිකරණය නියෝග කළේය.
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාට අමානුෂික සහ කෘෘර අයුරින් සැලකීමට විරෝධය පළකරමින් විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක් ආරම්භ කර ඇති සත්‍යග්‍රහය තවදුරටත් කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට දී පැවැත්වේ.
ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර සිටින සුරේෂ් සලේ මහතා තවදුරටත් ආහාර නොගෙන උපවාසයේ සිටින බව වාර්තා වේ.
දූෂණ චෝදනා එල්ල වී සිටි හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධනට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩු හතරක තීන්දුව අද (09) දින ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව කරුණු දැක්වීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට මෙම සතිය තුළ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිශන් සභාව වෙත පැමිණෙන ලෙස දැනුම් දී තිබේ.
පාස්කු ප්‍රහාරයට අදාලව ඇති ඊනියා චෝදනා විභාග කිරීම කරගෙන යන ලෙසත් එයට විරුද්ධ නොවන බවත්, එය සාමාන්‍ය නීතිය යටතේ කරන ලෙසත් විමල් වීරවංශ මහතා සඳහන් කරයි.
කෘත්‍රිමව රුපියලේ අගය පාලනය කිරීම සම්බන්ධයෙන් අතීතයේ සිටම පාඩම් ඉගෙනගෙන ඇති බවත්, ඩොලර් මිලියන 225ක් වික්කා කියා රුපියල අවමප්‍රමාණය වීම නතර නොවූ බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසයි.

ප්‍රධාන පුවත්

එක් නඩුවකින් සරණ ගුණවර්ධනට බරපතල වැඩ සහිත වසර 04 ක සිර දඬුවම්..

අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කර තිබූ දූෂණ චෝදනා වලට වරදකරු කළ සරණ ගුණවර්ධනට එක් නඩුවකින් බරපතල වැඩ සහිත වසර 04 ක සිර දඬුවමක් කොළඹ මහාධිකරණය විසින් නියම කළේය.

සුරේෂ් සලේ වෙනුවෙන් පවත්වන සත්‍යග්‍රහයට දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයත් එක්වෙයි..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාට අමානුෂික සහ කෘෘර අයුරින් සැලකීමට විරෝධය පළකරමින් විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක් ආරම්භ කර ඇති සත්‍යග්‍රහය තවදුරටත් කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට දී පැවැත්වේ.

සලේගේ විමර්ශනවලට අදාළව මානව හිමිකම් කොමිසමෙන් CIDයට කැඳවීමක්..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව කරුණු දැක්වීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට මෙම සතිය තුළ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිශන් සභාව වෙත පැමිණෙන ලෙස දැනුම් දී තිබේ.

පාස්කු ප්‍රහාරයේ නියම සත්‍ය කියන්නේ මාලිමාවට අවශ්‍ය සත්‍ය නෙවෙයි.. සහරාන් වරෙන්තු වී සිටියදී මඩකලපුව අධිකරණයට හංගගෙන ආපු නීතිඥයා ගැනත් හෙළිකරන්න.. - සිරිල් ගාමිණී පියතුමාට පොහොට්ටුවෙන් ප්‍රතිචාර

පාස්කු වින්දිතයන්ට පාස්කු ප්‍රහාරයේ සත්‍ය දැනගැනීමට අයිතියක් ඇති බවට සිරිල් ගාමිණී පියතුමා පැවසූ බවත්, එය පිළිගන්නා නමුත් එම සත්‍ය වන්නේ මාලිමා රජයට අවශ්‍ය සත්‍ය හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකට අවශ්‍ය සත්‍ය නොව ඇත්තම සත්‍ය බවත් නීතිඥ මනෝජ් ගමගේ මහතා පවසයි.

සුරේෂ් සලේගේ ආරක්ෂාව වෙනුවෙන් දියත් කර ඇති සත්‍යග්‍රහයට උපරිමයෙන් දායක වන්න.. - ජාතික සංවිධාන එකමුතුවෙන් ඉල්ලීමක්

හිටපු බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ මහතා පෞද්ගලිකව ඉලක්ක කර ගනිමින් ව්‍යාජ චෝදනා එල්ල කිරීම පිටුපස ආරක්ෂක හමුදා බිය වද්දා බෙදුම්වාදී අරමුණු ඉටුකර ගැනීමට අධිරාජ්‍යවාදී බලවේග දියත් කරන කුමන්ත්‍රණකාරී මෙහෙයුමක් පවතින බව ජාතික සංවිධාන එකමුතුව පවසයි.

ආගමික නායකයින් පාස්කු ප්‍රහාරය හරහා දේශපාලනය කරනවා.. - සුරේෂ් සලේගේ මව සත්‍යග්‍රහයට එක්වෙමින් කියයි

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධ පරීක්ෂණ සඳහා රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන සිටින හිටපු බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පිටකොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට පැවැත්වෙන සත්‍යග්‍රහයට අද (08) ඔහුගේ මව සහභාගී විය.

ගින්දරත් එක්ක සෙල්ලම් නොකරනු! පිලිපීන දේශපාලනඥයන් කිහිප දෙනෙකුට අනතුරු ඇඟවීමක්! ග්ලෝබල් ටයිම්ස් කතුවැකිය"

පසුගියදා පිලිපීනයේ චීන තානාපති කාර්යාලය නැවත වරක් අනතුරු ඇඟවීමක් නිකුත් කරමින් සඳහන් කළේ, පිලිපීන හමුදා සහ නීතිය බලාත්මක කිරීමේ ආයතන විසින් පිලිපීනයේ වෙසෙන චීන පුරවැසියන් සහ ව්‍යවසායන් ඉලක්ක කරගනිමින් සිදු කරන පරීක්ෂා කිරීම්, හිරිහැර කිරීම් සහ තෝරා බේරා නීතිය බලාත්මක කිරීම් වැඩි වැඩියෙන් සිදුවන බවයි.

සලේ වෙනුවෙන් අඛණ්ඩ සත්‍යග්‍රහය ආරම්භ වෙයි..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාට අමානුෂික සහ කෘෘර අයුරින් සැලකීමට විරෝධය පළකරමින් විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක් සංවිධානය කළ සත්‍යග්‍රහය අද (08) කොළඹ කොටුව දුම්රිය පොළ පරිශ්‍රයේදී ආරම්භ විය.

සුරේෂ් සලේගේ බිරිඳගෙන් CID අධ්‍යක්ෂ ශානිට ලිපියක්..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර වෙත ලිපියක් යොමු කර තිබේ.

මේ පිරිමහන්නේ නන්දිකඩාල් පරාජයේ වෛරයයි.. මාලිමාවේ ඊබ්‍රාහිම් නිදොස් කොට රණවිරු සලේ පාස්කු පාස්කු ප්‍රහාරයේ “කුරුසය” මත තබා ඇන ගසන්නට ඉඩ නොදෙනු! - විමල්ගෙන් සටහනක්

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් ජානිපෙ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සිය මුහුණු පොතේ තබා ඇති සටහනක් පහළින්..

සලේ වෙනුවෙන් අද සිට අඛණ්ඩ සත්‍යග්‍රහයක්..

තමන්ගේ මරණය ආසන්න බව හැඟෙන බැවින් දෑස් දන්දීමට හා සිය අවසන් කැමැති පත්‍රය සැකසීමට අවශ්‍ය ලිපිලේඛන රැගෙන කඩිනමින් එන්නැයි සුරේෂ් සලේ මහතා දැනුම්දුන් බව ඔහුගේ නීතිඥයින් ඊයේ (07) අනාවරණ කර තිබිණි.

වීදුරු ගෙවල් වල හිඳිමින් අනුන්ට ගල් ගහන්න එපා!- ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිගෙන් ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ නියෝජිතයන්ට අවවාදයක්

ශ්‍රී ලංකාවේ යුරෝපීය සංගමයේ නියෝජිත කණ්ඩායම විසින් "X" (ට්විටර්) සමාජ මාධ්‍ය තුළ රුසියානු සමූහාණ්ඩුවට එරෙහි කරන ලද නොමඟ යවන තොරතුරු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

යාපනයේ ජාතිව‍ාදය අවුස්සන හැටි මෙන්න.. ආණ්ඩුව මොකද කියන්නේ? - අරුන් සිද්ධාර්ත්

යාපනය විශ්ව විද්‍යාලයේ වෙසක් උත්සවය සැමරීම වෙනුවෙන් නිර්මාණය කළ වෙසක් කූඩුවක් විනාශ කිරීම සම්බන්ධයෙන් තමන් මුලින්ම මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අදාළ සිදුවීම වාර්තා කළ බවත්, මෙම සිදුවීම පාදක කරගනිමින් තමන් ජාතිවාදය අවුස්සන බවට කිහිපදෙනෙකු විසින් ප්‍රකාශ කර ඇති බවත්, එම ප්‍රකාශ හෙළාදකින බවත් යාපනය සිවිල් සංවිධාන කේන්ද්‍රයේ අරුන් සිද්ධාර්ත් මහතා පවසයි.

ආණ්ඩුවේ ආයුෂ උතුරු නැගෙනහිර පළාත් සභා ඡන්දය තියන තුරු විතරයි.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

බෙදුම්වාදීන්ගේ ප්‍රකාශ සම්බන්ධයෙන් සහ ඔවුන්ගේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ආණ්ඩුවත් විපක්ෂයත් බරපතළ ලෙස මානසික බාධක පනවාගෙන සිටින බවත්, එල්.ටී.ටී.ඊ කොටි ත්‍රස්තයන් සැමරීම ඔවුන් විසින් කිසිඳු බාධාවකින් තොරව පාර්ලිමේන්තුව තුළ දී පවා සිදුකරමින් සිටින බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

මනෝගෙන් අතිශය ආන්දෝලනාත්මක ප්‍රකාශයක්..- පළාත් සභා උභතෝකෝටිකය!

දෙමළ බෙදුම්වාදී ත්‍රස්තවාදීන්ගේ (අවි දැරූ/නොදැරූ) සහ ඉන්දියාවේ වුවමනාවට 80 දශකයේදී ලංකාවේ ස්ථාපිත කළ පළාත් සභා ක්‍රමය පිළිබඳව නැවතත් විමසා බැලිය යුතුය.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.