ජනපති රනිල්ගේ සුබ පණිවිඩයේ තරම ගෙවිඳු හරියටම කියා දෙයි (වීඩියෝ)
කාන්තාවන් සවිබල ගැන්වීමේ පනත් කෙටුම්පතට සංශෝධන දෙකක් පාර්ලිමේන්තු කාරක සභා අවස්ථාවේ තමන් විසින් ඉදිරිපත් කළ බවත්, එහෙත් එම අවස්ථාවේ සභානායකවරයා එම සංශෝධන සෘජුවම ප්‍රතික්ෂේප කළ බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙනිඳු කුමාරතුංග මහතා පවසයි.
ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලැබුණු උපදෙස්වලට අනුකූලව කටයුතු කරමින් එම සංශෝධන පරාජය කිරීමට ආණ්ඩු පක්ෂයේ පුද්ගලයන් කටයුතු කළ බවත් ජනාධිපතිවරයා ආරංචිය සුබ යැයි රටපුරා පෝස්ටර් අලවමින් පවසන කරුණු සත්‍යදැයි විමසා බැලිය යුතු බවත් ඒ මහතා පවසයි.
අද වන විට විදේශීය ණය සම්බන්ධයෙන් ගත්විට ශ්‍රී ලංකාව ගෙවීම් පැහැරහැර ඇති විදේශීය ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 5.8ක් බවද, මෙරට සතුව ඇති සංචිත ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 5.4ක් බවද එම සංචිත ප්‍රමාණයේ ද චීනය විසින් ලබාදී ඇති විශේෂ තැංපතුවක් වන බිලියන 1.5ක ප්‍රමාණයක් ඇති බවද ගෙවිඳු කුමාරතුංග මහතා හෙළිකරයි.
එම මුදල ද චීනයෙන් පවසන දෙයකට වියදම් කිරීමට මිස මෙරට රජයට ඕනෑ ආකාරයට වියඳම් කළ නොහැකි බවද, එසේ බැලූවිට නිදහසේ වියඳම් කළ හැක්කේ ඩොලර් බිලියන 4ක පමණ ප්‍රමාණයක් බවද, එම මුදල ගෙවීම් පැහැරහැර ඇති ණය ප්‍රමාණයට වඩා අඩු බවද පෙන්වා දෙන ඒ මහතා මෙය සුබ කාරණයක් දැයි ප්‍රශ්න කරයි.
සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න...
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..
අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..
කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්
ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times
ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..
රනිල් අරගලයේ පිටපත තුළ ස්ථානගත වූ ආකාරය ගැන ජයන්ත සමරවීරගෙන් අනාවරණයක්..
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අවසාන වින්දිතයා ජනාධිපතිවරයායි.. - නීතිඥ කණිෂ්ක විතාරණ
විශ්‍රාමික හමුදා නිලධාරීන් බන්ධනාගාරයට බඳවා ගැනීම ආණ්ඩුවේ මර්දන අවිය ශක්තිමත් කිරීමේ අරමුණක්.. – ජයන්ත සමරවීර
චීන ශ්‍රී ලංකා සාම්ප්‍රදායික මිත්‍රත්වය ඉදිරියට ගෙන යමින්, දීප්තිමත් අනාගතයක් උදා කරමු!-අභිනවයෙන් පත්වූ ශ්‍රී ලංකාවේ චීන තානාපති ගරු වෙයි හුවාෂියං
දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට රජය නීතියේ ආධිපත්‍යය අවභාවිත කිරීම හෙළා දකිනවා.. - දිනන දකුණ
චීනයෙන් ඇමරිකානු සහ මෙක්සිකානු පිකාන් ආනයන සඳහා සියයට 54.3ක් දක්වා ප්‍රපාතන(Dumping) විරෝධී බදු පැනවේ: MOFCOM
විනිසුරු සේවා දීර්ඝය එකම ගැටලුව කර ගැනීම හාස්‍යට කරුණක්.. - පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි
රුසියාවේ තෙල් පිරිපහදුවකට ඩ්‍රෝන ප්‍රහාරයක්..
NLDB ගොවිපළවල් පෞද්ගලික අංශයට බදු දීමේ තීරණය හකුළා ගන්න.. - කෘෂි අරගල ව්‍යාපාරයෙන් ඇමති ලාල් කාන්තට විවෘත ආයාචනයක්..
"ඉරාන යුද්ධය අනිවාර්යයෙන්ම අවසන් විය යුතුයි... ඇමරිකාව සතු THAAD මිසයිලවලින් 80% ක් සහ පැට්‍රියට් (Patriots) මිසයිලවලින් 65% ක්ම භාවිත කර අවසන්".. - මහාචාර්ය ජෝන් මියර්ෂයිමර්
බෞද්ධ විහාර දේවාලගම් ඒකීය රාජ්‍ය රකින පවුරයි... ඇමති හදන්නේ පන්සලට විරුද්ධව ජනතාව නඩු මගට දාලා පවුර බිඳින්න...! - මතුගම සෙනෙවිගෙන් හිනිදුම සුනිල් සෙනෙවිට පණිවිඩයක්