බොලිවියාවේ අසාර්ථක හමුදා ‘කුමන්ත්‍රණයේ’ අණ දෙන නිළධාරියා අත්අඩංගුවට
බොලිවියානු ජනාධිපති ලුයිස් ආර්ස් තම රජයට එරෙහිව හමුදා කුමන්ත්‍රණ ප්‍රයත්නයක් සිදු වෙමින් පවතින බව ප්‍රකාශකිරීමෙන් පසු, සන්නද්ධ පිරිස් ප්‍රවාහන වාහන මත නැගී සිටි දැඩි ලෙස සන්නද්ධ සොල්දාදුවන් බොලිවියාවේ අගනුවර වන ලා පාස් හි මධ්‍යම ප්ලාසා මුරිලෝ චතුරශ්‍රයෙන් පිටතට පැමිණ ඇතැයි වාර්තා වේ.
ත්‍රිවිධ හමුදාවේ අණදෙන නිලධාරී ජෙනරාල් ජුවාන් ජෝස් සුනිගා ප්‍රමුඛ සොල්දාදුවන් පිරිසක් ඊයේ(26) මධ්‍යම ප්ලාසා මුරිලෝ චතුරශ්‍රය අල්ලාගෙන ජනාධිපති මන්දිරයට ඇතුළු වූහ.ජනාධිපති ලුයිස් ආර්ස් "බොලිවියානු හමුදාවේ සමහර ඒකක අවිධිමත් ලෙස බලමුලු ගැන්වීම" හෙළා දුටු අතර ජෙනරාල් ජුවාන් ජෝස් සේවයෙන් පහ කර ඔහු වෙනුවට ත්‍රිවිධ හමුදාවේ අණදෙන නිළධාරියා ලෙස ජෙනරල් Jose Wilson Sanchez පත් කරනු ලැබුවේය.ත්‍රිවිධ හමුදාවේ අණදෙන නිලධාරී තනතුරට පත් වූ වහාම සැන්චෙස් චතුරශ්‍රයේ බල මුළු ගැන්වී සිටින හමුදාවට චතුරශ්‍රයෙන් පිටව යන ලෙස නියෝග කළේය.
බොලිවියානු මාධ්‍යවලට අනුව, ජෙනරාල් ජුවාන් ජෝස් සුනිගා රඳවාගෙන සිටින අතර, "රාජ්‍යයේ ආරක්ෂාවට සහ ස්වෛරීභාවයට එරෙහිව ත්‍රස්තවාදය සහ සන්නද්ධ නැගිටීමක් සංවිධානය කිරීම" සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල කර ඇත.
බොලිවියානු ජනාධිපති ලුයිස් ආර්ස් පසුව ජනාධිපති මන්දිරයේ බැල්කනියේ පෙනී සිටිමින් තම ආධාරකරුවන්ට ස්තූති කළේය. “අපි ඡන්ද බලයෙන් දිනාගත් ප්‍රජාතන්ත්‍රවාදය කිසිවකුට උදුරා ගන්න බැහැ,” ජනාධිපතිවරයා ප්‍රීති ඝෝෂා නඟමින් සිටි පිරිසට කීවේය. "අපි බොලිවියානු ජනතාවගේ සුභ සිද්ධිය වෙනුවෙන් දිගින් දිගටම කැපවෙනවා."
හමුදාව ලා පාස් හි මධ්‍යම ප්ලාසා මුරිලෝ චතුරශ්‍රය වෙත පැමිණි වහාම,බොලිවියාන්ය් ජනාධිපති ලුයිස් ආර්ස් ගේ ආධාරකරුවන් සහ සමාජවාදය සඳහා පාලක ව්‍යාපාරය (MAS) පක්ෂය වීදි බැස, හමුදා නැවත ඔවුන්ගේ බැරැක්ක වෙත යන ලෙස බලකරමින් උද්ඝෝෂණය කළහ. මේ අතර බොලිවියාවේ බොහෝ දේශපාලකයින් සහ නිලධාරීන් මෙන්ම යුරෝපියානු සංගමය සහ දකුණු ඇමරිකාවේ නායකයින් බහුතරයක් බොලිවියානු හමුදාවේ ක්‍රියාව හෙලා දුටුහ.
“අපි බොලිවියාවේ සිදුවීම් හෙළා දකිනවා. හමුදාව නීත්‍යානුකූලව තේරී පත් වූ සිවිල් බලයට යටත් විය යුතුය” යනුවෙන් ඇමරිකානු ජනපද සංවිධානයේ (OAS) නායක ලුයිස් අල්මාග්‍රෝ පැවසීය.
හිටපු අන්තර්වාර ජනාධිපති ජෙනීන් ඇනෙස් සහ සැන්ටා කෲස් පළාතේ හිටපු ආණ්ඩුකාර ලුයිස් ෆර්නැන්ඩෝ කැමචෝ ඇතුළු පිරිස් “බොලිවියාවේ ප්‍රජාතන්ත්‍රවාදය යථා තත්ත්වයට පත් කිරීමට” සහ “සියලු බොලිවියානු දේශපාලන සිරකරුවන්” නිදහස් කිරීමට අවශ්‍ය බව ප්‍රකාශ කරමින් ජෙනරාල් සුනිගාගේ ක්‍රියාවන් සාධාරණීය කරනු ලැබීය.
2019 වසරේ එවකට ජනාධිපති ඉවෝ මොරලෙස් බලයෙන් පහකිරීමේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් වරදකරු වීම හේතුවෙන් හිටපු අන්තර්වාර ජනාධිපති ජෙනීන් ඇනෙස් මේ වන විටත් වසර 10ක සිර දඬුවමක් විඳිමින් සිටියි.
බොලිවියාවේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය විසින් ජෙනරල් ජුවාන් ජෝස් සුනිගා මාධ්‍ය වෙත ඉදිරිපත් කරන ලද අවස්ථාව...
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..
අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..
කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්
ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times
ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..
රනිල් අරගලයේ පිටපත තුළ ස්ථානගත වූ ආකාරය ගැන ජයන්ත සමරවීරගෙන් අනාවරණයක්..
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අවසාන වින්දිතයා ජනාධිපතිවරයායි.. - නීතිඥ කණිෂ්ක විතාරණ
විශ්‍රාමික හමුදා නිලධාරීන් බන්ධනාගාරයට බඳවා ගැනීම ආණ්ඩුවේ මර්දන අවිය ශක්තිමත් කිරීමේ අරමුණක්.. – ජයන්ත සමරවීර
චීන ශ්‍රී ලංකා සාම්ප්‍රදායික මිත්‍රත්වය ඉදිරියට ගෙන යමින්, දීප්තිමත් අනාගතයක් උදා කරමු!-අභිනවයෙන් පත්වූ ශ්‍රී ලංකාවේ චීන තානාපති ගරු වෙයි හුවාෂියං
දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට රජය නීතියේ ආධිපත්‍යය අවභාවිත කිරීම හෙළා දකිනවා.. - දිනන දකුණ
චීනයෙන් ඇමරිකානු සහ මෙක්සිකානු පිකාන් ආනයන සඳහා සියයට 54.3ක් දක්වා ප්‍රපාතන(Dumping) විරෝධී බදු පැනවේ: MOFCOM
විනිසුරු සේවා දීර්ඝය එකම ගැටලුව කර ගැනීම හාස්‍යට කරුණක්.. - පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි
රුසියාවේ තෙල් පිරිපහදුවකට ඩ්‍රෝන ප්‍රහාරයක්..
NLDB ගොවිපළවල් පෞද්ගලික අංශයට බදු දීමේ තීරණය හකුළා ගන්න.. - කෘෂි අරගල ව්‍යාපාරයෙන් ඇමති ලාල් කාන්තට විවෘත ආයාචනයක්..
"ඉරාන යුද්ධය අනිවාර්යයෙන්ම අවසන් විය යුතුයි... ඇමරිකාව සතු THAAD මිසයිලවලින් 80% ක් සහ පැට්‍රියට් (Patriots) මිසයිලවලින් 65% ක්ම භාවිත කර අවසන්".. - මහාචාර්ය ජෝන් මියර්ෂයිමර්
බෞද්ධ විහාර දේවාලගම් ඒකීය රාජ්‍ය රකින පවුරයි... ඇමති හදන්නේ පන්සලට විරුද්ධව ජනතාව නඩු මගට දාලා පවුර බිඳින්න...! - මතුගම සෙනෙවිගෙන් හිනිදුම සුනිල් සෙනෙවිට පණිවිඩයක්