කඩුගන්නාව මාර්ගය යනු අල කොළ සමඟ පොල් රොටී කෑමට සෑදූ අටමගලයක් නොවේ..
හරියටම මීට අවුරුදු හතරකට කලින් පහළ කඩුගන්නාවේ, අම්බලමට පසු කර මද දුරක් ගිය පසු හමුවන වෙළඳසැල් පෙළට ඉහළ පාංශු සහ පාෂාණ ස්ථරය දුර්වල වී නාය යෑමක් සිදු විය. ඊට ප්‍රථම ද කිහිප අවස්ථාවක එවැනි සුලු සිදුවීම් සිදු වී ඇතත්, පළමු වරට ප්‍රශ්නයේ සංකීර්ණතාව දැණුනේ එම අවස්ථාවේ දී ය. එනම්, 2021 නොවැම්බර් 10-11 දින වල ය.
පහළ කඩුගන්නාව අද යළිත් නාය ගියේ, ආපන ශාලාවක් පවත්වාගෙන ගිය තුන් මහල් ගොඩනැගිල්ලක් සමතලා කරමිනි. ඒ සමඟ පුද්ගලයන් කී දෙනෙක් යට වුණේ ද යන්න තවමත් වාර්තා වී නොමැත.
මේ යන හැටියට, නුදුරේ දී ම, කඩුගන්නාවට අත් විය හැකි ඉරණමක් ගැන මට නිකමට මෙන් සිතේ. එය එසේ නොවේවා කියා පතන්නට අපි දැනටමත් ප්‍රමාද ය. එබැවින්, පහළ සිට ඉහළ දක්වා කඩුගන්නාව පරිසර පද්ධතිය වහාම සංරක්ෂණය කර ගන්නට අධිකාරීන්ගේ නුවණැස පහළ විය යුතුය.
කඩුගන්නාවේ පෙට්ටි කඩ සහ අවිධිමත් කොන්ක්‍රීට් ගොඩනැගිලි අටවාගෙන සිටින බහුතරයක් අනවසර තැනැත්තන් ය;
ඔවුන් මේ අට්ටාල සකස් කර ගෙන ඇත්තේ නිසි පළාත් පාලන - භූ විද්‍යා - මාර්ග සංවර්ධන - පරිසර අනුමැතීන්ගෙන් තොරව ය. ඇතැම් ස්ථාන වලට විධිමත් ඔප්පු හෝ නැත. මේ ප්‍රදේශය පාරම්පරික ගම්මානයකට අයත් භූමියක් ද නොවේ. 1960-80 කාලයේ පමණ ආරම්භ වූ ඒවා ය.
මේ අනවසර අට්ටාලකරුවෝ ස්වභාවික ජල උල්පත් අවහිර කර, ඒවා ස්වකීය අට්ටාල තුළ පොකුණු බවට පත් කරගෙන සිටිති. ජල උල්පත් විද ඒවාගෙන් වතුර ගෙන වාහන හෝදන ජංගම සර්විස් ස්ටේෂන් පවත්වාගෙන යති. නියමිත ක්‍රමවේද නොමැතිව ජල බැස්ම සකස් කරවති. අංශක අනූවට ඇලි කපති. රසායනික ද්‍රව්‍ය යොදා හොරෙන් ගල් කඩවති. ගස් මරති.
උදාහරණයක් ලෙස, පහළ කඩුගන්නාවේ අම්බලමට අනෙක් පසින් මාවෙල රජමහා විහාරයේ ප්‍රවේශ පියගැට පෙළ ආරම්භ වන තැන ම පිහිටි හෝටලයක් පවත්වාගෙන යන ගොඩනැගිල්ල බලන මෙන් මම යෝජනා කරමි.
ඉතින්, මේ අවාසනාවන්ත ඉරණම, එම පෙට්ටිකඩ ඇතුළු අට්ටාලකරුවන් විසින් දරා ගත යුතු ම ය. මේ ඔවුන් වැපිරූ දෙයෙහි අස්වැන්න වන බැවිනි.
එහෙත්, මේ උඩරට ප්‍රවේශයට වන හානිය එසේ සුලුවෙන් තැකිය නොහැක්කකි. නැවත භාවිත කළ නොහැකි හෝ; ප්‍රතිසංස්කරණයට කල් ගත වන ආකාරයේ නාය යෑමක් පහළ කඩුගන්නාවේ සිදු වුවහොත් ජාතික ආර්ථිකයට සහ පරිපාලනයට සිදු වන අගතිය කිසිසේත්ම සුලුවෙන් තැකිය නොහැකි වනු ඇත.
මහනුවර පමණක් නොව, නුවරඑළිය, බදුල්ල, මාතලේ, වැලිමඩ, මහියංගණය ඇතුළු දිවයිනේ ආර්ථික මර්මස්ථාන රැසකට ප්‍රවේශ වීමේ පහසුම මාර්ගය කඩුගන්නාව ප්‍රවේශය වන නිසා, එය අවහිර වුවහොත් සිදු වන අගතිය සිතා ගත නොහැක්කකි. එක් විකල්ප මාර්ගයක් වශයෙන් රඹුක්කන හරහා කුරුණෑගල-මහනුවර මාර්ගයට ගලගෙදර දී ප්‍රවේශ විය හැකි වුවත්, රඹුක්කන පසු කළ පසු හමුවන හතරලියද්ද ප්‍රදේශය ද නිතර ආපදාවන්ට ලක් වන මාර්ගයකි. අනෙක් පසින්, මාවනැල්ල, හෙම්මාතගම හරහා අම්බුලුවාව මතින් ගම්පොළ ඔස්සේ මහනුවරට පැමිණිය හැකි නමුත් එය අතිරේක වශයෙන් පැය දෙකක පමණ ගමනකි. එමෙන්ම, ජයරත්නලා විසින් කාබාසිනියා කරනු ලැබූ අම්බුලුවාව පරිසර පද්ධතිය ද ඕනෑම අවස්ථාවක බරපතල ආපදාවන් සිදු විය හැකි කලාපයකි.
මේ ප්‍රවේශ දෙක හැර වෙනත් පහසු විකල්පයක් නැත. එම විකල්ප ප්‍රවේශයන් ද අධික රථවාහන ධාරිතාවකට ඔරොත්තු නොදේ. එබැවින් කඩුගන්නාව ප්‍රවේශය ආරක්ෂා කර ගැනීමේ වැදගත්කම වටහා ගැනීමට තවත් ප්‍රමාද නොවිය යුතුය.
අනෙක් අතින්, පහළ කඩුගන්නාවේ මාර්ගයට වන ඕනෑම හානියක්, එතැන් සිට අඩි සිය ගාණකට උඩින් පිහිටි දුම්රිය මාර්ගයට ද දැනෙනු ඇත. දුම්රිය මාර්ගයේ අක්‍රීය වීමකින් සමස්ත ආර්ථිකයට සහ විශේෂයෙන් සංචාරක කර්මාන්තයේ යහ පැවැත්මට සිදු විය හැකි හානිය කුමක්ද කියා අමුතුවෙන් පැහැදිලි කළ යුතු නොවේ.
එබැවින්, අධි සංවේදී පාරිසරික කලාපයක් වශයෙන් සලකා, අඩුම වශයෙන් මාකඩවර සිට කඩුගන්නාව පොලීසිය දක්වා කොටසවත් මේ අනවසර අට්ටාලකාරයන්ගෙන් මුදා ගෙන, නැවත සංරක්ෂණය කළ යුතු ම ය.
ඔවුන් වෙනුවෙන්, අවශ්‍ය නම් කඩුගන්නාව නගරයේ හෝ හිඟුල ආසන්නයේ හෝ මොකක් හෝ ආර්ථික මධ්‍යස්ථානයක් පිහිටුවා දීමේ හැකියාව ඇත.
කඩුගන්නාව යනු අල කොළ සමඟ පොල් රොටී කන අටමගලයක් නොව, රට මැද සහ අගනුවර යා කරන කොඳු ඇට පේළිය බව දැන් වත් තේරුම් ගත යුතුය.
උපුටා ගැනීම - නිමේෂ තිවංකර සෙනෙවිපාල
(මුහුණු පොතින්)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
NLDB ගොවිපළ 32න් 26ක්ම පුද්ගලික සමාගම්වලට!.. විද්වතුන් සහ වෘත්තීය සමිති නිහඬයි..
ජාතික ජනබලවේගයට ලැබුනේ අතීත ජනතා විමුක්ති පෙරමුණට ලැබී තිබුණු වටිනාකම.. බෙදුම්වාදය පරාජය කිරීම වෙනුවෙන් එදා පෙරට ආ ජවිපෙ අද නෑ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරය දෙකට කරමින් මැදින් පාරක්.. අමරපුර නිකායේ දැඩි විරෝධය..
''මේ රටේ ගෝඨාභය මරාදමා හෝ විදේශ මැදිහත් වීමෙන් අන්තර්කාලීන පාලනයක් ගොඩනගන්න හැදුවා.. ආණ්ඩුව පවාදීම් රැසක් මේ වන විට කර අවසන්.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සම්බුද්ධ ශාසනයේ ප්‍රධාන අංගයක් වන පෙරහැර විකාරයක් බව අගමැතිනිය කියන්නේ කොහොමද?.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සවුදිය, තුර්කිය සහ පාකිස්ථානය 'නේටෝ' වැනි යුද සංවිධානයකට අවතීර්ණ වෙයි.. 'මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම' අත්සන් තබයි..
විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීමට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණය 2022 වසරේදී තීන්දු කරලා..
22වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කෙරේ..
වර්තමාන අර්බුද හමුවේ නාට්‍යකරුවන් අපේක්ෂාභංගත්වයට පත්වෙලා.. – නාට්‍යවේදී අඛිල සපුමල්
ලොවටම සහන සැලසූ චීනයේ ගෝලීය සංවර්ධන මුලපිරුමට වසර 5යි: ගෝලීය දකුණේ අනාගතය වෙනුවෙන් චීනයෙන් නව පොරොන්දුවක්..
බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණියව අයින් කරන්න ආණ්ඩුවට අවශ්‍ය වුනා.. ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද යන්න ගැටළුවක්.. - නීතිඥ සංජීව වීරවික්‍රම
බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර උච්ඡතම ස්ථානයකට පැමිණිලා.. ෂානක්කියන්ලා, සුමන්තිරන්ලාගෙන් බෞද්ධ උරුමය විනාශ කරන්න පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවටත් බලපෑම්.. දළදා පෙරහැරේ කරඬුව වඩම්මන ඇතුන්ටත් තහංචි වැටෙන ලකුණු!
මැගසින් බන්ධනාගාරය තුළ නොසන්සුන්තාවක්..
උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමය විනාශ කිරීමට සැලසුම්සහගත ප්‍රහාරයක්.. පුරාවිද්‍යා වාර්තා වෙනස් කරන්න දෙමළ මන්ත්‍රීන්ගෙන් බලපෑම්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්..
පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් දන්වයි..
ඇමරිකානු - ඉරාන යුද්ධය අවසන් ද? - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්