" සිංහලේ " හෙවත් "ඇකිරියන් කුඹුර" ගැන මේ විස්තරය ඔයාලා දැනන් හිටියාද..
ගම්පෙරළිය නවකතාවේ ජිනදාස සිංහලේ ගියේ ය. සිංහලේ හෙවත් "ඇකිරියන් කුඹුරේ" ඔහු ජීවත් වූ බව සඳහන් වේ. ජිනදාස නිර්මාණය කෙරුණ චරිතයක් වුව ද, අද ද ඇකිරියන් කුඹුරේ ජිනදාස මෙන් දුක්විඳින සැබෑ මිනිස්සු රැසකි.
කරෝලිස්ට සිංහලේ යන්නට සිදුවූයේ ගැහැනු ගැටවලට හසුවීම නිසා ය. ජිනදාසගේ ගමන නම් ඉඳුරාම වෙනස් වූවකි. පළමුව හෙතෙම නන්දා සමඟ විවාහ විය. ඉන්පසුව ලද දරුවා අකල් මරණයට පත්විය. ඒ සියල්ලට ම වඩා දිනෙන් දින උග්‍රවන අග හිඟකම් ජිනදාසට බලපෑවේ ය. මෙයට විසඳුම් සොයා ජිනදාස සිංහලේ යන්නට තීරණය කළේ ය.
"නන්දා මම මෙහෙම නිකම් ගෙදර හිටියාම කොහොමද? පොඩි වෙළෙඳාමක් වත් කරන්න සිංහලේ යන්නයි මම හිතාගෙන ඉන්නේ."
නන්දා ඇමතූ ජිනදාස ඉන් දින දෙකකට පසුව සිංහලේට පිටත්වූයේ වෙළෙඳාම් කිරීමට ය.
A5 - මාර්ගය නැත්නම් මඩකලපුව - බදුල්ල මාර්ගයේ බිබිල නගරය පසුකර සැතපුම් අටක් යනවිට අපට මේ සිංහලේ යනුවෙන් ව්‍යවහාර ප්‍රදේශය හමුවේ. අද වනවිට සිංහලේ ලෙස ව්‍යවහාර නොවුණත් ඒ ප්‍රදේශයේ දුෂ්කර බව නම් එලෙසින් ම ශේෂ ව පවතියි. ජිනදාසගේ මරණයත් සමඟ ම නැවැතත් සිංහලේ ගැන කතා බහට ගම්පෙරළිය කෘතිය පෙලඹේ.
"උණ ගෙඩියක් සහිත අමාරු ලෙඩෙක් ඇකිරියන් කුඹුරේ සිට ඉතා අමාරුවෙන් බදුල්ලේ ඉස්පිරිතාලයට පැමිණියේ ය. එහි ඇතුළු වී දෙසතියකින් ඔහු මිය ගියේ ය."
බදුල්ල - මඩකලපුව මාර්ගයේ මාදියගල කඳු වළල්ලේ පාමුලට වන්නට ඇකිරියන් කුඹුර ගම්මානය පිහිටා ඇත. සියවස් ගණනාවකට එහා යන ඉතිහාසයක් පවතින මේ ගම්මානය මාර්ටින් වික්‍රමසිංහයන්ගේ ඇස ගැටුණේ අහම්බයකින් නො වේ. වික්‍රමසිංහයන්ගේ ගම්පෙරළිය නවකතාවට ඇකිරියන් කුඹුර සම්බන්ධවීම තමන්ට ලැබුණ ගෞරවයක් ලෙස ගම්මු අද පවා සලකති. කන්න බොන්න අමාරුවී අගහිඟකම් උත්සන්න වී එයට විසඳුම් ලෙස හේනක් කපා වෙළෙඳාමට පැමිණීම ජිනදාසගේ අරමුණ වී තිබිණි. ඒ කුමන අරමුණකින් ජිනදාස ඇකිරියන් කුඹුරට පැමිණිය ද ගමේ මිනිසුන් මාර්ටින් වික්‍රමසිංහ මහතා තම ගමට විශේෂ ගෞරවයක් කළ අයකු ලෙස අද පවා පිළිගනිති.
"වික්‍රමසිංහ මහත්තයා ජිනදාස එව්වේ අපේ ගමටනේ"
ඇකිරියන් කුඹුර ගම්මානයේදී හමුවූ බොහෝ දෙනකු කියන්නේ ඒ නිසා වන්නට ඇත. ඇතැමුන් එසේ කියන්නේ ජිනදාස යනු නවකතා චරිතයක් ලෙස නොව සැබෑවටම සිටි චරිතයක් ලෙස සලකා ගෙන ය.
මාර්ටින් වික්‍රමසිංහ මහතා 1918 දී පමණ මඩකලපු ප්‍රදේශයේ ව්‍යාපාරයක නියැළුණු බව ඔහුගේ 'උපන්දා සිට' කෘතියේ සඳහන් වේ. ඇකිරියන් කුඹුර පිළිබඳ අත්දැකීම ඔහුට ලැබෙන්නට ඇත්තේ මේ නිසා වන්නට ඇත.
එකල මඩකලපුවට යාම සඳහා බදුල්ල - මඩකලපුව මාර්ගය භාවිත වී තිබේ. අද ද මේ ප්‍රදේශයේ ජීවත්වන තුලතුනා ගැමියන් සමඟ කතාබහ කරන විට ඔවුන් කියන්නේ එකල මේ මාර්ගය කරත්ත පාරක් ව තිබෙන්නට ඇති බව ය. මේ කරත්ත පාර ඔස්සේ විදේශිකයන් මෙන් ම ස්වදේශිකයන් ද බදුල්ලේ සිට මඩකලපුවට ගියහ. ප්‍රවාහනය සඳහා බහුලව භාවිත වූ කරත්ත වලින් ලුණු, කරවල ආදිය එකල මඩකලපුවේ සිට බදුල්ලට ගෙන ගොස් තිබේ. බදුල්ලේ සිට ඇත් දළ, බුලත්, පුවක් ආදිය මඩකලපුවට ගෙන ගොස් තිබේ. මේ මාර්ගයේ එහා මෙහා යන පිරිසට නවාතැන් ගැනීම සඳහා නවාතැන් පොළවල් ඉදිකර තිබී ඇත. ඇකිරියන් කුඹුර, මහඔය, පිල්ලුමලේ ආදී ප්‍රදේශවල එවැනි නවාතැන් පොළවල් තිබී ඇති අතර, ඇකිරියන්කුඹුරේද නවාතැන් පොළක් තිබී ඇත්තේ වර්තමානයේ ඇකිරියන් කුඹුර මහා විද්‍යාලය තිබෙන ස්ථානයට ආසන්නයේ ය.
"වික්‍රමසිංහ මහත්තයා නවසිය ගණන්වල මඩකලපුවේ ඉඳන් බදුල්ලට යන්න ඇවිල්ලා තියෙනවා. එහෙම යන කොට නතර වුණු තැනක් තමයි ඇකිරියන් කුඹුර රෙස්ට් හවුස් එක. එතැන නතරවෙලා ඉන්න කොට වික්‍රමසිංහ මහත්තයා මෙහේ විස්තර හොයලා බලන්න ඇති. හේන් වගාව තියෙනවා. සිංහලේ කියනවා. ඊළඟට මේ කාලේ මේ ප්‍රදේශයේ බොහොම තදේට මැලේරියාවත් පැතිරිලා තිබිලා තියෙනවා. මේ තොරතුරු සියල්ල හොයාගෙන ඊට පස්සෙ තමයි එතුමා ගම්පෙරළිය ලියන කොට ජිනදාස සිංහලේට එවන්නේ.”
නමුත් මේවනවිට බදුල්ල මඩකලපුව A5 මාර්ගය අලුතින් ඉදිකර නවීකරණය වී ඇත.තවත් කාලයක් ගතවන විට සිංහලේ දුෂ්කර ගමක්ව තිබූ බව ගම්පෙරලිය පොතට පමනක් සීමාවනු ඇත.
- බුද්ධික විදානගේ මහතාගේ ලිපියකි
(අයිතිය ඔහු සතුය)



සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..