News Category
From Date
To Date
Maximum Number of Result

ජිනීවා මානව හිමිකම් නාටකයේ යටිපෙළ මෙන්න..- වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..

Oct 18, 2025 at 02:46 PM
|

මෙවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 60 වැනි සැසිවාරයේදී ශ්‍රී ලංකාවට අදාළව හෙවත් එරෙහිව 60/1 නමින් සුපුරුදු යෝජනාව ඉදිරිපත් කරනු ලැබූ අතර,  මේ නව ප්‍රවණතා ගැඹුරින් අධ්‍යයනය කිරීමේදී එක්සත් ජාතීන්ගේ  මහ කොමසාරිස් වෝල්ටර් ටූර්ක් සහ ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යාංශය අතර ඇති කරගෙන ඇති  එකඟතාවයකට අනුව එම ක්‍රියාවලිය සිදුවන බවට බරපතළ සැකයක් ඇතිවී තිබෙන බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

මේ සම්බන්ධයෙන් සකස් කළ විශේෂ ලිපියක ඒ මහතා මේ ගැන දීර්ඝ වශයෙන් කරුණු අනාවරණය කර ඇත.

අදාළ සවිස්තරාත්මක ලිපිය පහළින්..

ජිනීවා මානව හිමිකම් නාටකයේ යටිපෙළ හෙවත් කපටි සූත්‍රය

පසුගිය ඔක්තෝබර් මස 1 දින එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 60 වැනි සැසිවාරයේදී ශ්‍රී ලංකාවට අදාළව හෙවත් එරෙහිව 60/1 නමින් සුපුරුදු යෝජනාව ඉදිරිපත් කරනු ලැබීය. නිශ්චිත බරපතළ කොන්දේසි අඩංගු නොවන එම යෝජනාව ආණ්ඩුව විසින් ප්‍රතික්ෂේප කිරීම සමාජයේ යම් පාර්ශ්ව වල ඇගයීමට ලක්වී ඇත. නමුත් ඊට පෙර මානව හිමිකම් කොමසාරිස්වරයා විසින් ඉදිරිපත් කළ වාර්තාවේ අඩංගු කරුණු සැලකිල්ලට ගත යුතු බවට එම යෝජනාවේ සඳහන් වේ. ශ්‍රී ලංකාවේ රජය විසින් සැපිරිය යුතු ඉතා බරපතල කොන්දේසි රාශියක් එම වාර්තාවේ අඩංගු විය. ඊට අමතරව මීට පෙර ශ්‍රී ලංකාවට එරෙහිව සම්මත කළ 51/1 සහ 57/1 යන යෝජනා අනුව කටයුතු කළ යුතු බවද මෙවර 60/1 යෝජනාවේ සඳහන් වේ. ඒ අනුව මෙවර යෝජනාවේ ඊට පෙර 2015 දී යහපාලන ආණ්ඩුව විසින් ස්තුති පූර්වකව පිළිගත් 30/1 යෝජනාවේ අඩංගු ආකාරයට ශ්‍රී ලංකාවේ රජය විසින් ඉටු කළ යුතු නිශ්චිත කොන්දේසි එකින් එක සඳහන් වන්නේ නැත.  

මෙවර 60/1 යෝජනාවේ නිශ්චිතව සහ ප්‍රබල ලෙස අවධාරණය කෙරෙන්නේ පළාත් සභා මැතිවරණය පවත්වා 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කළ යුතු බව සහ උතුරු සහ නැගෙනහිර පළාත් සභා ප්‍රතිඵලදායක ලෙස ක්‍රියාත්මක වන බව සහතික කළ යුතු බව පමණි. ඒ අනුව පිටු තුනකින් සමන්විත ලේඛනයක පූර්විකාවට අමතරව අඩංගු වන වගන්ති 14ක් අඩංගු ලේඛනයේ සඳහන් වන්නේ ආණ්ඩුව විසින් ඉටු කළ යුතු විශේෂිත නොවන කොන්දේසි ප්‍රමාණයකි. නමුත් ඉතා බරපතළ කොන්දේසි අඩංගු මහකොමසාරිස් වාර්තාව පිටු 16කින් සමන්විත වන අතර සහ එම වාර්තාව මත පදනම්ව ඊට අදාළව ශ්‍රී ලංකාවේ රජයේ ස්ථාවරය කුමක්දැයි සඳහන් වන මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කර ප්‍රතිපෝෂණ ලේඛනය පිටු 11කින් සමන්විත වේ. එම ප්‍රතිපෝෂිත ලේඛනය මගින් ශ්‍රී ලංකාවේ ආණ්ඩුව විසින් දැනටමත් ඉටු කළ සහ ඉටුකිරීමට බලාපොරොත්තු වෙන කොන්දේසි පිළිබඳව සහතිකයක් ලබා දී ඇත.

ඒ අනුව මහ කොමසාරිස් වාර්තාවට අදාළව ශ්‍රී ලංකාවේ රජය ඉදිරිපත් කළ ප්‍රතිපෝෂණ ලේඛනයේ උතුරු ප්‍රදේශයේ හමුදා කඳවුරු අනාරක්ෂිත වන ලෙස එම කඳවුරු මැදින් ගමන් කළ පාරවල් 5ක් පොදු ගමනාගමනයට විවෘත කිරීම සහ කඳවුරු ආශ්‍රිත ඉඩම් මහජනයාට නිදහස් කිරීම පිළිබඳව සඳහන් වේ. ඊට අමතරව මහකොමසාරිස් වාර්තා වේ අඩංගු ඉතා බරපතල කොන්දේසි නිශ්චිතව සඳහන් කර ඒවා ඉටුකරන බවට එම ලේඛනය මගින් සහතික වී ඇත. එසේම මහ කොමසාරිස් වාර්තාවේ අඩංගු වූ ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ බල අධිකාරියට එකඟවීම සඳහා අත්සන් කළ යුතු රෝම ප්‍රඥප්තිය ආදියට විරෝධය ප්‍රකාශ නොකර ඒවා පිළිබඳව නිහඬව සිටීමේ ප්‍රතිපත්තියක්ද එම ප්‍රතිපෝෂණ ලේඛනය මගින් ප්‍රදර්ශනය කර ඇත. මේ සියලු නව ප්‍රවණතා ගැඹුරින් අධ්‍යයනය කිරීමේදී එක්සත් ජාතීන්ගේ  මහ කොමසාරිස් වෝල්ටර් ටූර්ක් සහ ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යාංශය අතර ඇති කරගෙන ඇති  එකඟතාවයකට අනුව එම ක්‍රියාවලිය සිදුවන බවට බරපතළ සැකයක් ඇතිවේ. එනම්, ප්‍රතික්ෂේප කිරීම සහ එකඟතාවය ලබාදීම ඉතා සූක්ෂම ලෙස එකම ක්‍රියාවලියක් තුළ සිදුවී ඇති බවට පැහැදිලි චෝදනාවක් ආණ්ඩුවට විරුද්ධව එල්ල කිරීම සඳහා හැකියාව ලැබේ. එම චෝදනාව සාධාරණීකරණය කිරීම සඳහා සාක්ෂි රාශියක් ඉදිරිපත් කළ හැක. 

එම සාක්ෂි අතරින් පළමුවැන්න, මෙවර ඉදිරිපත් වන්නේ ඉතා මෘදු යෝජනාවක් බව විජිත හේරත් අමාත්‍යවරයා විසින් පළමු වටයේදීම සඳහන් කිරීමය. ඒ අනුව මෘදු යෝජනාවක් නම් ඊට එකඟතාවය හෝ සමානුග්‍රහය දැක්වීම වරදක් නොවන බවටද මතයක් ගොඩ නැගීමේ හැකියාව ලැබේ. දෙවැන්න, ජාත්‍යන්තර බෙදුම්වාදී බලවේග මානව හිමිකම් කවුන්සිලය යොදා ගැනීම මගින් ඉටු කර ගැනීමට අපේක්ෂිත අවසන් අරමුණට අදාළ පූර්ව කොන්දේසි සියල්ල විශේෂයෙන්ම සත්‍ය සෙවීමේ කොමිසම පිහිටුවීම, අභිචෝදක කාර්යාලය පිහිටුවීම, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම ආදිය පිළිබඳව ගරු අමාත්‍ය විජිත හේරත් මහතාගේ කතාව මෙන්ම 60/1 යෝජනාවට  පිළිතුරු කතාව සිදුකළ ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිතවරියගේ කතාව මගින් එකඟතාවය පළ කිරීමය. තුන්වැන්න, මහ කොමසාරිස් වාර්තාවේ අඩංගු ඉතා බරපතල කොන්දේසියක් වූ රෝම ප්‍රඥප්තිය පිළිබඳව ආණ්ඩුවේ ප්‍රතිපෝෂණ ලේඛනය මගින් කිසිදු විරෝධයක් ප්‍රකාශ නොකර නිහඬව සිටීමය. හතර වැන්න, ජිනීවා ක්‍රියාවලියට වක්‍රව සහය දක්වන යම් පාර්ශව විසින් රෝම ප්‍රඥප්තිය අත්සන් කළහොත් ඉතා බරපතල ලෙස රණවිරු දඩයම ආරම්භ වන බවට එම කරුණ පමණක් අවධාරණය කිරීම මගින් සෙසු කොන්දේසි අවතක්සේරු කිරීමය. ඒ මගින් අදාළ කොන්දේසියට එකඟ නොවීම තුළ ආණ්ඩුව විසින් රණවිරුවන් පාවා නොදෙන බවට මතයක් ගොඩනැගීමට සහ සෙසු බරපතළ කොන්දේසි වලට එකඟ වීමේ වරද යටපත් කිරීමට හැකි වේ.

මෙම සියලු කරුණු සැලකිල්ලට ගැනීමේදී වෝල්ටර ටූර්ක් සහ විජිත හේරත් එකඟතාවය තුළ යම් මනෝ විද්‍යාත්මක යුද උපක්‍රමයක් ක්‍රියාත්මක වන බව තේරුම් ගැනීම අපහසු නැත. උදාහරණයක් ලෙස රෝම ප්‍රඥප්තිය අත්සන් කිරීම වැනි මීට පෙර ඉදිරිපත් නොකළ බරපතල කොන්දේසියක් ඉදිරිපත් කිරීම සහ ආණ්ඩුව ඊට එකඟ නොවීම තුළ ආණ්ඩුවට ගෞරවයක් ලැබේ. එසේම මෘදු යෝජනාවක් ලෙස ආණ්ඩුව විසින්ම සඳහන් කරන 60/1 යෝජනාව ප්‍රතික්ෂේප කිරීම මගින් ආණ්ඩුව ජාත්‍යන්තර පීඩනයට යටත් නොවන බවට ව්‍යාජ මතයක් ගොඩනැගීමට හැකියාව ලැබේ. ඊට අමතරව ආණ්ඩුව ප්‍රතිපෝෂණ ලේඛනය මගින් සහ කවුන්සිලය හමුවේ වාචිකව සිදුකළ ප්‍රකාශ මගින් ඉටු කිරීමට එකඟවන බරපතල කොන්දේසි කිසිවක් නිශ්චිතව 60/1 යා්ජනාවට ඇතුල් නොකිරීම මගින් යෝජනාව ප්‍රතික්ෂේප කරන අතර බරපතළ කොන්දේසි ක්‍රියාත්මක කිරීමට අවකාශය නිර්මාණය වේ. ඒ සියලු කරුණු වලට අමතරව ආණ්ඩුව විසින් යෝජනාව ප්‍රතික්ෂේප කළද යෝජනාවට විරෝධය ප්‍රකාශ නොකර සිටීමටද පරිස්සම් විය.

ඒ අනුව යෝජනාවක් ප්‍රතික්ෂේප කිරීම සහ ඊට විරෝධය පළ කිරීම යන ස්ථාවරයන් දෙක අතර පවතින වෙනස පැහැදිලි කිරීමට සිදුවේ. උදාහරණයක් ලෙස මීට පෙර 2021 දී ඉදිරිපත් වූ 46/1 යෝජනාවට සහ 2022 දී ඉදිරිපත් වූ 51/1 යෝජනාවට ශ්‍රී ලංකාවේ රජය විරෝධය ප්‍රකාශ කර ඇත. විරෝධය ප්‍රකාශ කිරීම සඳහා හුදු ප්‍රතික්ෂේප කිරීම හෝ පිළි නොගන්නා බව සඳහන් කිරීම වෙනුවට ඡන්දයක් ඉල්ලා කවුන්සිලය තුළ බෙදීමක් ඇති කළ යුතුය. එවිට ඡන්දය මගින් යෝජනාව පරාජය කළ නොහැකි වුවද එය පරාජය කිරීම ශ්‍රී ලංකාවේ ස්ථාවරය වූ බව අවධාරණය වන අතර ශ්‍රී ලංකාවට හිතවාදී සෙසු රටවල විරෝධයද කවුන්සිලය තුළදී ප්‍රකාශ කිරීමට අවස්ථාව ලැබේ. වර්තමාන රජය බලයට පත්වීමෙන් පසුව 2024 සැප්තැම්බර් මාසයේදී ඉදිරිපත් වූ 57/1 යෝජනාවට ද ප්‍රතිචාර දක්වනු ලැබුවේ ඒ ආකාරයටමය. එනම් ඡන්දයක් ඉල්ලා විරෝධය ප්‍රකාශ කිරීම වෙනුවට  එම යෝජනාව ප්‍රතික්ෂේප කරන බව පමණක් ප්‍රකාශ කෙරිණි. ඒ බව එම සැසිවාරයේදී ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිතවරියගේ පිළිතුරු කතාව මගින් මැනවින් පැහැදිලි වේ. ඇය 51/1 එක යෝජනාවට මීට පෙර විරෝධය ප්‍රකාශ කළ බව එනම් විරෝධය යන වචනය සඳහන් කරන අතර 57/1 යෝජනාවම අදාළව ප්‍රතික්ෂේප කිරීම පමණක් සිදුකරනු ලැබීය.

ඒ ආකාරයට විරෝධය ප්‍රකාශ කිරීම මගින් ඡන්දයක් ඉල්ලීමට ක්‍රියා නොකිරීම පිළිබඳව විදේශ අමාත්‍යවරයා විසින් ඉතා ලාමක නිදහසට කාරණයක් ඉදිරිපත් කිරීම හාස්‍යජනක වේ. ඔහු සඳහන් කරන්නේ ඡන්දයක් ඉල්ලා ජයග්‍රහණය කළ නොහැකි බවය. එනම් ඡන්දයකින් යෝජනාව පරාජය කිරීමට හැකියාවක් නොමැති බැවින් සහ ඊට අදාළව බලපෑම් කිරීම සඳහා මුදල් වියදම් කිරීමට නොහැකි බැවින් විරෝධය ප්‍රකාශ කිරීම සිදු නොකළ බවය. මීට පෙර 46/1 සහ 51/1  යෝජනා වලට විරෝධය ප්‍රකාශ කිරීම සඳහා ඡන්දයක් ඉල්ලා සිටිනු ලැබුවේ යෝජනාව පරාජය කිරීම සඳහා බහුතර ඡන්ද ලබා ගැනීමේ හැකියාවක් නොමැති බවට පැහැදිලි සාක්ෂි තිබියදී ය. එම යෝජනා මගින් ඉදිරිපත් කළ ප්‍රධාන කොන්දේසිය වූයේ ජාත්‍යන්තර යාන්ත්‍රණයක් මගින් ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදාවලට එරෙහිව යුධ අපරාධ චෝදනා  සහ සාක්ෂි ගොණු කළ යුතු බවය. ඊට පෙර 2012 සහ 2014 වසර වලදී ශ්‍රි ලංකාවට අදාළව යුද අපරාධ චෝදනා විමර්ශනය කළ යුතු බවට ගෙන එන ලද යෝජනා වලට ශ්‍රී ලංකාවේ රජය විසින් විරෝධය ප්‍රකාශ කළ අතර ඡන්දයක් ඉල්ලා ශ්‍රී ලංකාවට හිතවාදී රටවල් යොදාගනිමින් බෙදීමක් ඇති කරනු ලැබීය. කෙසේ වෙතත්  සමස්ත යෝජනාවට විරෝධය ප්‍රකාශ නොකර හුදු ප්‍රතික්ෂේප කිරීම පමණක් සිදු සිදුකළද 46/1, 51/1 සහ 57/1  යෝජනා මගින් දිගින් දිගටම ඉදිරිපත් කළ ජාත්‍යන්තර යුද අපරාධ යාන්ත්‍රණයට විරුද්ධව ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිතවරිය විසින් වාචිකව විරෝධය ප්‍රකාශ කිරීම අගය කළ යුතුය.

නමුත් එහිදී ඇය තාක්ෂණිකව වැරදි ප්‍රකාශයක් සිදුකරමින් මානව හිමිකම් කවුන්සිලයට චෝදනාවක් එල්ල කරනු ලැබීය. එනම් මානව හිමිකම් කවුන්සිලය විසින් ඒකපාර්ශවීයව යුද අපරාද විමර්ශන ජාත්‍යන්තර යාන්ත්‍රණයක් පිහිටුවීම මගින් එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය උල්ලංඝනය වන බව ප්‍රකාශ කිරීම වෙනුවට ඇය චෝදනා කළේ කවුන්සිලය තම බලාධිකාරිය පුළුල් කිරීමට ක්‍රියා කරන බවය. කවුන්සිලයට තම බලඅධිකාරිය පුළුල් කර ගැනීමට බලයක් නොමැති අතර එය සිදුවිය යුත්තේ ප්‍රඥප්තියට අනුව සහ මහා මණ්ඩලයේ අනුමැතිය අනුව පමණි. එසේ වුවත් ජාත්‍යන්තර යාන්ත්‍රණයට එකඟ නොවන බව විශේෂිතව ප්‍රකාශ කිරීම අගය කළ යුතුය. නමුත් ඇයගේ පිළිතුරු කතාව තුළ 60/1 යෝජනාව ප්‍රතික්ෂේප කරන අතර බරපතල කොන්දේසි ලෙස සැලකෙන සත්‍ය සෙවීමේ කොමිසම පිහිටුවීම සහ අභිචෝදක කාර්යාලය පිහිටුවීමට එකඟවීම මගින් ඉතා සූක්ෂමව යෝජනාව ප්‍රතික්ෂේප කරන අතර මහ කොමසාරිස් වාර්තාවේ අඩංගු බරපතල කොන්දේසි වලට එකඟතාවය පළ කිරීම සිදුවේ. 

කෙසේ වෙතත් ජාත්‍යන්තර බෙදුම්වාදී බලවේග විසින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය සහ ඒ වටා පෙළ ගැසෙන සහ ඊට බලපෑම් කරන ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන ජාලය විසින් ඉටු කර ගැනීමට අපේක්ෂිත අවසන් අරමුණ පිළිබඳව ගැඹුරු අවබෝධයක් නොමැතිව මෙම පරස්පරතා ලෙෂ පෙණෙන මානසික යුද උපක්‍රම තේරුම් ගැනීම දුෂ්කර වේ. පළමුවෙන්ම, බෙදුම්වාදී යුද්ධය පරාජය කිරීමෙන් පසුව 2009 මැයි මාසයේදී මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් වූ 11/1 යෝජනාව සංශෝධනය කර ගැනීම මගින් ආණ්ඩුව ඊට සමඅනුග්‍රහය දැක්විය. එසේ ශ්‍රී ලංකාවේ රජය ජයග්‍රහණයක් ලෙස හඳුන්වන පොදු එකඟතාවයෙන් සම්මත කළ යෝජනාව මගින් 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කිරීමට ශ්‍රී ලංකාවේ රජය එකඟ විය. ඒ අනුව ඊට හිලව්වට අදාළ යෝජනාවෙන් යුධ අපරාධ චෝදනා ඉවත් විය. ඒ මගින් යුද අපරාධ චෝදනා එල්ල කිරීමේ අවසාන අරමුණ කුමක්දැයි ඉතා හොඳින් පැහැදිලි වේ. එදා පැවැති රජය පොරොන්දු වූ ආකාරයට 13වන සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කිරීම මගින් උතුරු සහ නැගෙනහිර පළාත්වල ස්වයං පාලනය පිහිටුවීමට අවශ්‍ය තත්ත්වය නිර්මාණය නොකළ බැවින් එතැන් සිට යුද අපරාධ චෝදනා එල්ල කිරීමේ ක්‍රියාවලිය ආරම්භ වූ බව ඉතා පැහැදිලියි.

එම ඉතිහාසය තුළ තීරණාත්මක සන්ධිස්ථානය වන්නේ 2015 දී, 30 වැනි සැසිවාරයට ඉදිරිපත් කළ මහ කොමසාරිස් වාර්තාව සහ ඊට අනුව ඉදිරිපත් කළ 30/1 යෝජනාවය. එම වාර්තාව මගින් ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදාවට බරපතල යුධ අපරාධ චෝදනා 8ක් එල්ල කරනු ලැබූ අතර එල්.ටී.ටී.ඊ සංවිධානයට නාමිකව චෝදනා 3ක් එල්ල කරනු ලැබීය. එසේ වගකිවයුතු සංවිධානයකට සහ පුද්ගලයන්ට චෝදනා එල්ල කිරීම මගින් ඔවුන්ට දඬුවම් කිරීමේ ප්‍රායෝගික අවකාශයක් නොමැති තත්ත්වයක් යටතේ එල්.ටී.ටී.ඊ සංවිධානයට චෝදනා එල්ල කරනු ලබන්නේ ව්‍යාජ සාධාරණත්වයක් පෙන්වීම සඳහා බව ඉතා හොඳින් පැහැදිලි විය. කෙසේ වෙතත් මහ කොමසාරිස් වාර්තාව මගින් එල්ල කරනු ලැබූ චෝදනා තවදුරටත් විමර්ශනය කිරීම සහ රණවිරුවන්ට දඬුවම් කිරීම සඳහා වන කොන්දේසි සියල්ල 30/1 යෝජනාවේ අඩංගු විය. ඒ මගින් ජාත්‍යන්තර ප්‍රජාව සහ ශ්‍රී ලංකාවේ රජය විසින් ඉටු කළ යුතු කොන්දේසි  නිශ්චිතව ප්‍රකාශ විය. එම චෝදනා පත්‍රය සහ ඉටු කළ යුතු කොන්දේසි සියල්ල විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් ස්තුති පූර්වකව පිළිගනු ලැබීය.

එතැන් සිට යහපාලන ආණ්ඩුව විසින් රණවිරු දඩයමට අදාළ නීතිමය රාමු 7ක් සම්මත කරනු ලැබීය. එම පනත් 7ට අදාළ ක්‍රියාවලිය සම්පූර්ණ කරනු ලබන්නේ රනිල් වික්‍රමසිංහ මහතා වැඩ බලන ජනාධිපති ධූරයට පත්වීමෙන් පසුවය. රණවිරු දඩයමට අදාළව නීතිමය රාමු 9ක් සම්මත කළ යුතු බවට මූලික වශයෙන් 30/1 යෝජනාව මගින් එකඟ වී ඇත. ඒ අනුව ඒ අතරින් ඉතිරි වී ඇත්තේ තවත් පනත් 2ක් පමණි. එනම් සත්‍ය සෙවීමේ කොමිසම සහ අභිචෝදක කාර්යාලය පිහිටුවීමට අදාළ පනත් දෙක පමණි. ඒ අතුරින් සත්‍ය සෙවීමේ කොමිසම පිහිටුවීමට අදාළ පනත් කෙටුම්පත රනිල් වික්‍රමසිංහ මහතා විසින් මේ වන විට ගැසට කර ඇත. වර්තමාන රජය විසින් අභිචෝධක කාර්යාලය පිහිටුවීමට අදාළ පනත් කෙටුම්පත සකස් කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කර ඇත. එම පනත් 2ක සම්මත කළ විට සමස්ත රණවිරු දඩයමේ මාර්ග සිතියමට අදාල නීතිමය රාමු සියල්ල සම්පූර්ණ වේ.

ඊට අමතරව 30/1 යෝජනාවට අනුව ඊනියා යහපාලන කාලය තුළ ප්‍රමුඛතාවය ලබාදුන් රණවිරුවන්ට පරිපාලන වශයෙන් සහ පවතින අපරාධ නීතිය යටතේ දඩුවම් කිරීමේ ක්‍රියාවලිය ද වර්තමාන රජය යටතේ ඉදිරියට ගමන් කරන බව ඉතා පැහැදිලිව දැක ගත හැක. විශේෂයෙන්ම ත්‍රස්තවාදී සැකකරුවෙකුගේ සාක්ෂි මත හිටපු නාවික හමුදාපතිවරයෙකුට නඩු පවරා බන්ධනාගාර ගත කිරීමට ධෛර්යමත් වීම තුළින් එම ක්‍රියාවලිය නිර්භයව ඉදිරියට ගෙන යාමට වර්තමාන රජය සූදානම් බව ජාත්‍යන්තර ප්‍රජාවට පෙන්වා ඇත. ඒ අනුව මානව හිමිකම් කවුන්සිලය යොදා ගනිමින් බෙදුම්වාදී මාර්ග සිතියමට අදාළව තවදුරටත් ඉටු කර ගත යුතු වන්නේ මූලික වශයෙන් සත්‍ය සෙවීමේ කොමිසම සහ අභිචෝදක කාර්යාලය පිහිටුවීමට අදාළ නීතිමය රාමු සම්මත කිරීම සහ පළාත් සභා මැතිවරණය පවත්වා 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කිරීම පමණි. ඊට අමතරව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම මගින් සහ මාර්ගගත ආරක්ෂණ පනත සංශෝධනය කිරීම මගින් රාජ්‍යයේ දෑත් බැද දමා  සමස්ත ක්‍රියාවලිය තවදුරටත් ශක්තිමත් කිරීමට ද අවශ්‍ය වේ. 

වර්තමාන ආණ්ඩුව ඉතිහාසයේ ප්‍රථම වතාවට මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාවක් ප්‍රතික්ෂේප කරන අතර එම යෝජනා මගින් අවසානයේදී ඉටු කර ගැනීමට අපේක්ෂිත සියලු අරමුණු ඉටු කර දීමට එකඟ වී ඇත. එම ක්‍රියාවලිය තවදුරටත් සුවිශේෂී වන්නේ යෝජනාව ප්‍රතික්ෂේප කිරීම මගින් යටත් නොවන බවට ලබා දෙන ව්‍යාජ පණිවිඩය තුළින් ලබා ගන්නා ගෞරවයද එම අවසන් පාවාදීම සාධාරණීකරණය කිරීමට යොදා ගැනීම නිසාය. ඊට අමතරව දැනටම අකර්මණ්‍යව පවතින අතුරුදහන් කිරීම පිළිබඳ කාර්යාලය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයේ සහාය ලබා ගැනීමට ආණ්ඩුව වක්‍රව එකඟතාවය පළකර ඇත. ඒ අනුව සත්‍ය සෙවීමේ කොමිසම ක්‍රියාත්මක වීමේදී ඒ මඟින් ප්‍රබල ජාත්‍යන්තර නියෝජනයකට ඉඩ සලසන බැවින් බෙදුම්වාදී මාර්ග සිතියමේ අවසන් සැතපුම ගමන් කිරීමට පහසුකම් සැලසීම සඳහා ශ්‍රී ලංකාව තුළ ස්ථානගත වෙමින් ප්‍රබල ජාත්‍යන්තර මැදිහත්වීමක් සිදුවන බවට කිසිදු සැකයක් නැත. 

සත්‍ය සෙවීමේ කොමිසම පනත සහ අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාල පනත මගින් සාක්ෂි ආඥා පනත අදාළ නොවන ලෙස සහ අණදීමේ වගකීම අදාළ වන ලෙස රණවිරුවන්ට එරෙහිව බරපතළ යුධ අපරාධ චෝදනා සහ සාක්ෂි ගොනු කිරීමේ ක්‍රියාවලිය ආරම්භ වේ. ඊට සමගාමීව ආණ්ඩුව එකඟ නොවන බව ප්‍රකාශ කළ ද ජාත්‍යන්තර යුද අපරාධ විමර්ශන යාන්ත්‍රණය ද ඉදිරියට ගමන් කරන බවට කිසිදු සැකයක් නැත. ඒ අනුව බෙදුම්වාදී මාර්ග සිතියමට අදාළ අවසන් සැතපුම ගමන් කිරීම සඳහා අවශ්‍ය වන කොන්දේසි සියල්ල සහ රණවිරුවන් විසින් බෙදුම්වාදී යුද්ධය පරාජය කිරීම මගින් සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජනතාවට අත්පත් කරදුන් ජයග්‍රහණ පාවාදීමේ කොන්ත්‍රාත්තුව සැපිරීමේ වගකීම පැවරි ඇත්තේ වර්තමාන රජයට වන අතර ආණ්ඩුව ඊට පැහැදිලිව එකඟතාවය ප්‍රකාශ කර ඇත. එම නිසා ජාත්‍යන්තර යුධ අපරාධ යාන්ත්‍රණයට විරුද්ධ වීම සහ 60/1 යෝජනා ප්‍රතික්ෂේප කිරීම යනු හුදු ඇස්බැන්දුමක් පමණක් බව ඉතා කෙටි කාලයකදී මහජනයාට වැටහෙනු ඇත.

වෛද්‍ය කේ.එම්. වසන්ත බණ්ඩාර 

මහ ලේකම්

දේශහිතෛෂි ජාතික ව්‍යාපාරය

2025-10-11


සම්බන්ධිත පුවත් | Related News

"සීනි" කියන්නේ අපේ ජීවිතේට කොච්චර සමීප දෙයක්ද කියලා ඔබ කවදාහරි හිතලා තියෙනවද? උදේට බොන තේ එකේ ඉඳන්, දවල්ට කන බත් එකට දාන සෝස් එක, අතුරුපස, සහ රෑට බොන කිරි එක වෙනකම් හැමදේකම සීනි තියෙනවා.
කොළඹ කොටුවේ චැතම් වීදියේ තියෙන 'New Chinese Shop' එකට කවදාහරි ගිහින් තියෙනවද? එතන ඉන්නවා වින්ග්ලී චෙං මහත්මයා. ඔහුගේ පවුල ලංකාවට ඇවිත් තියෙන්නේ දෙවැනි ලෝක යුද්ධයෙන් පස්සේ. එදා ඉඳන් ඔවුන් මේ රටේ මිනිස්සු. කොළඹ ඉස්කෝල කීපයකටම නිල ඇඳුම් මහන්නේ ඔහු. මේ වගේ කතා ලංකාව පුරාම හැංගිලා තියෙනවා.
නව ප්‍රභූ පන්තියේ වත්කම් හෙළිදරව් වීම වැළැක්වීම සඳහා රජය විසින් නව පනතක් ගෙන ඒමට සූදානම් වන බවට සමාජ මාධ්‍ය ඔස්සේ තොරතුරු අනාවරණය කරයි.
ලෝනි විලිසන් (Loni Willison) කියන්නේ "තවත් එක්කෙනෙක්" විතරක් නෙවෙයි.
මීගමුව බන්ධනාගාර ගැටුමට පළිගැනීමක් ලෙස බන්ධනාගාර පොලිස් නිලධාරීන් දිගින් දිගටම රැඳවියන්ගෙන් පළිගැනීමේ චේතනාවෙන් කටයුතු කළ බව නීතිඥ මේජර් අජිත් ප්‍රසන්න පවසයි.
අලුත් රඟහලක ලොව ඇති හොඳම නාට්‍යය එකතුව බලන්න එකතු වෙන්න. අසමා රූපණ සරසවියට එන්න..
අලුත් රඟහලක ලොව ඇති හොඳම නාට්‍යය එකතුව බලන්න එකතු වෙන්න.
සිංහල භාෂාව සම්බන්ධයෙන් ඉන්දියාවේ ලියැවී ඇති පැරණි ලේඛන පිළිබඳව අවධානය යොමු කරමින් වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වේ.
ජාත්‍යන්තර මූල්‍ය ආයතනය (IIF) මඟින් නිකුත් කරන ලද 2026 නවතම වාර්තාවට අනුව, ආයෝජක සබඳතා සහ ණය විනිවිදභාවය (Investor Relations and Debt Transparency) යන අංශවලින් ලොව වේගයෙන්ම ප්‍රගතියක් අත්කරගන්නා (Fastest-Improving) රටවල් අතර හතරවැනි ස්ථානය (4th) ශ්‍රී ලංකාවට හිමිව තිබේ...

ප්‍රධාන පුවත්

ඉන්දු-ලංකා නිදහස් වෙළඳ ගිවිසුම තර කිරීමට එකඟවේ...

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින නිදහස් වෙළඳ ගිවිසුම වර්තමාන අවශ්‍යතාවන්ට ගැලපෙන පරිදි යාවත්කාලීන කිරීම සඳහා දෙරටේම නියෝජිතයන්ගෙන් සමන්විත ඒකාබද්ධ ක්‍රියාකාරී කණ්ඩායමක් පිහිටුවීමට එකඟතාව පළ වී තිබේ.

විනිසුරුවන්ගේ විශ්‍රාම වයස සහ ධුර කාලය වෙනස් කරන ව්‍යවස්ථා සංශෝධනයට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් හෙළි කරයි

ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම ගන්නා වයස සහ ධුර කාලය වෙනස් කිරීම සඳහා වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් පාර්ලිමේන්තු අනුමැතියෙන් පමණක් සිදු කළ නොහැකි බවත්, ඒ සඳහා ජනමත විචාරණයක් පවත්වා මහජන අනුමැතිය ලබා ගැනීම අවශ්‍ය වන බවත් හෙළි වී තිබේ.

NLDB ගොවිපළ 32න් 26ක්ම පුද්ගලික සමාගම්වලට!.. විද්වතුන් සහ වෘත්තීය සමිති නිහඬයි..

ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට (NLDB) අයත් අක්කර දහස් ගණනක භූමි ප්‍රමාණයකින් යුත් ගොවිපළ 32න් 26ක් වසර 30ක කාලයක් සඳහා පෞද්ගලික සමාගම් 7ක් වෙත බදු දීමට රජය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් කෘෂිකාර්මික හා පශු වෛද්‍ය ක්ෂේත්‍රය තුළ දැඩි සංවාදයක් සහ විරෝධයක් නිර්මාණය වී තිබේ.

ජාතික ජනබලවේගයට ලැබුනේ අතීත ජනතා විමුක්ති පෙරමුණට ලැබී තිබුණු වටිනාකම.. බෙදුම්වාදය පරාජය කිරීම වෙනුවෙන් එදා පෙරට ආ ජවිපෙ අද නෑ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ජාතික ජන බලෙව්ගයට ලැබී ඇත්තේ අතීතයේ ජනතා විමුක්ති පෙරමුණට ලැබී තිබූ වටිනාකම බවත්, මේ සිදුවෙමින් පවතින ක්‍රියාවලිය දෙස බැලීමෙදී අතීතයේ ජනතා විමුක්ති පෙරමුණ ගොඩනැගීමට උරදුන් පුද්ගලයකු ලෙස තමන් ඉතාමත් කණගාටුවට පත්වන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරය දෙකට කරමින් මැදින් පාරක්.. අමරපුර නිකායේ දැඩි විරෝධය..

කන්කසන්තුරේ පිහිටි ඓතිහාසික තිස්ස රජමහා විහාර භූමිය දෙකඩ කරමින් බලහත්කාරයෙන් මාර්ගයක් ඉදිකිරීමට වලිකාමම් උතුර ප්‍රාදේශීය සභාව දරන උත්සාහයට ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ ශ්‍රී කල්‍යාණිවංශ පාර්ශ්වය සිය බලවත් විරෝධය පළ කර සිටියි.

''මේ රටේ ගෝඨාභය මරාදමා හෝ විදේශ මැදිහත් වීමෙන් අන්තර්කාලීන පාලනයක් ගොඩනගන්න හැදුවා.. ආණ්ඩුව පවාදීම් රැසක් මේ වන විට කර අවසන්.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා මරාදමා හෝ විදේශ මැදිහත්වීමකින් අන්තර්කාලීන පාලනයක් ගොඩ නැගීමට උත්සාහ දැරූ බවත්, ඒ බවට සාක්ෂි ඇති බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

සම්බුද්ධ ශාසනයේ ප්‍රධාන අංගයක් වන පෙරහැර විකාරයක් බව අගමැතිනිය කියන්නේ කොහොමද?.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

සම්බුද්ධ ශාසනයේ සහ මෙරට සංස්කෘතියේ ප්‍රධාන අංගයක් වන පෙරහැර මංගල්‍යය විකාරයක් ලෙස අගමැතිනිය විසින් හඳුන්වන්නේ කෙසේදැයි දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප්‍රශ්න කරයි.

සවුදිය, තුර්කිය සහ පාකිස්ථානය 'නේටෝ' වැනි යුද සංවිධානයකට අවතීර්ණ වෙයි.. 'මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම' අත්සන් තබයි..

සවුදි අරාබිය, තුර්කිය සහ පාකිස්ථානය එක්ව NATO ආකෘතියට සමාන අන්‍යෝන්‍ය ආරක්ෂක ගිවිසුමක් වන "මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුමට" (Makkah Joint Defence Agreement) අත්සන් තබා ඇත. සවුදි ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු, තුර්කි ජනාධිපති රෙසෙප් තයියිප් එර්ඩොගන් සහ පාකිස්ථාන අගමැති ෂෙහ්බාස් ෂරීෆ් විසින් අත්සන් කරන ලද මෙම ගිවිසුම මගින්, සාමාජික රටකට එල්ල වන ඕනෑම සන්නද්ධ ප්‍රහාරයක් අනෙක් රටවලටද එල්ල වූ ප්‍රහාරයක් ලෙස සැලකීමට එකඟ වී ඇත.

විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීමට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණය 2022 වසරේදී තීන්දු කරලා..

ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2022 වසරේදී තීන්දු කර තිබේ.

වර්තමාන අර්බුද හමුවේ නාට්‍යකරුවන් අපේක්ෂාභංගත්වයට පත්වෙලා.. – නාට්‍යවේදී අඛිල සපුමල්

රටේ පවතින සමාජ, ආර්ථික හා දේශපාලන සංදර්භය හේතුවෙන් පොදු ජනතාව පමණක් නොව නාට්‍යකරුවන් පවා දැඩි අපේක්ෂාභංගත්වයකට පත්ව සිටින බව රාජ්‍ය සම්මානලාභී නාට්‍යවේදී අඛිල සපුමල් මහතා පවසයි.

ලොවටම සහන සැලසූ චීනයේ ගෝලීය සංවර්ධන මුලපිරුමට වසර 5යි: ගෝලීය දකුණේ අනාගතය වෙනුවෙන් චීනයෙන් නව පොරොන්දුවක්..

ලෝකය තවදුරටත් නොසන්සුන්කාරී සහ අස්ථාවර තත්ත්වයක පවතින, එමෙන්ම වැඩිවන සංවර්ධන අභියෝගවලට මුහුණ දෙන පසුබිමක, වඩා යහපත් අනාගතයක් නිර්මාණය කිරීම සඳහා චීන ගෝලීය සංවර්ධන මුලපිරුම (Global Development Initiative - GDI) එක්සත් ජාතීන්ගේ 2030 තිරසාර සංවර්ධන න්‍යාය පත්‍රය සමඟ ක්‍රමවත්ව ඒකාබද්ධ කිරීමට උත්සාහ කළ යුතු බව චීන විදේශ අමාත්‍ය වැං යී අඟහරුවාදා පැවසීය.

බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණියව අයින් කරන්න ආණ්ඩුවට අවශ්‍ය වුනා.. ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද යන්න ගැටළුවක්.. - නීතිඥ සංජීව වීරවික්‍රම

ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද? නැතිනම් අපරාධ නඩුවිධාන සංග්‍රහය යටතේ පොලිසිය මෙහෙයවනවා ද? යන්න බරපතළ ගැටළුවක් වී ඇති බව නීතිඥ සංජීව වීරවික්‍රම මහතා පවසයි.

බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර උච්ඡතම ස්ථානයකට පැමිණිලා.. ෂානක්කියන්ලා, සුමන්තිරන්ලාගෙන් බෞද්ධ උරුමය විනාශ කරන්න පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවටත් බලපෑම්.. දළදා පෙරහැරේ කරඬුව වඩම්මන ඇතුන්ටත් තහංචි වැටෙන ලකුණු!

වර්තමාන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව මෙරට බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර මාලාවේ උච්ඡතම ස්ථානයකට පැමිණ ඇති බවත්, පසුගිය කාලයේ යූටියුබ් සහ සමාජ මාධ්‍ය හරහා භික්ෂූන් වහන්සේලාට නින්දා අපහාස කිරීම මෙන්ම බුදුන් වහන්සේට පවා නින්දා අපහාස කරමින් ආගමික ඉගැන්වීම් පවා විකෘති කරමින් සිටින බවත් එහෙත් ඒ කිසිවකට එරෙහිව පියවර ගැනීම සිදුනොවන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමය විනාශ කිරීමට සැලසුම්සහගත ප්‍රහාරයක්.. පුරාවිද්‍යා වාර්තා වෙනස් කරන්න දෙමළ මන්ත්‍රීන්ගෙන් බලපෑම්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්..

වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව බෞද්ධ ශිෂ්ටාචාරයට සහ උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමයන්ට එරෙහිව සැලසුම්සහගත ප්‍රහාර මාලාවක් ක්‍රියාත්මක වන බවට ජාතික සංවිධාන එකමුතුව චෝදනා කරයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.