News Category
From Date
To Date
Maximum Number of Result

හෙට මැතිවරණයක් පැවැත්වුවහොත් පොදු ජන එක්සත් පෙරමුණ පරාදයි-කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂ

Oct 24, 2021 at 09:53 PM
|

බදුල්ල දිස්ත්‍රික්කයේ වී වගාවන් සදහා ප්‍රථම කාබනික පොහොර තොගය නිකුත් කරමින් ලොග්ගල් ඔය ප්‍රදේශයේදී පැවැති උත්සවයකට සහභාගි වෙමින්, කෘෂිකර්ම රාජ්‍යය අමාත්‍යය ශෂින්ද්‍ර රාජපක්ෂ මහතා පවසා සිටියේ,

“ගොවියා කියන්නේ මඩ සෝදා ගත් කල රජකමටත් සුදුසු කෙනෙක්. එහෙම තමයි අපි අහල තියෙන්නෙ. ඈත මෑත ඉතිහාසයේ නම් රජ වෙච්ච කිසිම කෙනෙක් නෑ. ණය වෙච්ච ඕන තරම් අය ඉන්නවා වස බෝතලය අතේ තියා තියාගෙන වස බොන්න. රූපවාහිනී නාලිකාවල කාබනික වගාව අපට කරන්න බෑ රසායනික පොහොර දියව් දියව් කියලා උද්ඝෝෂණය කරන හුඟක් අය පිළිබඳව, රහස් පොලිසිය දාලා වෙන වෙනම එක එක්කෙනා ගැන හෙව්වා. කිසිම වෙලාවට වගාවට සම්බන්ධයක් නැති අය තමයි වැඩියෙන් උද්ඝෝෂණය කරන්නේ. එහෙම නැත්නම් කාබනික වගාවන් පිළිබඳ අබමල් රේණුවකවත් දැනුම්ක් නැති පුද්ගලයො තමයි මේ උද්ඝෝෂණය කරන්නේ. එහෙම දෙගොල්ලක් විතරමයි මේ උද්ඝෝෂණ කරන්නේ.

කිසිම මැතිවරණයකට ඉදිරිපත් වෙන දේශපාලන නායකයෙක් නොගන්න ආකාරයේ තීන්දුවත් තමයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ගත්තේ. මේක පැහැදිලිව කියන්න ඕන හෙට ඡන්දයක් තිබ්බොත් අපි පරාදයි. වස විෂ කාලා මිනිස්සු මැරුණත් කමක් නෑ මගේ ඡන්දය මම දිනනවා කියන මතයේ ඉදගෙන නෙවෙයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඒ තීරණට ගත්තේ.

එහෙම තීරණයක් ගන්න පුළුවන් නායකයෝ හරි අඩුයි. බැනුම් අහන එක අපේ පවුලේ සාමාන්‍ය දෙයක් බවට දැන් පත් වෙලා තියෙන්නෙ. හැබැයි හදවතින් අපි කරන්නේ නිවැරදි වැඩේනම් හරි වැඩේ නම් මොනතරම් අවලාද අපිට ආවත් අපේ ගමන අපි අනිවාර්යෙන්ම යනවා කියන එක පැහැදිලිව කියන්න ඕන.

තමුන්නාන්සේලාට මතකයි මේක කරන්න බෑ. මේක ක කරන්න බෑ කියලා දිගින් දිගටම අවුරුදු තිහක් තිස්සේ තිබ්බ ත්‍රස්තවාදී යුද්ධය ගැන කියනකොට අතිගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා තීරණයක් ගන්නවා මේ යුද්දේ කොහොමහරි ඉවර කරන්න ඕන කියලා. වගකීම් බාර දෙනවා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට. බෑ කිව්ව යුද්ධය සම්පූර්ණයෙන්ම අවසන් කළා.

යුද්ධය අවසාන කලාට පස්සේ ආයෙත්ක ඒකට බැන්නා. ඒ ශක්තිය අපේ දේශපාලන ප්‍රතිපත්තියේ තියෙනවා. ඒ නිසා තමයි 2015 ගෙදර යවපු අපි 2019 හැටනව ලක්ෂයක් ජනතාවගේ විශ්වාසය දිනා ගෙන නැවත මේ රටේ වගකීම් අපි බාරගන්නේ. අපි වගකීම බාරගන්නේ තවත් කෙනෙක් කරපු දෙයක් ඒ විදියටම දිගටම කරගෙන යන්න නෙවෙයි. අපි වගකීම් භාරගත්තේ අපිට බාර දුන්න වැඩේ ඉතාමත් හොඳින් නිවැරදිව රටේ අනාගතය වෙනුවෙන් තීන්දු තීරණ අරගෙන ක්‍රියා ක්‍රියාත්මක කරන්න.

අපි දැනුවත්ව හෝ නොදැනුවත්ව මේ රටේ විශාල පිරිසක් වි වගාව ඇතුළු එළවළු පලතුරු වගා කරනවා කාබනිකව. මේ වගාව ඉතාමත් සාර්ථකව කරනවා. මේහැම ගොවිබිමක්ම බලන්න මම පෞද්ගලිකව ගියා. මට පුළුවන් මට ආරංචි වෙච්ච් මට ආරාධනා ලැබුණු හැම ස්ථානයකටම මා පසුගිය මාස කීපයේ ගියා. යාපනයෙන් පටන් ගත්තම දෙවුන්දර තුඩුව දක්වාම දිගින් දිගටම මම ගියා. මේ විෂය පිළිබඳ කාබනික පොහොර ජෛව තාක්ෂණය පිළිබඳව හොඳට හරියටම දන්න අය ඉන්නේ ජනතා විමුක්ති පෙරමුණේ. ජනාධිපතිතුමා මේ තීරණය අරගෙන දවස් හතරකින් පස්සේ මේ වැඩ සටහන ක්‍රියාත්මක කරන්නේ කොහොමද කියා කියා හොය හොය ඉන්න කොට ජනතා විමුක්ති පෙරමුණේ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී හිටපු මන්ත්‍රීතුමා, ආචාර්ය අශෝක රංවල මැතිතුමා මම පෞද්ගලිකවම හමු උනා.

මම එතුමාගෙන් ඉල්ලීමක් කළා පෞද්ගලිකව මේ විෂය මට කියලා දෙන්න කියලා. මම කෘෂි කෘෂිකර්මය විශේෂඥයෙක් නෙමෙයි. මගේ විශේෂඥතාව තියෙන්නෙ කළමනාකරණය පිළිබඳවයි. හැබැයි වගකීමක් භාර දුන්නම මම දන්නේ නෑ කියලා පැත්තකට දාන්න බෑ. ඉන්පස්සෙ මම ඉගෙනගන්න පටන් ගත්තා. එතුමා මට එකිනෙකට මේ තාක් තාක්ෂණය පිළිබඳව, වගාකරන ආකාරය, පොහොර යොදන ආකාරය, දියර පොහොර යොදන ආකාරය. නිෂ්පාදන ආකාරය හා ප්‍රතිඵලය ලබාගන්නා ආකාරය, ඒකෙ අඩුපාඩු තියනවනම් ඒවා නිවැරදි කර ගන්නා ආකාරය පිළිබඳ සියලු ආකාරයෙන්ම මාව දැනුවත් කළා.

කාබනික් ඝණ පොහොර නිෂ්පාදනය කරන්න හොඳ නිෂ්පාදනාගාරයක් තියෙනවා කුරුණෑගල. ජයසුන්දර කියන සහෝදරයෙක් තමයි කරන්නේ. 70ක් සාමාජිකයෝ එකතු කරගෙන ඉතාමත් සාර්ථකව ප්‍රමිතිගත ඝණ කාබනික පොහොර නිෂ්පාදනය කරනවා එතන. ඒක බලන්න ගියාම තමයි දැන්ගත්තේ පෙරටුගාමී සංවිධානයේ දේශපාලන පක්ෂයේ ජාතික සංවිධායකයා තමයි ඒ කාබනික පොහොර නිෂ්පාදන කරන්නේ කියලා.

ඉතින් අපේ ජනාධිපතිතුමා බයවෙලා හිටියා මම මේ ටික කියනකොට මේ යකා ජේ.වී.පී එකේ කෙනෙක් වෙයිද කියලා. හැබැයි හොඳ වැඩක් කරනවා නම් කවුරු මේක කරත් කමක් නෑ මට අවශ්‍ය වෙලා තිබුණේ ඉගෙන ගන්න.”

(වාර්තාව මහියංගනය රංජිත් කරුණාවිර‍)

සම්බන්ධිත පුවත් | Related News

ඉරානය හා ඊශ්‍රායලය අතර ඇතිවී තිබෙන යුදමය තත්ත්වය ගැන අමෙරිකානු ජනාධිපති ඩොනල් ට්‍රම්ප් සිදුකළ ප්‍රකාශයට ඍජු ප්‍රතිචාර දක්වමින් ඉරාන අධ්‍යාත්මික නායක අයතුල්ලා අලි කමේනි 'තම රට කිසිවිටෙකත් යටත් නොවන බව' පවසා තිබේ.
අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගන්නා ලද හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ,ඔහුගේ බිරිඳ සහ දියණිය ඇප මත මුදාහරින ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.
ඊශ්‍රායල සහ ඉරාන යුද තත්ත්වය පිළිබඳ සභාව කල්තැබීමේ යෝජනාව අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ සජබ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා කලින්ම බැහැරව ගොස් තිබීම නිසා පාර්ලිමේන්තුව හෙට පෙරවරු 9.30 දක්වා කල් තැබීමට නියෝජ්‍ය කතානායක රිස්වි සාලි මහතා කටයුතු කළේය.
කොළොන්නාව නගර සභාව පිහිටුවීමේ දී ජාතික ජන බලවේගය වෙත සිය සහාය පළ කළ සමගි ජන බලවේගයෙන් වැඩිම මනාපයෙන් තේරී පත්වූ නාරාහේන්පිගේ සුසිල් කුමාර කොස්තා යන සභිකයාගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා තිබෙනවා.
හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා, ඔහුගේ බිරිඳ සහ දියණියව අල්ලස් හා දුෂණ විමර්ශන කොමිසම් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
"ඝන වන මීදුම තුළ සැරිසැරීම: අවට ඇති සියල්ල වෙනස් වන විට තෝරාගත් උපාය මාර්ගම අනුගමනය කළ හැකිද?" යන මාතෘකාව යටතේ SPIEF හි වැල්ඩායි සමාජ වටමේසයේ පළමු සැසියට සහභාගි වෙමින් හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා G7 "කුණු කූඩයට" යන ගමනක යෙදී සිටින බව පැවසුවේය.
කොළොන්නාව නගර සභාවේ බලය ජාතික ජන බලවේගයට හිමිව තිබේ.
බූලී සහ බැරල්වලට ඉන්ධන නිකුත් කිරීම වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටවූ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.
බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක සම්බන්ධයෙන් පවතින මූල්‍ය අවභාවිත නඩුව සම්බන්ධයෙන් පරීක්ෂණ තවමත් සිදුවෙමින් පවතින බව අල්ලස් කොමිසම විසින් අද (17) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබේ.

ප්‍රධාන පුවත්

අනුර නොදකින රනිල් දකින යථාර්ථය (වීඩියෝ)

"ඝන වන මීදුම තුළ සැරිසැරීම: අවට ඇති සියල්ල වෙනස් වන විට තෝරාගත් උපාය මාර්ගම අනුගමනය කළ හැකිද?" යන මාතෘකාව යටතේ SPIEF හි වැල්ඩායි සමාජ වටමේසයේ පළමු සැසියට සහභාගි වෙමින් හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා G7 "කුණු කූඩයට" යන ගමනක යෙදී සිටින බව පැවසුවේය.

ගිහි අධිකරණයෙන් භික්ෂුනී සසුන ස්ථාපිත කෙරේ.... බලංගොඩ කස්සප හිමි

බෞද්ධ භික්ෂුණීන්ට සිල් මාතා වෙනුවට භික්ෂුණි යන පිළිගැනීම ලබා දී ජාතික හැඳුනුම්පත් ලබා දෙන ලෙස පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඊජිප්තුවට කළ දේ ලංකාවටත් කරයිද? - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්..

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) රනිල් වික‍්‍රමසිංහ සහ අනුර කුමාර දිසානායක යන දෙදෙනාගේම රජයන්හි ප‍්‍රධානතම ආර්ථික උපදේශකයෙකුගේ භූමිකාව ඉටු කළ බව හා ඉටුකරමින් සිටින බවත්,

ඊශ්‍රායල් - ඉරාන ගැටුම නිසා මතුවන ලෝක අර්බූද.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශ සිදුකරන විග්‍රහය..

2023 ඔක්තෝබර් 07 වැනිදා හමාස් සංවිධානය ඊශ්‍රායලයට එල්ල කරන ලද ප්‍රහාරයෙන් පසුව ඊශ්‍රායලය විසින් හමාස් සංවිධානයට සහ පලස්තීනයට එරෙහිව යුද ප්‍රකාශ කරන ලද අතර මෙම ගැටුම අතරතුර පලස්තීනය වෙනුවෙන් නිරන්තරයෙන් පෙනීසිටියේ ඉරානයයි. පසුගිය දා ඊශ්‍රායලය විසින් ඉරානයට ද ප්‍රහාර එල්ල කිරීමත් සමග ලෝකය පුරා දැඩි ව්‍යාකූලත්වයක් නිර්මාණය වී තිබේ.

ඊශ්‍රායලය නමින් රාජ්‍යයක් මැද පෙරදිග නැති වුණා නම් අමෙරිකාවට සිදුවෙන දේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක හෙළිකරයි.. (වීඩියෝ)

ඊශ්‍රායලය නමැති රාජ්‍යයක් මැදපෙරදිග නොතිබුනා නම් ඊශ්‍රායලය නමින් රාජ්‍යයක් නිර්මාණය කිරීමට අමෙරිකාවට සිදුවන බව 1986 දී ජෝ බයිඩන් විසින් ප්‍රකාශකර තිබූ බව ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පවසයි.

ගැටුම් කලාපයෙන්: ඉරානයේ සන්සුන් භාවය පිළිබඳ රුසියානු විශේෂඥයාගේ නිරීක්ෂණ සහ ඉරානයේ ඊළඟ පියවර

දැනට ටෙහෙරානයේ පැවැත්වෙන BRICS ආශ්‍රිත සමුළුවකට අනෙකුත් රුසියානු විද්වතුන් සමඟ සහභාගී වී සිටින රුසියානු විදේශ ප්‍රතිපත්ති විශේෂඥයෙකු වන ඇඩ්ලාන් මාගෝව්, හමුදා සහ න්‍යෂ්ටික ඉලක්ක වෙත ඊශ්‍රායලය එල්ල කළ විස්මය ජනක ගුවන් ප්‍රහාරවලින් පසු ඉරාන අගනුවර ඇති මනෝභාවය පිළිබඳව පැහැදිළි චිත්‍රයක් ලෝකයට ඉදිරිපත් කරයි.

අනුර - මෝදි ගිවිසුම් වලට එරෙහිව ජාතික සංවිධාන විසින් ගොනුකරනු ලැබූ පෙත්සම ගැන අධිකරණය අද ලබාදුන් තීරණය මෙන්න..

වත්මන් රජය යටතේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුම් බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ජාතික සංවිධාන නියෝජිතයින් විසින් ගොනු කරනු ලැබු මූලික අයිතිවාසිකම් පෙත්සම සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලයෙන් උපදෙස් ලබාගෙන කරුණු දක්වීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය අද (ජූනි 16) නීතිපතිවරයාට කල් ලබා දුන්නේ ය.

කොළඹ නගරාධිපති ධුරය මාලිමාවට

මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී කිසිදු පක්ෂයක් විසින් බහුතර බලයක් හිමි නොවූ කොළඹ මහ නගර සභාවේ බලය ජාතික ජන බලවේගයට හිමිවුණි.

ඊශ්‍රායලය, ප්‍රවේශම් වන්න: ඉරානය තවමත් එහි නවතම ආයුධ භාවිතා කර නැහැ!-ප්‍රවීණ යුද මාධ්‍යවේදී ඇලෙක්සි බෝර්සෙන්කෝ

ඊශ්‍රායලය දියත් කළ "ඔපරේෂන් රයිසින් ලයන්" මෙහෙයුමට ප්‍රතිචාර වශයෙන් ඊශ්‍රායලයේ හයිෆා වෙත පහර දීම සඳහා හජ් කසෙම් ලෙස හඳුන්වන දියුණු නියාමනය කරන ලද බැලස්ටික් මිසයිලයක් භාවිතා කර ඇති බව ප්‍රවීණ යුද මාධ්‍යවේදී ඇලෙක්සි බෝර්සෙන්කෝ ස්පුට්නික් පුවත් සේවය වෙත පැවසීය.

විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද කැපිල්ල රජයේ ක්‍රියාකාරී සැලැස්මෙන් හැලෙයි..

විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල විශ්‍රාම වැටුප් සහ විශේෂ වරප්‍රසාද අහෝසි කිරීම අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ක්‍රියාකාරී සැලැස්මෙන් ඉවත්කර ඇති බව තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත හරහා ලබාගත් ලේඛනයකින් පෙනීගොස් තිබේ.

‘මේ අවුරුද්ද තුළ කිසිදු බදු අඩු කිරීමක් බැහැ’- මූල්‍ය අරමුදලෙන් රජයට කොන්දේසියක්

මේ වසරේ පනවා ඇති බදුවල කිසිදු අඩු කිරීමක් සිදු නොකරන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් රජයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

තමන් අත්අඩංගුවට ගෙන දිගු කලක් රදවා ගැනීමේ සූදානමක් ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

තමන් දේශපාලන සහ සිවිල් අයිතීන් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත යටතේ යටතේ අත්අඩංගුවට ගෙන දීර්ඝ කාලයක් අත්අඩංගුවේ රඳවා ගැනීමේ සූදානමක් ඇති බව පිවිතුරු හෙළ උරුමෙන් නායක හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.

ගාසා තීරය, ඉරානය හරහා ඉන්දියානු සාගරය වෙත එළඹෙන නව ලෝක යුධ වාතාවරණය ගැන ජාත්‍යන්තර භූගෝලීය විශ්ලේෂිකා ජිහාන් හමීඩ්ගෙන් අනතුරු ඇඟවීමක්..

මේ වන විට ගෝලීය වශයෙන් ඇතිවී තිබෙන යුදමය වාතාවරණය මෙන්ම විශේෂයෙන් ගාසා තීරය, ඉරානය හරහා ඉන්දියානු සාගරය වෙත පැමිණ ඇති නව ලෝක යුධ වාතාවරණය මගින් ශ්‍රී ලංකාවට එල්ලවන අභියෝග පිළිබඳව ජාත්‍යන්තර භූගෝලීය විශ්ලේෂිකා ජිහාන් හමීඩ් මහත්මිය විසින් කරුණු දක්වා තිබේ.

ඊශ්‍රායලය සහ ඉරානය අතර පෙර නොවූ විරූ ගැටුම: මෙතෙක් අප දන්නා දේ

ඊශ්‍රායල ආරක්ෂක හමුදා (IDF) ඊයේ(13) ඉරානයට ගුවන් ප්‍රහාර එල්ල කළ අතර, එයට ටෙහෙරානය ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරයකින් ප්‍රතිචාර දැක්වීය. මේ අතර බටහිර ජෙරුසලම පැවසුවේ මෙම ප්‍රහාර ටෙහෙරානය න්‍යෂ්ටික අවියක් අත්පත් කර ගැනීම වැළැක්වීම අරමුණු කරගත් බවයි.

ඉරානයෙන් ඊශ්‍රායලයට දැවැන්ත බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්..

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ලකළ දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාවට පළිගැනීමක් ලෙස ඉරානය විසින් ඊශ්‍රායලයට දැවැන්ත බැලස්ටික් මිසයිල හා ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් එල්ල කර තිබේ.

‘සීනි බද්ද රුපියල් 50 සිට ශත 25ක් තෙක් අඩු කිරීමේදී අපරාධමය වරදක් සිදුව නෑ’ - නීතිපති අධිකරණයට දන්වයි

2020 ඔක්තෝබර් 13 වනදා සිට සීනි බද්ධ රුපියල් 50 සිට ශත 25 දක්වා අඩු කිරීමේ සිද්ධියට අදාළව සිදුකළ විමර්ශනවලදී කිසිදු අපරාධමය වරදක් අනාවරණය වී නොමැති බවට නීතිපතිවරයා උපදෙස් ලබා දී ඇති බව අධිකරණයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) දැනුම් දුන්නේය.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.