News Category
From Date
To Date
Maximum Number of Result

රට හදන්න භාෂාවක්

Aug 13, 2025 at 03:04 PM
|

(2025 අගෝස්තු 10 වැනි දා ඉරිදා “ඇත්ත” පුවත්පතේ පළ කරපු “චීන පෙරැළිය” ලිපි මාලාවේ 8 වැනි කොටස)

මිනිස්සු කියන්නේ හොඳින් වර්ධනය කරගත්ත භාෂා මාර්ගයෙන් සන්නිවේදනය කරන සත්ත්ව කොට්ඨාශයක්. ඉතින් රටක මිනිස්සු එකතු කරන්න නම් එකිනෙකා අතර හොඳ සන්නිවේදනයක් සිද්දවෙන්න ඕන. ඒ වෙනුවෙන් භාෂා භාවිතය විධිමත් කරන්න, පුළුල් සම්මතයක් ඇතුළට ගන්න සිද්දවෙනවා. මේ කාරණයට අදාළ හොඳ පාඩමක් චීනයෙන් ඉගෙනගන්න පුළුවන්.

චීනයේ ජනවර්ග 56 කට අයිති මිනිස්සු ජීවත්වෙනවා. ඒ අතරින් බහුතරය (ජනගහනයෙන් සීයට 92 ක්) හන් මිනිස්සු. මෙන්න මේ හන් මිනිස්සුන්ගේ භාෂාවට තමයි අපි “චීන භාෂාව” කියලා කියන්නේ. ඉතින් ඒක “හන් භාෂාව” විදිහටත් හැඳින්වෙනවා. අනිත් ජනවර්ග 55 ට අයිති මිනිස්සු ජනගහනයෙන් සීයට 8 කට සීමාවෙලා. ඒ අයගෙන් සෑහෙන පිරිසකට තම තමන්ගේ භාෂා තියෙනවා. ඒ සම්බන්ධයෙන් උදාහරණ විදිහට මොංගෝලියන්, ටිබෙට් වගේ භාෂා දක්වන්න පුළුවන්.

මහ දැවැන්ත රටක් හින්දා චීනයේ භාෂා වෙනස අදාළ වෙන්නේ වාර්ගික විවිධත්වයට විතරක් නෙවෙයි. පළාතෙන් පළාතට, ප්‍රදේශයෙන් ප්‍රදේශයට හන් මිනිස්සු තමන්ගේ භාෂාව උච්චාරණය කිරීමේ වෙනසකුත් තියෙනවා. ඒ උච්චාරණවලට “තැන් වහර” කියලා කියනවා. මෙහෙම වර්ධනය කරගත්ත ප්‍රධාන “තැන් වහර” දහයක් තියෙනවා. ඒ අතර තියෙන “යුවෙ” කියන තැන් වහරට අයිති උච්චාරණ ක්‍රමයකට තමයි අපි “කැන්ටනීස්” කියලා කියන්නේ. ලියන අකුරුවල වෙනසක් නැතත් මේ ප්‍රාදේශීය උච්චාරණවල ලොකු වෙනස්කම් තියෙනවා. එක උච්චාරණයක් පුරුදු පුහුණුවෙච්ච කෙනෙක්ට තවත් තැන් වහරකින් කියන ඒවා තේරුම්ගන්න හුඟක් අමාරුයි.

මේ “උච්චාරණ විවිධත්වය” විසින් චීන ජනතාව වෙන් කරනවා. එහෙම වෙන්වෙච්ච මිනිස්සු අතර හොඳ සන්නිවේදන කාර්යයක් සිද්දවෙන්නේ නෑ. මේක රටේ සහ ජනතාවගේ අභිවෘද්ධියට වගේ ම පාලනයටත් අභියෝගයක්. ක්‍රිස්තු වර්ෂ 1722 – 1735 අතර කාලයේ චීනය පාලනය කරපු යුං-චං අධිරාජයාට තමන්ගේ සමහර ඇමැතිවරු කරන කතා තේරුම්ගන්න බැරිවීම මේ ගැන සඳහන් කරන්න පුළුවන් හොඳ උදාහරණයක්. ඉතින් ඒ ඈත කාලයේ පවා ප්‍රධාන උච්චාරණ ක්‍රමයක් හඳුනාගැනීමේ අවශ්‍යතාව ඉස්සරහට ඇවිල්ලා තිබුණා. මේ වෙනුවෙන් තෝරගත්ත සම්මත උච්චාරණය තමයි “මැන්ඩරින්” කියලා හැඳින්වුණේ. අධිරාජ සේවය වෙනුවෙන් කැපවෙච්ච උසස් නිලධාරියෝ මේ උච්චාරණයේ සරණ පැතුවා. ඉතින් අධිරාජයාට ඉතාමත් පහසුවෙන් ඒ අයත් එක්ක ගනුදෙනු කරන්න පුළුවන් වුණා. මේ උච්චාරණය පෙයි-චිං නගරයේ උගත් සහ වංශවත් පවුල් අතරත් ප්‍රචලිත වුණා.

1912 ජනවාරි 1 වැනි දා නිල විදිහට පිහිටවපු “චීන ජනරජය” මුල්වෙලා “ජාතික භාෂාවක්” (ඇත්තෙන්ම, “ජාතික උච්චාරණයක්”) හඳුන්වාදීමේ වැඩපිළිවෙළක් ආරම්භ කළා. ජනරජ විප්ලවයට මුල්වුණේ දකුණු චීනයේ මිනිස්සු. ඒත් හමුදා බලය තිබුණේ උතුරු චීනයේ මිනිස්සු අතේ. ඒ හින්දා හඳුන්වලා දෙන “ජාතික උච්චාරණය” මූලික කරගන්න ඕන දකුණේ උච්චාරණය ද එහෙමත් නැතිනම් උතුරේ උච්චාරණය ද කියන ආරවුලත් ඇතිවුණා. අලුත් කෘත්‍රිම උච්චාරණයක් හඳුන්වාදීමේ යෝජනාවකුත් ඉස්සරහට ආවා. අන්තිමේ දී, “පෙයි-චිං උච්චාරණය” පදනම් කරගෙන “ජාතික උච්චාරණයක්” ඇති කරගන්න එකඟතාවක් ඇති කරගත්තා. ඒ වෙනුවෙන් 1932 අවුරුද්දේ පෙයි-චිං නගරයේ දී “ජාතික භාෂා ඒකාබද්ධ කිරීමේ කොමිසම” කියලා ආයතනයක් ස්ථාපනය කළා.

මහජන විප්ලවයෙන් පස්සේ 1949 දී පිහිටුවපු චීන මධ්‍යම මහජන ආණ්ඩුව “ජාතික භාෂා” ව්‍යාපෘතිය ඉතා ශක්තිමත් විදිහට ඉස්සරහට ක්‍රියාත්මක කළා. ඒ සඳහා අවශ්‍ය හැම පහසුකමක් ම ලබාදුන්නා. ඒ කඩිනම් වැඩපිළිවෙළ හින්දා අවුරුදු 6 ක් ඇතුළත චීන භාෂාවට “සම්මත පොදු උච්චාරණයක්” ලබාදෙන්න මහජන ආණ්ඩුවට පුළුවන් වුණා. 1955 දී හඳුන්වලා දීපු ඒ සම්මතය හඳුන්වන්නේ “පු-ථුං-හුවා” (පොදු උච්චාරණය) කියන නමින්. (මේ පොදු උච්චාරණයට තමයි අපි දැන් “මැන්ඩරින්” කියලා කියන්නේ). ඒ ආරම්භක අවස්ථාව වෙද්දි “පරණ මැන්ඩරින්” කතා කරපු ජනතාවගෙන් සීයට 54 කට ඉතාමත් පහසුවෙන් මේ “අලුත් මැන්ඩරින්” (පොදු උච්චාරණය) තේරුම්ගන්න පුළුවන් වුණා. රටේ ජනගහනයෙන් සීයට 41 කටත් ඒ හැකියාව තිබුණා. 1984 වෙද්දි රටේ ජනගහනයෙන් සීයට 90 කට වැඩි ප්‍රමාණයක් “පොදු උච්චාරණය” අවබෝධ කරගැනීමේ හැකියාව අත්පත් කරගෙන තිබුණා. 2025 වාර්තාවල හැටියට නම්, මේ වෙද්දි රටේ ජනගහනයෙන් සීයට 85 කට “පොදු උච්චාරණය” හොඳින් වහරන්න පුළුවන්.

හන් භාෂාවේ “පොදු උච්චාරණය” ඉතාමත් හොඳ සම්බන්ධීකරණ භාෂාවක් බවට පත්වෙලා. ඒක ඉංග්‍රීසි වගේ ආනයනය කරපු සම්බන්ධීකරණ භාෂාවක් නෙවෙයි. අපේ රටේ සිංහල, දෙමළ සහ මුස්ලිම් ජනතාවගෙන් බහුතරයකට ඉංග්‍රීසි බෑ. ඒත් අපි අපේ ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාවෙන් ම සම්බන්ධීකරණ (සන්ධාන) භාෂාව විදිහට ඉංග්‍රීසි නම් කරලා. රටේ මිනිස්සුන්ට බැරි භාෂාවකින් ඒ අයව “ලින්ක්” කරවන්න පුළුවන් නම් ඒක ලෝක වාර්තාවක්!

මෑතක දී, චීන ජාතික රාජ්‍ය සභාව විසින් “පොදු උච්චාරණය” ප්‍රවර්ධනයට අදාළ කාර්යභාරයන් පහකුත් හඳුන්වලා දීලා තියෙනවා. ජාතික පොදු භාෂා උච්චාරණය සහ අක්‍ෂර ක්‍රමය ප්‍රචලිතකිරීම, මූලික භාෂා සහ අකුරු ලිවීමේ හැකියාව ප්‍රවර්ධනය, ජාතික භාෂාව සහ අකුරු යොදාගෙන ලබාදෙන සේවා ප්‍රවර්ධනය, චීනයට උරුම විශිෂ්ට භාෂාව සහ සංස්කෘතිය ප්‍රවර්ධනය, සහ චීන භාෂාවේ ජාත්‍යන්තර තත්ත්වය සහ බලපෑම ඉහළ නැංවීම කියන කාර්යභාරයන් පහ තමයි ඒ විදිහට හඳුන්වලා දීලා තියෙන්නේ.

මේ “සම්බන්ධීකරණ භාෂාව” (හන් භාෂාවේ “පොදු උච්චාරණය”) හින්දා චීනයේ සමාජ - ආර්ථික සංවර්ධනයට ලැබිලා තියෙන උදව්ව සුළුපටු එකක් නෙවෙයි. “පොදු උච්චාරණය” විසින් පාලන කටයුතු ඉතාමත් හොඳින් සිද්දවෙනවා. ජනමාධ්‍ය සහ මූලික සන්නිවේදන කටයුතු එක විදිහකට සිද්දවෙනවා. අධ්‍යාපන සහ ශාස්ත්‍රීය කටයුතුත් එක භාෂා සම්මතයක් ඇතුළේ සිද්දවෙනවා. සෞඛ්‍ය වගේ මූලික සේවා ලබාගැනීමත් පහසුවෙලා. සෞන්දර්ය, කලා රස වින්දනයත් උත්තේජනය කරලා. ආර්ථික සහ වෙළෙඳ කටයුතු ඉතාමත් ඉහළට වර්ධනය කරලා.

“පොදු උච්චාරණය” බලවත් වෙලා තියෙන හින්දා ඕනෑම චීන ජාතිකයෙක්ට රටේ ඕනෑම තැනක සේවය කරන්න, ඕනෑම තැනකින් සේවා ලබාගන්න පුළුවන් වෙලා. ඈත පිටිසර පළාතක ළමයෙක්ට වුනත් හොඳින් විභාග සමත්වෙලා පෙයි-චිං නගරයේ තියෙන ඡිං-හුවා වගේ මහා විශ්වවිද්‍යාලයක ඉගෙනගන්න පුළුවන්. මොන විෂයයකින් සරසවි ප්‍රවේශ විභාගයට පෙනී හිටියත් හැම ළමයෙක් ම අනිවාර්යයෙන් ම චීන භාෂා ප්‍රශ්න පත්‍රයට පෙනී ඉන්න ඕන. ඒ මාර්ගයෙනුත් අධ්‍යාපනයේ පොදු බව සහතික කෙරෙනවා.

වෙළෙඳපොළටත් භාෂාවක් තියෙනවා. වෙන වෙනම උච්චාරණ බලවත් කළා නම් හැදෙන්නේ කෑලි කෑලිවලට කැඩිච්ච වෙළෙඳපොළක්. මේ වෙද්දි ඉන්දියාව ජනගහනය අතින් ඉස්සරහට ම ඇවිල්ලා. ඒත් ඉන්දියාවට තනි භාෂාවකින් හැදිච්ච වෙළෙඳපොළක් නෑ. “පොදු උච්චාරණය” හින්දා චීනයේ හැදිලා තියෙන්නේ ඉතාමත් දැවැන්ත තනි, සමතලා වෙළෙඳපොළක්. ඉතින් එහෙම වෙළෙඳපොළක බලය ගැන අමුතුවෙන් කියන්න ඕන නෑ. එහෙම වෙළෙඳපොළක ප්‍රචාරණ කටයුතු පවා පහසුයි. මානව සම්පත් භාවිතයත් පහසුයි.

චිත්‍රපටි, ටෙලි නාට්‍ය නිෂ්පාදනයට අදාළ වෙළෙඳපොළකුත් තියෙනවා. මුළු චීනය ම “පොදු උච්චාරණය” විසින් එකතු කරලා තියෙන හින්දා චීනයේ චිත්‍රපටි, ටෙලි නාට්‍ය වෙළෙඳපොළත් මහ දැවැන්ත එකක් බවට පත්වෙලා. සාමාන්‍යයෙන් චිත්‍රපටියක්, ටෙලි නාට්‍යයක් බලන ප්‍රේක්‍ෂක ප්‍රමාණය මිලියන 800 කට වැඩියි. ඒ කියන්නේ කෝටි 80 කට වැඩියි. ඉතින් ලොකුවට ප්‍රාග්ධනයක් යට කරලා මහ දැවැන්ත නිර්මාණ හදන එක ඉතාමත් ලේසි කටයුත්තක් බවට පත්වෙලා. ඒ වෙනුවෙන් කරන ආයෝජනය වගේ තිස් හතළිස් ගුණයක ආදායමක් උපයාගන්න එකත් අමාරු වැඩක් නෙවෙයි.

ප්‍රේම සම්බන්ධතා, විවාහ ගනුදෙනුවලටත් “පොදු උච්චාරණය” උදව් කරනවා. විවිධ පළාත්වලින් යම් යම් විශ්වවිද්‍යාලවලට එන, යම් යම් කර්මාන්තශාලාවල වැඩට යන තරුණ තරුණියෝ අතර ප්‍රේම සම්බන්ධතා ඇතිවෙන්න, ඒ සම්බන්ධතා විවාහ ගනුදෙනු දක්වා වර්ධනය කරගන්න සන්නිවේදන ගැටලුවක් නෑ. ඉතින් ඒ පැත්තෙන් ගත්තත් “පොදු උච්චාරණය” සිදු කරන්නේ ඉතාමත් විශාල සේවයක්.

හන් භාෂාවේ “පොදු උච්චාරණය” ඉස්සරහට ආවා කියලා අනිත් උච්චාරණ, වෙනත් වාර්ගික භාෂා නැතිවෙලා නෑ. ඒවා පවත්වාගෙන යන්න අවශ්‍ය විධිවිධානත් පනවලා තියෙනවා. චීනය කියන්නේ භාෂාවෙන් වැඩ ගන්න රටක් මිසක් භාෂාව දාලා මිනිස්සු බෙදන රටක් නෙවෙයි.

- ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති

සම්බන්ධිත පුවත් | Related News

දෙවන ලෝක යුද්ධයෙන් පසු ගොඩනැගූ NATO සංවිධානයේ ප්‍රධානම වගකීම සාමාජික රටවල ආරක්ෂාව තහවුරු කිරීමය. එක රටකට ප්‍රහාරයක් එල්ල වුවහොත්, එය සමස්ථ සංවිධානයටම එල්ල වූ ප්‍රහාරයක් සේ සලකා සියල්ලන් එක්වී ආරක්ෂා කරයි.
වේලුපිල්ලේ ප්‍රභාකරන් ඇතුළු කොටි සංවිධානය දශක තුනක් තිස්සේ මවා පෑ ඊළාම් මනෝ විකාර රාජ්‍යයත්, අදටත් බටහිර රටවල සැප විඳිමින් ලේ විකුණා කන දෙමළ ඩයස්පෝරාවේ සිහින මාලිගාවනුත් අත්තිවාරමෙන්ම සොලවා දැමූ එක් ගැහැනියක් සිටියාය.
පෞද්ගලික ජංගම දුරකථනවලට පිවිස හැකර්වරුන් විසින් සිදුකරන බැංකු ගිණුම්වල සල්ලි අදින ජාවාරමක් පිළිබඳව සහ එයින් බේරීමට කළයුතු දේ පිළිබඳව තොරතුරු ඇතුළත් වීඩියෝවක් පහළින් දැක්වේ.
චීනය විසින් ක්‍රියාත්මක කරන 15 වැනි පස් අවුරුදු සැලැස්ම ක්‍රියාත්මක කරන කාලය වන විට චීනය ලෝකයේ පළමු ආර්ථික බලවතා වී සිටින බව 1955 දී මාඕ සේතුං ප්‍රකාශකර තිබිණි.
සාමාන්‍යයෙන් ජනාධිපති කෙනෙක් ජාතිය අමතන පිලිවෙලක් තියනවා.ඊට ගැලපෙන ඇඳුමක් ඇඳගෙන,සුදුසු තැනක ඉඳන්, ජාතිය ඇමතීමේ අරමුණ හරියට ඔළුවේ තියාගෙන තමයි ඒක කරන්න ඕනි. හැබැයි ගිය 17 වෙනිදා ඩබල් පොකට් ෂර්ට් එකක් ඇඳගෙන,තියන්න ඕනිවට පැත්තකින් ජාතිය කොඩියත් තියාගෙන,රටේ මතුවෙලා තියෙන තත්වය ගැන හරි අවබෝධයක් නැතිව තමන්ගේ බැරිකම වහගන්න අනුර ජාතිය අමතලා කතාවක් කළා.
ඛෙදුම්වාදී න්‍යාය පත්‍රයේ අවසන් සැතපුම් ගමන් කිරීමේ ක්‍රියාවලිය ස්ථාවර ආණ්ඩුවක් යටතේ සිදු කිරීම වෙනුවට අස්ථාවර හෝ බිඳ වැටුණු හෝ ජාත්‍යන්තර මැදිහත්වීම මත පිහිටුවන අන්තර් කාලීන ආණ්ඩුවක් යටතේ සිදු කිරීම වඩා සුදුසු බව දේශපාලනයේ 'අ'යන්න දන්නා අයෙකුට වටහා ගත හැකි බවත්, එම නිසා වර්තමාන ආණ්ඩුව පළාත් සභා මැතිවරණය පවත්වා මහ ඇමතිට පක්ෂපාතී ආණ්ඩුකාරවරයෙකු පත් කර රට බෙදීමේ ක්‍රියාවලිය ආරම්භ කළ පසුව ආණ්ඩුව බිඳ වැට්ටවීම සඳහා වන දේශීය සහ ජාත්‍යන්තර ක්‍රියාන්විතයක් ආරම්භ වීමේ බරපතල අවකාශයක් පවතින බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය පෙන්වා දෙයි.
ක්‍රි.පූ. 550 දී මුළින්ම පර්සියානු අධිරාජ්‍ය ස්ථාපිත වූ බවත් ඒ මහා සයිරස් රජුගේ මූලිකත්වයෙන් බවත්, ක්‍රි.ව 651 දී අරාබි අක්‍රමණයෙන් පසු පර්සියානු අධිරාජ්‍ය ක්‍රමයෙන් බිඳවැටී එහි ආගම ඉස්ලාම් ආගම බවට පත් වූ බවටත් Next page අන්තර්ජාල නාලිකාව කරුණු හෙලිදරව් කරයි.
පසුගිය 2026 මාර්තු 11 වනදා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය විසින් ඉරානයට එරෙහිව ඓතිහාසික යෝජනාවක් (Resolution 2817) සම්මත කරන ලද අතර, මෙහි ඇති සුවිශේෂීම කරුණ වන්නේ රටවල් 135ක් මෙයට සම-අනුග්‍රාහකත්වය දැක්වීමයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වාට ජනාධිපති අනුර කුමාර දිසානායකව රවට්ටන්නට හැකි නම් ජනාධිපතිවරයාගේ මොළයේ තරම හිතාගත හැකි බවත්, ඉන්දියාවෙන් නැතිනම් ජාත්‍යන්තරයෙන් ජනාධිපතිවරයාව කෙසේ රවට්ටනවා ඇත්දැයි දේශපාලන විචාරකයන් ප්‍රශ්න කරති.

ප්‍රධාන පුවත්

ජාතික ජනබලවේගයට ලැබුනේ අතීත ජනතා විමුක්ති පෙරමුණට ලැබී තිබුණු වටිනාකම.. බෙදුම්වාදය පරාජය කිරීම වෙනුවෙන් එදා පෙරට ආ ජවිපෙ අද නෑ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ජාතික ජන බලෙව්ගයට ලැබී ඇත්තේ අතීතයේ ජනතා විමුක්ති පෙරමුණට ලැබී තිබූ වටිනාකම බවත්, මේ සිදුවෙමින් පවතින ක්‍රියාවලිය දෙස බැලීමෙදී අතීතයේ ජනතා විමුක්ති පෙරමුණ ගොඩනැගීමට උරදුන් පුද්ගලයකු ලෙස තමන් ඉතාමත් කණගාටුවට පත්වන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරය දෙකට කරමින් මැදින් පාරක්.. අමරපුර නිකායේ දැඩි විරෝධය..

කන්කසන්තුරේ පිහිටි ඓතිහාසික තිස්ස රජමහා විහාර භූමිය දෙකඩ කරමින් බලහත්කාරයෙන් මාර්ගයක් ඉදිකිරීමට වලිකාමම් උතුර ප්‍රාදේශීය සභාව දරන උත්සාහයට ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ ශ්‍රී කල්‍යාණිවංශ පාර්ශ්වය සිය බලවත් විරෝධය පළ කර සිටියි.

''මේ රටේ ගෝඨාභය මරාදමා හෝ විදේශ මැදිහත් වීමෙන් අන්තර්කාලීන පාලනයක් ගොඩනගන්න හැදුවා.. ආණ්ඩුව පවාදීම් රැසක් මේ වන විට කර අවසන්.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා මරාදමා හෝ විදේශ මැදිහත්වීමකින් අන්තර්කාලීන පාලනයක් ගොඩ නැගීමට උත්සාහ දැරූ බවත්, ඒ බවට සාක්ෂි ඇති බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

සම්බුද්ධ ශාසනයේ ප්‍රධාන අංගයක් වන පෙරහැර විකාරයක් බව අගමැතිනිය කියන්නේ කොහොමද?.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

සම්බුද්ධ ශාසනයේ සහ මෙරට සංස්කෘතියේ ප්‍රධාන අංගයක් වන පෙරහැර මංගල්‍යය විකාරයක් ලෙස අගමැතිනිය විසින් හඳුන්වන්නේ කෙසේදැයි දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප්‍රශ්න කරයි.

සවුදිය, තුර්කිය සහ පාකිස්ථානය 'නේටෝ' වැනි යුද සංවිධානයකට අවතීර්ණ වෙයි.. 'මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම' අත්සන් තබයි..

සවුදි අරාබිය, තුර්කිය සහ පාකිස්ථානය එක්ව NATO ආකෘතියට සමාන අන්‍යෝන්‍ය ආරක්ෂක ගිවිසුමක් වන "මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුමට" (Makkah Joint Defence Agreement) අත්සන් තබා ඇත. සවුදි ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු, තුර්කි ජනාධිපති රෙසෙප් තයියිප් එර්ඩොගන් සහ පාකිස්ථාන අගමැති ෂෙහ්බාස් ෂරීෆ් විසින් අත්සන් කරන ලද මෙම ගිවිසුම මගින්, සාමාජික රටකට එල්ල වන ඕනෑම සන්නද්ධ ප්‍රහාරයක් අනෙක් රටවලටද එල්ල වූ ප්‍රහාරයක් ලෙස සැලකීමට එකඟ වී ඇත.

විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීමට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණය 2022 වසරේදී තීන්දු කරලා..

ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2022 වසරේදී තීන්දු කර තිබේ.

වර්තමාන අර්බුද හමුවේ නාට්‍යකරුවන් අපේක්ෂාභංගත්වයට පත්වෙලා.. – නාට්‍යවේදී අඛිල සපුමල්

රටේ පවතින සමාජ, ආර්ථික හා දේශපාලන සංදර්භය හේතුවෙන් පොදු ජනතාව පමණක් නොව නාට්‍යකරුවන් පවා දැඩි අපේක්ෂාභංගත්වයකට පත්ව සිටින බව රාජ්‍ය සම්මානලාභී නාට්‍යවේදී අඛිල සපුමල් මහතා පවසයි.

ලොවටම සහන සැලසූ චීනයේ ගෝලීය සංවර්ධන මුලපිරුමට වසර 5යි: ගෝලීය දකුණේ අනාගතය වෙනුවෙන් චීනයෙන් නව පොරොන්දුවක්..

ලෝකය තවදුරටත් නොසන්සුන්කාරී සහ අස්ථාවර තත්ත්වයක පවතින, එමෙන්ම වැඩිවන සංවර්ධන අභියෝගවලට මුහුණ දෙන පසුබිමක, වඩා යහපත් අනාගතයක් නිර්මාණය කිරීම සඳහා චීන ගෝලීය සංවර්ධන මුලපිරුම (Global Development Initiative - GDI) එක්සත් ජාතීන්ගේ 2030 තිරසාර සංවර්ධන න්‍යාය පත්‍රය සමඟ ක්‍රමවත්ව ඒකාබද්ධ කිරීමට උත්සාහ කළ යුතු බව චීන විදේශ අමාත්‍ය වැං යී අඟහරුවාදා පැවසීය.

බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණියව අයින් කරන්න ආණ්ඩුවට අවශ්‍ය වුනා.. ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද යන්න ගැටළුවක්.. - නීතිඥ සංජීව වීරවික්‍රම

ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද? නැතිනම් අපරාධ නඩුවිධාන සංග්‍රහය යටතේ පොලිසිය මෙහෙයවනවා ද? යන්න බරපතළ ගැටළුවක් වී ඇති බව නීතිඥ සංජීව වීරවික්‍රම මහතා පවසයි.

බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර උච්ඡතම ස්ථානයකට පැමිණිලා.. ෂානක්කියන්ලා, සුමන්තිරන්ලාගෙන් බෞද්ධ උරුමය විනාශ කරන්න පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවටත් බලපෑම්.. දළදා පෙරහැරේ කරඬුව වඩම්මන ඇතුන්ටත් තහංචි වැටෙන ලකුණු!

වර්තමාන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව මෙරට බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර මාලාවේ උච්ඡතම ස්ථානයකට පැමිණ ඇති බවත්, පසුගිය කාලයේ යූටියුබ් සහ සමාජ මාධ්‍ය හරහා භික්ෂූන් වහන්සේලාට නින්දා අපහාස කිරීම මෙන්ම බුදුන් වහන්සේට පවා නින්දා අපහාස කරමින් ආගමික ඉගැන්වීම් පවා විකෘති කරමින් සිටින බවත් එහෙත් ඒ කිසිවකට එරෙහිව පියවර ගැනීම සිදුනොවන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමය විනාශ කිරීමට සැලසුම්සහගත ප්‍රහාරයක්.. පුරාවිද්‍යා වාර්තා වෙනස් කරන්න දෙමළ මන්ත්‍රීන්ගෙන් බලපෑම්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්..

වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව බෞද්ධ ශිෂ්ටාචාරයට සහ උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමයන්ට එරෙහිව සැලසුම්සහගත ප්‍රහාර මාලාවක් ක්‍රියාත්මක වන බවට ජාතික සංවිධාන එකමුතුව චෝදනා කරයි.

පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් දන්වයි..

දිගු කලක් පුරා කල් ගොස් ඇති පළාත් සභා මැතිවරණ "හැකි ඉක්මනින්" පවත්වන ලෙසත්, දෙමළ ජනතාවගේ අභිලාෂයන් ඉටුකිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අදාළ ප්‍රතිපාදන සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරන ලෙසත් ඉන්දියාව ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කළ බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරයි.

ඇමරිකානු - ඉරාන යුද්ධය අවසන් ද? - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්

අන්තර්ජාල නාලිකාවක් සමග විශේෂ සංවාදයකට එක්වෙමින් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පෙන්වා දෙන්නේ ඇමරිකාව සහ ඉරානය අතර දැනට පවතින ගැටුම්කාරී තත්ත්වය හුදෙක් කෙටිකාලීන යුද්ධයකට වඩා ගැඹුරු භූ-දේශපාලනික බලපෑම් මත පදනම් වූ සංකීර්ණ සෙවනැලි යුද්ධයක් බවයි.

'පාස්කු ප්‍රහාරය ගැන විමර්ශකයින් පත්කරලා තියෙන්නේ කතෝලික පල්ලියෙන්' - අතරමැදි පෙත්සම්කරුවෝ අධිකරණයට කියති..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සමට මැදිහත් වී කරුණු දක්වීම සඳහා ඉදිරිපත් කළ අතරමැදි පෙත්සම නිෂ්ප්‍රභ කරන ලෙස නීතිපතිවරයා අද (අගෝ: 04) අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.