News Category
From Date
To Date
Maximum Number of Result

අමුඩ කොටේට මොන මූලාශ්‍රද ආයුබෝවන්ඩ.!

Jun 21, 2025 at 10:45 AM
|

පිරිමින්ගේ දෙකලව අතරින් යවපු ත්‍රිකෝණාකාරයට නවපු රෙදි කඩක් ඉණේ බැදපු හණ ලනුවකින් ඉදිරි පසින් හා පසු පසින් එල්ලා වැටෙන ලෙස සකස් කරපු එකට තමයි අමුඩය කියලා කිව්වේ .. කුඹුරේ වැඩ කරන කොට නම් පිටිපස්සෙන් එල්ලෙන්න දැම්මේ නැහැ. . ඒක හීනියට අඹරලා හින වටේ තිබ්බ පටියට ගැටයක් දැම්මා . මේකෙ වර්ග ගොඩක් තියෙනවා මම ඉස්සරහට ඒ ගැන කතා කරන්නම් ...

අමුඩෙ ගැන විද්‍යාත්මකව විග්‍රහ කරන්න කලින් අපේ පැරණි ජන සාහිත්‍ය තුළ  අමුඩේ ගැන සඳහන් තැන් ටිකක් ගැන කතා කරල බලමු.

අද වෙනකොටත් ආච්චිලා සීයලාගේ කටින් ඇහෙන දෙයක් තමයි " අතිසාරෙට අමුඩ ගහන්න එපා " කියන එක .. අතිසාරේ හැදිච්ච වෙලාවකදී අමුඩයකින් ඒක නවත්තන්න බැහැ . අමුඩෙ අපිරිසිදු වෙන එක විතරයි ඒකෙන් වෙන්නේ .... අතිසාරෙට අමුඩ ගහන්න එපා කියලා පැරුන්නෝ කිව්වේ නිෂ්ඵල ක්‍රියාවක් කරන්න එපා කියන දේ හඟවන්න .

ඊට පස්සේ අමුඩ ලේන්සුව ගැන ජන සාහිත්‍යයේ සඳහන් වෙන්නේ අන්දරේගේ අමුඩ ලේන්සුවේ පලහිලව්ව ගැන කතාන්දරය .  අන්දරේට පිට්ටු කන්න ආසාවක් ඇතිඋනාලු . ඒත් පිට්ටුව ඔතන්නට රෙදි කෑල්ලක් හොයාගන්න බැරි වුණ නිසා අන්දරේ ඇදගෙන හිටපු අමුඩෙ කොනක පිට්ටුව ඔතලා ලිපේ තිබ්බලු . ඒ වෙලාවෙම මතක් උනාලු හදිසි පණිවිඩයකට යන්න තියෙනවා කියලා .. පිට්ටුව අමතක උනාලු ... ඉතින් එතනින් එහාට හිතාගන්න පුළුවන්නේ ...

ඈත අතීතයේ අමුඩය කියලා කියන්නේ අපේ ගොවි ජනතාවගේ ජාතික ඇඳුම කියලා කිව්වොත් වරදක් නෑ . මොකද ගොවියා සහ අමුඩය කියන්නේ වෙන්කරන්න බැරි සම්බන්ධයක්. වසර පන්දහසක පමණ ඉතිහාසය දිහා බැලුවම මේක අපිට විතරක් අනන්නෙ දෙයක් නෙවෙයි . ලෝකෙ හැම පැරණි ශිෂ්ටාචාරයකම මේ හා සමාන අමුඩ තිබිලා තියෙනවා . කොල අතු ඇන්ද මිනිස්සු තව ටිකක් පරිණාමය වෙද්දි ගැහැණු පිරිමි භේදයක් නැතුව මුලින්ම ඇඳ ඇඳුම් කියලා සැලකෙන්නේ මේ අමුඩය . අපේ රටවල ඒක ගොවියට විතරක් සීමා වෙච්ච ඇඳුමක් උනාට ලෝක ශිෂ්ඨාචාරය තුළ මේක ගැහැණු අයත් ඇඳලා තියෙනවා . ඉතිහාසඥයන්ගේ මතයට අනුව නම් කාන්තාවන්ගේ ආර්ථවය තුළ ඇතිවන අපහසුතාවය පාලනය කරගන්න මේ ඇඳුම නිර්මාණය වුණා කියලා තමයි කියන්නේ...

මොරටුව විශ්වවිද්‍යාලයේ  ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය අයේෂා වික්‍රමසිංහගේ Evaluating the History of Women's Underclothing of Sri Lanka පර්යේෂණ කෘතියේ මෙන්ම  ලෙස්ලි ස්කොට් නමැති කතුවරියගේ 'Lingerie: A modern Guide' නමැති ග්‍රන්ථයේ ද     

 " යට ඇඳුම්වල මුල් ම ආකාරය ආසන්න වශයෙන් අමුඩය (loincloth) යැයි සැලකේ. අතීතයේදී එය කාන්තා සහ පිරිමි යන දෙපාර්ශවය ම ඇඳ ඇත බව ද සඳහන් ය " 

අතීත ලංකාවේ ගැමි තරුණයාගේ ජවසම්පන්න බවත් හැඩි දැඩි බවත්, ප්‍රදර්ශනය කිරීමට ද අමුඩය ඉවහල් විය. අමුඩය ගසා කුඹුරේ වැඩ කරන තරුණයකුගේ දේහ ලක්ෂණ හා සිරුරේ නම්‍යතාවය තරුණියක් තුළ ඇති කළේ ආලවන්ත හැඟීම්ය. . වැදි ජනතාව අතර පැවැති චාරිත්‍රයක් වූයේ අමුඩය ගැසීම සඳහා ඉණ වටා බඳින සිහින් ලනුපට  මනමාලිය ලවා සකස් කර මනමාලයාගේ ඉනේ බැඳීමයි.

පැරණි ගොවි ගම්මානවල තරුණියන් අතින් ගොතන ලද හණ ඉණ ලණු  තම සිත් ගත් තරුණයාට තෑගී ලෙස දීම සිදු කෙරුණි . නූතන සමහර ආදරවන්තියෝ තමන්ගේ බ්‍රා පටියක් ගලවලා තම ආදරවන්තයාගේ අතේ ගැට ගහනවට වඩා ඒක සභ්‍යයි කියලා මට හිතෙනවා .

අමුඩය යයි කියූ විට අපට සිහිවන්නේ ඉදිරි පසින් වැසූ තට්ටම් දෙක හොඳින් පෙනෙන ඇදුමක චිත්‍රයකි . බිකිනිය දියුණු සංස්කෘතියේ ඇඳුමක් වෙද්දී අමුඩය ග්‍රාම්‍ය නොදියුණු ඇඳුමක් බවට පත්වූයේද තට්ටම් දෙකේ ප්‍රශ්ණය නිසාය . හැම අමුඩයේම තට්ටම් එලියේ නැත . ඒකියන්නේ අමුඩ වර්ග කිහිපයක්ම පැරණි ගමේ පැවතුණි.

හඟල අමුඩය ගසන්නේ  වැඩිහිටියන් සමඟ වැඩ කරන විට ය. හඟල අමුඩය ගසන විට අමුඩයේ ඉදිරි පසින් එල්ලෙන කොටසේ රැළි දිග හැර ඉණ වටා වැටෙන  සේ සකසා ගනී. එවිට ඉණෙන් පහළ අඩියක් පමණ ප්‍රමාණය හොඳින් ආවරණය වෙයි. එය ඊජිප්තුවේ පිරමීඩ වල පාරාවෝ ඇද ඇති රදි කඩ මෙනි .

දිය නෑම සඳහා භාවිතා කල අමුඩය දිය අමුඩය නම් විය .  දිය අමුඩය ගැසූ විට ඉණේ සිට  අඩියක පමණ කොටසක් අමුඩයෙන් ආවරණය වෙයි. කන්ද උඩරට කාන්තාවෝද දිය නෑමේදී දිය අමුඩය භාවිතා කල බව කියවේ . එහෙත් එ පිලිබදව සටහන් වූ තැනක් නැත . රොබට් නොක්ස් වැනි සුදු ජාතිකයන් ලියු පොත් වල එකල ලංකාවේ කාන්තාවෝ උඩු ඇඳුම් රහිතව සිටි බව සඳහන් වන බැවින් දිය අමුඩයේ කතාව සත්‍යයක් යැයි අපිට සිතිය හැකිය . දිය කෝනම කියා කිව්වේ දිය අමුඩයටමද නැතිනම් කුඹුරේ දිය බදින විට ඇදි අමුඩයද කියා පරස්පරක් ඇතත් තේරුම් ගන්නට ඇත්තේ අමුඩයට එහෙම නමක් ද පැවැති බවය .

ගොවි කටයුතුවල නිරත වන විට ඇන්දේ ගැට අමුඩයයි.  මෙය බොහෝ සරල අමුඩයකි . හැමෝම දන්නා අමුඩය මෙයයි .

පැරණි ගමේ අමුඩය මගින් බොහෝ පණිවිඩ ගමට ලබා දුන්නේය . එනම් අමුඩය යනු බහු සංකේත මාධ්‍යයකි . අමුඩය කරේ දමාගන  ජන්ඩි පහට යන ගමන බොහෝ විට රහසිගත හමුවීමක් හෝ හොර මගුලක් සඳහා යන ගමනකැයි දකින ඈයෝ සිතූහ . පිළිවෙලට උඩු ඇඳුමක් හා සරමක් ඇඳ එක් උරයක අමුඩය දමාගෙන යන්නේ නම් ඒ රාජකාරී ගමනකි. නැතිනම් විශේෂ පණිවිඩයකට යන ගමනකි.

 ගව රංචුව කැලෑවට දක්වන විට හෝ රැගෙන එන්නට කැලෑවට රිංගන විට අමුඩය හිසේ බැඳගත්තේය . ඒ ගමේ අයට තමා කැඩෑවට රිංගන බව නොකියා කියන විදියයි . අමුඩය ගසා ඊට උඩින් සරම රෝල් කර හරස් අතට කරේ දමාගෙනයන්නේ දෙමාපියන්ගේ නිවසට යන බව ඇඟවීමයි . එහි නතර වන්නට යන අවස්ථාව මෙමගින් පෙන්වන්නට ඇතැයි මගේ අදහසයි . කොටට සරම ඇඳ සරම උඩින් අමුඩය ගැට ගැසුවේ ආරච්චිගේ හෝ නිලමේගේ  අතවැසියාය . කටින් කියලා බනින්න බැරි යම් තැන් වලදි අමුඩ ලේන්සුව අතට අරගෙන හයියෙන් ගසලා හැරිලා යන්නත් ගැමියෝ පුරුදුවෙලා හිටියා . ඒකෙන් පෙන්නුවේ තමන්ගේ අකමැත්ත තරහා ආවේගය වගේ දේවල්...

කුඹුරු කොටන කොට හේන් කොටන කොට කම්මැලිකම යන්න ජවය එන්න හපන්න ගන්න පුවක් කෑල්ල දුන් කොළ ටික අමුඩේ ඉස්සරහ කෙළවරේ තියලා ගැටයක් ගහ ගන්නත් සමහර ගැමියො පුරුදු වෙලා හිටියා . පැරැණි ගැමියාට කෝකටත් තිබුනේ අමුඩයම තමයි . අමුඩය ගහගෙන ඇලට බැහැලා අමුඩය ගලෝලා ඒක හොඳට හෝදලා ඒක මිරිකලා ඒකෙන්ම ඇගේ උඩ කොටස පිහිදලා අමුඩයම ඇඳගෙන උඩට එන ගොවියො දැකලා තියෙනවා . ඒක ගමේ සාමාන්‍ය සම්ප්‍රදාය . මොකද ඒ කාලේ ඒක අරුමයක් නෙවෙයි . ඒ වගේම හැම මගුලම වීඩියෝ කරලා දාන්න facebook එකක්වත් ෆෝන් එකක්වත් ඒ මිනිස්සුන්ට තිබ්බෙත් නැහැනේ..

කොහොම වුණත් මේ අමුඩය ගොඩේ ඇඳුමක් නොවේ . ඒ කියන්නේ මේ ඇඳුම තුලින් පිරිමින්ට ඇතිවෙන ගැටළු දෙකක් විසඳෙනවා. එකක් තමයි අන්ඩකෝෂ පහත් වීම වැලැක්වීම.. අනෙක් දේ තමයි දරුඵල හානි වීම වැළකීම . ඒ කියන්නේ වර්තමානයේ බොහෝ පිරිමින්ට දරුඵල නැතිවෙන්න හේතුවක් තමයි තමන්ගේ වෘෂණකෝෂ වලට නිසි ආකාරයෙන් වාතාශ්‍රයක් නොලැබීම . අමුතු ඒ වියන්න ගන්න රෙද්ද ගොඩක් තුනී වාතාශ්‍රය ගමන් කරන රෙද්දක් .. හැබැයි ඒ රෙද්දේ අගල් දෙකෙන් දෙකට විතර ඒ රෙද්දේ  කතිර හැඩයට වියමනක් තියෙනවා. ඒ නිසා ඇදෙන්නැතුව හොඳ සවි ශක්තියට තියෙනවා . එතකොට මේ අමුඩ ලේන්සුවෙන් අමුඩේ ගැහුවම පිරිමින්ගේ වෘෂන කෝෂ පහත්වීම නවතිනවා වගේම හොඳ වාතාශ්‍රයක් ලැබෙන නිසා දරුඵල පිළිබඳ ගැටලු ඇතිවෙන්නෙත් නැහැ .

මෙච්චර දිගු ලිපියක් ලියන්නට හේතු වූයේද මා කලින් අමුඩය හිසේ  බැඳගෙන ගුරුවරයා ගාවට එන මිනිසුන් ගැන ලියූ ලිපියට නගා තිබූ ප්‍රශ්නයකි .  මේ තියෙන්නේ ඒ ලිපිය 

" දශක කිහිපයකට එහා අපේ ගැමියෝ නැතිනම් ගොවියෝ අමුඩ ලේන්සුවක් කරේ දාගන්න හුරුවෙලා හිටියා.....

ඒක අමුඩේ ගහන්න විතරක්ම නෙමෙයි . අව්වා වෙලාවට හිසේ බැඳගන්න . හදිස්සියේ අතපය මූණ හෝදපු වෙලාවක  ටිකක් පිහිද ගන්න . ගමනක් බිමනක් ගිහිල්ලා එන වෙලාවක කාගෙ හරි කුඹුරක වතුර බැඳපු එකක් එහෙම කැඩිලා තිබුනොත් ඇඳන් ඉන්න ඇඳුම ගලවලා  අමුඩෙට ඇඳගන්න . එකගෙයි කෑමේදි තමන් බිරිඳත් එක්ක කාමරේ  ඉන්නවා කියලා අඟවන්න සංකේතයක් විදියට දොර උඩින් දාන්න එකී මෙකී නොකී හැම දෙයකටම මේක පාවිච්චි කළා......

ඒ මිනිස්සුන් අමුඩය භාවිතා කළේ අභිමානයක් විදිහට... හරි අපූරුවට අමුඩයක් කරේ දාගෙන යන්න ගොවියෙක් කැමතියි . ඔහුට එතකොට තමන්ව දැනෙන්නේ  ගොවි රජෙක් විදිහට....

මට කියන්න ඕන කරුණ කියන්නේ දැනුයි.... 

ඒත් පැරුන්නෝ දැනගෙන හිටියා . තමන්ගේ අභිමානය බිමින් තියන්න ඕන තැන් ටිකක් තියෙන බව...

හාමුදුරු කෙනෙක් බැහැ දකින්න යනකොට ... තමන්ගෙ ලෙඩකට වෙදමහත්තයගෙන් බෙහෙත් ටිකක් ගන්න යනකොට .... 

තමන්ගෙ වේලාපත්කඩය බලාගන්ඩ යන වෙලාවට ... 

ගුරුවරයා ළඟට ඉස්කෝල මහත්තයා ළඟට යන වෙලාවට ඔහු අමුඩ ලේන්සුව කරෙන් අතට ගත්තා......

ඒ තමන්ගේ අභිමානය පහත හෙලලා අනිත් කෙනාට ගරුත්වයක් දීම වෙනුවෙන් .... 

ඒකට හේතුව තමයි , මා කලින් කිවුව සියලු චරිත තුළින් ඒ ගැමියා ගත්තෙ ආලෝකයක්... හණ මිටිය කරේ තියාගෙන හිටියත් ඒ ගැමියා දන්නවා , ආලෝකය තමන් තුළට ගන්න නම් අභිමානය බිමින් තිබිය යුතුයි කියන එක... "

අපේ ගැමියෝ අමුඩය ඒ ඒ තැන්වලදී භාවිතා කළ යුතු විදිය ගැන දැනගෙන හිටියා . අමුඩයෙන් දෙන්න පුළුවන් පණිවිඩ ගැනත් ඔවුන් දැනගෙන හිටියා . ඒ නිසයි එකගෙයි කෑම ප්‍රශ්නයක් කර නොගෙන තමන්ගෙ වාරේදී අමුඩේ දොර උඩින් දාලා කාමරයට ගියේ...

පන්සලට ගියාම හාමුදුරුවන්ට වඳින්න අමුඩ ලේන්සුව බිම එලලා ඒ මත  දොහොත් මුදුන් තියල වැන්දේ ...  ගොවියාගේ අභිමානය තමයි අමුඩයෙන් පෙන්නුම් කළේ  . ඔවුන් තමන්ගේ අභිමානය බිමින් තියන්න ඕන තැනදී ඒක ගලවලා බිමින් තිබ්බා.

අමුඩ කොටේට මොන මූලාශ්‍රද ආයුබෝවන්ඩ !

එහෙම කියල මට නිකන් ඉන්න තිබුණා .. වසර පහළොවක් තිස්සේ මම මගේ පිටුවේ කියන දේවල් සම්බන්ධයෙන් කියන එකම දෙයක් තමයි " මගෙන් මූලාශ්‍ර ඉල්ලන්න එපා " කියලා ... මොකද මූලාශ්‍ර තියෙන දේවල් අමුතුවෙන් ලියන්න දෙයක් නෑ... මම වැඩි වශයෙන්ම කරල තියෙන්නේ මූලාශ්‍ර නොතිබූ දේවල්වලට මූලාශ්‍ර හදල දීපු එක ... 

ඇයි මම මෙහෙම ලිව්වේ.... අමුඩ ලේන්සුව ගැන ලියපු ලිපියට එක් දරුවෙක් මූලාශ්‍ර ඉල්ලලා ..... දෙදාහෙන් පස්සේ ඉපදුණු දරුවෙක් නම් තව කමක් නෑ .. වෙල් ඉපනැල්ලේ  හැදුනා වැඩුනා කියලා හිතෙන දරුවෙක් ... ඒ නිසාම මම අමුඩ කොටේ ගැන ටිකක් ලියන්න හිතුවා ...

මම මේ ලිපිය ලිව්වේ අර මූලාශ්‍ර ඉල්ලපු දරුවට මූලාශ දෙන්න නම් නෙමෙයි . අමුඩේ කියන්නේ වෙනම සංස්කෘතියක් කියලා කියලා දෙන්න ... තව මේකෙ නොලිව්ව කරුණු බොහෝ තියෙනවා. කැමතිනම් හොයාගන්න අමුඩය ගැන....

දීක්ෂා ගුරු 

කාංචන මනමේන්ද්‍ර

සම්බන්ධිත පුවත් | Related News

ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රිනියට චීනයට යන ගුවන් යානයට ගොඩවීමට නොහැකි වූ පුවතක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ සංවාදයක් නිර්මාණය වී ඇත.
ආන්තවාදයට විරුද්ධව කටයුතු කිරීම ආරම්භ කළේ 2002 වසරේදී එක්තරා ක්‍රිස්තියානි දෙමළ පූජකවරයකු විසින් බුදුපිළිමයක් පාගාගෙන සිදුකළ යාඥා කිරීමක් දැකීමෙන් පසුව බවත්, එදා එය දැක දැඩි කෝපයක් ඇති වූ බවත් ගලගොඩ අත්තේ ඥානසාර හිමි විසින් ප්‍රකාශ කරන වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වේ.
ලෝක බැංකු වාර්තාවලට අනුව, 2024 වන විටත් නයිජර් (Niger) රාජ්‍යයේ ජනගහනයෙන් 80% කට ආසන්න ප්‍රමාණයකට විදුලිය පහසුකම් නොමැත. එසේ වුවද, එම වසර දක්වාම ලොව විශාලතම යුරේනියම් නිෂ්පාදකයෙකු වන නයිජර් රාජ්‍යය, යුරෝපා සංගමයේ (EU) න්‍යෂ්ටික බලශක්ති අවශ්‍යතාවයෙන් 25% ක්ම සපයමින් මුළු යුරෝපය පුරා පිහිටි නගර සහ ගම්මාන බලගැන්වීමට දායක විය.
Born Again ඇදහීම ශ්‍රී ලංකාවේ මුලින්ම ආරම්භ වෙන්නේ දශකයකට එකහමාරකට කලින්.
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 38(2) වගන්තියට අනුව ජනාධිපතිවරයෙකුට එරෙහිව දෝෂාභියෝගයක් (Impeachment) ගෙන ඒමට පැහැදිලි ප්‍රතිපාදන ඇත.
භාස්කර II (භාස්කරාචාර්ය) යනු බ්‍රහ්මගුප්තගෙන් වසර 500කට පමණ පසු, එනම් ක්‍රි.ව. 12 වන සියවසේදී (ක්‍රි.ව. 1150 දී පමණ) විසූ තවත් ශ්‍රේෂ්ඨ ඉන්දීය ගණිතඥයෙකු සහ තාරකා විද්‍යාඥයෙකි. ඔහු බ්‍රහ්මගුප්ත ඉදිරිපත් කළ මූලික ගුරුත්වාකර්ෂණ අදහස් තවදුරටත් පුළුල් කරමින්, සිය සුප්‍රසිද්ධ “සිද්ධාන්ත ශිරෝමණී” නම් ග්‍රන්ථයේ "ගෝලාධ්‍යාය" නම් පරිච්ඡේදය තුළ මේ පිළිබඳව ඉතා පැහැදිලි විද්‍යාත්මක විග්‍රහයක් සිදු කළේය. සර් අයිසැක් නිව්ටන්ට වසර 500කට පෙර, භාස්කර II විසින් ගුරුත්වාකර්ෂණය සහ ආකාශ වස්තූන්ගේ පැවැත්ම ගැන ප්‍රකාශ කළ ප්‍රධාන කරුණු මෙසේය.
2050 වන විට ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනගහණය සිංහල ජනගහණය අභිබවා යන බවත්, සිංහල ජාතිය මහ ජාතිය ලෙස මෙරට තුළ ජීවත්වන අවසාන සියවස මෙය බවත් මුස්ලිම් පූජකවරයකු විසින් පවසන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වේ.
දණපතියන්ගේ කැසිනෝ බදු ඉවත් කර සබන් කැටේ බදු වැඩිකර හාල් මාෆියාව ඇතිකළේ වත්මන් ආණ්ඩුවේම පිරිස බව දේශපාලන වේදිකා තුළ ඇතිවූ කතාබහ ආශ්‍රයෙන් සමාජ මාධ්‍යයේ පළ වූ වීඩියෝවක් පහතින් දැක්වේ.
රනිල් වික්‍රමසිංහ මහතාව බොහෝ දෙනෙකු විශාල ලෙස අපවාදයට ලක්කළ බවත් පහර ගැසූ බවත්, එතරම් අපහාස විඳගත් ජනාධිපතිවරයකු තවත් නොමැති බවත් රංගන ශිල්පී කලන ගුණසේකර පවසයි.

ප්‍රධාන පුවත්

"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..

කච්චතිව් දූපත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 1974 සහ 1976 වසරවලදී ඇතිකරගත් ගිවිසුම් යළි විවෘත කිරීමට කිසිදු අදහසක් නොමැති බව ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.