News Category
From Date
To Date
Maximum Number of Result

අමුඩ කොටේට මොන මූලාශ්‍රද ආයුබෝවන්ඩ.!

Jun 21, 2025 at 10:45 AM
|

පිරිමින්ගේ දෙකලව අතරින් යවපු ත්‍රිකෝණාකාරයට නවපු රෙදි කඩක් ඉණේ බැදපු හණ ලනුවකින් ඉදිරි පසින් හා පසු පසින් එල්ලා වැටෙන ලෙස සකස් කරපු එකට තමයි අමුඩය කියලා කිව්වේ .. කුඹුරේ වැඩ කරන කොට නම් පිටිපස්සෙන් එල්ලෙන්න දැම්මේ නැහැ. . ඒක හීනියට අඹරලා හින වටේ තිබ්බ පටියට ගැටයක් දැම්මා . මේකෙ වර්ග ගොඩක් තියෙනවා මම ඉස්සරහට ඒ ගැන කතා කරන්නම් ...

අමුඩෙ ගැන විද්‍යාත්මකව විග්‍රහ කරන්න කලින් අපේ පැරණි ජන සාහිත්‍ය තුළ  අමුඩේ ගැන සඳහන් තැන් ටිකක් ගැන කතා කරල බලමු.

අද වෙනකොටත් ආච්චිලා සීයලාගේ කටින් ඇහෙන දෙයක් තමයි " අතිසාරෙට අමුඩ ගහන්න එපා " කියන එක .. අතිසාරේ හැදිච්ච වෙලාවකදී අමුඩයකින් ඒක නවත්තන්න බැහැ . අමුඩෙ අපිරිසිදු වෙන එක විතරයි ඒකෙන් වෙන්නේ .... අතිසාරෙට අමුඩ ගහන්න එපා කියලා පැරුන්නෝ කිව්වේ නිෂ්ඵල ක්‍රියාවක් කරන්න එපා කියන දේ හඟවන්න .

ඊට පස්සේ අමුඩ ලේන්සුව ගැන ජන සාහිත්‍යයේ සඳහන් වෙන්නේ අන්දරේගේ අමුඩ ලේන්සුවේ පලහිලව්ව ගැන කතාන්දරය .  අන්දරේට පිට්ටු කන්න ආසාවක් ඇතිඋනාලු . ඒත් පිට්ටුව ඔතන්නට රෙදි කෑල්ලක් හොයාගන්න බැරි වුණ නිසා අන්දරේ ඇදගෙන හිටපු අමුඩෙ කොනක පිට්ටුව ඔතලා ලිපේ තිබ්බලු . ඒ වෙලාවෙම මතක් උනාලු හදිසි පණිවිඩයකට යන්න තියෙනවා කියලා .. පිට්ටුව අමතක උනාලු ... ඉතින් එතනින් එහාට හිතාගන්න පුළුවන්නේ ...

ඈත අතීතයේ අමුඩය කියලා කියන්නේ අපේ ගොවි ජනතාවගේ ජාතික ඇඳුම කියලා කිව්වොත් වරදක් නෑ . මොකද ගොවියා සහ අමුඩය කියන්නේ වෙන්කරන්න බැරි සම්බන්ධයක්. වසර පන්දහසක පමණ ඉතිහාසය දිහා බැලුවම මේක අපිට විතරක් අනන්නෙ දෙයක් නෙවෙයි . ලෝකෙ හැම පැරණි ශිෂ්ටාචාරයකම මේ හා සමාන අමුඩ තිබිලා තියෙනවා . කොල අතු ඇන්ද මිනිස්සු තව ටිකක් පරිණාමය වෙද්දි ගැහැණු පිරිමි භේදයක් නැතුව මුලින්ම ඇඳ ඇඳුම් කියලා සැලකෙන්නේ මේ අමුඩය . අපේ රටවල ඒක ගොවියට විතරක් සීමා වෙච්ච ඇඳුමක් උනාට ලෝක ශිෂ්ඨාචාරය තුළ මේක ගැහැණු අයත් ඇඳලා තියෙනවා . ඉතිහාසඥයන්ගේ මතයට අනුව නම් කාන්තාවන්ගේ ආර්ථවය තුළ ඇතිවන අපහසුතාවය පාලනය කරගන්න මේ ඇඳුම නිර්මාණය වුණා කියලා තමයි කියන්නේ...

මොරටුව විශ්වවිද්‍යාලයේ  ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය අයේෂා වික්‍රමසිංහගේ Evaluating the History of Women's Underclothing of Sri Lanka පර්යේෂණ කෘතියේ මෙන්ම  ලෙස්ලි ස්කොට් නමැති කතුවරියගේ 'Lingerie: A modern Guide' නමැති ග්‍රන්ථයේ ද     

 " යට ඇඳුම්වල මුල් ම ආකාරය ආසන්න වශයෙන් අමුඩය (loincloth) යැයි සැලකේ. අතීතයේදී එය කාන්තා සහ පිරිමි යන දෙපාර්ශවය ම ඇඳ ඇත බව ද සඳහන් ය " 

අතීත ලංකාවේ ගැමි තරුණයාගේ ජවසම්පන්න බවත් හැඩි දැඩි බවත්, ප්‍රදර්ශනය කිරීමට ද අමුඩය ඉවහල් විය. අමුඩය ගසා කුඹුරේ වැඩ කරන තරුණයකුගේ දේහ ලක්ෂණ හා සිරුරේ නම්‍යතාවය තරුණියක් තුළ ඇති කළේ ආලවන්ත හැඟීම්ය. . වැදි ජනතාව අතර පැවැති චාරිත්‍රයක් වූයේ අමුඩය ගැසීම සඳහා ඉණ වටා බඳින සිහින් ලනුපට  මනමාලිය ලවා සකස් කර මනමාලයාගේ ඉනේ බැඳීමයි.

පැරණි ගොවි ගම්මානවල තරුණියන් අතින් ගොතන ලද හණ ඉණ ලණු  තම සිත් ගත් තරුණයාට තෑගී ලෙස දීම සිදු කෙරුණි . නූතන සමහර ආදරවන්තියෝ තමන්ගේ බ්‍රා පටියක් ගලවලා තම ආදරවන්තයාගේ අතේ ගැට ගහනවට වඩා ඒක සභ්‍යයි කියලා මට හිතෙනවා .

අමුඩය යයි කියූ විට අපට සිහිවන්නේ ඉදිරි පසින් වැසූ තට්ටම් දෙක හොඳින් පෙනෙන ඇදුමක චිත්‍රයකි . බිකිනිය දියුණු සංස්කෘතියේ ඇඳුමක් වෙද්දී අමුඩය ග්‍රාම්‍ය නොදියුණු ඇඳුමක් බවට පත්වූයේද තට්ටම් දෙකේ ප්‍රශ්ණය නිසාය . හැම අමුඩයේම තට්ටම් එලියේ නැත . ඒකියන්නේ අමුඩ වර්ග කිහිපයක්ම පැරණි ගමේ පැවතුණි.

හඟල අමුඩය ගසන්නේ  වැඩිහිටියන් සමඟ වැඩ කරන විට ය. හඟල අමුඩය ගසන විට අමුඩයේ ඉදිරි පසින් එල්ලෙන කොටසේ රැළි දිග හැර ඉණ වටා වැටෙන  සේ සකසා ගනී. එවිට ඉණෙන් පහළ අඩියක් පමණ ප්‍රමාණය හොඳින් ආවරණය වෙයි. එය ඊජිප්තුවේ පිරමීඩ වල පාරාවෝ ඇද ඇති රදි කඩ මෙනි .

දිය නෑම සඳහා භාවිතා කල අමුඩය දිය අමුඩය නම් විය .  දිය අමුඩය ගැසූ විට ඉණේ සිට  අඩියක පමණ කොටසක් අමුඩයෙන් ආවරණය වෙයි. කන්ද උඩරට කාන්තාවෝද දිය නෑමේදී දිය අමුඩය භාවිතා කල බව කියවේ . එහෙත් එ පිලිබදව සටහන් වූ තැනක් නැත . රොබට් නොක්ස් වැනි සුදු ජාතිකයන් ලියු පොත් වල එකල ලංකාවේ කාන්තාවෝ උඩු ඇඳුම් රහිතව සිටි බව සඳහන් වන බැවින් දිය අමුඩයේ කතාව සත්‍යයක් යැයි අපිට සිතිය හැකිය . දිය කෝනම කියා කිව්වේ දිය අමුඩයටමද නැතිනම් කුඹුරේ දිය බදින විට ඇදි අමුඩයද කියා පරස්පරක් ඇතත් තේරුම් ගන්නට ඇත්තේ අමුඩයට එහෙම නමක් ද පැවැති බවය .

ගොවි කටයුතුවල නිරත වන විට ඇන්දේ ගැට අමුඩයයි.  මෙය බොහෝ සරල අමුඩයකි . හැමෝම දන්නා අමුඩය මෙයයි .

පැරණි ගමේ අමුඩය මගින් බොහෝ පණිවිඩ ගමට ලබා දුන්නේය . එනම් අමුඩය යනු බහු සංකේත මාධ්‍යයකි . අමුඩය කරේ දමාගන  ජන්ඩි පහට යන ගමන බොහෝ විට රහසිගත හමුවීමක් හෝ හොර මගුලක් සඳහා යන ගමනකැයි දකින ඈයෝ සිතූහ . පිළිවෙලට උඩු ඇඳුමක් හා සරමක් ඇඳ එක් උරයක අමුඩය දමාගෙන යන්නේ නම් ඒ රාජකාරී ගමනකි. නැතිනම් විශේෂ පණිවිඩයකට යන ගමනකි.

 ගව රංචුව කැලෑවට දක්වන විට හෝ රැගෙන එන්නට කැලෑවට රිංගන විට අමුඩය හිසේ බැඳගත්තේය . ඒ ගමේ අයට තමා කැඩෑවට රිංගන බව නොකියා කියන විදියයි . අමුඩය ගසා ඊට උඩින් සරම රෝල් කර හරස් අතට කරේ දමාගෙනයන්නේ දෙමාපියන්ගේ නිවසට යන බව ඇඟවීමයි . එහි නතර වන්නට යන අවස්ථාව මෙමගින් පෙන්වන්නට ඇතැයි මගේ අදහසයි . කොටට සරම ඇඳ සරම උඩින් අමුඩය ගැට ගැසුවේ ආරච්චිගේ හෝ නිලමේගේ  අතවැසියාය . කටින් කියලා බනින්න බැරි යම් තැන් වලදි අමුඩ ලේන්සුව අතට අරගෙන හයියෙන් ගසලා හැරිලා යන්නත් ගැමියෝ පුරුදුවෙලා හිටියා . ඒකෙන් පෙන්නුවේ තමන්ගේ අකමැත්ත තරහා ආවේගය වගේ දේවල්...

කුඹුරු කොටන කොට හේන් කොටන කොට කම්මැලිකම යන්න ජවය එන්න හපන්න ගන්න පුවක් කෑල්ල දුන් කොළ ටික අමුඩේ ඉස්සරහ කෙළවරේ තියලා ගැටයක් ගහ ගන්නත් සමහර ගැමියො පුරුදු වෙලා හිටියා . පැරැණි ගැමියාට කෝකටත් තිබුනේ අමුඩයම තමයි . අමුඩය ගහගෙන ඇලට බැහැලා අමුඩය ගලෝලා ඒක හොඳට හෝදලා ඒක මිරිකලා ඒකෙන්ම ඇගේ උඩ කොටස පිහිදලා අමුඩයම ඇඳගෙන උඩට එන ගොවියො දැකලා තියෙනවා . ඒක ගමේ සාමාන්‍ය සම්ප්‍රදාය . මොකද ඒ කාලේ ඒක අරුමයක් නෙවෙයි . ඒ වගේම හැම මගුලම වීඩියෝ කරලා දාන්න facebook එකක්වත් ෆෝන් එකක්වත් ඒ මිනිස්සුන්ට තිබ්බෙත් නැහැනේ..

කොහොම වුණත් මේ අමුඩය ගොඩේ ඇඳුමක් නොවේ . ඒ කියන්නේ මේ ඇඳුම තුලින් පිරිමින්ට ඇතිවෙන ගැටළු දෙකක් විසඳෙනවා. එකක් තමයි අන්ඩකෝෂ පහත් වීම වැලැක්වීම.. අනෙක් දේ තමයි දරුඵල හානි වීම වැළකීම . ඒ කියන්නේ වර්තමානයේ බොහෝ පිරිමින්ට දරුඵල නැතිවෙන්න හේතුවක් තමයි තමන්ගේ වෘෂණකෝෂ වලට නිසි ආකාරයෙන් වාතාශ්‍රයක් නොලැබීම . අමුතු ඒ වියන්න ගන්න රෙද්ද ගොඩක් තුනී වාතාශ්‍රය ගමන් කරන රෙද්දක් .. හැබැයි ඒ රෙද්දේ අගල් දෙකෙන් දෙකට විතර ඒ රෙද්දේ  කතිර හැඩයට වියමනක් තියෙනවා. ඒ නිසා ඇදෙන්නැතුව හොඳ සවි ශක්තියට තියෙනවා . එතකොට මේ අමුඩ ලේන්සුවෙන් අමුඩේ ගැහුවම පිරිමින්ගේ වෘෂන කෝෂ පහත්වීම නවතිනවා වගේම හොඳ වාතාශ්‍රයක් ලැබෙන නිසා දරුඵල පිළිබඳ ගැටලු ඇතිවෙන්නෙත් නැහැ .

මෙච්චර දිගු ලිපියක් ලියන්නට හේතු වූයේද මා කලින් අමුඩය හිසේ  බැඳගෙන ගුරුවරයා ගාවට එන මිනිසුන් ගැන ලියූ ලිපියට නගා තිබූ ප්‍රශ්නයකි .  මේ තියෙන්නේ ඒ ලිපිය 

" දශක කිහිපයකට එහා අපේ ගැමියෝ නැතිනම් ගොවියෝ අමුඩ ලේන්සුවක් කරේ දාගන්න හුරුවෙලා හිටියා.....

ඒක අමුඩේ ගහන්න විතරක්ම නෙමෙයි . අව්වා වෙලාවට හිසේ බැඳගන්න . හදිස්සියේ අතපය මූණ හෝදපු වෙලාවක  ටිකක් පිහිද ගන්න . ගමනක් බිමනක් ගිහිල්ලා එන වෙලාවක කාගෙ හරි කුඹුරක වතුර බැඳපු එකක් එහෙම කැඩිලා තිබුනොත් ඇඳන් ඉන්න ඇඳුම ගලවලා  අමුඩෙට ඇඳගන්න . එකගෙයි කෑමේදි තමන් බිරිඳත් එක්ක කාමරේ  ඉන්නවා කියලා අඟවන්න සංකේතයක් විදියට දොර උඩින් දාන්න එකී මෙකී නොකී හැම දෙයකටම මේක පාවිච්චි කළා......

ඒ මිනිස්සුන් අමුඩය භාවිතා කළේ අභිමානයක් විදිහට... හරි අපූරුවට අමුඩයක් කරේ දාගෙන යන්න ගොවියෙක් කැමතියි . ඔහුට එතකොට තමන්ව දැනෙන්නේ  ගොවි රජෙක් විදිහට....

මට කියන්න ඕන කරුණ කියන්නේ දැනුයි.... 

ඒත් පැරුන්නෝ දැනගෙන හිටියා . තමන්ගේ අභිමානය බිමින් තියන්න ඕන තැන් ටිකක් තියෙන බව...

හාමුදුරු කෙනෙක් බැහැ දකින්න යනකොට ... තමන්ගෙ ලෙඩකට වෙදමහත්තයගෙන් බෙහෙත් ටිකක් ගන්න යනකොට .... 

තමන්ගෙ වේලාපත්කඩය බලාගන්ඩ යන වෙලාවට ... 

ගුරුවරයා ළඟට ඉස්කෝල මහත්තයා ළඟට යන වෙලාවට ඔහු අමුඩ ලේන්සුව කරෙන් අතට ගත්තා......

ඒ තමන්ගේ අභිමානය පහත හෙලලා අනිත් කෙනාට ගරුත්වයක් දීම වෙනුවෙන් .... 

ඒකට හේතුව තමයි , මා කලින් කිවුව සියලු චරිත තුළින් ඒ ගැමියා ගත්තෙ ආලෝකයක්... හණ මිටිය කරේ තියාගෙන හිටියත් ඒ ගැමියා දන්නවා , ආලෝකය තමන් තුළට ගන්න නම් අභිමානය බිමින් තිබිය යුතුයි කියන එක... "

අපේ ගැමියෝ අමුඩය ඒ ඒ තැන්වලදී භාවිතා කළ යුතු විදිය ගැන දැනගෙන හිටියා . අමුඩයෙන් දෙන්න පුළුවන් පණිවිඩ ගැනත් ඔවුන් දැනගෙන හිටියා . ඒ නිසයි එකගෙයි කෑම ප්‍රශ්නයක් කර නොගෙන තමන්ගෙ වාරේදී අමුඩේ දොර උඩින් දාලා කාමරයට ගියේ...

පන්සලට ගියාම හාමුදුරුවන්ට වඳින්න අමුඩ ලේන්සුව බිම එලලා ඒ මත  දොහොත් මුදුන් තියල වැන්දේ ...  ගොවියාගේ අභිමානය තමයි අමුඩයෙන් පෙන්නුම් කළේ  . ඔවුන් තමන්ගේ අභිමානය බිමින් තියන්න ඕන තැනදී ඒක ගලවලා බිමින් තිබ්බා.

අමුඩ කොටේට මොන මූලාශ්‍රද ආයුබෝවන්ඩ !

එහෙම කියල මට නිකන් ඉන්න තිබුණා .. වසර පහළොවක් තිස්සේ මම මගේ පිටුවේ කියන දේවල් සම්බන්ධයෙන් කියන එකම දෙයක් තමයි " මගෙන් මූලාශ්‍ර ඉල්ලන්න එපා " කියලා ... මොකද මූලාශ්‍ර තියෙන දේවල් අමුතුවෙන් ලියන්න දෙයක් නෑ... මම වැඩි වශයෙන්ම කරල තියෙන්නේ මූලාශ්‍ර නොතිබූ දේවල්වලට මූලාශ්‍ර හදල දීපු එක ... 

ඇයි මම මෙහෙම ලිව්වේ.... අමුඩ ලේන්සුව ගැන ලියපු ලිපියට එක් දරුවෙක් මූලාශ්‍ර ඉල්ලලා ..... දෙදාහෙන් පස්සේ ඉපදුණු දරුවෙක් නම් තව කමක් නෑ .. වෙල් ඉපනැල්ලේ  හැදුනා වැඩුනා කියලා හිතෙන දරුවෙක් ... ඒ නිසාම මම අමුඩ කොටේ ගැන ටිකක් ලියන්න හිතුවා ...

මම මේ ලිපිය ලිව්වේ අර මූලාශ්‍ර ඉල්ලපු දරුවට මූලාශ දෙන්න නම් නෙමෙයි . අමුඩේ කියන්නේ වෙනම සංස්කෘතියක් කියලා කියලා දෙන්න ... තව මේකෙ නොලිව්ව කරුණු බොහෝ තියෙනවා. කැමතිනම් හොයාගන්න අමුඩය ගැන....

දීක්ෂා ගුරු 

කාංචන මනමේන්ද්‍ර

සම්බන්ධිත පුවත් | Related News

"සීනි" කියන්නේ අපේ ජීවිතේට කොච්චර සමීප දෙයක්ද කියලා ඔබ කවදාහරි හිතලා තියෙනවද? උදේට බොන තේ එකේ ඉඳන්, දවල්ට කන බත් එකට දාන සෝස් එක, අතුරුපස, සහ රෑට බොන කිරි එක වෙනකම් හැමදේකම සීනි තියෙනවා.
කොළඹ කොටුවේ චැතම් වීදියේ තියෙන 'New Chinese Shop' එකට කවදාහරි ගිහින් තියෙනවද? එතන ඉන්නවා වින්ග්ලී චෙං මහත්මයා. ඔහුගේ පවුල ලංකාවට ඇවිත් තියෙන්නේ දෙවැනි ලෝක යුද්ධයෙන් පස්සේ. එදා ඉඳන් ඔවුන් මේ රටේ මිනිස්සු. කොළඹ ඉස්කෝල කීපයකටම නිල ඇඳුම් මහන්නේ ඔහු. මේ වගේ කතා ලංකාව පුරාම හැංගිලා තියෙනවා.
නව ප්‍රභූ පන්තියේ වත්කම් හෙළිදරව් වීම වැළැක්වීම සඳහා රජය විසින් නව පනතක් ගෙන ඒමට සූදානම් වන බවට සමාජ මාධ්‍ය ඔස්සේ තොරතුරු අනාවරණය කරයි.
ලෝනි විලිසන් (Loni Willison) කියන්නේ "තවත් එක්කෙනෙක්" විතරක් නෙවෙයි.
මීගමුව බන්ධනාගාර ගැටුමට පළිගැනීමක් ලෙස බන්ධනාගාර පොලිස් නිලධාරීන් දිගින් දිගටම රැඳවියන්ගෙන් පළිගැනීමේ චේතනාවෙන් කටයුතු කළ බව නීතිඥ මේජර් අජිත් ප්‍රසන්න පවසයි.
අලුත් රඟහලක ලොව ඇති හොඳම නාට්‍යය එකතුව බලන්න එකතු වෙන්න. අසමා රූපණ සරසවියට එන්න..
අලුත් රඟහලක ලොව ඇති හොඳම නාට්‍යය එකතුව බලන්න එකතු වෙන්න.
සිංහල භාෂාව සම්බන්ධයෙන් ඉන්දියාවේ ලියැවී ඇති පැරණි ලේඛන පිළිබඳව අවධානය යොමු කරමින් වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වේ.
ජාත්‍යන්තර මූල්‍ය ආයතනය (IIF) මඟින් නිකුත් කරන ලද 2026 නවතම වාර්තාවට අනුව, ආයෝජක සබඳතා සහ ණය විනිවිදභාවය (Investor Relations and Debt Transparency) යන අංශවලින් ලොව වේගයෙන්ම ප්‍රගතියක් අත්කරගන්නා (Fastest-Improving) රටවල් අතර හතරවැනි ස්ථානය (4th) ශ්‍රී ලංකාවට හිමිව තිබේ...

ප්‍රධාන පුවත්

ඉන්දු-ලංකා නිදහස් වෙළඳ ගිවිසුම තර කිරීමට එකඟවේ...

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින නිදහස් වෙළඳ ගිවිසුම වර්තමාන අවශ්‍යතාවන්ට ගැලපෙන පරිදි යාවත්කාලීන කිරීම සඳහා දෙරටේම නියෝජිතයන්ගෙන් සමන්විත ඒකාබද්ධ ක්‍රියාකාරී කණ්ඩායමක් පිහිටුවීමට එකඟතාව පළ වී තිබේ.

විනිසුරුවන්ගේ විශ්‍රාම වයස සහ ධුර කාලය වෙනස් කරන ව්‍යවස්ථා සංශෝධනයට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් හෙළි කරයි

ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම ගන්නා වයස සහ ධුර කාලය වෙනස් කිරීම සඳහා වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් පාර්ලිමේන්තු අනුමැතියෙන් පමණක් සිදු කළ නොහැකි බවත්, ඒ සඳහා ජනමත විචාරණයක් පවත්වා මහජන අනුමැතිය ලබා ගැනීම අවශ්‍ය වන බවත් හෙළි වී තිබේ.

NLDB ගොවිපළ 32න් 26ක්ම පුද්ගලික සමාගම්වලට!.. විද්වතුන් සහ වෘත්තීය සමිති නිහඬයි..

ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට (NLDB) අයත් අක්කර දහස් ගණනක භූමි ප්‍රමාණයකින් යුත් ගොවිපළ 32න් 26ක් වසර 30ක කාලයක් සඳහා පෞද්ගලික සමාගම් 7ක් වෙත බදු දීමට රජය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් කෘෂිකාර්මික හා පශු වෛද්‍ය ක්ෂේත්‍රය තුළ දැඩි සංවාදයක් සහ විරෝධයක් නිර්මාණය වී තිබේ.

ජාතික ජනබලවේගයට ලැබුනේ අතීත ජනතා විමුක්ති පෙරමුණට ලැබී තිබුණු වටිනාකම.. බෙදුම්වාදය පරාජය කිරීම වෙනුවෙන් එදා පෙරට ආ ජවිපෙ අද නෑ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ජාතික ජන බලෙව්ගයට ලැබී ඇත්තේ අතීතයේ ජනතා විමුක්ති පෙරමුණට ලැබී තිබූ වටිනාකම බවත්, මේ සිදුවෙමින් පවතින ක්‍රියාවලිය දෙස බැලීමෙදී අතීතයේ ජනතා විමුක්ති පෙරමුණ ගොඩනැගීමට උරදුන් පුද්ගලයකු ලෙස තමන් ඉතාමත් කණගාටුවට පත්වන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරය දෙකට කරමින් මැදින් පාරක්.. අමරපුර නිකායේ දැඩි විරෝධය..

කන්කසන්තුරේ පිහිටි ඓතිහාසික තිස්ස රජමහා විහාර භූමිය දෙකඩ කරමින් බලහත්කාරයෙන් මාර්ගයක් ඉදිකිරීමට වලිකාමම් උතුර ප්‍රාදේශීය සභාව දරන උත්සාහයට ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ ශ්‍රී කල්‍යාණිවංශ පාර්ශ්වය සිය බලවත් විරෝධය පළ කර සිටියි.

''මේ රටේ ගෝඨාභය මරාදමා හෝ විදේශ මැදිහත් වීමෙන් අන්තර්කාලීන පාලනයක් ගොඩනගන්න හැදුවා.. ආණ්ඩුව පවාදීම් රැසක් මේ වන විට කර අවසන්.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා මරාදමා හෝ විදේශ මැදිහත්වීමකින් අන්තර්කාලීන පාලනයක් ගොඩ නැගීමට උත්සාහ දැරූ බවත්, ඒ බවට සාක්ෂි ඇති බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

සම්බුද්ධ ශාසනයේ ප්‍රධාන අංගයක් වන පෙරහැර විකාරයක් බව අගමැතිනිය කියන්නේ කොහොමද?.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

සම්බුද්ධ ශාසනයේ සහ මෙරට සංස්කෘතියේ ප්‍රධාන අංගයක් වන පෙරහැර මංගල්‍යය විකාරයක් ලෙස අගමැතිනිය විසින් හඳුන්වන්නේ කෙසේදැයි දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප්‍රශ්න කරයි.

සවුදිය, තුර්කිය සහ පාකිස්ථානය 'නේටෝ' වැනි යුද සංවිධානයකට අවතීර්ණ වෙයි.. 'මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම' අත්සන් තබයි..

සවුදි අරාබිය, තුර්කිය සහ පාකිස්ථානය එක්ව NATO ආකෘතියට සමාන අන්‍යෝන්‍ය ආරක්ෂක ගිවිසුමක් වන "මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුමට" (Makkah Joint Defence Agreement) අත්සන් තබා ඇත. සවුදි ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු, තුර්කි ජනාධිපති රෙසෙප් තයියිප් එර්ඩොගන් සහ පාකිස්ථාන අගමැති ෂෙහ්බාස් ෂරීෆ් විසින් අත්සන් කරන ලද මෙම ගිවිසුම මගින්, සාමාජික රටකට එල්ල වන ඕනෑම සන්නද්ධ ප්‍රහාරයක් අනෙක් රටවලටද එල්ල වූ ප්‍රහාරයක් ලෙස සැලකීමට එකඟ වී ඇත.

විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීමට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණය 2022 වසරේදී තීන්දු කරලා..

ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2022 වසරේදී තීන්දු කර තිබේ.

වර්තමාන අර්බුද හමුවේ නාට්‍යකරුවන් අපේක්ෂාභංගත්වයට පත්වෙලා.. – නාට්‍යවේදී අඛිල සපුමල්

රටේ පවතින සමාජ, ආර්ථික හා දේශපාලන සංදර්භය හේතුවෙන් පොදු ජනතාව පමණක් නොව නාට්‍යකරුවන් පවා දැඩි අපේක්ෂාභංගත්වයකට පත්ව සිටින බව රාජ්‍ය සම්මානලාභී නාට්‍යවේදී අඛිල සපුමල් මහතා පවසයි.

ලොවටම සහන සැලසූ චීනයේ ගෝලීය සංවර්ධන මුලපිරුමට වසර 5යි: ගෝලීය දකුණේ අනාගතය වෙනුවෙන් චීනයෙන් නව පොරොන්දුවක්..

ලෝකය තවදුරටත් නොසන්සුන්කාරී සහ අස්ථාවර තත්ත්වයක පවතින, එමෙන්ම වැඩිවන සංවර්ධන අභියෝගවලට මුහුණ දෙන පසුබිමක, වඩා යහපත් අනාගතයක් නිර්මාණය කිරීම සඳහා චීන ගෝලීය සංවර්ධන මුලපිරුම (Global Development Initiative - GDI) එක්සත් ජාතීන්ගේ 2030 තිරසාර සංවර්ධන න්‍යාය පත්‍රය සමඟ ක්‍රමවත්ව ඒකාබද්ධ කිරීමට උත්සාහ කළ යුතු බව චීන විදේශ අමාත්‍ය වැං යී අඟහරුවාදා පැවසීය.

බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණියව අයින් කරන්න ආණ්ඩුවට අවශ්‍ය වුනා.. ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද යන්න ගැටළුවක්.. - නීතිඥ සංජීව වීරවික්‍රම

ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද? නැතිනම් අපරාධ නඩුවිධාන සංග්‍රහය යටතේ පොලිසිය මෙහෙයවනවා ද? යන්න බරපතළ ගැටළුවක් වී ඇති බව නීතිඥ සංජීව වීරවික්‍රම මහතා පවසයි.

බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර උච්ඡතම ස්ථානයකට පැමිණිලා.. ෂානක්කියන්ලා, සුමන්තිරන්ලාගෙන් බෞද්ධ උරුමය විනාශ කරන්න පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවටත් බලපෑම්.. දළදා පෙරහැරේ කරඬුව වඩම්මන ඇතුන්ටත් තහංචි වැටෙන ලකුණු!

වර්තමාන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව මෙරට බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර මාලාවේ උච්ඡතම ස්ථානයකට පැමිණ ඇති බවත්, පසුගිය කාලයේ යූටියුබ් සහ සමාජ මාධ්‍ය හරහා භික්ෂූන් වහන්සේලාට නින්දා අපහාස කිරීම මෙන්ම බුදුන් වහන්සේට පවා නින්දා අපහාස කරමින් ආගමික ඉගැන්වීම් පවා විකෘති කරමින් සිටින බවත් එහෙත් ඒ කිසිවකට එරෙහිව පියවර ගැනීම සිදුනොවන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමය විනාශ කිරීමට සැලසුම්සහගත ප්‍රහාරයක්.. පුරාවිද්‍යා වාර්තා වෙනස් කරන්න දෙමළ මන්ත්‍රීන්ගෙන් බලපෑම්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්..

වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව බෞද්ධ ශිෂ්ටාචාරයට සහ උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමයන්ට එරෙහිව සැලසුම්සහගත ප්‍රහාර මාලාවක් ක්‍රියාත්මක වන බවට ජාතික සංවිධාන එකමුතුව චෝදනා කරයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.