News Category
From Date
To Date
Maximum Number of Result

සෞම්‍යගෙ සම්පූර්ණ කතාව සරල බසින්..

May 29, 2025 at 08:55 PM
|

මාලිනී රඟපාන්න එන්නෙ නිදහසින් පසු බිහිවුන ලංකාවෙ. ඒ වෙද්දි සුද්දා දීලා ගියපු ව්‍යාජ සදාචාරය බුද්ධාගමේ තිබුනු සදාචාරයක් කියලා හිතාගෙනයි ලංකාවෙ මිනිස්සු ජීවත් උනේ. ඒ හින්දා මේ කාලයේදි ලංකාවෙ මිනිස්සු සිනමාව කියන දේ බාරගත්තෙ කලාත්මක මාධ්‍යයක් විදිහට නෙවෙයි. සදාචාරයට විරුද්ද සංකර දෙයක් විදිහට. ඉතින් මාලනී නියෝජනය කෙරුවෙ ලංකාවෙ සමාජය උඩු යටිකුරු කරපු, සංස්කෘතික වෙනස්කම් ඇතිකරපු සිනමාවක්.

ඒ හින්දාම මාලනී ගැන කතා කරනවා කියන්නෙ එක පැත්තකින් ලංකාවේ සිනමා පරිවර්නය ගැන කරන පර්යේෂණයක්. ඒ අධ්‍යයනය ලංකාවේ මහා සමාජයේ සම්මත වෙලා තිබුනු දේවල් සුණු විසුණු වෙච්චි විදිහ ගැනත් හැදෑරීමක්.

මාලනී නිරූපණය කරපු චරිත සහ ඇගේ පෙනුම විසින් ලංකාවේ මිනිස්සුන්ගෙ සිත්වල ඇතිකරපු කැළඹීම සුලුපටු නෑ. මළගෙදරට නොකඩවා ආපු සෙනඟම ඊට කදිම සාක්ෂියක්. මාලනී සිිංහල සිනමාවේ නිළි රැජින වෙන්නෙම මේ අති දක්ෂ රඟපෑමේ කෞෂල්‍යය සහ ඇගේ මනබඳනා රූපය හින්දා. සිංහල සිනමාවේ නිළි රැජින කියලා ඇයට ඔටුනු පැළැන්දුවට, අපි මාලනියගේ සිනමාව ගැන ගැඹුරු හැදෑරීමක් කෙරුවාද හෝ අවධානයක් දුන්නාද කියන එක සැක සහිතයි.

සිනමා කලාව තුළදී වඩාත් ගැඹුරින් කතා කරන්නෙ අධ්‍යක්ෂණය, කලා භාවිතය, තිර රචනය වගේ තාක්ෂණික කාරණා විතරක් වීම උභතෝකෝටිකයක්. සිනමාව ගැන හදාරපු විද්වතුන් කියන්නෙ, සිනමාවේ චරිත නිරූපණය කරන අය හරියට පහළින් ආරක්ෂක දැලක් එලලා ඊට උඩින් දස්කම් පාන සර්කස් කරුවන් වගේය කියලා. මේ දැල තමයි තාක්ෂණය. ඒ කියන්නෙ කැමරාව, ශබ්ද, සංස්කරණය වගේ දේවල්. එයින් සිනමා නලුවාගේ අත්වැරදීම් ආරක්ෂා කරනවා.

හැබැයි ප්‍රශ්නෙ තමයි සිනමාව ගැන විචාරය කරන හැම වෙලාවෙම මේ දැල තමයි මූලිකව විමර්ශනය කරන්නෙ. රංගනය (සිනමාවේ රූපණ කාර්යභාරය) ගැන විචාරය කරන්නෙ ද්විතීයික සාධකයක් විදිහට. මේ තත්ත්වය පෙරදිග සහ බටහිර දෙකේම දකින්න තියෙන පොදු දෙයක්. මේ ගැන අදහස් පළ කරන විද්වතුන් කියන්නෙ, තාක්ෂණික අංශයට මුල් තැන දීලා නලුවාගේ රංගනයේ තියෙන හැඟීම් ප්‍රකාශන, චරිත තෝරාගැනීම් වගේ දේවල්වල තියෙන විශිෂ්ටතාව ගැන අලුතින් විමසන්න කාලෙ හරි බවයි. ඒ හින්දා අද දවසේ අපට මාලනී වෙනුවෙන් කරන්න පුලුවන් උපහාරය තමයි ඇගේ රංගනය, චරිත නිරූපණය වගේ විශිෂ්ටතා පිළිබඳව සිය ගානක් වූ චිත්‍රපට ඇසුරෙන් අලුතින්ම මතු කර පෙන්වීම.

මාලනීගේ චිත්‍රපට ලැයිස්තුව නැවත සොයා මතුකරගැනීම පහසු නෑ. ඒ බොහෝ ඒවා කාලයත් සමඟ මැකීගිය, යටගිය, සංරක්ෂණය නොවූ ඒවා. වර්තමාන සිනමා විද්‍යාර්ථීන් මත පැටවුනු වගකීම තමයි මේ සිනමා කතිකාව මතු කිරීම.

සම්භාව්‍ය වගේම වාණිජ චිත්‍රපට කියන දෙඅංශයේම මාලනී සිය ප්‍රතිභාව විදහා දක්වලා තියෙයි. මාලනීගේ සිනමා කාර්යභාරය විමසීමේදී මේ දෙආකාරයේම චිත්‍රපට අතිශය වැදගත්.

සිනමාව කියන්නෙ ආසියානු සමාජ දේශපාලන දේහය පිළිබඳව අධ්‍යයනය කරන අයට අත්හළ නොහැකි වැඩබිමක් බව විමල් දිසානායක කියනවා. විශේෂයෙන්ම එහිදි ස්ත්‍රී රූපණවේදීන්ගේ (නිළියන්ගේ) දායකත්වය වැදගත් කාර්යබාරයක් කරනවා.

ඒ හින්දා මාලනීගේ රඟපෑම, මුලින් කිව්වා වගේ නිදහසින් පසු ලංකාවේ සමාජය වගේම, ආසියාවේ ස්ත්‍රී භූමිකාව ගැනත් හොඳ අධ්‍යයනයක්. ලංකාවේ වාණිජ සිනමාව තුළ මාලනී කළ දේවල් විසින් සමාජයේ සිටි ස්ත්‍රිය නිරූපණය උනා වගේම ඈ රඟපෑ චරිත අනුව ලංකාවේ ස්ත්‍රිීන් සිය ස්වභාවය හැඩගස්වාගත් බවත් ඇත්තක්.

සාමාන්‍යයෙන් වාණිජ සිනමාවෙන් පුරුෂ මූලික සමාජය උඩුයටිකුරු කරන ස්ත්‍රීවාදී වැඩ කරන්නෙ නෑ. ඒ උනාට සමාජය ඇතුලෙ ස්ත්‍රියගේ භූමිකාව ගැන වැදගත් මැදිහත්වීමක් වාණිජ සිනමාව විසින් කරනවා. වාණිජ සිනමාව වැළඳගන්නෙ සාමාන්‍ය පොදු ජනයා වීම එක්තරා විදිහකට ප්‍රභූ අධිකාරියට කෙරෙන අභියෝගයක්. මාලනිය මේ වාණිජ සිනමාවේත් ප්‍රභල චරිතයක්. මාලනීගේ රංගනය ලංකා සමාජයේ කාන්තාවගේ සංස්කෘතික විකාශනය ගැනත් අධ්‍යයනය කරන්න හොඳ අවස්තාවක් වෙන්නෙ අන්න ඒ හින්දා.

ඒ වගේම මාලනී රඟපෑ චරිත විසින් ලංකාවේ සමාජ, දේශපාලන, සංස්කෘතික ස්වභාවය ඇති සැටියෙන් නිරූපණය කෙරුවා. 

එහෙම බැලුවහම අපි මෙතෙක් කල් අධ්‍යයනය කරලා තියෙන්නෙ මාලනීගේ රංගනය හෝ චරිත නිරූපණය නෙවෙයි. ඈ රඟපෑ චිත්‍රපටවල විශිෂ්ට බව හෝ එහි බළපෑම ගැන විතරයි. කොටින්ම අපි කතාකරලා තියෙන්නෙ ඈ රඟපෑ චිත්‍රපට ගැන මිස ඇගේ චරිත නිරූපණ හෝ ඒවායේ ගැඹුර නෙවෙයි. මේ තත්ත්වය සිනමා අධ්‍යයන ඉතිහාසයේ මුල ඉඳන්ම තියෙන ගැටලුවක්.

මම විසින් පළකරපු පර්යේෂණ පත්‍රිකාවක් වූ Phenomenology of an actor's experience in filmic performance

හි දී මම මතුකෙරුවෙ මේ ගැටලුව ම තමයි. එනම් සමකාලීන සිනමාව විචාරය කිරීමේදී යොදාගන්නේ අදාල නලුවාගේ හෝ නිලියගේ චරිතය ඉදිරිපත් කරන ස්වභාවය විතරයි. නමුත් එම චරිත සමඟ ගනුදෙනු කළ ආකාරය, එහි වූ අත්දැකීම විචාරකයා අතින් ගිලිහෙනවා. 

මාලනී වසර 50කට අධික කාලයක් සිනමාවට සිය දායකත්වය දීලා අද අපෙන් සමුගන්නවා. ඇයට සිනමාවේ නිළි රැජින කියන්නෙ නිකන් නෙවෙයි. අප මෙහිදී පැවසූ සියලු ගැඹුරුතා ඇගේ සිනමාවේ තිබුනු නිසයි. සුරූපී මුහුණක් සහිත මාලනිය ලංකාවේ සිනමා රසිකයින්ට ආශාවේ වස්තුව බවට පත් උනා. වසර 50 ක් පුරා කෙමෙන් කෙමෙන් වයෝවෘද්ධ වු ඇගේ රූ සපුව විසින් ලංකාවේ සිනමාවට උරුම වූ උභතෝකෝටික ඉරණමද පෙන්නුම් කරනවා. ඩී බී නිහාල්සිංහ කියනවා අපට තිබුනේ ස්වර්ණමය යුගය පසුකළ සිනමාවක් මෙන්ම අඳුරු සහගත ඉතිහාසයක් පෙන්නුම් කළ සිනමාවක් කියලා. ඒ කියන්නෙ සිනමාවේ සෞන්දර්යය කියන්නෙ ම අවිනිශ්චිත දෙයක්. 

ජයදේව උයන්ගොඩ කියනවා සිනමාවේ මේ සෞන්දර්යය එක මොහොතක සුජාතකරණයට ලක්වන අතර තවත් මොහොතක ප්‍රතික්ෂේප වන බව. එය වරෙක තහනමට ලක්වන අතර තව වෙලාවක මහා ඉහළින් පිලිගන්නවා. තවත් වෙලාවත මේ සෞන්දර්යයම අතිශය ස්වභාවිකයි කියලා පිලිගන්නවා වගේම වරෙක අපුල සෞන්දර්යයක් ලෙස බැහැර කරනවා. සිනමාව හොඳද නැද්ද කියන එක මෙහෙම කාලෙන් කාලෙට එක එක විදිහට පිලිගැනීම කරන්නෙ වෙන කවුරුත් නෙවෙයි. ඊට බළපෑම්සහගත පාලක පන්තිය අතින්. (සිනමාවෙදි මේ අයට විචාරකයින්, බුද්ධිමතුන්, රාජ්‍ය තන්ත්‍රය, දේශපාලකයින් අයිති වෙනවා)

ඒ අර්ථයෙන් ගත්තහම අපි ඉස්සරහ සැතපී සිටින මේ මාලනිය, එකී දැවැන්ත සිනමා ඉතිහාසය සඟවාගත් පොසිලයක් බඳුයි. මම යෝජනා කරනවා අපිට මාලනීගේ සිනමාව තේරුම්ගන්න නම් ඈ චරිත නිරූපණය කරපු චිත්‍රපට නැවත අලුත් ආකාරයකින් (ප්‍රති සන්දර්භගත කොට) විමර්ශනය කළයුතු බව. ඇයටම අනන්‍ය වූ රූපණය අධ්‍යයනය කළ යුතු බව. 

සිනමාව විසින් සමාජයට කෙරෙන බළපෑම තීරණය කිරීමේදී සිනමාවේ තාක්ෂණික අංශය වැදගත් වන්නෙ යම් සේ ද, එම බළපෑම තීව්‍ර කරන වඩාත් වැදගත් ම මූලිකාංගය වන්නෙ නලු නිලියන්ගේ රංගනය යි. වෝල්ටර් බෙන්ජමින් වරෙක කිව්වා කැමරා ආදී සිනමා තාක්ෂණික උපකරණ විසින් නලුවා පරයා යන බව. නමුත් ලංකාවේ සිනමාවේදී මේ තාක්ෂණික උපකරණ අභිබවා ගිය විශිෂ්ට නිරූපණ ශිල්පිනිය වන්නේ මාලනිය යි. මාලනිය අද නිසල වුවත් ඇගේ සිනමාව තවත් සියවස් ගණනක් සිනමා තිරමත දිගහැරෙනු ඇති. 

ඒ අරුතින් මාලනිය මියගොස් නෑ. සිදු වෙලා තියෙන්නෙ ඇය මරණය වූ නම් තවත් භූමිකාවක් වෙත ප්‍රවේශ වීම යි. රංගනය කියන්නෙ නිතරම වෙමින් පවතින දෙයක්. මාලනිය සදාකල්ම පවතිනවා. මේ මොහොතේ ඈ මරණයක ආකාරයෙන් දිස් උනත්, හෙට දිනයේදී නැවත ඇය අයිරින්, කාන්ති, මාලා, සුසී, හෙලන්, සඳා, පුංචි මැණිකා, බණ්ඩාර මැණිකේ හෝ සන්ධ්‍යාරාණි (ඈ නිරූපණය කළ චරිත කිහිපයක්) ලෙසින් රිදී තිරයේ උපදිනු ඇති. එහිදී අපට ඇගේ රූපය නැවත දිස්වනු ඇති. එතෙක් ඇයට සුව නින්දක්.

( මේ සෞම්‍ය ලියනගේ මාලිනී ෆෝන්සේකාගේ අවමංලෝත්සවයේදී කළ කතාවේ සරල සිංහල අනුවාදය යි. කතාව නොතේරෙන බව, කොටසක් තේරෙන බව හෝ නොගැළපෙන බව කියන පාර්ශ්ව විසින් ද තමන්ගේ මතය කුමක් වුවත් මේ අදහස් පිළිගන්නවා ඇත. ඔහු මාලිනිය සම්බන්ධව කළ පර්යේෂණ පත්‍රිකාව ද කියවා අවසන මේ පිටපත Nuwan ishara mahagamage වන මවිසින් ලියන ලද අතර කතාවේ සම්පූර්ණ අයිතිය Saumya Liyanage සතු ය. කතාව සරල කරන්නට යාමේදී මම නැවත වතාවක් තේරුම් ගත්තේ ඇකඩමික් දේ සරල නැති බව ය. සිංහලය සැබැවින් ම ලස්සන බව ය)

- Nuwan Ishara Mahagamage  -

(මුහුණු පොතෙන්)

සම්බන්ධිත පුවත් | Related News

ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රිනියට චීනයට යන ගුවන් යානයට ගොඩවීමට නොහැකි වූ පුවතක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ සංවාදයක් නිර්මාණය වී ඇත.
ආන්තවාදයට විරුද්ධව කටයුතු කිරීම ආරම්භ කළේ 2002 වසරේදී එක්තරා ක්‍රිස්තියානි දෙමළ පූජකවරයකු විසින් බුදුපිළිමයක් පාගාගෙන සිදුකළ යාඥා කිරීමක් දැකීමෙන් පසුව බවත්, එදා එය දැක දැඩි කෝපයක් ඇති වූ බවත් ගලගොඩ අත්තේ ඥානසාර හිමි විසින් ප්‍රකාශ කරන වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වේ.
ලෝක බැංකු වාර්තාවලට අනුව, 2024 වන විටත් නයිජර් (Niger) රාජ්‍යයේ ජනගහනයෙන් 80% කට ආසන්න ප්‍රමාණයකට විදුලිය පහසුකම් නොමැත. එසේ වුවද, එම වසර දක්වාම ලොව විශාලතම යුරේනියම් නිෂ්පාදකයෙකු වන නයිජර් රාජ්‍යය, යුරෝපා සංගමයේ (EU) න්‍යෂ්ටික බලශක්ති අවශ්‍යතාවයෙන් 25% ක්ම සපයමින් මුළු යුරෝපය පුරා පිහිටි නගර සහ ගම්මාන බලගැන්වීමට දායක විය.
Born Again ඇදහීම ශ්‍රී ලංකාවේ මුලින්ම ආරම්භ වෙන්නේ දශකයකට එකහමාරකට කලින්.
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 38(2) වගන්තියට අනුව ජනාධිපතිවරයෙකුට එරෙහිව දෝෂාභියෝගයක් (Impeachment) ගෙන ඒමට පැහැදිලි ප්‍රතිපාදන ඇත.
භාස්කර II (භාස්කරාචාර්ය) යනු බ්‍රහ්මගුප්තගෙන් වසර 500කට පමණ පසු, එනම් ක්‍රි.ව. 12 වන සියවසේදී (ක්‍රි.ව. 1150 දී පමණ) විසූ තවත් ශ්‍රේෂ්ඨ ඉන්දීය ගණිතඥයෙකු සහ තාරකා විද්‍යාඥයෙකි. ඔහු බ්‍රහ්මගුප්ත ඉදිරිපත් කළ මූලික ගුරුත්වාකර්ෂණ අදහස් තවදුරටත් පුළුල් කරමින්, සිය සුප්‍රසිද්ධ “සිද්ධාන්ත ශිරෝමණී” නම් ග්‍රන්ථයේ "ගෝලාධ්‍යාය" නම් පරිච්ඡේදය තුළ මේ පිළිබඳව ඉතා පැහැදිලි විද්‍යාත්මක විග්‍රහයක් සිදු කළේය. සර් අයිසැක් නිව්ටන්ට වසර 500කට පෙර, භාස්කර II විසින් ගුරුත්වාකර්ෂණය සහ ආකාශ වස්තූන්ගේ පැවැත්ම ගැන ප්‍රකාශ කළ ප්‍රධාන කරුණු මෙසේය.
2050 වන විට ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනගහණය සිංහල ජනගහණය අභිබවා යන බවත්, සිංහල ජාතිය මහ ජාතිය ලෙස මෙරට තුළ ජීවත්වන අවසාන සියවස මෙය බවත් මුස්ලිම් පූජකවරයකු විසින් පවසන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වේ.
දණපතියන්ගේ කැසිනෝ බදු ඉවත් කර සබන් කැටේ බදු වැඩිකර හාල් මාෆියාව ඇතිකළේ වත්මන් ආණ්ඩුවේම පිරිස බව දේශපාලන වේදිකා තුළ ඇතිවූ කතාබහ ආශ්‍රයෙන් සමාජ මාධ්‍යයේ පළ වූ වීඩියෝවක් පහතින් දැක්වේ.
රනිල් වික්‍රමසිංහ මහතාව බොහෝ දෙනෙකු විශාල ලෙස අපවාදයට ලක්කළ බවත් පහර ගැසූ බවත්, එතරම් අපහාස විඳගත් ජනාධිපතිවරයකු තවත් නොමැති බවත් රංගන ශිල්පී කලන ගුණසේකර පවසයි.

ප්‍රධාන පුවත්

"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..

කච්චතිව් දූපත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 1974 සහ 1976 වසරවලදී ඇතිකරගත් ගිවිසුම් යළි විවෘත කිරීමට කිසිදු අදහසක් නොමැති බව ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.