News Category
From Date
To Date
Maximum Number of Result

සෞම්‍යගෙ සම්පූර්ණ කතාව සරල බසින්..

May 29, 2025 at 08:55 PM
|

මාලිනී රඟපාන්න එන්නෙ නිදහසින් පසු බිහිවුන ලංකාවෙ. ඒ වෙද්දි සුද්දා දීලා ගියපු ව්‍යාජ සදාචාරය බුද්ධාගමේ තිබුනු සදාචාරයක් කියලා හිතාගෙනයි ලංකාවෙ මිනිස්සු ජීවත් උනේ. ඒ හින්දා මේ කාලයේදි ලංකාවෙ මිනිස්සු සිනමාව කියන දේ බාරගත්තෙ කලාත්මක මාධ්‍යයක් විදිහට නෙවෙයි. සදාචාරයට විරුද්ද සංකර දෙයක් විදිහට. ඉතින් මාලනී නියෝජනය කෙරුවෙ ලංකාවෙ සමාජය උඩු යටිකුරු කරපු, සංස්කෘතික වෙනස්කම් ඇතිකරපු සිනමාවක්.

ඒ හින්දාම මාලනී ගැන කතා කරනවා කියන්නෙ එක පැත්තකින් ලංකාවේ සිනමා පරිවර්නය ගැන කරන පර්යේෂණයක්. ඒ අධ්‍යයනය ලංකාවේ මහා සමාජයේ සම්මත වෙලා තිබුනු දේවල් සුණු විසුණු වෙච්චි විදිහ ගැනත් හැදෑරීමක්.

මාලනී නිරූපණය කරපු චරිත සහ ඇගේ පෙනුම විසින් ලංකාවේ මිනිස්සුන්ගෙ සිත්වල ඇතිකරපු කැළඹීම සුලුපටු නෑ. මළගෙදරට නොකඩවා ආපු සෙනඟම ඊට කදිම සාක්ෂියක්. මාලනී සිිංහල සිනමාවේ නිළි රැජින වෙන්නෙම මේ අති දක්ෂ රඟපෑමේ කෞෂල්‍යය සහ ඇගේ මනබඳනා රූපය හින්දා. සිංහල සිනමාවේ නිළි රැජින කියලා ඇයට ඔටුනු පැළැන්දුවට, අපි මාලනියගේ සිනමාව ගැන ගැඹුරු හැදෑරීමක් කෙරුවාද හෝ අවධානයක් දුන්නාද කියන එක සැක සහිතයි.

සිනමා කලාව තුළදී වඩාත් ගැඹුරින් කතා කරන්නෙ අධ්‍යක්ෂණය, කලා භාවිතය, තිර රචනය වගේ තාක්ෂණික කාරණා විතරක් වීම උභතෝකෝටිකයක්. සිනමාව ගැන හදාරපු විද්වතුන් කියන්නෙ, සිනමාවේ චරිත නිරූපණය කරන අය හරියට පහළින් ආරක්ෂක දැලක් එලලා ඊට උඩින් දස්කම් පාන සර්කස් කරුවන් වගේය කියලා. මේ දැල තමයි තාක්ෂණය. ඒ කියන්නෙ කැමරාව, ශබ්ද, සංස්කරණය වගේ දේවල්. එයින් සිනමා නලුවාගේ අත්වැරදීම් ආරක්ෂා කරනවා.

හැබැයි ප්‍රශ්නෙ තමයි සිනමාව ගැන විචාරය කරන හැම වෙලාවෙම මේ දැල තමයි මූලිකව විමර්ශනය කරන්නෙ. රංගනය (සිනමාවේ රූපණ කාර්යභාරය) ගැන විචාරය කරන්නෙ ද්විතීයික සාධකයක් විදිහට. මේ තත්ත්වය පෙරදිග සහ බටහිර දෙකේම දකින්න තියෙන පොදු දෙයක්. මේ ගැන අදහස් පළ කරන විද්වතුන් කියන්නෙ, තාක්ෂණික අංශයට මුල් තැන දීලා නලුවාගේ රංගනයේ තියෙන හැඟීම් ප්‍රකාශන, චරිත තෝරාගැනීම් වගේ දේවල්වල තියෙන විශිෂ්ටතාව ගැන අලුතින් විමසන්න කාලෙ හරි බවයි. ඒ හින්දා අද දවසේ අපට මාලනී වෙනුවෙන් කරන්න පුලුවන් උපහාරය තමයි ඇගේ රංගනය, චරිත නිරූපණය වගේ විශිෂ්ටතා පිළිබඳව සිය ගානක් වූ චිත්‍රපට ඇසුරෙන් අලුතින්ම මතු කර පෙන්වීම.

මාලනීගේ චිත්‍රපට ලැයිස්තුව නැවත සොයා මතුකරගැනීම පහසු නෑ. ඒ බොහෝ ඒවා කාලයත් සමඟ මැකීගිය, යටගිය, සංරක්ෂණය නොවූ ඒවා. වර්තමාන සිනමා විද්‍යාර්ථීන් මත පැටවුනු වගකීම තමයි මේ සිනමා කතිකාව මතු කිරීම.

සම්භාව්‍ය වගේම වාණිජ චිත්‍රපට කියන දෙඅංශයේම මාලනී සිය ප්‍රතිභාව විදහා දක්වලා තියෙයි. මාලනීගේ සිනමා කාර්යභාරය විමසීමේදී මේ දෙආකාරයේම චිත්‍රපට අතිශය වැදගත්.

සිනමාව කියන්නෙ ආසියානු සමාජ දේශපාලන දේහය පිළිබඳව අධ්‍යයනය කරන අයට අත්හළ නොහැකි වැඩබිමක් බව විමල් දිසානායක කියනවා. විශේෂයෙන්ම එහිදි ස්ත්‍රී රූපණවේදීන්ගේ (නිළියන්ගේ) දායකත්වය වැදගත් කාර්යබාරයක් කරනවා.

ඒ හින්දා මාලනීගේ රඟපෑම, මුලින් කිව්වා වගේ නිදහසින් පසු ලංකාවේ සමාජය වගේම, ආසියාවේ ස්ත්‍රී භූමිකාව ගැනත් හොඳ අධ්‍යයනයක්. ලංකාවේ වාණිජ සිනමාව තුළ මාලනී කළ දේවල් විසින් සමාජයේ සිටි ස්ත්‍රිය නිරූපණය උනා වගේම ඈ රඟපෑ චරිත අනුව ලංකාවේ ස්ත්‍රිීන් සිය ස්වභාවය හැඩගස්වාගත් බවත් ඇත්තක්.

සාමාන්‍යයෙන් වාණිජ සිනමාවෙන් පුරුෂ මූලික සමාජය උඩුයටිකුරු කරන ස්ත්‍රීවාදී වැඩ කරන්නෙ නෑ. ඒ උනාට සමාජය ඇතුලෙ ස්ත්‍රියගේ භූමිකාව ගැන වැදගත් මැදිහත්වීමක් වාණිජ සිනමාව විසින් කරනවා. වාණිජ සිනමාව වැළඳගන්නෙ සාමාන්‍ය පොදු ජනයා වීම එක්තරා විදිහකට ප්‍රභූ අධිකාරියට කෙරෙන අභියෝගයක්. මාලනිය මේ වාණිජ සිනමාවේත් ප්‍රභල චරිතයක්. මාලනීගේ රංගනය ලංකා සමාජයේ කාන්තාවගේ සංස්කෘතික විකාශනය ගැනත් අධ්‍යයනය කරන්න හොඳ අවස්තාවක් වෙන්නෙ අන්න ඒ හින්දා.

ඒ වගේම මාලනී රඟපෑ චරිත විසින් ලංකාවේ සමාජ, දේශපාලන, සංස්කෘතික ස්වභාවය ඇති සැටියෙන් නිරූපණය කෙරුවා. 

එහෙම බැලුවහම අපි මෙතෙක් කල් අධ්‍යයනය කරලා තියෙන්නෙ මාලනීගේ රංගනය හෝ චරිත නිරූපණය නෙවෙයි. ඈ රඟපෑ චිත්‍රපටවල විශිෂ්ට බව හෝ එහි බළපෑම ගැන විතරයි. කොටින්ම අපි කතාකරලා තියෙන්නෙ ඈ රඟපෑ චිත්‍රපට ගැන මිස ඇගේ චරිත නිරූපණ හෝ ඒවායේ ගැඹුර නෙවෙයි. මේ තත්ත්වය සිනමා අධ්‍යයන ඉතිහාසයේ මුල ඉඳන්ම තියෙන ගැටලුවක්.

මම විසින් පළකරපු පර්යේෂණ පත්‍රිකාවක් වූ Phenomenology of an actor's experience in filmic performance

හි දී මම මතුකෙරුවෙ මේ ගැටලුව ම තමයි. එනම් සමකාලීන සිනමාව විචාරය කිරීමේදී යොදාගන්නේ අදාල නලුවාගේ හෝ නිලියගේ චරිතය ඉදිරිපත් කරන ස්වභාවය විතරයි. නමුත් එම චරිත සමඟ ගනුදෙනු කළ ආකාරය, එහි වූ අත්දැකීම විචාරකයා අතින් ගිලිහෙනවා. 

මාලනී වසර 50කට අධික කාලයක් සිනමාවට සිය දායකත්වය දීලා අද අපෙන් සමුගන්නවා. ඇයට සිනමාවේ නිළි රැජින කියන්නෙ නිකන් නෙවෙයි. අප මෙහිදී පැවසූ සියලු ගැඹුරුතා ඇගේ සිනමාවේ තිබුනු නිසයි. සුරූපී මුහුණක් සහිත මාලනිය ලංකාවේ සිනමා රසිකයින්ට ආශාවේ වස්තුව බවට පත් උනා. වසර 50 ක් පුරා කෙමෙන් කෙමෙන් වයෝවෘද්ධ වු ඇගේ රූ සපුව විසින් ලංකාවේ සිනමාවට උරුම වූ උභතෝකෝටික ඉරණමද පෙන්නුම් කරනවා. ඩී බී නිහාල්සිංහ කියනවා අපට තිබුනේ ස්වර්ණමය යුගය පසුකළ සිනමාවක් මෙන්ම අඳුරු සහගත ඉතිහාසයක් පෙන්නුම් කළ සිනමාවක් කියලා. ඒ කියන්නෙ සිනමාවේ සෞන්දර්යය කියන්නෙ ම අවිනිශ්චිත දෙයක්. 

ජයදේව උයන්ගොඩ කියනවා සිනමාවේ මේ සෞන්දර්යය එක මොහොතක සුජාතකරණයට ලක්වන අතර තවත් මොහොතක ප්‍රතික්ෂේප වන බව. එය වරෙක තහනමට ලක්වන අතර තව වෙලාවක මහා ඉහළින් පිලිගන්නවා. තවත් වෙලාවත මේ සෞන්දර්යයම අතිශය ස්වභාවිකයි කියලා පිලිගන්නවා වගේම වරෙක අපුල සෞන්දර්යයක් ලෙස බැහැර කරනවා. සිනමාව හොඳද නැද්ද කියන එක මෙහෙම කාලෙන් කාලෙට එක එක විදිහට පිලිගැනීම කරන්නෙ වෙන කවුරුත් නෙවෙයි. ඊට බළපෑම්සහගත පාලක පන්තිය අතින්. (සිනමාවෙදි මේ අයට විචාරකයින්, බුද්ධිමතුන්, රාජ්‍ය තන්ත්‍රය, දේශපාලකයින් අයිති වෙනවා)

ඒ අර්ථයෙන් ගත්තහම අපි ඉස්සරහ සැතපී සිටින මේ මාලනිය, එකී දැවැන්ත සිනමා ඉතිහාසය සඟවාගත් පොසිලයක් බඳුයි. මම යෝජනා කරනවා අපිට මාලනීගේ සිනමාව තේරුම්ගන්න නම් ඈ චරිත නිරූපණය කරපු චිත්‍රපට නැවත අලුත් ආකාරයකින් (ප්‍රති සන්දර්භගත කොට) විමර්ශනය කළයුතු බව. ඇයටම අනන්‍ය වූ රූපණය අධ්‍යයනය කළ යුතු බව. 

සිනමාව විසින් සමාජයට කෙරෙන බළපෑම තීරණය කිරීමේදී සිනමාවේ තාක්ෂණික අංශය වැදගත් වන්නෙ යම් සේ ද, එම බළපෑම තීව්‍ර කරන වඩාත් වැදගත් ම මූලිකාංගය වන්නෙ නලු නිලියන්ගේ රංගනය යි. වෝල්ටර් බෙන්ජමින් වරෙක කිව්වා කැමරා ආදී සිනමා තාක්ෂණික උපකරණ විසින් නලුවා පරයා යන බව. නමුත් ලංකාවේ සිනමාවේදී මේ තාක්ෂණික උපකරණ අභිබවා ගිය විශිෂ්ට නිරූපණ ශිල්පිනිය වන්නේ මාලනිය යි. මාලනිය අද නිසල වුවත් ඇගේ සිනමාව තවත් සියවස් ගණනක් සිනමා තිරමත දිගහැරෙනු ඇති. 

ඒ අරුතින් මාලනිය මියගොස් නෑ. සිදු වෙලා තියෙන්නෙ ඇය මරණය වූ නම් තවත් භූමිකාවක් වෙත ප්‍රවේශ වීම යි. රංගනය කියන්නෙ නිතරම වෙමින් පවතින දෙයක්. මාලනිය සදාකල්ම පවතිනවා. මේ මොහොතේ ඈ මරණයක ආකාරයෙන් දිස් උනත්, හෙට දිනයේදී නැවත ඇය අයිරින්, කාන්ති, මාලා, සුසී, හෙලන්, සඳා, පුංචි මැණිකා, බණ්ඩාර මැණිකේ හෝ සන්ධ්‍යාරාණි (ඈ නිරූපණය කළ චරිත කිහිපයක්) ලෙසින් රිදී තිරයේ උපදිනු ඇති. එහිදී අපට ඇගේ රූපය නැවත දිස්වනු ඇති. එතෙක් ඇයට සුව නින්දක්.

( මේ සෞම්‍ය ලියනගේ මාලිනී ෆෝන්සේකාගේ අවමංලෝත්සවයේදී කළ කතාවේ සරල සිංහල අනුවාදය යි. කතාව නොතේරෙන බව, කොටසක් තේරෙන බව හෝ නොගැළපෙන බව කියන පාර්ශ්ව විසින් ද තමන්ගේ මතය කුමක් වුවත් මේ අදහස් පිළිගන්නවා ඇත. ඔහු මාලිනිය සම්බන්ධව කළ පර්යේෂණ පත්‍රිකාව ද කියවා අවසන මේ පිටපත Nuwan ishara mahagamage වන මවිසින් ලියන ලද අතර කතාවේ සම්පූර්ණ අයිතිය Saumya Liyanage සතු ය. කතාව සරල කරන්නට යාමේදී මම නැවත වතාවක් තේරුම් ගත්තේ ඇකඩමික් දේ සරල නැති බව ය. සිංහලය සැබැවින් ම ලස්සන බව ය)

- Nuwan Ishara Mahagamage  -

(මුහුණු පොතෙන්)

සම්බන්ධිත පුවත් | Related News

"සීනි" කියන්නේ අපේ ජීවිතේට කොච්චර සමීප දෙයක්ද කියලා ඔබ කවදාහරි හිතලා තියෙනවද? උදේට බොන තේ එකේ ඉඳන්, දවල්ට කන බත් එකට දාන සෝස් එක, අතුරුපස, සහ රෑට බොන කිරි එක වෙනකම් හැමදේකම සීනි තියෙනවා.
කොළඹ කොටුවේ චැතම් වීදියේ තියෙන 'New Chinese Shop' එකට කවදාහරි ගිහින් තියෙනවද? එතන ඉන්නවා වින්ග්ලී චෙං මහත්මයා. ඔහුගේ පවුල ලංකාවට ඇවිත් තියෙන්නේ දෙවැනි ලෝක යුද්ධයෙන් පස්සේ. එදා ඉඳන් ඔවුන් මේ රටේ මිනිස්සු. කොළඹ ඉස්කෝල කීපයකටම නිල ඇඳුම් මහන්නේ ඔහු. මේ වගේ කතා ලංකාව පුරාම හැංගිලා තියෙනවා.
නව ප්‍රභූ පන්තියේ වත්කම් හෙළිදරව් වීම වැළැක්වීම සඳහා රජය විසින් නව පනතක් ගෙන ඒමට සූදානම් වන බවට සමාජ මාධ්‍ය ඔස්සේ තොරතුරු අනාවරණය කරයි.
ලෝනි විලිසන් (Loni Willison) කියන්නේ "තවත් එක්කෙනෙක්" විතරක් නෙවෙයි.
මීගමුව බන්ධනාගාර ගැටුමට පළිගැනීමක් ලෙස බන්ධනාගාර පොලිස් නිලධාරීන් දිගින් දිගටම රැඳවියන්ගෙන් පළිගැනීමේ චේතනාවෙන් කටයුතු කළ බව නීතිඥ මේජර් අජිත් ප්‍රසන්න පවසයි.
අලුත් රඟහලක ලොව ඇති හොඳම නාට්‍යය එකතුව බලන්න එකතු වෙන්න. අසමා රූපණ සරසවියට එන්න..
අලුත් රඟහලක ලොව ඇති හොඳම නාට්‍යය එකතුව බලන්න එකතු වෙන්න.
සිංහල භාෂාව සම්බන්ධයෙන් ඉන්දියාවේ ලියැවී ඇති පැරණි ලේඛන පිළිබඳව අවධානය යොමු කරමින් වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වේ.
ජාත්‍යන්තර මූල්‍ය ආයතනය (IIF) මඟින් නිකුත් කරන ලද 2026 නවතම වාර්තාවට අනුව, ආයෝජක සබඳතා සහ ණය විනිවිදභාවය (Investor Relations and Debt Transparency) යන අංශවලින් ලොව වේගයෙන්ම ප්‍රගතියක් අත්කරගන්නා (Fastest-Improving) රටවල් අතර හතරවැනි ස්ථානය (4th) ශ්‍රී ලංකාවට හිමිව තිබේ...

ප්‍රධාන පුවත්

ඉන්දු-ලංකා නිදහස් වෙළඳ ගිවිසුම තර කිරීමට එකඟවේ...

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින නිදහස් වෙළඳ ගිවිසුම වර්තමාන අවශ්‍යතාවන්ට ගැලපෙන පරිදි යාවත්කාලීන කිරීම සඳහා දෙරටේම නියෝජිතයන්ගෙන් සමන්විත ඒකාබද්ධ ක්‍රියාකාරී කණ්ඩායමක් පිහිටුවීමට එකඟතාව පළ වී තිබේ.

විනිසුරුවන්ගේ විශ්‍රාම වයස සහ ධුර කාලය වෙනස් කරන ව්‍යවස්ථා සංශෝධනයට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් හෙළි කරයි

ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම ගන්නා වයස සහ ධුර කාලය වෙනස් කිරීම සඳහා වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් පාර්ලිමේන්තු අනුමැතියෙන් පමණක් සිදු කළ නොහැකි බවත්, ඒ සඳහා ජනමත විචාරණයක් පවත්වා මහජන අනුමැතිය ලබා ගැනීම අවශ්‍ය වන බවත් හෙළි වී තිබේ.

NLDB ගොවිපළ 32න් 26ක්ම පුද්ගලික සමාගම්වලට!.. විද්වතුන් සහ වෘත්තීය සමිති නිහඬයි..

ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට (NLDB) අයත් අක්කර දහස් ගණනක භූමි ප්‍රමාණයකින් යුත් ගොවිපළ 32න් 26ක් වසර 30ක කාලයක් සඳහා පෞද්ගලික සමාගම් 7ක් වෙත බදු දීමට රජය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් කෘෂිකාර්මික හා පශු වෛද්‍ය ක්ෂේත්‍රය තුළ දැඩි සංවාදයක් සහ විරෝධයක් නිර්මාණය වී තිබේ.

ජාතික ජනබලවේගයට ලැබුනේ අතීත ජනතා විමුක්ති පෙරමුණට ලැබී තිබුණු වටිනාකම.. බෙදුම්වාදය පරාජය කිරීම වෙනුවෙන් එදා පෙරට ආ ජවිපෙ අද නෑ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ජාතික ජන බලෙව්ගයට ලැබී ඇත්තේ අතීතයේ ජනතා විමුක්ති පෙරමුණට ලැබී තිබූ වටිනාකම බවත්, මේ සිදුවෙමින් පවතින ක්‍රියාවලිය දෙස බැලීමෙදී අතීතයේ ජනතා විමුක්ති පෙරමුණ ගොඩනැගීමට උරදුන් පුද්ගලයකු ලෙස තමන් ඉතාමත් කණගාටුවට පත්වන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරය දෙකට කරමින් මැදින් පාරක්.. අමරපුර නිකායේ දැඩි විරෝධය..

කන්කසන්තුරේ පිහිටි ඓතිහාසික තිස්ස රජමහා විහාර භූමිය දෙකඩ කරමින් බලහත්කාරයෙන් මාර්ගයක් ඉදිකිරීමට වලිකාමම් උතුර ප්‍රාදේශීය සභාව දරන උත්සාහයට ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ ශ්‍රී කල්‍යාණිවංශ පාර්ශ්වය සිය බලවත් විරෝධය පළ කර සිටියි.

''මේ රටේ ගෝඨාභය මරාදමා හෝ විදේශ මැදිහත් වීමෙන් අන්තර්කාලීන පාලනයක් ගොඩනගන්න හැදුවා.. ආණ්ඩුව පවාදීම් රැසක් මේ වන විට කර අවසන්.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා මරාදමා හෝ විදේශ මැදිහත්වීමකින් අන්තර්කාලීන පාලනයක් ගොඩ නැගීමට උත්සාහ දැරූ බවත්, ඒ බවට සාක්ෂි ඇති බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

සම්බුද්ධ ශාසනයේ ප්‍රධාන අංගයක් වන පෙරහැර විකාරයක් බව අගමැතිනිය කියන්නේ කොහොමද?.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

සම්බුද්ධ ශාසනයේ සහ මෙරට සංස්කෘතියේ ප්‍රධාන අංගයක් වන පෙරහැර මංගල්‍යය විකාරයක් ලෙස අගමැතිනිය විසින් හඳුන්වන්නේ කෙසේදැයි දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප්‍රශ්න කරයි.

සවුදිය, තුර්කිය සහ පාකිස්ථානය 'නේටෝ' වැනි යුද සංවිධානයකට අවතීර්ණ වෙයි.. 'මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම' අත්සන් තබයි..

සවුදි අරාබිය, තුර්කිය සහ පාකිස්ථානය එක්ව NATO ආකෘතියට සමාන අන්‍යෝන්‍ය ආරක්ෂක ගිවිසුමක් වන "මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුමට" (Makkah Joint Defence Agreement) අත්සන් තබා ඇත. සවුදි ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු, තුර්කි ජනාධිපති රෙසෙප් තයියිප් එර්ඩොගන් සහ පාකිස්ථාන අගමැති ෂෙහ්බාස් ෂරීෆ් විසින් අත්සන් කරන ලද මෙම ගිවිසුම මගින්, සාමාජික රටකට එල්ල වන ඕනෑම සන්නද්ධ ප්‍රහාරයක් අනෙක් රටවලටද එල්ල වූ ප්‍රහාරයක් ලෙස සැලකීමට එකඟ වී ඇත.

විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීමට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණය 2022 වසරේදී තීන්දු කරලා..

ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2022 වසරේදී තීන්දු කර තිබේ.

වර්තමාන අර්බුද හමුවේ නාට්‍යකරුවන් අපේක්ෂාභංගත්වයට පත්වෙලා.. – නාට්‍යවේදී අඛිල සපුමල්

රටේ පවතින සමාජ, ආර්ථික හා දේශපාලන සංදර්භය හේතුවෙන් පොදු ජනතාව පමණක් නොව නාට්‍යකරුවන් පවා දැඩි අපේක්ෂාභංගත්වයකට පත්ව සිටින බව රාජ්‍ය සම්මානලාභී නාට්‍යවේදී අඛිල සපුමල් මහතා පවසයි.

ලොවටම සහන සැලසූ චීනයේ ගෝලීය සංවර්ධන මුලපිරුමට වසර 5යි: ගෝලීය දකුණේ අනාගතය වෙනුවෙන් චීනයෙන් නව පොරොන්දුවක්..

ලෝකය තවදුරටත් නොසන්සුන්කාරී සහ අස්ථාවර තත්ත්වයක පවතින, එමෙන්ම වැඩිවන සංවර්ධන අභියෝගවලට මුහුණ දෙන පසුබිමක, වඩා යහපත් අනාගතයක් නිර්මාණය කිරීම සඳහා චීන ගෝලීය සංවර්ධන මුලපිරුම (Global Development Initiative - GDI) එක්සත් ජාතීන්ගේ 2030 තිරසාර සංවර්ධන න්‍යාය පත්‍රය සමඟ ක්‍රමවත්ව ඒකාබද්ධ කිරීමට උත්සාහ කළ යුතු බව චීන විදේශ අමාත්‍ය වැං යී අඟහරුවාදා පැවසීය.

බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණියව අයින් කරන්න ආණ්ඩුවට අවශ්‍ය වුනා.. ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද යන්න ගැටළුවක්.. - නීතිඥ සංජීව වීරවික්‍රම

ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද? නැතිනම් අපරාධ නඩුවිධාන සංග්‍රහය යටතේ පොලිසිය මෙහෙයවනවා ද? යන්න බරපතළ ගැටළුවක් වී ඇති බව නීතිඥ සංජීව වීරවික්‍රම මහතා පවසයි.

බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර උච්ඡතම ස්ථානයකට පැමිණිලා.. ෂානක්කියන්ලා, සුමන්තිරන්ලාගෙන් බෞද්ධ උරුමය විනාශ කරන්න පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවටත් බලපෑම්.. දළදා පෙරහැරේ කරඬුව වඩම්මන ඇතුන්ටත් තහංචි වැටෙන ලකුණු!

වර්තමාන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව මෙරට බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර මාලාවේ උච්ඡතම ස්ථානයකට පැමිණ ඇති බවත්, පසුගිය කාලයේ යූටියුබ් සහ සමාජ මාධ්‍ය හරහා භික්ෂූන් වහන්සේලාට නින්දා අපහාස කිරීම මෙන්ම බුදුන් වහන්සේට පවා නින්දා අපහාස කරමින් ආගමික ඉගැන්වීම් පවා විකෘති කරමින් සිටින බවත් එහෙත් ඒ කිසිවකට එරෙහිව පියවර ගැනීම සිදුනොවන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමය විනාශ කිරීමට සැලසුම්සහගත ප්‍රහාරයක්.. පුරාවිද්‍යා වාර්තා වෙනස් කරන්න දෙමළ මන්ත්‍රීන්ගෙන් බලපෑම්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්..

වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව බෞද්ධ ශිෂ්ටාචාරයට සහ උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමයන්ට එරෙහිව සැලසුම්සහගත ප්‍රහාර මාලාවක් ක්‍රියාත්මක වන බවට ජාතික සංවිධාන එකමුතුව චෝදනා කරයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.