රජරටින් කාලිංගයට
කෘෂිකාර්මික වකුගඩු රෝගය (CINAC- chronic interstitial nephritis in agricultural communities) පිළිබඳ අප සිදු කළ පර්යේෂණ සහ ඒවායේ ප‍්‍රතිඵල මත සිදු කළ මැදිහත්වීම් නිසා මේ වනවිට ශ‍්‍රී ලංකාව තුළ රෝගය සැලකිය යුතු ලෙස පාලනය වී ඇත. රෝගය පැතිර ගිය බොහෝ ප‍්‍රදේශවල 2016 පමණ පසු ක‍්‍රමානුකූලව නව රෝගීන් හඳුනාගැනීමේ සැලකිය යුතු අඩුවක් ඇත (මේ ගැන ඉදිරියේදි වෙනමම සාකච්ජා කරමි*.
එදා දඹදිව කාලිංගය අද නැගෙනහිර ඉන්දියාවේ ඔඞීෂා (ඔරිස්සා)ප‍්‍රාන්තයයි. එහි ප‍්‍රධාන වගා භෝගය වී ය. තුන් වේලට කන්නේ බත් ය. සහල් පිස ගත් පසු ඔඩියා බසෙන් ඔවුන් ඒවාට කියන්නේ ”බත්” කියාය. අවාසනාවකට ලංකාවේ වී වගා කළ ප‍්‍රදේශවල පැතිර ගිය වකුගඩු රෝගයට සමාන වකුගඩු රෝගයක් වසර කිහිපයක සිට ඔඞීෂාවේ ගම්මානවල ද පැතිර යයි. ලංකාවේ කෘෂිකාර්මික වකුගඩු රෝගය පිළිබද පර්යේෂණ සහ එය පාලනය කළ ආකාරය දැන ගැනීමට සම්බල්පූර් විශ්ව විද්‍යාලය, වෛද්‍ය පර්යේෂණ ආයතනයේ ප‍්‍රධානීන් මට ආරාධනය කළහ (ගිය ජන්දයෙන් අපව ගෙදර යැවූ හෙයින් මෙවැනි කටයුතුවලට දැන් නිදහසක් සහ වෙලාවක් ඇත).
රෝගය පාලනයේ රහස මිනිසුන් දැනුවත් කිරීම සහ ගම් මට්ටමේ පිහිටවූ ඍධ යන්ත‍්‍රවලින් පිරිසිදු පානීය ජලය ලබාදීම බව මම ඔවුන්ට සාධක සහිතව පෙන්වා දීමි. මගේ ඇස්තමේන්තුවේ හැටියට දැනටමත් ඔඞීෂාවේ කෘෂිකාර්මික වකුගඩු රෝගීන් ලක්ෂ තුනක් හතරක් අතර ප‍්‍රමාණයක් සිටියි. කල් නොයවා නිසි වැඩපිළිවෙලක් ආරම්භ නොකළහොත් තවස් දස වසරකින් නිකරගුවාවේ ඇතැම් ප‍්‍රදේශවල සිදුවී ඇති පරිදි ග‍්‍රාමීය ඔඞීෂාවේ පිරිමි ජනගහනය සේදී යා හැකිය.
වාසනාවකට ඔඞීෂාවේ බලය හොබවන භාරතීය ජනතා පක්ෂයේ දේශපාලන ප‍්‍රධානීන් මේ කාරණයේ ගැඹුර අවබෝධ කරගෙන වහා මේ සඳහා පිළියම් යෙදීමට එකඟ විය. කාලිංගයෙන් ලංකාවට ගිය විජයගේ, හේමමාලා දන්තගේ කෙනෙක් අපේ උදව්වට පැමිණ ඇතැයි මේ සම්බන්ධයෙන් පැවති සම්මන්ත‍්‍රණයේ දී සම්බල්පූර් විශ්වවිද්‍යාලයේ උපකුලපතිතුමා පැවසීය.
ඉන්දියාවේ වී වගා කරන බොහෝ ප‍්‍රදේශ පැවතියද රෝගය උග‍්‍ර වී ඇත්තේ පුරාණ කාලිංගයට අයත් වත්මන් ඔඞීෂාවේ සහ උතුරු ආන්ද්‍රාවේ ශ‍්‍රීකාකුලම් ප‍්‍රදේශයේය.
විෂ වර්ග වකුගඩුවලට බලපෑමේදී ජානමය වශයෙන් එහි විවිධත්වයක් පෙන්වන බව මෑතකදී සිදුකළ පර්යේෂණවලින් පෙන්වා දී ඇත. කෘෂිකාර්මික වකුගඩු රෝගය හා ගැට ගැසුණු තවත් බොහෝ දේ තිබිය හැකි බව ආපසු ගමනේදී කල්පනා කරමින් පැමිණියෙමි.

සම්බන්ධිත පුවත් | Related News
ප්රධාන පුවත්
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..