රජරටින් කාලිංගයට
කෘෂිකාර්මික වකුගඩු රෝගය (CINAC- chronic interstitial nephritis in agricultural communities) පිළිබඳ අප සිදු කළ පර්යේෂණ සහ ඒවායේ ප‍්‍රතිඵල මත සිදු කළ මැදිහත්වීම් නිසා මේ වනවිට ශ‍්‍රී ලංකාව තුළ රෝගය සැලකිය යුතු ලෙස පාලනය වී ඇත. රෝගය පැතිර ගිය බොහෝ ප‍්‍රදේශවල 2016 පමණ පසු ක‍්‍රමානුකූලව නව රෝගීන් හඳුනාගැනීමේ සැලකිය යුතු අඩුවක් ඇත (මේ ගැන ඉදිරියේදි වෙනමම සාකච්ජා කරමි*.
එදා දඹදිව කාලිංගය අද නැගෙනහිර ඉන්දියාවේ ඔඞීෂා (ඔරිස්සා)ප‍්‍රාන්තයයි. එහි ප‍්‍රධාන වගා භෝගය වී ය. තුන් වේලට කන්නේ බත් ය. සහල් පිස ගත් පසු ඔඩියා බසෙන් ඔවුන් ඒවාට කියන්නේ ”බත්” කියාය. අවාසනාවකට ලංකාවේ වී වගා කළ ප‍්‍රදේශවල පැතිර ගිය වකුගඩු රෝගයට සමාන වකුගඩු රෝගයක් වසර කිහිපයක සිට ඔඞීෂාවේ ගම්මානවල ද පැතිර යයි. ලංකාවේ කෘෂිකාර්මික වකුගඩු රෝගය පිළිබද පර්යේෂණ සහ එය පාලනය කළ ආකාරය දැන ගැනීමට සම්බල්පූර් විශ්ව විද්‍යාලය, වෛද්‍ය පර්යේෂණ ආයතනයේ ප‍්‍රධානීන් මට ආරාධනය කළහ (ගිය ජන්දයෙන් අපව ගෙදර යැවූ හෙයින් මෙවැනි කටයුතුවලට දැන් නිදහසක් සහ වෙලාවක් ඇත).
රෝගය පාලනයේ රහස මිනිසුන් දැනුවත් කිරීම සහ ගම් මට්ටමේ පිහිටවූ ඍධ යන්ත‍්‍රවලින් පිරිසිදු පානීය ජලය ලබාදීම බව මම ඔවුන්ට සාධක සහිතව පෙන්වා දීමි. මගේ ඇස්තමේන්තුවේ හැටියට දැනටමත් ඔඞීෂාවේ කෘෂිකාර්මික වකුගඩු රෝගීන් ලක්ෂ තුනක් හතරක් අතර ප‍්‍රමාණයක් සිටියි. කල් නොයවා නිසි වැඩපිළිවෙලක් ආරම්භ නොකළහොත් තවස් දස වසරකින් නිකරගුවාවේ ඇතැම් ප‍්‍රදේශවල සිදුවී ඇති පරිදි ග‍්‍රාමීය ඔඞීෂාවේ පිරිමි ජනගහනය සේදී යා හැකිය.
වාසනාවකට ඔඞීෂාවේ බලය හොබවන භාරතීය ජනතා පක්ෂයේ දේශපාලන ප‍්‍රධානීන් මේ කාරණයේ ගැඹුර අවබෝධ කරගෙන වහා මේ සඳහා පිළියම් යෙදීමට එකඟ විය. කාලිංගයෙන් ලංකාවට ගිය විජයගේ, හේමමාලා දන්තගේ කෙනෙක් අපේ උදව්වට පැමිණ ඇතැයි මේ සම්බන්ධයෙන් පැවති සම්මන්ත‍්‍රණයේ දී සම්බල්පූර් විශ්වවිද්‍යාලයේ උපකුලපතිතුමා පැවසීය.
ඉන්දියාවේ වී වගා කරන බොහෝ ප‍්‍රදේශ පැවතියද රෝගය උග‍්‍ර වී ඇත්තේ පුරාණ කාලිංගයට අයත් වත්මන් ඔඞීෂාවේ සහ උතුරු ආන්ද්‍රාවේ ශ‍්‍රීකාකුලම් ප‍්‍රදේශයේය.
විෂ වර්ග වකුගඩුවලට බලපෑමේදී ජානමය වශයෙන් එහි විවිධත්වයක් පෙන්වන බව මෑතකදී සිදුකළ පර්යේෂණවලින් පෙන්වා දී ඇත. කෘෂිකාර්මික වකුගඩු රෝගය හා ගැට ගැසුණු තවත් බොහෝ දේ තිබිය හැකි බව ආපසු ගමනේදී කල්පනා කරමින් පැමිණියෙමි.

සම්බන්ධිත පුවත් | Related News
ප්රධාන පුවත්
ඉන්දු-ලංකා නිදහස් වෙළඳ ගිවිසුම තර කිරීමට එකඟවේ...
විනිසුරුවන්ගේ විශ්‍රාම වයස සහ ධුර කාලය වෙනස් කරන ව්‍යවස්ථා සංශෝධනයට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් හෙළි කරයි
NLDB ගොවිපළ 32න් 26ක්ම පුද්ගලික සමාගම්වලට!.. විද්වතුන් සහ වෘත්තීය සමිති නිහඬයි..
ජාතික ජනබලවේගයට ලැබුනේ අතීත ජනතා විමුක්ති පෙරමුණට ලැබී තිබුණු වටිනාකම.. බෙදුම්වාදය පරාජය කිරීම වෙනුවෙන් එදා පෙරට ආ ජවිපෙ අද නෑ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරය දෙකට කරමින් මැදින් පාරක්.. අමරපුර නිකායේ දැඩි විරෝධය..
''මේ රටේ ගෝඨාභය මරාදමා හෝ විදේශ මැදිහත් වීමෙන් අන්තර්කාලීන පාලනයක් ගොඩනගන්න හැදුවා.. ආණ්ඩුව පවාදීම් රැසක් මේ වන විට කර අවසන්.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සම්බුද්ධ ශාසනයේ ප්‍රධාන අංගයක් වන පෙරහැර විකාරයක් බව අගමැතිනිය කියන්නේ කොහොමද?.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සවුදිය, තුර්කිය සහ පාකිස්ථානය 'නේටෝ' වැනි යුද සංවිධානයකට අවතීර්ණ වෙයි.. 'මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම' අත්සන් තබයි..
විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීමට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණය 2022 වසරේදී තීන්දු කරලා..
22වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කෙරේ..
වර්තමාන අර්බුද හමුවේ නාට්‍යකරුවන් අපේක්ෂාභංගත්වයට පත්වෙලා.. – නාට්‍යවේදී අඛිල සපුමල්
ලොවටම සහන සැලසූ චීනයේ ගෝලීය සංවර්ධන මුලපිරුමට වසර 5යි: ගෝලීය දකුණේ අනාගතය වෙනුවෙන් චීනයෙන් නව පොරොන්දුවක්..
බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණියව අයින් කරන්න ආණ්ඩුවට අවශ්‍ය වුනා.. ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද යන්න ගැටළුවක්.. - නීතිඥ සංජීව වීරවික්‍රම
බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර උච්ඡතම ස්ථානයකට පැමිණිලා.. ෂානක්කියන්ලා, සුමන්තිරන්ලාගෙන් බෞද්ධ උරුමය විනාශ කරන්න පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවටත් බලපෑම්.. දළදා පෙරහැරේ කරඬුව වඩම්මන ඇතුන්ටත් තහංචි වැටෙන ලකුණු!
මැගසින් බන්ධනාගාරය තුළ නොසන්සුන්තාවක්..
උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමය විනාශ කිරීමට සැලසුම්සහගත ප්‍රහාරයක්.. පුරාවිද්‍යා වාර්තා වෙනස් කරන්න දෙමළ මන්ත්‍රීන්ගෙන් බලපෑම්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්..