News Category
From Date
To Date
Maximum Number of Result

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් එළිදැක් වූ 'ජනාධිපති ධුරයෙන් මා නෙරපීමේ කුමන්ත්‍රණය' පොතට අනුව 2022 දී අන්තර්ජාතික අනුග්‍රහය මත පාලන තන්ත්‍රය වෙනස් කළ බව කියන සැලසුමකින් ශ්‍රී ලංකා ජනාධිපති ධුරයෙන් ඔහුව නෙරපා හැර ඇති බව හෙළිකර ඇති පසුබිමක, මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය X පණිවිඩයක් නිකුත් කරමින්, විදේශ තානාපතිවරුන් ශ්‍රී ලංකාවේ හමුදා සමග ගනුදෙනු කිරීමට සිදුකෙරෙන සංචාර සීමා කළ යුතු බවට හිටපු ජනාධිපතිවරයාගේ එහි දැක්වෙන යෝජනාව පිළිබඳව ප්‍රශ්න කර ඇත.

මෙරටට එරෙහිව ක්‍රියාත්මක වන ඉන්දියානු ආක්‍රමණය පරාජයට පත්කිරීම සදහා සකලවිධ වූ සියලු බලවේග ඒකරාශී වියයුතු බවත්, ඉන්දියානු රජය සමග වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සාකච්ඡා වට ගණනාවක් පවත්වා ඇති බව හා එහි ප්‍රතිඵලයක් ලෙස මේ වනවිට රටට අහිතකර ආර්ථික, ආරක්ෂක හා වෙළෙඳ ගිවිසුම් ගණනාවක් අත්සන් කරමින් පවතින බවත් ඒකාබද්ධ ජනතා ක්‍රියාකාරී සභාවේ සමකැඳවුම්කරු නීතිඥ නුවන් බැල්ලන්තුඩාව මහතා පවසයි.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපතිවරයා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය ඉල්ලා අස්වී ඇති බව වාර්තා වේ.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිතයන් සමග විපක්ෂයට සාකච්ඡා කිරීම සඳහා අවස්ථාවක් ලබා දීමට ජනාධිපතිවරයා පියවර ගෙන ඇති බව වාර්තා වේ.

ජාත්‍යන්තර බලවේග ඡන්දයෙන් තේරී පත්වූ ජනාධිපතිවරයකු ව්‍යවස්ථා විරෝධී ලෙස බලයෙන් නෙරපාහැරීමේ කුමන්ත්‍රණයට විවෘතව සහාය දුන් බව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා මුල්වරට අනාවරණය කළේය.

'ඉන්දියානු ආක්‍රමණයේ මාර්ග සිතියම... එට්කා අවසන් සැතපුම' කෘතිය ජනගත කිරීම මාර්තු 12 දා සවස 3.15 ට කොළඹ 7 නිදහස් චතුරසුයේ පිහිටි පුස්තකාල හා ප්‍රලේඛන සේවා ශ්‍රවණාගාරයේ දී පැවැත් වේ.

ජාත්‍යන්තර කාන්තා දිනය අදට (08) යෙදි තිබේ. එක්සත් ජාතීන්ගේ සංවිධානය පිළිගත් වාර්ෂික උත්සවයක් ලෙස ජාත්‍යන්තර කාන්තා දිනය සමරනු ලබයි.

ප්‍රවීන රංගන ශිල්පිනියක් වන රම්‍යා වනිගසේකර මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ.

මේ රට වෙසෙන ඉහල වත්කම් ඇති සුපිරි ධනවතුන් සිය දෙනකු කෙරෙහි දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ විශේෂ අවධානය යොමු වී ඇතැයි දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.ඒ.සේපාලිකා චන්ද්‍රසේකර මහත්මිය පවසයි.


ප්‍රධාන පුවත්

සලේ වෙනුවෙන් අද සිට අඛණ්ඩ සත්‍යග්‍රහයක්..

තමන්ගේ මරණය ආසන්න බව හැඟෙන බැවින් දෑස් දන්දීමට හා සිය අවසන් කැමැති පත්‍රය සැකසීමට අවශ්‍ය ලිපිලේඛන රැගෙන කඩිනමින් එන්නැයි සුරේෂ් සලේ මහතා දැනුම්දුන් බව ඔහුගේ නීතිඥයින් ඊයේ (07) අනාවරණ කර තිබිණි.

වීදුරු ගෙවල් වල හිඳිමින් අනුන්ට ගල් ගහන්න එපා!- ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිගෙන් ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ නියෝජිතයන්ට අවවාදයක්

ශ්‍රී ලංකාවේ යුරෝපීය සංගමයේ නියෝජිත කණ්ඩායම විසින් "X" (ට්විටර්) සමාජ මාධ්‍ය තුළ රුසියානු සමූහාණ්ඩුවට එරෙහි කරන ලද නොමඟ යවන තොරතුරු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

යාපනයේ ජාතිව‍ාදය අවුස්සන හැටි මෙන්න.. ආණ්ඩුව මොකද කියන්නේ? - අරුන් සිද්ධාර්ත්

යාපනය විශ්ව විද්‍යාලයේ වෙසක් උත්සවය සැමරීම වෙනුවෙන් නිර්මාණය කළ වෙසක් කූඩුවක් විනාශ කිරීම සම්බන්ධයෙන් තමන් මුලින්ම මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අදාළ සිදුවීම වාර්තා කළ බවත්, මෙම සිදුවීම පාදක කරගනිමින් තමන් ජාතිවාදය අවුස්සන බවට කිහිපදෙනෙකු විසින් ප්‍රකාශ කර ඇති බවත්, එම ප්‍රකාශ හෙළාදකින බවත් යාපනය සිවිල් සංවිධාන කේන්ද්‍රයේ අරුන් සිද්ධාර්ත් මහතා පවසයි.

ආණ්ඩුවේ ආයුෂ උතුරු නැගෙනහිර පළාත් සභා ඡන්දය තියන තුරු විතරයි.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

බෙදුම්වාදීන්ගේ ප්‍රකාශ සම්බන්ධයෙන් සහ ඔවුන්ගේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ආණ්ඩුවත් විපක්ෂයත් බරපතළ ලෙස මානසික බාධක පනවාගෙන සිටින බවත්, එල්.ටී.ටී.ඊ කොටි ත්‍රස්තයන් සැමරීම ඔවුන් විසින් කිසිඳු බාධාවකින් තොරව පාර්ලිමේන්තුව තුළ දී පවා සිදුකරමින් සිටින බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

මනෝගෙන් අතිශය ආන්දෝලනාත්මක ප්‍රකාශයක්..- පළාත් සභා උභතෝකෝටිකය!

දෙමළ බෙදුම්වාදී ත්‍රස්තවාදීන්ගේ (අවි දැරූ/නොදැරූ) සහ ඉන්දියාවේ වුවමනාවට 80 දශකයේදී ලංකාවේ ස්ථාපිත කළ පළාත් සභා ක්‍රමය පිළිබඳව නැවතත් විමසා බැලිය යුතුය.

මහ බැංකුව වගකීම් විරහිත ආයතනයක් වෙලා.. මහ බැංකු අධිපති පැනල යන බව කළින් කියා පැනල යයිද? - විමල් ප්‍රශ්න කරයි..

වැරදි විදිහට කටයුතු කරන මූල්‍ය ආයතන රට තුළ තිබේ නම් මහ බැංකුව ඊට නීතිමය පියවර ගතයුතු බවත්, එසේ නොමැතිව දැන්වීම් ප්‍රචාරය කිරීමෙන් පමණක් ඒවාට එරෙහිව කටයුතු කළ නොහැකි බවත් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පවසයි.

ඇමරිකා අලුත් බද්දෙන් ලංකාව අමාරුවේ..- ලංකා වාණිජ මණ්ඩලය

රටවල් කිහිපයක් ඉලක්ක කරගනිමින් ශ්‍රම සාධක මත පදනම් වූ නව තීරුබදු ක්‍රමවේදයක් හඳුන්වා දීමට ඇමරිකා එක්සත් ජනපදය පියවර ගෙන ඇත. මෙරටින් යවන අපනයන භාණ්ඩ සඳහා ද සියයට 12.5 ක බද්දක් මෙයට ඇතුළත් වන අතර, මෙම තීරණය සම්බන්ධයෙන් ලංකා වාණිජ මණ්ඩලය සිය කනස්සල්ල පළ කර සිටියි.

මහා සංඝරත්නයට, සම්බුද්ධ සාසනයට ද්වේෂසහගතව අගෞරව කිරීම පිළිබඳව කුප්‍රකට

සිදත්ත තිලකසිරි හෙවත් "සුදා" නමැති කුප්‍රකට අන්වර්ථ නාමයෙන් හඳුන්වන යූටියුබ් කරුවකුට එරෙහිව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් ලිඛිතව පොලිස්පතිට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.

ගම්මන්පිල සහ ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු සුරනා අතර හමුවක්.. සාකච්ඡාව පිටුපස සැඟවුනු ඉන්දීය න්‍යාය පත්‍රයක් තිබුනාද?

ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු ආචාර්ය විනෝද් සුරනා සහ පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා අතර හමුවක් සිදුව ඇති බව වාර්තා වේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.